මාරාවිල කුරුස පල්ලිය අසල මුහුදේ ගීළී තුන්හැවිරිදි දරුවකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙම දරුවාගේ දෙමව්පියෝ වැල්ල අයිනේ නිවසක පදිංචිව සිටිති.
මාරාවිල කුරුස පල්ලිය අසල මුහුදේ ගීළී තුන්හැවිරිදි දරුවකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙම දරුවාගේ දෙමව්පියෝ වැල්ල අයිනේ නිවසක පදිංචිව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබේවා !! (ස)
ආදරණීය දෙමව්පියනි, හදවත බදු ඔබගේ දූ දරුවන් ඇස්දෙක සේ රැක බලාගන්න.මේ වගේ දේවල් දකින බලන අපට අපේ හදවත් කොතරම් උණු වෙනවද ? (ස)
නිවන් සැප ලැබේවා ...!!! (ස)
දරුවන් ආදරෙන් බලා ගන්න බැරි හැටි. ඒ නොදරුවට මෙහෙම දුකක් සංසාරේ දී ඇති නොවේවා !!! (ස)
හරිම දුකයි දරුවන්ට වෙන දේවල් ගැන (නි)
රූපවතී ,චන්දි දිග කතාවක් කියන්න වෙන්නේ.මුහුද අයිනේ තිබෙන පොල්ලතු පැලේ රීප්ප ගහන්නේ කොහාටද?පියා රැකියාවට මුහුදු යන්න ඇති.මව ජීවන බරට කර දෙන්න දෑතේ වැඩක යෙදී ඉන්න ඇති.හෙට දිනය ගෙවන්නේ කොහොමද කියලා සිතමින් ඇගේ සිත ඇගෙන් හුගක් ඈතට යන්න ඇති.දරිද්‍රතාවයේ ප්‍රතිපල.මෙලොව උපන් හැම සතෙක්ම දරුවන්ට ආදරෙයි.එනිසා කොතරම් අගහිග කම් තිබුනත් දරුවෝ හදනවා.ඕක තමයි සත්‍යය .තවත් දෙයක් දුප්පත් පවුල්වල තමයි වැඩිපුර දරුවෝ ඉන්නේ,ඔයාටත් මටත් සිත සතුටු කරගන්න ඕනෑ තරම් ක්‍රම තිබෙනවා මුදලුත් තිබෙනවා,ඔවුන්ට තිබෙන එකම සතුට එක් දෙයක් පමණයි. වෙන මොනවා කරන්නද. (නි)
දැන් දැන් දෙමව්පියන් තමන්ගේ දරුවන් ගැන කිසිම ආදරයක් සැළකිල්ලක් නොදක්වන අන්දම හැමදාම පුවත් පත් වල පළවන පුවත් වලින් දැනගන්න හැකිවෙනවා. නමුත් අපේ පරණ අම්මලා හය හත් දෙනෙක්ව ඉතාමත් ආදරයෙන් කරුණාවෙන් රැක බලාගෙන විවාහයකට පත්වෙනකම් බලාගත්තා (නි)
තුන් හැවිරිදි ළමයෙක් කියන්නේ කොච්චර අවදානය අවශ්‍යද? හරිම සෝචනීයයි. මට තාම මතකයි ළමයි පොඩිකාලේ මමයි නෝනයි එකට කෑම ටික වත් කෑවේ නැහැ එක්කෙනෙක් කනකන් ළමය ළඟ හිටියා. දැන් ළමයි ටිකක් ලොකුයි කියල නැහැ අවදානයෙන් ඉන්නවා. මම දන්නවා හැමෝටම එහෙම අමාරු ඇති. දරුවෝ කියන්නේ සම්පතක්. හැමෝටම ලැබෙන්නෙත් නැහැ. කරුණාකරල ඇස් දෙක වගේ රැකගන්න. මියගිය දරුවට නිවන් සැපම ලැබෙන්න ඕනා.(නදී)
