IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තෙන්නකෝන් පවුලට මඩ ගහනවාලු

මාතලේ සංවර්ධනයට ලැබුණු මුදල් තෙන්නකෝන් පදනමේ ගිණුමට ආණ්ඩුවේම නියෝජ්‍ය ඇමති වරයකු කරන චෝදනාව ඔප්පු කළොත් දේශපාලනයෙන් ඉවත් වන බව මධ්‍යම පළාත් ක්‍රීඩා ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේය.

   රජයේ නියෝජ්‍ය ඇමතිවරයකු තෙන්නකෝන් පවුල ට මඩ ගැසීම නතර කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.

කර්මාන්ත නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගෙන් විමසීමේදී කිවේ තමන් එවැනි ප්‍රකාශ කර නැති බවයි. මුදල් පුද්ගලික ගිණුම් වලට බැරකළ නොහැකි බව පමණක් කියා ඇති බවද ඔහු කීවේය.

 



අදහස් (0)

තෙන්නකෝන් පවුලට මඩ ගහනවාලු

නන්ද Monday, 20 October 2014 05:43 PM

තෙන්නකෝන් පවුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයින් නේද? (නි)

:       0       0

විපුල Monday, 20 October 2014 11:19 AM

බලමු ඉදිරියේදී වෙන දේ. ජනතාව උගස් කර බඩ වඩාගන්න දේශපාලනයේ අවසානය ලඟම එනවා (නදී)

:       0       0

යසපාල Monday, 20 October 2014 11:49 PM

මෙන්න නියම අභියෝගයක් (නි)

:       0       0

ඩයස් Monday, 20 October 2014 11:32 AM

ශ්‍රී -ලංකා කාරයින්ට දැන් අවලාද නගන්නේ අලුතින් බිහි ඌ හෝ පක්ෂයේ ඉන්න අලුත් සල්ලි කාරයොයි. මොනවා කරන්ඩද ඔහොම තව ටිකක් ඉවසලා ඉන්ඩ. ලබන මාසේ විතර හොඳ පාඩමක් උගන්නමු. (නදී)

:       0       0

චානක Tuesday, 21 October 2014 12:08 AM

වරදක් කර අසුවුවහොත් ඉල්ලා අස්වෙලා යන එක හරිද? එතකොට කෝ ඒකට දඬුවම? (නි)

:       0       0

සේනක ද සොයිසා සිරිවර්ධන Monday, 20 October 2014 12:22 PM

ජනපතිවරණයෙන් දැන් ඉන්නේ කෙනාට 25% ටත් වඩා අඩුවෙන පාටයි. බොරු ඩයස්පෝරා, අරපෝර, මේ පෝරා ලෝකේ නැති දේවල් මවා පානවා මිනිස්සු ගණන් ගන්නෙවත් නැහැ. රටේ ආරක්ෂාවට හමුදා විරුවෝ හැමදාම. දෙමල ජනයට ඕනේ කෙණ්ඩියක් නැහැ. කවුද ඒවා කෙරුවේ කියල ළඟදීම එළිවෙයි. සම්බන්තන් මහත්මය දිව්රුම් ප්‍රකාශයකුත් කළා මහා උසාවියට ඊයේ තම පක්ෂය වෙනුවෙන්. ජනාධිපති වරනෙන් පස්සේ රු. 25,000 හේ විශ්‍රාම වැටුපත් එක්ක හම්බන්තොට කුඹුරු කොටන්න තමයි වෙන්නේ (නදී)

:       0       0

සම්පති Monday, 20 October 2014 12:36 PM

මෙයානම් ගිලෙන නැවෙන් පනින්න ලැහැස්ති වෙනවා වගේ (අ)

:       0       0

හේමන්ත Tuesday, 21 October 2014 02:29 AM

නියමයි මහත්තයෝ, නියමයි! (නි)

:       0       0

රෝහණ Monday, 20 October 2014 01:19 PM

සේනක ද සොයිසා සිරිවර්දන මහතාණනි, ඔබ හරියටම හරි නමුත් මම ඔය අදහස පල කරා නම් පළවෙන්නේ නැහැ (නදී)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 21 October 2014 03:21 AM

සේනක ද සොයිසා සිරිවර්දන මහතාණනි, ඔබ හරියටම හරි. (නදී)

:       0       0

බුද්ධි Tuesday, 21 October 2014 03:45 AM

සේනක මහතා සමඟ එකඟ වෙමි (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 21 October 2014 04:43 AM

වැරද්දක් කළා නම් ඉල්ලා අස්වෙලා විතරක් මදි, හිරබත් කන්නත් වෙනවා නේද මහත්තයෝ? ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. බය නැතුව ඕනෑ දෙයක් කියන්න මහත්තයෝ. අපේ බඩපොත්ත පිටපොත්තට ගියත් අපි පුළුවන් තරම් බදු ගෙවලා ඕගොල්ලන්ව ආරක්ෂා කරනවා අපේ මහත්තයෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site