ශ්රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය අනුව තමාට තෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරග කිරීමේ හැකියාවක් ඇත්දැයි මහින්ද රාජපක්ෂ ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ලබන සිකුරාදා පස්වරු තුනට පෙර ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස සියලු සාමාජිකයනට දන්වන්නැයි සත් පුද්ගල විනිසුරුමඩුල්ලක් අද ශ්‍රී ලංකා නීතීඥ සංගමයට දැනුම් දුන්නේය.
නොවැම්බර 10 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිට යැවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මොනවා කිවුවත් ඔබතුමා දිනන බව විශ්වාසයි (නි)
ඔබතුමා රටට ලොකු සවියක්. (නි)
අපිට ජනාධිපතිතුමා කියන කියන වැදගත් දේවල් කිසිම දෙයක් අහගන්න දෙන්නෙ නැහැ. කොහෙද යන කෑරලෙක් මෙතන සභාවට වැදිලා මොරදෙනවා. (නි)
බමුනුට විකටයෝනම් අනවශ්‍යයි..දුශිතයෝ, දුෂකයෝ,මිනි මරුවෝ,ගණිකාවෝ එහෙමනම් අත්‍යවාශ්‍යයි.මොකද බමුණු එදාවේල හොයාගන්නේ එයාලගෙන් නිසා..කොහොමද බමුණු..බට්ටි සනිපෙන්ද? (බ)
අපි කුමන නැටුමක් නැටුවද යායුතු දාට සියල්ල හැරදා යා යුතු වේ. (නි)
බන්දුලට ඕනෑ කටින් ගහලා බයකරලා මිනිස්සු මෙතන ලියන එක නවත්වන්න වගේ. අපි බයවෙයි ඕවාට. (නි)
බන්දුල, කියන දෙයක් වැදගත් පිළිවෙළට කියන්න. (නි)
ජනපතිවරයාට තුන්වන වතාවට බැහැ කියන සටන් පාඨය පෙන්වමින් දඟලන්නේ ඡන්දයකට ඇවිත් කෙළින් මුහුණදෙන්න බැරුව කර අරින්න දඟලන අය කියලයි මට හිතෙන්නේ. (නි)
බන්දුල, මෙතන තමන්ගේ අදහස කියනවා වෙනුවට එක එක්කෙනා එක්ක තිබෙන තරහ පිටකරගන්න මේ පුවත් තීරය පාවිච්චි කරනවා. එක්කෝ ඕනෑ දෙයකට පිටරටින් ලියන ලාංකිකයන් ඇදලා ගන්නවා. නැත්නම් බවලතුන්ගේ ස්වාධීන ප්‍රතිචාර වලට හොටදානවා. මේක විවෘත සංවාදයක්. ලස්සනට කරගෙන යන්න පුළුවන් තැනක්. (නි)
බන්දුල අයියව, ගෙදර එක්කන් යන්න. (ර)
මෙතන කිසිම සාකච්ඡාවක් හරියට ගෙනියන්න බැහැ. බන්දුල පෙරේරා කියන කෙනා සංවාදය කඩාකප්පල් කරනවා. (නි)
ඕනෑම පක්ෂයක් බංකොලොත් වෙන්නේ බන්දුල පෙරේරලා වගේ අය නිසයි (නි)
එසැන පුවත් තිබෙන්නේ නිදහස් දේශපාලන හෝ වෙනත් ස්වාධින අදහස් ප්‍රකාශ කරන වැදගත් සංවාදයකට කියලයි මම හිතුවේ. දැන් බලනකොට මේක සමහරු මැතිවරණ වේදිකාවක් කරගෙන. එහෙම නැති නම් තමන්ගේ පුද්ගලික තරහවල් පිට කරගන්න තැනක් කරගෙන. සැමට ප්‍රයෝජනවත් හරවත් සංවාදයකට දැන් මෙතන ඉඩක් නැහැ වගේ. (ර)
අනේ බන්දුල,කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් වැක්කෙරෙනවා කියලා අහලා ඇතිනේ. (නි)
අධිකරණ තීන්දුව කුමක් උවත්, උත්තරීතර ජනමතය අපි ගරු කරමු. (ර)
කෙසේල්මුවට කලින් කෙසේල්මල පැන්නා. බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ. (ර)
මේක ප්‍රජාතාන්ත්‍රික රටක්. කොහොමද කාටවත් බලකරන්නේ බහුතර මතය තමන්ගේ මතය කරගන්න කියලා. ඕනෑ කෙනෙකුට තමන්ට නිදහස් දේශපාලන මතයක් දරන්න අයිතිය තිබෙනවා. (නි)
ඔබයි අපගේ මහා රජ ..ඔබගේ කැමැත්ත තමා අධිකරණයේ තිරණය .(හේ)
මේ බන්දුල, මෙතන ජනාධිපතිතුමා වෙනුවෙන් වැදගත් විදියට කතා කරන්න ඕනෑතරම් මිනිස්සු ඉන්නවා. ඔහේගේ කට නිසා මෙතන දෙන්න තිබෙන වැදගත් පණිවිඩය යටපත් වෙනවා. ඒ නිසා ප්‍රවේශමින් මෙතන කියන දෙයක් කියන්න. (නි)
අද දවසේ කියමන අපේ සොබනාගේය ! (ර)
තුන්වන වරත් පුළුවන් ඒකේ දෙකක් නෑ.(හේ)
කඩේයන්නත් මොකක්හරි අවම සුදුසුකමක් තියෙන්න ඕනෑ. (නි)
ඉතාම කණගාටු හිතෙනවා මට නම් (නි)
