ශ්රී ලංකාවේ පිරිමින් අනුදහසක් පමණ අනාරක්‍ෂිතව ගණිකා සේවනය කරතියි ලිංගාශ‍්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය චන්ද්‍රිකා වික‍්‍රමසූරිය කියයි. 2010 සමීක්‍ෂණ අනුව තිස්පන්දාහකටත් හතළිස් හත්දාහකටත් අතර ගණිකාවෝ සිටිති. ලැගුම් හල් ආශ‍්‍රිතව ආරක්‍ෂක කොපු පාවිච්චි කරන පිරිස සියයට 63 කි. සම්භාහන මධ්‍යස්ථානයන්හි එම සංඛ්‍යාව සියයට 70 කි. වීදි ආශ‍්‍රිතව සියයට 82 කි. ආසාදනවලට ගොදුරු වූ වැඩි පිරිස වයස අවුරුදු 30-44 කණ්ඩයමට අයත් වේ. වයස අවුරුදු 20-44 වයස් කාණ්ඩයේ අය ද ආසාදනවලට ගොදුරු වී සිටිති. එයින් පෙනෙනුයේ වයස අවුරුදු 15-19 කණ්ඩයේ පාසල් සිසුන්ද ඊට ගොදුරු වී ඇති බව යැයිද වෛද්‍යවරිය කියන්නීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනන්දයි අතුලයි විතරයි බුද්ධ ධර්මය දන්නේ කියල හිතමු. සසරෙන් එතෙර වෙන්නේ ලක්සේකට එකෙක් කියන එක වෙනම දෙයක්. එතනින් අදහස් වෙන්නේ නැහැ ඉතුරු අනු නව දහස් නවසිය අනු නවදෙනා අනාචාරයෙහි හැසිරෙන එක සාමාන්‍ය සහ නොවැලැක්විය හැකි දෙයක් බව.
බියන්විල මහත්තයා මෙතනදී අප කියන්නේ බුද්ධ ධර්මය ගැන අපි දන්න දේ ගැන නොවේ සුමාලි කියනවා තුන්වන සික්ෂා පදය කියන්නේ වැරැදි ලෙස කාමසේවනය යෙදීම පමණක් බව නමුත් ඇස, කන, නාසය දිව සහ ශරීරය කියන පසිදුරන්ම වැරදි විදියට පිනවනවා නම් එය තුන්වන සිල් පදය කැඩීමක්. එසේ නොවුනොත් තමයි අපට නිවන් කාරය යන්න පහසු වෙන්න.එහෙම පසිදුරන් වැරැදි ලෙස පිනවන්නේ නැති හැමොටම නිවන් මාර්ගය ඉක්මණින් පසක් කර ගන්න පුළුවන්. බුදු සරණයි!!!!!
තුන්වෙනි සික්කා පදයෙන් අදහස් කරන්නේ කතුතුමා හිතපු එක විතරක් නෙමෙයි. කතුතුමාගේ නම ජනප්‍රිය කරගන්න (වැරදි වුනත්) ප්‍රසිද්ධ වෙන මාතෘකාවක් දැමීමත්, එකේ වැරැද්ද දැකලා මගේ නිවැරදි අර්ථකථනය පෙන්වන්න, මම මෙහෙම කමෙන්ට් එකක් ලියන එකත් තුන්වෙනි සික්කාපදය කැඩීමක් වෙනවා. බුදු හාමුදුරුවෝ පස් ටිකක් උඩට අරගෙන, ලෝකයේ තියෙන අනිත් පස් ප්‍රමාණය ගැන සංසන්දනය කරලා කිව්වාලු, මේ ලෝකෙන් එතර වන්නේ බොහොම ටිකක් කියලා.
මෙය සැබෑ සත්‍යයක්
ආනන්ද කියන මහත්තය මොනවද දන්නෙ බුද්ධ ධර්මය ගැන. කොහෙන් හරි කොනක් අල්ලගෙන හැමදේම දැනගත්තා වගේ මෙතන කතා කරලා තියෙන්නෙ. තුන්වැනි සික්ෂා පදයෙන් කියන්නෙ නිවැරදි ක්‍රමයට කාම සේවනයේ යෙදෙනවා කියන එකයි. පරදාර පරපුරුෂ සේවනයට නොයා. අබ්‍රහ්මචරියා කියලා ඒ සිල්පදය වෙනස් වෙද්දී නිවැරදි ක්‍රමයට හෝ කාම සේවනය නොකිරීමටයි පොරොන්දු වෙන්නෙ. නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්න මහත්තයෝ
15-19 අතර අය ඉන්න එක නම් හොද නැහැ
අනන්ද මහතා හරි, භාග්‍යවතුන් වහන්සෙ, නිය පිටින් ගත් පස් ටිකත් මුලු ලොකයෙම පස් සන්සන්ධනය කරල තමා වදාලෙ සුගතියට පත වන සත්වයො හා අනෙකුත් සියලුම සත්වයො පිලිබන්ඩ උපමව.
සුමාලි ඔබ මොනවාද බුද්ධ ධර්මය ගැන දන්නේ. අනන්ද මහතාතයාගේ අදහස නිවැරැදී, පසිදුන් වැරදි විදියට පිනවන්න එපා කියන එකයි බුදුහමුදුරුවෝ දේශනා කෙළේ. එයයි ඇත්ත. ඔයා දහම් පාසලකට ගිහිල්ල නිවැරදිව ආගම ගැන ඉගෙන ගන්න.