ඇමරිකාවේ නිව්යෝක් නුවර මලයාසියා තානාපති සහ ඔහුගේ බිරිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගෙන් වහල් වැඩ ගනිතියි ඇමරිකාවේ නිව්යෝක් පෝස්ට් පුවත්පත කියයි.
පර්මලා දේවි ජෙගනාදන් නම් මේ තරුණියගෙන් දවසකට පැය 15ක් වැඩ ගන්නා එම ජෝඩුව පැයකට ඩොලර් 1.71ක් (රුපියල් 249.37) ගෙවන බවද කියති.
නිව්යෝක් නුවර මලයාසියා කොන්සල්වරයා වන අරසි ක්‍රිෂ්ණන් හා දේනිෂ් කුමාර් ඇයට ඔවුන් පදිංචි මහල් නිවසින් එළියට යාම පවා තහනම් කර ඇති බවත් ඔවුන් සමග ඇයට එළියට යෑමට හැකිවී ඇත්තේ ඔවුන් පල්ලියට යන දවසට බවත් ජෙගනාදන් ගේ නීතිඥ ඈන් ලී අධිකරණයේ දී කීවාය.
2013 මලයාසියාවේ ඔවුන්ගේ ගෙදර මෙහෙකාරකමට ගිය ඇය ඇමරිකාවට රැගෙන ගොස් ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රිකයකුට ගෘහ සේවිකාවක රැගෙන යෑමට ඇති වරප්‍රසාදය යටතේය.
2014 මුලදී ජෙගනාදන් ගේ වීසා අවසන් වන බවත් තවත් වසර තුන හමාරක මෙහෙකාර වැඩට කැමතිනම් පමණක් ඇගේ සේවය දික් කළ හැකි බවත් ක්‍රිෂ්ණන් ඇයට කියා ඇත. එසේ නොවුනහොත් ඇය ඇගේ ගමට යවන බවත් එහි යුද්ධය දරුණු ලෙස පවතින බවත් ජෝඩුව ඇයට කියා ඇත.
තමා පත්වී සිටින ඉරණම තේරුම්ගත් ඇය ඇමරිකාවේ ෆෙඩරල් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව 2014 මාර්තු 6 වැනිදා ඇය පුණ්‍යායතනයක් මගින් පවත්වාගෙන යන සුරැකුම් නිවසකට ඇතුළු කර ඇත.
ක්‍රිෂ්ණන් යුවළට ඇමරිකා පොලිසිය නඩු පවරා ඇත. එම දෙදෙනාට අපරාධ චෝදනා ගොනු කර නැති බවත් ඔවුන් දැන් මලයාසියාවට ගොස් සිටින බවත් ජෙගනාදන්ගේ නීතිඥ ලී කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් තානාපතිලා තමන්ගේ ආණ්ඩුවලින් වැඩිපුර අරගෙන සේවකයන්ට අඩුවට ගෙවලා මුදල් ගසාකනවා. සේවකයෝ බයට කියන්නේ නැහැ, රස්සාව නැතිවෙන නිසා. අනික එම වීසා වලින් වෙන තැනක වැඩ කරන්නත් බැහැ. (නි)
මෙවැනි පුවත් ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)
මේ දෙදෙනා කර ඇත්තේ ලොකු වරදක්.. ඇමරිකාවේ සේවකයෙකුට අවම වැටුප පැයට ඩොලර් 7.50 ගෙවිය යුතුයි.. (සමහර ප්‍රාන්තවල මීට වඩා වැඩියි ).. (ර)
බොහෝ රටවල බොහාමයක් තානාපතිවරුන් කරන්නේ තමන්ගේ රටේ සල්ලි ටික වංචා කරලා බොරු බිල් දාලා අරන් දරු පවුලත් එක්ක නිවාඩුවක් ගතකරලා ආපහු එන එක. ජරාව කෑමට ජයටම අැබ්බැහි වුණ අය කාලය දික්කරගෙනත් ඉන්නවා. (බ)
අවම වැටුප පැයට ඩොලර් 8.75ක් ගෙවනවා නිව්යෝර්ක් වල (නි)
නාමල් මමත් ඉන්නේ බටහිර රටක.මේ රටේ අවම වැටුප පැයකට ඩොලර් 17.50 යි. ඇමරිකාවේ ඩොලර් 1 කට මේ රටේ අද තිබෙන මුදලේ වටිනාකම ශත 76 යි.නමුත් මේ රටත් එක්ක බලන කොට, ඇමරිකාවේ සෑම දෙයක්ම හරි ලාභයි කියලයි මම අහලා තියෙන්නේ. ඉතින් බඩු බාන්ඩ වල මිල ගණන් අඩු නිසා,ඇමරිකාවේ ශ්‍රමිකයෙකුට පැයකට ලැබෙන ඩොලර් 7.50 කියන්නේ සාධාරණ මුදලක්.ඊළගට තියෙන ප්‍රශ්නය මේ යුවලට තානාපති වරප්‍රසාද යටතේ සමහරවි ගැලවී යා හැකි දැයි මා හරියටම නොදනිමි (බ)
ඔය තියෙන්නේ නඩුවේ තීන්දුවත් දීලා. අපරාදේ උසාවි ගියේ. ඔය උඩින් අදහස් දාලා තියෙන ගොඩ පෙරකදෝරුවෝ හමුවුණා නම් වෙලාව ඉතුරු වෙනවා. (නි)