බන්දුල පෙරේරා කියනවා සදාම් හුසේන් සහ ගඩාෆි අවුරුදු 20 කට වැඩිය හිටියා නම් මොකද බැරි කියලා. හිටියා නේන්නම්. අන්තිමට වුණ දේ තමුන්නැහෙගේ ඉතිහාස පොතේ නැද්ද? ඉතිහාසෙටම ඔහේ වගේ බුද්ධිමත් වටිනා උදාහරණ ඉදිරිපත් කළ අනුගාමිකයෙක් කොහෙවත් නැතුව ඇති. (නි)
මොන දේශපාලන අදහස් දැරුවත් වියත් සභාවකට එන්න, සුදුසු අදහස් දරන අයත් ඉන්නවා. නැති අයත් ඉන්නවා. බන්දුල පෙරේරා නම් කිසිම සභාවකට සුදුසු නැහැ. (නි)
කෑරලා කියනවා උතුරු කොරියානු වර්තමාන පාලකයා අවුරුදු 20 ක් රට පාලනය කරාලු.....අට පාස්,ඔහේ දන්නා විදේශීය දේශපාලනය පඩිතුමෝ.(අ)
ජයසිරි මනිමේන්ද්‍ර, හරියට හරි. (නි)
බන්දුල පෙරේරා, තමුන්නැහේ අට පාස් නේද? (නි)
කවුරු මොනවා කිවුවත් සුදුස්සාට සුදුසු තැන ලැබෙනවාමයි (නි)
අනේ බන්දුල, බලාගෙන. ඔයා ඔලුවෙන් හිටගෙනද මන්දා ඉන්නේ? (නි)
කීපාරක් ඉල්ලනවද කියන එක නෙමෙයිනේ ප්‍රශ්නය. මිනිස්සු එතුමා කීපාරක් එනවට කැමතිද කියන එක. නේද? (නි)
ඔන්න දැම්මම කිව්වා. මගේ නමින් කවුරුහරි මෙතන ආවඩලා තිබුනොත් ඒ මම නම් නෙමෙයි. මට කිසිම දේශපාලන උණක් නැහැ. පසුගිය ටිකේ අනුන්ගේ නම් වලින් ජය වේවා කියලා කෑගහපු අයටයි මේ කියන්නේ. (නි)
මට නම් කෑමක් වුණත් දෙපාරකට වඩා කන්න බැහැ (නි)
ඔක්කොම ලොකු ලොකු රටවල් ගැන කියපු බන්දුල ඇයි ස්වාසිලන්තය ගැන නොකියන්නේ. (ර)
මම මෙලනි නමින් ලියන්නේ අවුරුදු 3ක සිටයි. මගේ නමින් දේශපාලන පුවත් වලට ප්‍රතිචාර දාන කෙනා වෙනත් අයෙක්. (නි)
මෙතන අනුන්ගේ නම් වලින් කාලයක් සිට ලියන උදවියට සුදුසු වස්ත්‍රයකින් සැරසී මේ සභාවට එන ලෙස මම ඉල්ලනවා. (නි)
ඔබතුමා තුන්පාරක් නෙමෙයි, සදහටම අපේ ජනපති (නි)
පද්මිණි අහනවා කාටවත් දෙන්න හිතෙන්නෙම නැද්ද කියලා. අනේ යන්න පද්මිණි යන්න. අඩු ගානේ ලංකාවේ ඡන්දෙවත් තියෙනවනම් කමක් නැහැ. (ර)
බන්දුල නොහොත් ලංකා තිලක් කියන දෙයක් චාරයක් පිළිවෙලක් ඇතුව කියන්න. වළං කඩේට පැනපු ගොනෙක් වගේ හැසිරෙන්නේ නැතුව. එතකොට තමයි තමුන්ගේ අදහස තව කෙනෙක්ගේ හිතට යන්නේ. (නි)
අනේ මන්දා! මට නම් පිස්සු වගෙයි (නි)
බන්දුලගේ කෑරල් හඬ වෙනුවට අහන අයට ප්‍රිය සුමිහිරි හඬක් ලබාදෙනවා නම් මම තුන් පාරක් නෙමෙයි හත් අට පාරක් වුණත් ඡන්දෙ දෙන්න ලෑස්තියි. (නි)
පාලක පක්ෂයේ තුන් පාර ගැන සැකයක් නැති මුත් බන්දුලගේ තුන් කට්ටුවට යන කල ගැන නම් බොහොම දුකයි. (අ)
බන්දුල, කොච්චර නරිවාදම් මෙතන ලිව්වත් වැඩක් නැහැ. හරිහමන් කෙනෙක් ජනාධිපතිතුමාගේ තුන්වෙනි වර වැදගත්කම ගැන ලියන වචන කීපයක අදහසකින් සංවාදයට යහපතක් වෙනවා. (නි)
ධනුක, මම ඔයා නමින් අදහස් දැම්මේ නැහැ. (නි)
තුන්පාරක් නෙමෙයි දහපාරක් ඉල්ලුවත් අපි ඔබතුමා සමඟයි (නි)
ජනාධිපතිතුමනි ,ඔබ දිනනවා ඉර සඳ මෙන් විශ්වාසයි. මල්ලිලා බයයි. ඒකනේ අපේ දෙවියාට තුන්වෙනි පාරටත් එන්න බැහැ කියන්නේ. අපි බය නැහැ. අපේ රජා නිතරඟයෙන් එයි. (නි)
මොන රටක පාලකයෙක් පාලන බලය ලබාගෙන රාජ්‍ය පවත්වාගෙන ගියත් නැතත් මගේ ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තුන්වරක් නොව තව දහතුන් වරක්වත් රට පාලනය කළයුතුයි. ඒ ඇයි? එතුමා මෙතෙක් කළ සේවාවන් අතරින් ප්‍රමුඛ වන්නේ දෙකෝටියකගේ මරණ බිය තුරන් කිරීමත් එයින් කුපිත වූ බටහිර ලෝකයේ කෙනෙහිළිකම් වලට අභීතව මුහුණ දෙමින් මගේ රට සහ ජනතාව ආරක්ෂා කරගෙන සිටීමත්ය. ඒවගේම සමස්තයක් වශයෙන් ගත්කල එතුමාට සම කරන්නට අන් කිසිවෙක් මේ භුමියේ තවමත් නුපන් නිසාත්ය. (නි)
ලංකා තිලක් තාමත් බවලතුන්ගෙන් පාඩමක් ඉගෙනගෙන නැහැ. ඒ පාර හොඳ ලුණු ඇඹුල ඇතුව පද්මිණිගෙන් අහගන්න යන්නේ. (නි)
