කොළඹ විදෙස් තානාපතිවරුන්,රාජ්‍ය තාන්ත්‍රිකයන් හා ඔවුන්ගේ සහායකයන් පිරිසක් පසුගියදා පොළොන්නරුවේ සහ යාපනයේ සංචාරයක නිරත විය.එය සංවිධානය කර තිබුණේ ජනපති ලේකම් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය ඒකාබද්ධවය.
මුලින්ම ඔවුහු ජනපති සිරිසේනගේ බලකොටුව වන පොළොන්නරුවට ගියහ.ජනතාව හමුවීමේ ගැටලුවක් නොතිබිණ.
දෙවනුව ඔවුහු යාපනයට ගියහ.අවතැන් කඳවුරු හා ව්‍යාපෘති වැඩසටහන් ඔවුන්ගේ වැඩි අවධානය දිනාගත්තේය.
ජනතාව ඔවුන් හමුවට පැමිණියහ.ලැබුණු ප්‍රතිචාරය පොළොන්නරුවට වඩා හාත්පසින්ම වෙනස් විය.
වතුර ටැංකි ඉදිකර දෙන ලෙසත්,අතුරු මාර්ග ඉදිකර දෙන ලෙසත්,මුදල් ලබාදෙන ලෙසත්, නොයෙක් ඉල්ලීම් ජනතාව ඔවුන් වෙත ඉදිරිපත් කළහ.
සංචාරයේ සංවිධායකයෝ මහත් අපහසුතාවයකට පත්වූහ.උතුරේ සංවර්ධනය පෙන්වීම යාපන සංචාරයේ අරමුණ වී නම් එය එසේ නොවන ලකුණු පැහැදිලිව පෙනිණ.
අතීතයේ මෙම කලාපයේ ස්ථානගත කර සිටි හමුදා සාමාජිකයෝ සුළු අලුත්වැඩියා කටයුතු වල හා ප්‍රතිසංස්කරණ කටයුතු වල නිතරවූ බව එක් රජයේ නිළධරයෙක් පසුව සිහිපත් කළේය.දැන් ඔවුන් බැරැක්ක වලට සීමාවී ඇති නිසා එම කටයුතු ගැන සොයාබැලීමට කෙනෙක් නොමැති බව ඔහු පැවසුවේය
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තානාපතිවරු පොළොන්නරුවේ