
(කේ බුද්ධික කුමාරසිරි)
මෙරට පොදු ජනතාවට අවශ්‍ය තැපැල් සේවාව ලබාදීම සඳහා අද දින සිට තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අත්සන් තැබූ බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම දී පැවසීය.
මෙම වර්ජනය කිසිදු පදනමකින් තොර වර්ජනයක් බවත් තැපැල් දෙපාර්තුමේන්තුව කාලයක සිට අලාභ විඳිමින් සේවාන් සලයන බවත් පෞද්ගලීකරණය නොකොට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා අදායම් වැඩිකර ගැනීමට විකල්ප ක්‍රමවේද අනුගමනය කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට්වලට විතරක් නෙවෙයි රටටම හෙන ගහන්න පටන් ගත්තේ 2015 පස්සේ. යහපත් ආර්ථික වර්ධනයකුත් තියාගෙන, ණය ප්‍රමාණයත් සියයට 105 සිට 70 දක්වා අඩු කරගෙන, යටිතල පහසුකම් දියුණු කරගෙන, ක්‍රීඩාවත් හොඳින් කරගෙන ගිය කාලේ විනාශ වුනේ අපේ මිනිස්සු ඉරිසියාව වයිරය ක්‍රෝධය මුල් කර ගත්තු තක්කඩි පිරිසකට අහුවුණු නිසා. ඡන්දෙ දීලා පත් කර ගත්තු නල්ල මලෝ ජෝඩුවක්... අන්තිමට බෝම්බ පාරවලුත් කාගෙන ඒ නාට්ටිය ඉවර වුනේ... ඉතිහාසේ කවදාවත් නැති තරමට ණය වුනේ ඒ කාලේ... කරපු වැඩකුත් නැති වුණාට තිබුණු දේවල් විකුණුවා. හම්බන්තොට වරාය වගේ රත්තරන් බිජු දාන කිකිළියක් වගේ වගක් නැතුව දීලා දැම්මා... බින්දුවට තිබුණු ආර්ථිකේ කෝවිඩ් නිසා ඉවරේටම ඉවර වුණා. ආයෙත් පරණ බේගලයෝ ටික ජූලී චන්ග් නෝනා, බුරියානි කල්ලිය වගේ නූල් සුත්තරකාරයින්ට ඕන විදිහට නටන්න ගත්තා. ආර්ථික අවපාතය නිසා මිනිසුන්ටත් මොකක්ද වුනේ කියන දේ ගැන විචාරාත්මකව හිතන්න හැකියාවක් තිබුනේ නෑ. රැල්ලට ගියා. අපනයනය වැඩි කරලා රට නිවැරදි මාවතට ගන්න හදපු මිනිහව ප්‍රජාතන්ත්‍ර විරෝධී අයුරින් ඉවත් කළා. IMF යන්න කියලා බලකළ නොමේරු අඳ බාල "රෝං ජෙනරේශන්" හැතිකරේ අද ගලේ පැහැරූ බළල්ලු වෙලා ඉන්නවා...
මේ අය මේ රට විනාශ කරනවා... නැත්තටම නැති කරනවා... විදේශිකයින්ඔය තැපැල් කන්තෝරුව බලන්න එන්නේ, ඒ අයගේ රටවලට සිහිවටන ලියුමක් යවන්න, මුද්දර සිහිවටන ගන්න වගේ ඒ අයගේ අවශ්‍යතා ඉටුකරගන්න, ඔය පැරණි තැපැල් කන්තෝරුව ඉස්සරහ සිටගෙන ෆොටෝ එකක් ගන්න වගේ අවශ්‍යතාවලට... දැන් මේ අය තමන්ගේ බත් බැලයෙකුට හෝටලයක් හදන්න මේ ඉඩම පිටින්ම දුන්නාම මොකද වෙන්නේ? මට සැකයි මේක දෙන්න යන්නේ බැංකු වලට කෝටි ගණන් පොලු තියපු හොරෙකුටයි කියලා. නුවරඑලියට අවශ්‍යම දෙය තමයි පිරිසිදු, ප්‍රසිද්ධ වැසිකිළියක්. ඉතාම අබලන්, අපිරිසිදු, කැඩුණු දොරක් සහිත වැසිකිලියකුත්, දොරක් වෙනුවට ටකරමක් තියන වැසිකිළියකුත් තමයි තියෙන්නේ...!
අහෝ බන්දුල නුදුටු මොක්පුර