තුන්වෙනි වරට මෙතුමාට ජනපතිවරණයට තරඟ කරන්න නීතිමය අයිතියක් නැති බව තමයි පෙනෙන්න තියෙන්නේ. ඒත් ඉතින් මේ ඉල්ලීම ගැන කවර කතාද?මෙලනි,ඔහොම අය කීපදෙනෙක් ඉන්නවා. පිට කොන්දක් තියෙන කෙනෙක් නම් අනුන්ගේ නමින් පෙනීසිටින්නේ නැහැ. (නි)
අපි ඔබට.(හේ)
තුන්පාරක් බැරි නම් ඇයි 18 වන සංශෝධනයක් ගෙනාවේ? මේක සම්මත කරගන්නත් සෑහෙන මහන්සි වුණා නේද? අපරාදේ කාලය සහ මුදල් නාස්තිය. දැන් තේරෙනවා ඇති (නි)
බලමු මොනවගේ උත්තරයක් ලැබෙයිද කියලා (නි)
රටවැසියනි, මේ මස 10 වනදා සිට දින හතක් උත්සව පවත්වා ප්‍රීති වෙමු. (නි)
දැන් එතකොට ඇමති නිල ධුර කාලයට මොකද වෙන්නේ ? ඒකත් තුන්වෙනි පාරට ව්‍යවස්ථාගත කරනවද ? (ර)
මට ඉතින් හොඳ නොකියා ඉන්න බැහැ.අපේ පවුලම ගොඩ ආවේ මේ ආණ්ඩුවෙන්.මට පුළුවන් විදියට අපේ ගරු ජනපතිතුමා වෙනුවෙන් කැපවෙනවා. (නි)
ව්‍යවස්ථාවට අනුව තුන්වරක් බැහැ යන්න ප්‍රථමයෙන්ම මතුකළේ මේ රටේ ඵෙතිහාසික නඩු තීන්දු ගණනාවක්ම දුන් කෙනෙකුයි. වැදගත් වන්නේ ඒ ගැන දක්වන කරුණු කාරණායි (නි)
අනේ අපිට නම් කමක් නැහැ කීපාරක් ඉල්ලුවත් (නි)
ඔබතුමා කැමති පාරක් ඉල්ලන්න. අපි ඡන්දෙ දෙනවා (නි)
චීනයේ හිටි නායක මාඕ සේතුං කියූ කියමනක් මට මෙහිදී මතක් වෙනවා. " මට සතුරන් ඉන්නවා නම් මම කැමතියි. එවිට මට මා සිටින තැන වටහාගත හැකිය." අතිගරු ජනාධිපතිතුමනි, මාඕ සේතුංතුමාගේ කියමන සේ ඔබතුමාද සතුරන්ගේ විරෝධය වළක්වන්න නම්, අපිට එහෙමත් නැත්නම් රටට තිබෙන 2/3 බලයෙන් 18 ට නැවත සංශෝධනයක් ගෙන එන්න. මේ ආයාචනයකි මැතිතුමනි. ඔබතුමා අපේ රටට අවශ්‍යමයි. (නි)
නිලංකා ද සිල්වා, නිකන් කට තිබුන පළියට දොඩවන්න එපා. එතුමා රටට මොකුත්ම කරලා නැද්ද එතකොට? පොඩ්ඩක් ළඟපාත අනිත් රටවල් එක්ක සංසන්දනය කරලා බලන්න අපේ රට කොච්චර දියුණු වෙලාද කියලා මේ ටික කාලෙට! (නි)
ජනතාවගේ කැමැත්ත (දී)
3 පාරක් නෙමේ ඔබ තුමා හැම දාම ඉන්නවනම් තමා හොද.(හේ)
හැමදාම පුළුවන්.(හේ)
සුඩානයේ නායක අතිගරු ඕමාර් අල බෂීර් මහතාද දැනට වසර 20 කට වඩා එම රටට නායකත්වය දෙනවා (නි)
මම නම් කියන්නේ ඕනේ තරම් කාලයක් ඉල්ලන්න ඉඩ දෙන්න. ජනතාව තීරණය කරාවි තීන්දුව. (හේ)
බන්දුල, වර්තමාන උතුරු කොරියානු නයයකයාගේ වයස අවුරුදු 31යි. ඔබ කියන විදියට වසර 20 කටත් වඩා නායකත්වය දුන්නා නම් ඔහු අවුරුදු 11 සිට රටේ නායකයා වෙන්නේ ඕනෑ. කරුණාකර බොරු කියන්න එපා. (නි)
තව වසර 2 කින් ඡන්දෙ තිබුනොත් මේ රටේ මිනිස්සු කියාවි ඡන්ද එපා කියලා. නමුත් අපි ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී නිසා වේලාසන හරි ඡන්දයක් තියන්න වෙනවා. (නි)
එතුමාට ඕනෑතරම් කල් පාලනය කරන්න පුළුවන්. මෙන්න මේ වටේට ඉඳගෙන හොඳ මුහුණ පෙන්නාගෙන, ගසාකන කට්ටිය පැත්තකට කළා නම් හොඳයි. මෙතන තුන්වෙනි වර එනවාට විරුද්ධ උදවියගේ ඇත්තේ පුද්ගලික විරුද්ධකමක් නෙමෙයි. මෙන්න මේ වටේ ඉන්න අය රට වටේට ගසාකන කෑම ගැන තිබෙන අප්‍රසාදය කියලා මම නම් හිතන්නේ. (නි)
නීතියක් නැති රටේ 3 පාරක් නෙමෙයි 100 පාරක් හරි ඉල්ලන්න පුළුවනි.(හේ)
මගෙත් කිසිම විරුද්ධත්වයක් නැහැ. තුන්වැනි නෙමෙයි සුදුසු නම් හත් අට වතාවක් පත්වුණත් කමක් නැහැ. හැබැයි දෙවියන්ගේ නාමෙන් අර මහා විශාල කැබිනට් එකයි, රට හිනස්සන බේබිලා ටිකයි, ගෝලයෝ ටිකයි අයින් කරලා රටට වැඩ ඇති කිහිප දෙනෙක් පමණක් පත්කරගෙන එනවා නම් එතුමාට මිනිස්සු හැමෝම ඡන්දෙ දෙයි. (නි)
තුන්පාරක් නෙමෙයි දහපාරක් ඉල්ලුවත් රට .......... !(හේ)
