මාතර හා කළුතර සිට කොටුව දක්වා ධාවනය වන සාගරිකා ඇතුළු කාර්යාල දුම්රිය දෙකක් අද(4) පෙරවරුවේ පරීක්ෂා කැර වීය.
තුන්වැනි පන්තියේ ටිකටිපත් වලින් දෙවැනි පන්තියේ මැදිරිවල ගමන් කිරීමේ වරදට කාර්යාල සේවක සේවිකාවෝ 84 දෙනකුගෙන් රුපියල් 228555 ක දඩයක් අය කැර ගැනීමට නියමිත අතර අද (4) දහවල් වන විට 34 දෙනකු දඩ වශයෙන් රුපියල් 90370 ක මුදලක් ගෙවුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සේවිකාවොත් ඉන්නවනේ.(නදී)
නිතර නිතර මෙම පරික්ෂාව කල යුතුය. දුම්රියට හොද අමතර ආදායමක් , ගේට්ටු දාන්න පුළුවන් වේවි.(නදී)
සාධාරණ විධිහට දුම්රිය වල මැදිරි වැඩි කළ යුතුයි. (ස)
තුන් වෙනි පන්තියේ මැදිරි ප්‍රමාණවත් නැති නිසා තමයි මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ. අනේ පව් අහිංසක කාර්යාල සේවකයින් (නි)
දඩ ගෙවනවාට වඩා හොඳ නැද්ද නියමිත මුදල ගෙවලම යනවනම්. (ස)
එක පාරටම කඩාගෙන පනින්නේ නැතුව කලින් දැනුම් දීලා ආවා නම් ඉවරයිනේ, එහෙනම් කට්ටිය නියමිත පන්තියේ යනවා.මීට පස්සේවත් මොලේ කල්පනා කරලා වැඩ කරන්න (නි)
රජයේ වැඩ කරන්න සේවකයන් නම් , විනය පරීක්ෂණයක් තියලා ජොබ් එකෙන් එල්ලවන්න ඕනෑ. (නි)
මීට වැඩිය හොද නැද්ද තවත් තුන්වන පන්තියේ මැදිරියක් දුම්රියට එකතු කළා නම්? (නි)
මේක හොර වැඩක් දඩුවම් අනිවාර්යයි (දී)
මෙවැනි වෙරදී වලට ගහන දඩ මුදල වහම තව 5උනයකින් වැඩි කරන්න . අපේ සහයෝගය දුම්රියට. (දී)
තුනේ නෙවෙයි මේක දුම්රිය දෙපාර්තමේන්තුව කරපු දෙකේ පන්තියේ වැඩක්, පවු අසරණ රජයේ සේවකයෝ ටික (දී)
හරියට වෙලාවට නියමිත දුම්රිය නියමිත පෙට්ටි ගණනත් සමග එවලා ඕනෑ පරීක්ෂාවක් කළාට කමක් නැහැ. තුන්වැනි පන්තියේ ටිකටිපත් වලින් දෙවැනි පන්තියේ යන්නේ සනීප ගන්න නෙමෙයි. කොහොමහරි ගෙදර යන්න ඕනෑ නිසා. මිනිස්සු පාපුවරුවේ එල්ලිලා ගිහින් මැරෙන්නෙත් මේ නිසා... (නි)
පරීක්ෂා කිරීමේ වරදක් නැත. හැබැයි මම දකින තවත් ප්‍රශ්ණයක් තියෙනවා මෙතන. මීට කලිනුත් නගරාන්තර දුම්රිය ධාවනය වුනා. (ඉන්දියන් බලවේග කට්ටල් ගෙන්වීමට පෙර ). නමුත් මේ වගේ 3 වන පන්තියේ අය 2 වන පන්තියේ ගමන් කලේ නැහැ. ඊට හේතුව දුම්රිය තුල 3 වන පන්තියෙහි පමණට ඉඩ කඩ තිබුනා. නමුත් දැනට ධාවනය වන ඉන්දියන් බලවේග කට්ටල් වල 3 වන පන්තියේ ඉඩකඩ මදි සියළුම දෙනාට ගමන් කිරීමට. එම නිසා ගාල්ලේ සිට හෝ මාතර සිට පැමිනෙන කාර්යාල දුම්රිය තුලට කළුතරින් හෝ පානදුරින් 3 වන පන්තියේ මගීන්ට 3 වන පන්තියේ මැදිරි තුල ගමන් කිරීමට තියා නැග ගැනීමටවත් නොහැකිය. වෙලාවට තම ආයතනයට යාම අවශ්‍ය නිසා කුමන හෝ මැදිරියකට ගොඩ වෙයි. නැතුව වංචාවෙන් 2 වන මැදිරි තුල යනවා කියන එක පිලිගන්න අමාරුයි. නමුත් එය වරදක් බව පිලිගත යුතුයි. මේ නිසා මගියාගේ පහසුවට අවශ්‍ය පියවර ගන්නවා නම් හොඳයි. (නි)