දරුවන් ඇස දෙක වගේ රැක බලාගැනීම දෙමව්පියන්ගේ වගකීම,ඒත් දැන් මේ දරුවට ඒ කිසිම දෙයකින් වැඩක් නැහැ. .නිවන් සැප ලැබේවා ! (ස)
මිලින වූ මල් කැකුළට නිවන් සුව පතමි! (ස)
කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අප රටේ සෑම පුරවැසියෙක් ගෙන්ම,ඔබගේ දරුවන් ආදරෙන් රැකබලා ගන්න ඔවුන්ට තනියෙන් යමක් කරගන්න හැකිවන ,තේරුම් ගන්න පුළුවන් වෙන තුරු , එසේ නැතිනම්, සදහටම දරුවන් නොලැබෙන, නොසදාගන්න , වෛද්‍ය ක්‍රමයක් අනුගමනය කර ගන්න, මේ පුවත් බලලා අපි කම්පාවට පත් වෙන තරම් දවසේ වැඩ ටිකවත් හරියට කරගන්න බැරි දවස් තියනවා....? මෙවන් අකල් මරණයන් නැවත අපිට නොම ඇසේවා .. !! (ස)
නිවන් සැප ලැබේවා. (ස)
පව් දෙයියනේ කිරිසප්පයා. මේ කිරිකැටියා මුහුදට යනකම් අම්මා කොහේ ගිහින් හිටියද? (ස)
දෙමව්පියන් තම කුඩා දරුවන් ගැන හොඳ රැකවරණයක් ඔවුන් ගැන බලාගැනීමක් කරනවා නම් මෙවැනි මරණ අවම කර ගන්න පුළුවන්. දරුවට නිවන් සුව ලැබේවා . ස්වර්ගයේ සැතපේවා. (ස)
රූපවති මහත්මිය කියන කතාව සහතික ඇත්ත . දෙමව්පියනි , දරුවන් ගැන හැම මොහොතකම දැඩි අවධානයෙන් පසු වන්න. (ස)
දැන් රට යන විදිහට සමහර දෙමව්පියන් තමයි අසරණ ළපටි දරුවන්ගේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය කරන්නේ, මේ අයට විරුද්ධව නීති මඟින් දැඩි දඬුවම් ලබා දිය යුතුයි. මොකුත් නොදන්නා පොඩි දරුවෝ කී දෙනෙක් දැන් දෙමාපියන්ගේ නොසැලකිල්ල නිසා ජීවිතයෙන් වන්දි ගෙව්වාද? (ස)
මොනවා ලියන්න ? පව දරුවා .නිවන් සැප ලැබේවා (ස)
අනේ චුටි පුතේ ආයේ කිසිම ආත්මෙක මේ වගේ අවාසනාවන්ත මරණයක් ඔයාට අත් නොවේවා!!!!!!!!!!!! (ස)
අනේ මගේ හුස්ම හිරවුනා වගෙයි !!මේ මොනවද අපි අහන්නේ දකින්නේ ...?අවරුදු 3ක් කියන්නේ, මට නම් හිතාගන්නවත් බැහැ..මෙවන් ළදරු මරණ මතුදා නොඅසන්න ,නොදකින්න ,දෙමව්පියනි !!! සිහි කල්පනාවෙන් අත දරුවන් රැකගන්න. අනේ දොර උළුවස්සට ලි පටි ගහලා දාන්න , දරුවන්ට එලියට යන්න බැරි වෙන්න අපි අපේ ළමයින්ගේ ආරක්ෂාව සැලසුවේ එහෙම කරලයි !!මතු උපදින හැම බවයකම මෙවන් අකල් මරණයකට ගොදුරු ''නොවේවා''.(නදී)
මේ මරණය සිදු වූ ආකාරය මීට වඩා විස්තර කරලා ලිව්වා නම් හොදයි.(නදී)