ඒක නේන්නම්. අපි අහලා තිබෙනවා සුඩානය කොතරම් සංවර්ධිත රටක්ද කියලා. (නි)
තවත් අවරුදු 5 ක් රට කනවා කියන්නේ ඉතියෝපියාවක්,සොමලියාවක් තමයි අපේ දරුවන්ට ඉතිරි වෙන්නේ.(හේ)
ඔබතුමා ඉල්ලන්න. ඉතුරු හරිය මහජනතාව බලාගනීවි (නි)
හැමදාම ඉන්නවා නම් අපි කැමතියි.(හේ)
අපි මොනවගේ තීරණයක් ගතයුතුද? (නි)
ඔන්න පුලුවන් නම් අනෙක් අයට දිනලා පෙන්වන්න අවස්ථාවක්.... (නි)
උගන්ඩාවේ අතිගරු ජනාදිපති යෝවේරි මුසවෙනි මහතාගේ සේවා කාලයද දැන් වසර 20 කට වැඩියි. ඉතිහාසය නොදන්නා අය කරුණාකරලා කට පියාගෙන ඉන්න. (නි)
"මගේ නමින් කට්ටිය අදහස් දාලා හදන්නේ මාව නිහඩ කරවන්න නම් ඒක ටිකක් අමාරු වේවි" නැහැ නැහැ එළවන්නේ නැහැ. මොකද අපිට විකටයෝ අවශ්‍යයි (නි)
අපේ ජනපතිට ජයවේවා! ඔබයි සදා මේ බිමේ ජනපති (නි)
"බන්දුල අයියව, ගෙදර එක්කන් යන්න." ඊට වැඩ නරකද බදුලගේ ගෙදර ගියානම් (බ)
ජනාධිපතිතුමා මේවා ගැන දැනුවත්. එතුමා මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගනීවි (නි)
එතුමා ඉල්ලනවට නොවෙයි බය. දිනුවට පස්සේ ඇතිවන තත්ත්වයටයි බය. මෙරටේ නීතියක් නැහැ. අගාධයට ගිහිල්ලා.එහෙම නැහැ කියන්න කෙනෙක් තාම ඉදිරිපත් වුණේ නැහැ. මෙයට අදහස් දාන මිනිස්සු ගැනත් හිතාගන්න පුළුවන් (නි)
අනේ සේනක රුශාන් මමනම් ඔය එක රටක් ගැනවත් කිව්වේ නැහැ.එක කියපු පිස්සන්ගෙන්ම අහන්න..මම කියන්න ඕන ටික කිව්වා..කට්ටියට එක වැදිලා තියෙන තරම තේරෙනවා ප්‍රතිචාර වලින්.ජනාධිපති තුමා ජනාධිපති වරණයට එනවා වගේම බහුතර බලයකින් දිනනවා..තුනෙන් දෙකක් තියෙන පාර්ලිමේන්තුවෙන් 18 සංසෝධනය ගෙනාවේ ආයේ නීති තර්ක වල හිර වෙන්න නෙමෙයි.එතුමා බබෙක් නෙමෙයි.කට්ටිය එතුමාට නිතරගයෙන් දිනුම දීල පරාජය බාර අරන්..අපිට ඕන එහෙම සටනක් නෙමෙයි...එන්න අභියෝගය බාර අරන් සටනක් දීල පෙන්නන්න නියම පිරිමි වගේ.ඒ ලබනා පරාජයන් නම්බුයි මේ නපුන්සක වැඩ වලට වඩා සිය දහස් ගුණයක්....(බ)
"තුන් පාරක් නොවෙයි ඊට වඩා වුනත් මට පුළුවන්. දීල බලන්න" කියලා මෙතුමා රැස්වීමකදී කියපු කතාවක් මම රුපවාහිනියේ දැක්කා..ඉතින් එහෙනම් මොන එහෙකට එක එක්කෙනාගෙන් ඕක අහනවද මන්ද? (හේ)
ජනාධිපතිතුමා දිනන බවට කතා දෙකක් නැහැ (නි)
සාමාන්‍ය ජනතාවගේ මුදල් , කාලය නාස්තිකරන අධිකරණ පද්ධතිය හා නීති ක්‍රමය රටටම පිළිලයක් කියලයි මට නම් හිතෙන්නේ. මේවා නිවැරදි කළොත් ආශ්චර්යයක් වෙයි (නි)
සුඩානයේ නායක අතිගරු ඕමාර් අල බෂීර් මහතාද දැනට වසර 20 කට වඩා එම රටට නායකත්වය දෙනවා තමයි. ඉතින් අපිට මොකෝ? ඊජිප්තුවේ වසර 20 කට වුණ දේ දැක්කනේ. (නි)
අනේ එන්නනම් එපා පැත්ත පළාතේ දැනට දෙන වදයක් ගෙදරට වෙලා බණ පොතක් කිවවගෙන ඉන්න .(හේ)
තුන්වරක් නොවේ ඕන කාලයක් ඉන්න පුළුවන් වෙයි.(හේ)
අනේ සේනක, රුශාන්, මම නම් ඔය එක රටක් ගැනවත් කිව්වේ නැහැ.ඒක කියපු අයගෙන්ම අහන්න.මම කියන්න ඕනෑ ටික කිව්වා.කට්ටියට ඒක වැදිලා තියෙන තරම තේරෙනවා ප්‍රතිචාර වලින්.ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට එනවා වගේම බහුතර බලයකින් දිනනවා.කට්ටිය එතුමාට නිතරඟයෙන් දිනුම දීලා පරාජය බාරගෙන ඉවරයි.අපිට ඕනෑ එහෙම සටනක් නෙමෙයි.එන්න අභියෝගය බාරගෙන සටනක් දීලා පෙන්වන්න (නි)
තව පාරක් රට කන්නද ?(හේ)
මගේ නමින් කට්ටිය අදහස් දාලා හදන්නේ මාව නිහඩ කරවන්න නම් ඒක ටිකක් අමාරු වේවි.මෙතන ඉන්න දේශපාලන අසහනකාරයෝ ගැන මම කලිනුත් සඳහන් කරලා තියෙනවා. ජනාධිපතිතුමා එළවන්නේ කොහොමද කියා කියා විඳව විඳවා ඉන්න මිනිසුන්ට, එතුමාව මතක්වෙනකොට රෑට නින්දානොයන මේ කළු සුද්දන්ට එතුමා තුන්වෙනි වතාවටත් මේ රටේ ජනපති වෙන බව ඉර හඳ වගේ සහතික වුණාම දැනෙන හැඟීම් කොහොමද කියලා මේ තීරුව බැලුවම ඕනෑ කෙනෙකුට පැහැදිලියි. ඔයාලා ගැන දුකයි.ලැජ්ජයි.හිරිකිතයි. (නි)
ඇයි සිම්බාබ්වේ, රොබට් මුගාබේ? වසර 34 ටත් වැඩි කාලයක් රටේ නායකයානේ. හැබැයි, මේ හැම නායකයෙකුටම තිබෙන පොදු ලක්ෂණය තමයි ඒකාධිපතිවාදය. (නි)
බැහැයි කියලා දෙයක් නෑනේ.හැමදේම පුළුවන්.(හේ)
අහන්නකෝ බලන්න, බැරිද කියලා තුන්පාරක් (නි)
ලංකා තිලක් එක්ක කට්ටිය තරහා පිරිමහන්න හදන විදිය මේ තීරුවේ එනමින් දාලා තියෙන අදහස් වලින් පැහැදිලියි.සඳ මෝරනකොට බල්ලෝ උඩු බුරලනවා වගේ, පිස්සන්ට පිස්සුව තදවෙනවා වගේ මේ තීරුවේ ඉන්න දේශපාලන අසහනකාරයින්ට එතුමා තුන්වෙනි පාරටත් එන බව පැහැදිලි වුණාම තියෙන අසහනය දෙගුණ තුන්ගුණ වෙනවා කියන එක අරුමයක් නෙමෙයි.රටේ මිනිස්සු එතුමාව තෙවන වතාවටත් මේ රටේ ජනපති කරනවා බල බලා ඔයාල මෙතන අදහස් වලින්වත් හිත හදාගන්න උත්සාහ ගන්න. (නි)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කිරීමට හැකියාවක් ඇත්තේ පොදු වැදගත්කමක් ඇති නීතිමය ප්‍රශ්න පිළිබඳව පමණක් බවත් මෙම විමසීම පෞද්ගලික කාරණයක් මිස ජාතික වැදගත් කමක් සහිත කාරණයක් නොවෙයි .(අ)
එතුමාට තව අවුරුදු දෙකක් තියෙනවා නේද? මොකද මේ කලින් තියන්නේ? අපරාදේ මහජන සල්ලි. ඉතිරි අවුරුදු දෙකත් ඉඳලම තියන්නකෝ ඡන්දෙ.අනික පාර්ලිමේන්තු ඡන්දෙ නේද කලින් තියන්න ඕනේ. මට පුදුම අපේ පක්ෂපාති ජනතාවට මේවා කල්පනා වෙන්නැති එක, මෙහෙම මහජන මුදල් නාස්ති කරන්නේ ඇයි? (හේ)
ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය හොඳ නැහැ (නි)
මම හිතන්නේ මේක සංවේදීබවට වැඩිය ටිකක් බුද්ධියෙන් විමසා බැලිය යුතු ගැටළුවක්. මොකද සෑම සියලු දෙනාම ඔය මාතෘකාව අල්ලාගෙන වේදිකාවේ රසබර කතා කියනවා. ජනතාව එය අහගෙන ඉන්නවා. ඊටපස්සේ ආණ්ඩුවෙන් අනිත් දේශපාලන පක්ෂ අතීතයේ කළ වැරදි ගැන කතාවෙනවා. කොහොම වුණත් 2005 සිට 2010 වකවානුව ගෙවුනේ යුදපිටියක් ලෙසින්. නමුත් 2010න් පසු ආර්ථික සම්පත් ඉතාම වේගයෙන් වර්ධනය වෙමින් අනාගත නිශ්පාදනය සඳහා අවශ්‍ය ආර්ථික යටිතල පහසුකම් දියුණුවෙමින් පැවතුනා. දැන් අතීතයේ පෙර කිසිදිනක දැක හෝ අසන්නට නොලැබුන තරම් දුරට ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් වෙමින් පවතිනවා. ඉදිරි කාල වකවානුවේදී අවශ්‍ය වන්නේ දිගු ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති තුළ ඉඳිමින් දේශීය ආර්ථිකය සංවර්ධනය කිරීමයි. මෙහි කාර්ය පැවරෙනුයේ 2015න් පසු කාලයේදීය. ඉතින් මට දැනෙන්නේ තව වරක් එතුමාට ජනපතිවරණයට සුදානම්වීමට ඉඩදෙමු. තෝරාගැනීමට ජනතාවට ඉඩ දෙමු (නි)
අශ්චර්යේ හොදම හරියත් තුන් වෙනි පාරත් දීලම බලන්කෝ....(අ)
බන්දුල, යන්නකෝ එක දවසක් මට උපදෙස් දුන් විදියටම මානව හිමිකම් කොමිසමට. නම පාවිච්චි කරලා ප්‍රතිචාර දාලා නම්. (නි)
කවුරු කොහොම කිවුවත් මහින්ද මහත්තයාට ඉල්ලන්න බැරිවෙන හේතුවක් නැහැනේ.මොකද ව්‍යවස්ථාව වෙනස් කළේ ඉල්ලන්න බැරිවෙන්න නෙමෙයිනේ. (නි)
දෙපාරෙන් ගොඩ යන්න බැරි වුනාද ?(අ)
සිංහලයා නිහඩව හිටියට බෝම බයානක සතා. ඔය මදයි උන්නා.(හේ)
වාසනාවන් අපිට ඉන්නේ රටේ නීතියවත් දන්නේ නැති .....(අ)
අනේ මෙහෙම තණ්හාවක්...මේ අපිට කරන්ට ඉල්ලන්නේ..(හේ)
ජේ වී පි එකේ දැන් කොහෙද තිලින එහෙම කොදු තියෙන නායකයෝ.කොදු තිබුන නායකයෝ ඔක්කොම 88/89 දී මැරුම් කෑවා. එදා ඉතුරුවුණු පාවාදෙන්නෝ තමයි අද මුදුනෝ වෙලා ඉන්නේ...විජේ විරලා ගාමනායාකල දන්නවනම් වලවල් වලින් නැගිටලා ඇවිත් මුන්ගේ බෙලි මිරිකන්නේ ගිය පාර ජනාධිපතිවරනයේදීමයි දැන් ඉන්න මේ කෙහෙල් පරඩල් කරන නපුන්සක වැඩ වලට..(අ)
