‘දැන් රජයේ සේවකයින්ගේ තැපැල් ඡන්ද ලියාපදිංචිය ආරම්භ කර තිබෙනවා.විවිධ තැන් වලින් බොහෝ පැමිණිලි ලැබෙනවා.ඡන්දය පාවිච්ච් කිරීම අනිවාර්ය කරන්න කියලා විවිධ බලපෑම් එල්ල වෙනවාලු.ඡන්දය භාවිත කිරීම අනිවාර්යයි කියලා නෑ.මේ සිදු කරන්නේ නීති විරෝධි ක්‍රියාවක්. අපි මැතිවරණ කොමසාරිස්තුමාට මේ පිළිබඳව පැමිණිලි කරනවා යැයි‘ එජාප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගාල්ල බටපොලදී පැවති උත්සවයකදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැපැල් ඡන්ද ගැන ලොකු අක්‍රමිකතා ඇතිවන බව සත්‍යයක්.(හේ)
මේක ඇත්ත. මම හමුදාවේ ඒක මම දන්නවා (නදී)
ඡන්දය පාවිච්චි කරන්න කියන එක හොඳයිනේ. එපා කිව්වා නම් නේ නරක.මේ මොනවද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ.(හේ)
සමහරුන්ට බලපෑම් එල්ල වෙනවාලු (දිල්)
කවුරු බලපෑම් කළත් තමන්ගේ ඡන්දය දාන්නේ තමන්නේ. එක රහසිගතව කරන දෙයක් නේද? (බ)
බයික් දීලා පඩි වැඩි කරලා තිබිලත් අැයි මේ රාජ්‍ය සේවකයෝ තැපැල් ඡන්දෙ දාන්න පැකිලෙන්නෙ?(දිල්)
මේ කියන කතාව සම්පුර්ණයෙන්ම සත්‍යයක්. ඡන්දය දෙනකොට කතිරේ ගහලා බලධාරියට පෙන්නන්න නොවුනොත් හොඳටම ඇති.(හේ)
ගමගේ දැක්වූ අදහස හරි. ඡන්දය දෙන්න කියා අණකිරීම වරදක් නෙමෙයි.අසවලාට විතරක් ඡන්දය දියයුතුයි කියා බලපෑම් කළා නම්, අන්න ඒක නම් වරදක්. ඇතැම් රට වල ඡන්දය දීම අනිවාර්ය දෙයක් බවවත් මේ අය දන්නේ නැද්ද? (නි)
අපිටත් ලොකු බලපෑමක් තියෙනවා. ඒත් අපිට කියන්න විදියක් නැහැ. ඇයි මේ? (නි)
ගමගේ,ඔයාට තේරෙන්නේ නැත්තේ ඔයා තොත්ත බබෙක් නිසා. (නි)
ඔයා හරි . ඔයා හරියටම විස්තරේ දන්නවා , හමුදාවට දැන් අණ දෙන , ලොක්කාගේ නීතිය .(ම)
පෙරේරා මහත්තයෝ, මැතිවරණ නීතියේ හැටියට කිසිම විදිහේ බලපෑමක්, අණ කිරීමක් කරන්න බැහැ නිීතී විරෝධියි (දිල්) .
රාජ්‍ය සේවකයා රජයේ අතකොළුවක් බවට පත් වෙලා කියන්නේ ඕක තමයි (දිල්)
ඡන්දය දීමේ අයිතිය ජනතාව සතුයි.ඒකට බලපෑමක් කරන්න බෑ.(හේ)
කෙහෙල් ගහට කලින් වැට පැනීම. දැන්මම බයවෙලා නේ. (ර)
පරාජයට හේතු දැන්මම හොයල තියාගන්න ඕන නේ. (ර)