IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


තානාපතිතුමාගෙ මාර ප්‍රශ්නෙ

2016-06-14-ent-07රාජ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කරන එක්තරා "සෙන්ටර්" එකක පසුගියදාක දේශනයක් තිබුණා... ඒකට ආරාධනා ලබල තිබුණෙ රටේ උගත් බුද්ධිමත් සුළු ආරාධිත පිරිසක්... දේශකයා වුණේ ලෝකයේ ඉහළම දියුණුවක් ලබාපු රතු රටක තානාපතිතුමා.

උන්නැහේල ලංකාවෙ ආණ්ඩුව එක්ක ඉතා ළඟින් වැඩ කරන මේ ආණ්ඩුටත් වඩා ගිය ආණ්ඩුවට කිට්ටුවෙන් හිටපු කට්ටියක්... මුන්නැහේ තමන්ගෙ හරබර කතාවෙදි අපූරැ අදහසක් කිව්වෙ ලංකාවෙ වත්මන් ආණ්ඩුව සහ කැබිනට් මණ්ඩලය ගැනයි... ඒ කතාව සරලව දැක්වුවොත් මෙහෙමයි.

"මිත්‍රවරැනි, මේ ආණ්ඩුවෙ ප්‍රතිපත්තිය අපට තවම තේරැම් ගන්න අමාරැයි. ප්‍රධානම ඇමැතිවරැවත් ඒක හරියට දන්නවද කියල සැකයි. දැන් මේ ආණ්ඩුවෙ ඇමැතිල රාජ්‍ය ඇමැතිල, උප ඇමැතිල 92ක්ද කොහෙද ඉන්නව... ආණ්ඩුවෙ ප්‍රතිපත්තිය ගැන දළ අදහසක්වත් ගන්න නම් ඒ 92ම හම්බුවෙන්න වේවි. ඒත් හරි උත්තරයක් ගැනීම නම් ලේසි නැහැ." රතු තානාපතිතුමාගෙ ඒ කතාව අහල එතන හිටපු මැති ඇමැති කට්ටියත් බුද්ධිමතුන් කිහිපදෙනත් මුහුණට මුහුණ බලාගත්තලු... මොනව වුණත් උන්නැහෙගෙ කතාව ආණ්ඩුවෙ ලොක්කන්ගෙ ඇස් අරවන කතාවක් බව ඒක අහපු ඇමැති මට්ටමේ ලොක්කෙකුටම කියැවුණාලු.   

 

DESHAYA



අදහස් (0)

තානාපතිතුමාගෙ මාර ප්‍රශ්නෙ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site