දැන් නම් තුන් පාරක් බැරුව ඇති මගේ හිතේ,(හේ)
ඉතින් ඕක මොකද්ද බන්දුල . සමහරු මේ අපේ නම් වලිනුත් මෙතන එක එක්කෙනාට ආවඩල තියෙන්නේ. (අ)
මෙතන දේශපාලන අසහනය තියෙන්නේ එකම එක්කෙනාටයි . අනිත් හැමෝම තම තමන්ගේ දේශපාලන දර්ශනය අනුව කියන්න තිබෙන දේ පැහැදිලිව කියල තිබෙනවා.(අ)
වැල යන පැත්තට මැස්ස ගහමු.(හේ)
උගන්ඩාව උදාරනයට ගන්න එපා. ලෝකේ දියුණු රටවල්වල් ගෙන බලන්න. අනික සමහරවිට අධිකරණයෙන් බැහැ කිව්වොත්, මෙතුමාම මේක අහෝසිකරලා දාන්න පුළුවන්. වෙන කව්රුහරි මෙතනට එන එක වලක්වන්න. (අ)
තුන් පාරක් පුළුවන්.(හේ)
හැම දේම හොද විදියකට සිද්ධ වෙයි.(හේ)
බන්දුල තාම උදේට මුණ සේදුවේ නැද්ද ? හිරිකිතයි කියා කියා දගලන්නේ මොකද කියල බැලුවේ. ගිහින් දත් මැදලා පිරිසිදු වෙලා සභාවට ආවා නම් ඔය මොලේ විකාර වෙලා කියවන කියවිල්ලත් නවතීවි.(අ)
මම හිතන්නේ ලොකු තැනටම පෙනේවි බන්දුලට ඉක්මනට ප්‍රතිකාරයක් අවශ්‍ය බව. අන්තිමට ලියා තියෙන හෑල්ල දිහා බලන ඕන කෙනෙකුට එක තේරනෙවා. (අ)
මහින්ද තුමා හොඳයි.නමුත් අද රටේ තොටේ නීතියක් නෑ, හැම තැනම පවුලට කිට්ටු අයගේ බල පුළුවන් කාර කම්. සමාන්‍ය මිනිහ ඉන්නේ කිසිම පිළිසරණක් නැතුව, ඉතින් තව පාරක් දීල මෙතුමා තියාගන්නත් බයයි, නමුත් වෙන කවුරුවකුත් දෙන්න නෑ
ඔබතුමා පළමුව හදවට අත තියලා බලන්න කරන්න යන වැඩේ හරිද කියලා(හේ)
ඉතින් මට දැන් කියන්න තියෙන්නේ මහා ලොකුවට මම රටට ආදරෙයි ජනතාවට ආදරෙයි කියන අය තමයි මේ රටට ඇති තරමට හානි කර වැඩ කරන්නේ. මිනිසුනි ඇස් ඇර හොඳට කියව මේ රටට වෙන විපත තේරුම් ගනිල්ලා (හේ)
පොහොයට යන බණත් තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට දාගෙන!(අ)
ඇයි මෙච්චර ආසාව? තව කෙනෙකුට අවස්ථාව දීලා විශ්‍රාම ගත්තනම් හරිනේ, මතකනේ ලිබියාවේ ,ඊජිප්තුවේ සහ ඉරාකේ නායකවරුන්ට වෙච්ච ඉරණම දිගටම බලයේ ඉන්න ගිහින්, (හේ)
මේ රට ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පක්ෂ ක්‍රමය තුළින් පාලකයින් තෝරා ගැනීම ඇරඹුණු දා සිට මේ දක්වා පහල වූ නායකයින් දෙස බලන කල අපේ රටට මොකක් හෝ හොඳ දෙයක් යහමින් කරන්නට අපේ රට ලබාගත් නායකයා වත්මන් ජනාධිපතිතුමා පමණක් බව තර්කයෙන් තොරව කුහක කමින් තොරව පිළිගත යුත්තකි. රට විකුණන් කන රට සුරා කන්නට ඉඩ දෙන රට දෙකඩ කරන්නට මග සලසන බලය පමණක් ඉලක්ක කරගත් පාලකයෝ බිහි වුණත් මවු බිම දෙකඩ නොකරන පොරොන්දුව පිට අනාගත පරපුර වෙනුවෙන් වැඩ කරන නායකයෙක් බිහි වුවා නම් ඒ වර්තමාන ජනාධිපති තුමා පමණය. මීටත් වඩා හොඳ නායකයෙක් අනාගතයේදී බිහි වීමට ඉඩ ඇති බව පිළිගන්න මම දැනට දේශපාලන වේදිකාවේ ඉන්නා නායකයින් යයි කියාගන්නා කීප දෙනා අතර නම් එවැන්නෙක් නැති බව අවංකවම කියමි. එබැවින් අපේ රටේ පහළම පන්තියේ සිට ඉහළම පන්තිය දක්වා කළගුණ සැලකීම දන්නා ජනතාව නිසැකවම ම වත්මන් ජනාධිපතිතුමා නැවත නැවතත් රටේ නායකයා වශයෙන් තෝරා ගනීවි. එය සහතිකය. (අ)
අනිවාර්යෙන් තුන්වැනි වරටත් ඉල්ලන්න පුළුවන් (අ)
ආණ්ඩුව තිබුනත් එකයි, ගෙදර ගියත් එකයි, ඔබතුමා ඉල්ලුවොත් මමත් ඡන්දෙ දෙනවා හැබැයි ඒ යුද්ධය අවසාන කළ නිසාම පමණයි. අනිත් හේතුව විරුද්ධ පක්ෂයෙන් ජනතාව ඉල්ලන නායකයා තවමත් දෙවනි තැන, අවුරුදු 2 බුක්ති වින්ද ඡන්දෙ තිබ්බොත් හොඳයි. හදිසි මැතිවරණ ඉගි කරන්නේ ජනතාවට අනාගතයේ දුක් විඳින්නද සිදුවන බවයි. කාගේ වුණත් වැදගත්කම නියමිත දිනට නිවාඩු යන එකයි. සියලු දේ අනිත්‍යයයි, මෙය වටහා ගනිමු,තේරුම් ගනිමු. (අ)
බන්දුල උන්නැහේ රතුපස්වල මරපු කොල්ලෝ ගැන කියපුවා අපිට අමතක් නෑ. තමුනාන්සේ ට හොඳ නම් අපිට අමාරුත් නෑ.(අ)
හොරාගේ අම්මගෙන් පේන අහනවා කියන කියමන මට මතක් වුණා! (අ)
ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයක් අවශ්‍ය ? මහාදැනමුත්තෝ වගේ උපදේශකයෝ බුරුත්තක් ඉන්නේ. එයාලගෙන් ඇහුව නම් ඉවරයිනේ..?(අ)
බන්දුල පෙරේරා මහත්තයා, ඔබතුමාගේ ඔය කළු සිංහලයා යුද්දේ දිනපු අවස්ථාවේ රටේ නායකයා වුන එක අැරෙනකොට සිංහලයාට මොනාද කරලා තියෙන්නේ? (අ)
ශිරාණි බණ්ඩාරනායක පැන්නුවේ මොකද කියල දන්නවා නම් මේකට උත්තරය හරි පහසුයි (අ)
හෆිල්, ඔබ මේකත් දැනගන්න. උසාවිය බැහැ කියන්න හේතුවක් නම් නැහැ. (නි)
අනේ පුළුවන් හැම මුස්ලිම් කෙනෙක්වම මක්කම යවන්න ඕන ඒ නිසා පුළුවන්! (අ)
බන්දුල පෙරේරා මහතාණෙනි, තුන්පාරක් මොකද, තිස්තුන් පාරක් හරි දෙන්න. (නි)
ශ්‍රිලංකාවේ වර්තමාන දේසපාලනය රටෙත් ජනතාවගෙත් අවශ්‍යතාවයට නොව පුද්ගලයන්ගේ අවශ්‍යතාවයට ගොඩ නැගෙන්නක් බව මෙයින් තහවුරුවේ.නඩුත්,බඩුත් හාමුදුරුවන්ගේ වුනත්, නිදහසටත් කරුණු සෙවීමක් නොවේද? (අ)
බන්දුල මට මෙන්න මේකට විතරක් උත්තරයක් දෙන්න. වෙන මොකුත් කියන්න එපා. සදාම් හුසේන්,ගඩාෆි, උතුරු කොරියාව, උගන්ඩාව, සුඩානය කළා කියලා අපිත් එකම කරන්න ඕනෑද? අනෙකුත් රටවල් අනුගමනය කරන දෙවතාවකට පමණක් සීමා වූ ක්‍රමය අනුගමනය කරන එකේ තිබෙන වැරැද්ද මොකද්ද? (නි)
සුරන්ජිත්ලට ශේරිෆ්ලට වගේ එදා ඉදන් එතුමාව ගෙදර යවා ගන්න බැරුව දගලන එන ජි ඔ පප්පලට එපා වුණාට මේ රටේ කලගුණ දත් බහුතරයට එතුමව තව දෙවතාවක්වත් ඕන..මේ රටේ ජනාධිපති තෝරන්නේ මැති වරනයකින්..ප්‍රජාතන්ත්‍රවාදිව..නපුංසකයෝ වගේ නැතුව නියම පිරිමි වගේ හැප්පිලා එතුමාව පුලුවන්නම් ඒ මැතිවරනෙන් ගෙදර අරින්න නිකන් නයි අරින්න හදන්නේ නැතුව..(අ)
යාළුවනේ, මම උත්තරය කියන්නද?? (නි)
ජේ.වී.පී එක හැම තැනම වගේ දැන්වීම් ගහල තියෙන්නේ "මහින්දට තුන් වරක් බෑ" කියල. කව්ද 2005 දී මහින්දව කරේ තියාගෙන රට වටේ ගිහිල්ල බලයට පත් කළේ? එතුමා 2010 දී යුද්දය ජයගත් නිසා ජනතාව ඒකට කෘත ගුණ සැලකුවා. ජ.වී. පෙ. ට තියෙන්නේ කබර ගොයි න්‍යාය. ස්ථිර ප්‍රතිපත්තියක් නැති ලංකාවේ තියෙන එකම දේශපාලන පක්ෂය තමයි ජ.වී.පෙ.පාර්ලිමේන්තුවේදී පසු ගිය 03 වෙනිදා ක්‍රීඩා ඇමතිවරයා ජ.වී.පෙ. නායකයාට අභියෝගයක් එල්ල කළා ජනාධිපති වරණයට ඉදිරිපත් වෙන්න කියල. සියල්ල දත් යයි හිතාගෙන ඉන්න මෙයාට පුළුවන්නේ මේ අභියෝඝයට මුහුණ දෙන්න. 1982 ජනාධිපතිවරණයේ දී මෙයාගේ මහා නායක තුමා ගත්තෙත් ඡන්ද 273,428 යි. මෙයා නියම නායකයෙක් නම් 2015 චන්දෙට ඉදිරිපත් වෙලා මහා නායක තුමාට වඩා ඡන්ද අරන් ජනතාවට පෙන්නන්න පුළුවන්නේ එයාගේ ශක්තිය. මෙයා වචීපරම නායකයෙක්ද කොහෙද? (අ)
මෙතුමා කොපමණ ඉල්ලුවත් ජනතාව කැමැත්ත දෙනවා. ඒක සිකුරුයි (නි)
අප්පුහාමි මාම මුලින් හරියට හිට ගන්න ..එතකොට අනුන් ඉන්න විදිය හරියට පැහැදිලි වේවි...ඇත්තටම මාමේ මේ ඔයාල ඔය තරම් මැරෙන්න හදන්නේ එතුමා තුන්වෙනිපාරට ඉල්ලන හින්දද නැත්නම් එතුමා ආවොත් කට්ටියට යන එනමන් නැහැ කියල දන්න හින්දද? මොනවද මාමේ ඔය පිරිමි කමටත් ගැනු කමටත් නැති වැඩ..නැන්ද දැන ගත්තොත් තට්ටේ පලාවී අනේ බොලත් පිරිමිද කියල අහල.. .(අ)
