සාගරිකා කාර්යාල දුම්රියේ තුන්වැනි පංතියේ ටිකට්පත්වලින් දෙවැනි පංතියේ මැදිරිවල ගමන් ගත් මගීන් 67 දෙනකු අද (22) පෙරවරුවේ අල්ලා ගැනීමට දුම්රිය ආරක්ෂක හමුදාවට හැකි වී තිබේ.
මොරටුවේ සිට කොටුව දක්වා සිදුකළ විශේෂ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවකදී මෙම මගීන් අල්ලාගෙන ඇත.
මගින්ට රුපියල් 2500 බැගින් හා ගමන් ගාස්තුවෙන් දෙගුණයක් දඩ නියම කිරීම යටතේ මගීන් 32 දෙනකු එම අවස්ථාවේම රුපියල් 84180ක් ගෙවූහ.
ඉතිරි 35 දෙනා පසුව දඩ ගෙවීමේ පොරොන්දු මත ඇප වශයෙන් භාණ්ඩ තබා ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම චෙක් කරන්න ඕනේ. රටේ නිතිය එක එකාට අතට ගන්න දෙන්න හොඳ නැහැ.දඩ මුදල වැඩි කරලා තිබියදීත් වැරදි වැඩේ කලේ එවුන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වන්නනේ. හරිනම් නඩු පවරලා හිරේ දාන්න අවස්ථාවාදී විදියට හිතල කටයුතු කරන පිරිසක් තමයි අද දඩ කාල තියෙන්නේ. ඔය අයට වාසියට පමණයි වරදින්නේ.දෙවෙනි පන්තියේ ටිකට් ගත්තු අය කොහෙද යන්නේ තුන්වෙනි පතියේ අය රිංග ගත්තම.රිංග ගත්ත මදිවට වාඩිත් වෙලා යනවා.2 පන්තියේ යන්න අසහනයක් තියේ නම් වැදගත් විදියට ටිකට් එකක් අරන් යන්නකෝ. (ස)
මිනිස්සුන්ට සල්ලි නැත්තෙමත් නෑනේ , ඔය ගෙවලා තියෙන්නේ එක පාරම (ස)
දැන් දඩය 2500 ක් නේද (දී)
දෙවන පන්තිවෙය් ගිහින් තියෙන්නේ හොරකමට නෙමෙයි. හොරකමට යනවනම් 3 වෙනි පන්තියේ ටිකට් ගන්නෙත් නැතිව යනවනේ. පානදුර, මොරටුව හරියෙදි ඔය කෝච්චියේ සෙනග වැඩියි. ඒකයි පන්ති මාරුවෙන්නේ.(නදී)
ඒ උනාට අද මේක කරපු එක වැරදි . පානදුරේ ඉදල මොරටුවට සිග්නල් වැඩ කලේ නෑ . අද ගොඩක් පරක්කු වෙලා ගියේ . ඉතින් මිනිස්සු ඉඩ තියෙන පෙට්ටිවල හරි නැගල යන්න බලන්නේ රතු ඉර ගහන්න කලින්. මේක හරිම අසාධාරණයි . (ස)
නීතියක් ඇත්නම් හැමෝම එයට ගරු කල යුතුයි. නොකඩවා මෙය ක්‍රියාත්මක කල යුතුයි (ස)
ඕකේ ඇති හොදේ මොකක්ද? තුන්වෙනි පන්තියේ මිනිස්සු තැලිලා පොඩිවෙලා යනවා. දෙවැනි පන්තියේ පිනට සීසන් එක අරන් වාඩි වෙලා යනවා. සෙනග වැඩිවුනාමයි මිනිස්සු දෙවන පන්තියේ යන්නේ. දැන් රජය දඩ වලින්මයි ආදායම් හොයන්නේ.(නදී)
