(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (11) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය නොමිලයේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට ලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඒ අනුව එම ක්‍රීඩාංගණයේ ‘සී’ සහ ‘ඩී’ ප්රේක්ෂකාගාරවල ඉහළ සහ පහළ ප්‍රේක්ෂකයන්ට නොමිලයේ තරගය නැරඹීමේ අවස්ථාව හිමිවන බවත් එම ප්රේක්ෂකාගාරවල දොරටු හෙට පස්වරු 1.00 සිට විවෘතව තබන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමිලේ නෙවෙයි... වඩාගෙන ගිහින් පෙන්නුවත් ක්‍රිකට් බලන්නේ නැහැ දැන්...!
නොමිලේ දෙන්නේ... මැච් බලන්න කවුරුවත් ගියේ නැහැනේ අන්තිම තරග 02 බලන්න.
කොහොමට තිබුණු ක්‍රීඩාවක්ද මේ මිනිස්සුන්ට එපා වුණේ... කතාව ඇත්ත... මමත් වඩාගෙන ගියත් බලන්නේ නැහැ. තිබ්බ ගමන් ආපහු දුවනවා එළියට..
එකක් තමා මිනිස්සුන්ට මැච්බලන්න නෙවෙයි එදාවේල හම්බ කරගන්න බැරිව ඉන්නේ... අනෙක ක්‍රිකට්වලට තිබුණු තැන නැති කරගත්තේ ඒකම අරක්ගත්තු බූතයෝ ටික... තියෙන නම්බුවත් නැතිකරගන්නවා.. නිකං බලන්න කියලත් බලන්න ආවේ නැත්නම්...!
මේක දාන්න තිබ්බේ දෙයියෝ සාක්කි එකේ... ලංකාවේ ක්‍රිකට්වලට ගිය කලක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ශ්‍රී ලංකා රජයට හෝ ජනතාවට අයිති නැති පුද්ගලික සමාගමක් වැනි දෙයක් කියලා ශම්මි සිල්වා ප්රමුඛ නඩය පසුගිය කාලේ ප්‍රකාශ කළ, ඉතින් අපට අයිති නැති හැමදාම පරදින පුද්ගලික සමාගමක් ගහන මැච් බලන්න යන්න අපට අවශ්‍යතාවයක් නැහැ... ජනතා ද්‍රෝහී ඔබලාව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු බව දැන් වටහෙනවාද? බත් පැකට් එකක් සමග රුපියල් 2000-3000 දුන්නොත් කුලියට මැච් බලන්න මිනිස්සු ගෙන්න ගන්න පුළුවන්, නමුත් ක්‍රීඩා ලෝලියෝ එන්නේ නැහැ..., ඉදිරියට විදේශ රටක් ලංකාවේ ක්‍රීඩා කළොත් මිනිස්සු එම රටේ කොඩි අරගෙන පිට්ටනියට යාවි..., ක්‍රිකට් සංගමේ දූෂණ නවත්වන තෙක් මිනිස්සු එන්නේ නැහැ, සල්ලාල බුකිකාර හොරුන් වෙනුවෙන් ක්‍රීඩාකරන ගෝලයින්ට චියර් කරනවාට වැඩිය... ඕස්ට්‍රේලියාව වැනි තම රට ගැන සිතා ක්‍රීඩාකරන කණ්ඩායමකට චියර් කරන එක නම්බුය...
ඉන්දියාවට එරෙහිව ගහන්න පුළුවන් ලකුණු 50-55 පමණ, සිම්බාබ්වේට එරෙහිව ලකුණු 200 ගහන්නෙත් බොහෝම අමාරුවෙන්, ඕවා බලන්නයාවි ක්‍රිකට් දැකලා නැති ගොබ්බයින්, අපි 90 දශකයේ අර්ජුන, අරවින්ද, මුරලි, සනත් ගහපු මැච් දැකලා තිබෙනවා. නොමිලේ නොවේ කෑම් බිම් සමග රුපියල් 5000 දුන්නත් ඔය පිට්ටනිය පුරවන්න මිනිස්සු නම් හොයා ගන්න බැහැ...
අද ජනතාව විසින් ඔබලාව ප්‍රතික්ෂේප කර ඇත... හොරකම, දූෂණය, වංචාව හැමදාම මාර්කට් කරන්න බැහැ..
ක්‍රීඩාවෙ කඩාවැටීමට ක්‍රීඩකයින් මුලින්ම වග කිව යුතුයි. පිටිය මැද ක්‍රීඩා කරන්නෙ ඔවුන්.