
(කේ බුද්ධික කුමාරසිරි)
තීරු බදු රහිතව ඉන්දියාවේ ඔරිස්සා ප්රාන්තයේ සිට මෙරටට මුහුදු මගින් ගෙන ආ බීඩි නිශ්පාදනයට යොදා ගන්නා තෙන්ඩු කොල කිලෝ 10,863 ක ප්රමාණයක් සහ සැකකරුවකු මල්වාන ප්රදේශයේ නිවසක සගවා තිබියදී අත් අඩංගුවට ගත් බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි
අධි සුඛෝපභෝගී නිවසක ආරක්ෂිත කැමරා සවිකරමින් වසර ගණනාවක සිට මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් ඇත
අත් අඩංගුවට ගත් තෙන්ඩුකොල තොගයේ වටිනාකම රුපියල් කෝටි දහයකට වැඩි බවත් තීරු බදු නොගෙවා මෙරටට සොරෙන් ගෙන ඒම නිසාවෙන් රජයට බදු ආදායම රුපියල් කෝටි හයකට වැඩි මුදලක් අහිමි වී ඇතැයි ද එම ඒකකය පවසයි
2025 වසරේ සිටම තෙන්ඩුකොල ආනයනය කිරීම සම්බන්ධයෙන් ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට අදාල හිමිකරුට හැකියාව ලැබී නොමැත
අත් අඩංගුවට ගත් මෙම තෙන්ඩුකොල තොගය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd