ලබන වසරේ පවත්වන 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන ඉරිදා (10) එක්සත් ආරාබි එමිර් රාජ්‍ය බලා පිටත්වීමට නියමිතය.
ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම සදහා ශ්‍රි ලාංකික ක්‍රිඩකයින් හත් දෙනකු ක්‍රීඩා කරන අතර උප නායක හා උප පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ ද ශ්‍රි ලාංකිකයන් දෙදෙනෙකි.
මේ පිළිබඳව ලංකාදිප එසෑණ වෙබ් අඩවියේ පළ කිරිමත් සමග තමන් පිළිබඳව ලෝකය පුරා ඇති ශ්‍රි ලාංකික වෙබ් මාධ්‍යයන් මගින් කතබහට ලක් වු බව ඉතාලි ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිඩා කරන ක්‍රිඩකයින් කිහිපදෙනෙකු පැවසීය.
ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා යෑමට මත්තෙන් ලබන සෙනසුරාදා (09) සවස රෝමයේ නව තානාපති බෙනට් කුරේ මහතා ඔහුගේ නිල නිවසේදී ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමට නියමිතය.
‘ඇත්තෙන්ම ඉතාලිය තුල ක්‍රිකට් හැකියාවන් ඇති ඉංදීයා හා පකිස්ථාන ක්‍රිඩකයින් සිටිනවා. අපේ රටේ අපේ දරුවෝ හත් දෙනෙක් ඉතාලි කණ්ඩායමට සෙල්ලන් කරනවා කියා දැනගත්තාම මට හරි සතුටක් ඇති වුණා. ඔවුන්ට ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබන්න හැකිවෙවා කියා මම ප්‍රාර්තනා කරනවා.‘ යැයි තානාපති බෙනට් කුරේ මහතා එසේ පැවසීය.
ලබන 15 වැනිදා එමිර් රාජ්‍යයේ දී ආරම්භ වන තරගාවලිය සදහා ටෙස්ට් වරම් නොමෑති රටවල් 16ක් ක්‍රිඩා කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපතිතුමනි, ඉතාලිය සුදුසුකම් ලබන තරග වලින් දිනුවොත් මම පහතින් ඉල්ලන දේ ලබාදෙන මෙන් කාරුණික වනු මැනවි. ඔබතුමා අතිගරු ජනාධිපතිතුමා සමග කතාකර විස්සයි විස්ස තරග 5ක් ලබා දෙන්න ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග. ඒක ඉතාලි කණ්ඩායමට ලොකු අස්වැසිල්ලක් වේවි ලෝක කුසලානයට මුහුණ දෙන්න. ඔබ දන්නා පරිදි ඉතාලිය කියන්නේ ලංකාවට අවුරුදු ගානක් උදව් කළ රටක්. මමත් ඉතාලිය දැකලා තියෙනවා. ඒක නිසා අපි ඉතාලි ක්‍රිකට් කණ්ඩායමට ඉදිරි තරග ජයගැනීම සදහා සුබ පතමු. (නි)
ඉතාලි ක්‍රිකට් කණ්ඩායමට මීට පෙරද ශ්‍රී ලාංකිකයන් ක්‍රීඩා කළා.නමුත් සැමදෙන නොදකින ඉතාමත් අමාරු කාර්යයක් මේ ක්‍රීඩකයන් සිදු කරමින් සිටිති. (නි)
අනේ මන්දා ක්‍රිකට් ...ක්‍රිකට් ....ක්‍රිකට් අපේ අයට ඕන ප්‍රශ්නයක් අමතක කරලා දාන්න පුළුවන් ක්‍රිකට් මැච් එකක් කිවොත් .මිට වැඩ නරකද එම්බසියේ ඇතුලේ තියන ප්‍රශ්න ටික ඉවර කරගත්ත නම් ? (ස)
ඉතාලි ක්‍රිකට් කණ්ඩායමට මින් පෙරද ශ්‍රි ලාංකිකයන් ක්‍රීඩා කර ඇත. මෙම පුවත එසැණ පුවත් තුලින් පළ කිරීමට උනන්දු වූ කෙනෙකු ලෙස මා හට මෙය සටහන් කළ යුතුමය. මෙම ක්‍රීඩකයන් ඉතාමත් ලොකු කැපවීමක් කරමින් සිටිති. නමුත් ඉතාලි ක්‍රිකට් සංගමය මේ දක්වා කණ්ඩායමක් ලෙස මොවුන් පුහුණු කර නැත.ක්‍රීඩකයන් තමන්ගේ සහජ හැකියාවෙන් දස්කම් දක්වති.මෙම තරගාවලිය සදහා සහභාගි වන අනෙකුත් කන්ඩායම් වෘත්තීය මට්ටමින් තම ක්‍රීඩකයන්ට සළකන අතර ඔවුන් මුළු වසර පුරාම වැටුප් ලබති.අප ක්‍රීඩකයන් සාමාන්‍ය රැකියාවන් කරමින් ඉහළ දස්කම් දක්වති. (නි)
මේ කට්ටිය ලන්ඩන් වල ඉඳලා ආ කෙනාට නම් පෙන්නන්න එපා, (නි)
මා ඇතළු ශ්‍රී ලාංකිකයන්ගේ උණුසුම් සුභ පැතුම්.(නදී)
ඔබගේ පැතුම ඒ ආකාරයෙන්ම ඉටුවේවා! (නි)
අනේ තනාපති තුමෝ ආපු ගමන් ඕවට වඩා කරන්න වැඩ ඕනෑ තරම් තියෙනවා අමතක කරන්න එපා ඔබතුමා මෙහි ක්‍රීඩා ඇමති නෙමේ ,ශ්‍රී ලංකා තානාපති තුමා .(නදී)
තානාපති තුමා ආපු ගමන් කලයුතු ඉතාමත් වැදගත් අතපසු නොකළ යුතු දේවල්. (නදී)
ඔවුන්ට සුභ පතනවා. එතුමාත් හොද ක්‍රීඩා ලෝලියෙක් වගේ (නි)
ජය වේවා කොල්ලනි,,,,ජයවේවා... (ස)