කෙවින්ලා කියෙවව්ට වැඩක් නැහැ. දුමිරිය වල දෙවන පන්තියේ පෙට්ටි වැඩි කළාම කුන්වෙනි පන්තියේ පෙට්ටි අඩුවෙනවා. සාමාන්‍ය මිනිස්සු එතකොට යන්න ඕනේ මරණ වරෙන්තුව අතේ අරන්. හරි විසදුමක් නොදී බොරුවට දැගලුවට වැඩක් නැහැ.(නදී)
දෙයියෝ සාක්කි (දී)
දුම්රිය ගැන ලියනවා නම් පොතක් ලියන්න පුළුවන්. ඉස්සර උදේ මේල් එකේ සෙනග අඩුයි. දැන් එකේ කට කපලා සෙනග. ඒ මදිවට ඒකට දෙවන පක්තියේ පෙට්ටියක් අමුණලා.(නදී)
දෙකෙන් තුනට මාරු වුනොත් දඩ කන්න වෙනවානේ.(නදී)
කරන්න තියන හොදම වැඩේ උදේට තව ඔෆීස් කොචිචියක් දමන එක අඩුම ගානේ කළුතර ඉදලවත්.(නදී)
දෙයියෝ සාක්කි (දී)
ඉතාම හොද වැඩක්. මම දැන් විදේශ රටක සේවය කරන්නේ. මමත් කාලයක් ලංකාවේ දුම්රියෙන් තමයි රාජකාරි වලට ගියේ. එත් එක හරිම අප්‍රසන්න ගමනක්. මම 2 පන්තියේ ප්‍රවේශපත්‍රයක් ගත්තත් ඉඩගන්ඩ ආසන නැ. රජයේ සේවකයන්ට මාසෙකටම දෙවෙනි පන්තියේ වාර ප්‍රවේශපත්‍රය රුපියල 600ක් විතර වෙන්නේ. මම පෞද්ගලික අංශයේ සේවය කලේ. පෞද්ගලික අංශයේ අයගේ 3 වෙනි වාර ප්‍රවේශපත්‍රයත් 1600 විතර වෙනවා. 2 පන්තියේ 3000ක් විතර වෙනවා. මම 3000ක් දීල 2 පන්තියේ ප්‍රවේශපත්‍රයක් ගත්තත් ඉදගන්ඩ ආසනයක් නැ. මාසෙකට 2 පන්තියෙ අයගෙනුත් 600ක් විතරක් අරගෙන කොහොමද ඉතින් දුම්රියෙන් හොද සේවයක් බලපොරෝහ්තුවෙන්නේ. රාජ්ය සේවකයන්ට අඩු මිලට වරප්‍රවෙෂපත්රයක් දෙනවනම් 3 වෙනි පන්තියට විතරක් එක සීමා කරන්ඩ ඕනේ. නැත්තන් 600ට හැමකෙනාම 2 පන්තිය අරගන්නවා. 3000ක් දීල 2 පන්තියේ ප්‍රවේශපත්‍ර ගන්න අයට ඉඩගන්ඩ ආසන නැ. හොරෙන් යන අයගේ දඩ මුදල 20000ක් වත් කරන්ඩ ඕනේ. එහෙම නැතුව ඕව දියුණු කරන්ඩ බැ.(නදී)
ලංකාවේ කොහොමත් පන්ති භේදය තියෙනවානේ. (නි)
ඉතාම හොඳයි . රටක නීතියක් තියෙන්න ඕන. දැන් නීතිය වල් වැදිලා. මේ වගේ නීතිය හරියට ක්‍රියාත්මක කලොත් රට හැදෙයි (ස)
වරුණ, ඔබ වැන්නන් සිටින තාක්කල් රටක් දියුණු කළ නොහැකියි (නි)
ඉතාම හොඳ වැඩක් . මිනිහෙක් වැඩිපුර ගෙවල ටිකට් එකක් ගන්නේ පහසුවෙන් යන්න. ඒවට බලෙන් රිංගලා යන අයට හොඳ වැඩේ (ස)