මම ජේ වී පී කාරයෙක් නෙවෙයි. නමුත් කොයියම් පක්ෂයක නායකයකු ගැන කතා කිරීමේදී ශිෂ්ඨ වචන පාවිච්චි කරන එක හොඳයි. මේ විදියට එයා කඩේ යන තැන ලොකු තැනට මෙතන උදවිය කතා කලොත් කොහොමද ? විරුද්ධ මතයක් වුනත් ඉදිරිපත් කරන ශීලාචාර විදියක් තිබෙනවා. (ස)
හොරාගෙ අම්මගෙන් පේන අහනෝ.(හේ)
මැතිතුමනි හදිසි මැතිවරණයක් වෙනුවෙන් මුදල් නාස්ති කරන්න එපා. (හේ)
බන්දුල පරඩල් වුනත් රටක් ගිනි තියන පුළුවන් ශක්තියක් තිබෙනවා. තමන් ආපු පවුල් පරිසරය මොකද්ද කියල මෙතන අයට පෙන්නන්න යන්න එපා. කොයි පක්ෂයේ නායකයන්ට වුනත් විරුද්ධ දේවල් කිව්වට ඔයිට වැඩිය හොබින විදියට කතා කරන්න. මේක ඔහේගේ ගෙදර නෙවෙයි . උගත් සභාවක්. (අ)
රට කෑමේ සීමාවක් නැද්ද ?? (හේ)
මේ බන්දුල පෙරේරා කියන පුද්ගලයා සීමාව ඉක්මවා යන හැඩක් තමයි පෙනෙන්න තියෙන්නේ (නි)
මේක පවුද්ගලික කාරනාවක් නිසා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුමක් කිරීමටත් අයිතියක් නැහැ .(හේ)
කවුරු මොනවා කිවුවත් අපේ මිනිස්සු කළගුණ දන්නවා (නි)
මට පෙනෙන හැටියට සමහරු මේ සභාව දැන් ඡන්ද ප්‍රචාරක මධ්‍යස්ථානයක් කරගෙන. සමහරු මෙතැන ලියා තියෙන්නේ හරියට මැතිවරණ කතාවක් වගේ. කෙටියෙන් පැහැදිලිව ලියන දේ නම් කවුරුත් කියවනවා. (නි)
මේ පාරත් කොහොමත් පුළුවන්.(හේ)
ඔබතුමා ඉල්ලන්න. ඔබතුමාට පුලුවන් (නි)
ජිවිත රෝදය පෙරළිලා එනකොට හොඳ නරක දෙකම පටිසන් දෙනවා!! (නි)
තමන්ගේ පක්ෂයේ නොවන නායකයන් ගැන මීට් වඩා වැදගත් විදියට කතා කරන්න බන්දුල. සභාවක කවුරු ගැන වුණත් කතා කරන්න ඕනෑ පිළිවෙළක් තිබෙනවා. ගෙවල් වල වැඩිහිටියන් මේවා ඉස්සර කියා දෙන්න නැතුව ඇති. (නි)
කඩේ යන මිනිස්සුත් ඉතින් පරඬැල් වගේ තමයි. හිතන්නේ තමන්ට තියෙන්නේ හරිම උසස් පෞරුෂයක් කියලා වෙන්න ඇති. (නි)
කොහොම කළත් කිවුවත් ලෝක ස්වභාවයට මුහුණ දෙන්න ඕනෑ නේද? (නි)
ඕකත් අහන්න දෙයක්ද. (ර)
ඔබතුමා ඉල්ලන්න. ජයග්‍රහණය ස්ථිරයි (නි)
මට ඕවට හිනා. (ර)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
බන්දුල පෙරේරා විරුද්ධ හෝ තමන්ගේ ස්වාධීන මත ඉදිරිපත් කරනවා වෙනුවට මෙතන අළුගෝසු භූමිකාවක් දැන් දැන් රඟපාන්නේ. (නි)
බන්දුල අයියගේ බට්ටි සනීපෙන්ද ? (නදී)
මමත් කියන්නේ ඔබතුමා තුන්වන වරත් ඉල්ලන්න ඕනෑ (නි)
තමන්ගේ අදහස් සීමාව ඉක්මවා වෙනත් දේශපාලක පක්ෂ නායකයන්ට ගැරහීමට යම් අයෙක් යොදාගනීද, ඔහුගෙන් පිළිබිඹු වන්නේ ඔහුගේ පක්ෂයේ ආකල්පයි. (නි)
තුන්පාරක් නෙමෙයි දහපාරක් ඉල්ලුවත් කමක් නැහැ (නි)
මෙතුමාට බැහැ කිව්වොත් අනිත් පැතිවල ඉන්නවාද රටපාවා දෙන්නේ නැතිබවට, නැවත මිනීකඳු ගොඩ ගැහෙන්නේ නැතිබවට, පාරක තොටක පවුලේ සැමට එකට ගමන් බිමන් යන්න පුළුවන් පරිසරය නැතිනොවෙන බවට, බලවත් රටවල් ඉදිරියේ කොන්ද නැමෙන්නේ නැතිබවට සහතික වෙන්න පුළුවන් උත්තමයෙක් හෝ උත්තමාවියක්? එසේ නම් අපෙත් මනාපය .... (නි)
මේ ව්‍යවස්ථාව වෙනස් කරලා, ඡන්දෙත් නැති කරලා දාලා, ජනධිපතිකම පියාගෙන් පුතාට උරුමවෙන විදහට ව්‍යවස්ථාව හදලා, පාර්ලිමේන්තුවත් මන්ත්‍රීන් 40 කට විතර අඩුකරලා, විපක්ෂ නායකකමත් නැතිකරලා දැම්මා නම් සැහෙන වියදමක් ඉතුරුකර ගන්න තිබුනා. (නි)
බැහැයි, කියලා කිව්වොත් අපිට දැනගන්න ත් බැරි වෙයි.(හේ)
මට නම් කියන්න වචන නැහැ (නි)
මේක ඉතාම කාලෝචිත පියවරක් ලෙස හදුන්වන්න පුළුවන්. දෙපැත්තකට බෙදිලා බොරු විවාද කරගනිමින් මහජනතාවගේ කාලය කාදමන්න කාරණයක් නෙවෙයි මේක. (හේ)
මොකද මේ තරම් හදිස්සි? තව අවුරුදු දෙකක්ම තියෙනවනේ! (නි)
මොන සංශෝධනය අවාත් වැඩක් නෑ අපිට වාසියක් නැත්තම්.(හේ)
අපරාදේ නිකන් මුදල් සහ වේලාව නාස්ති කරන්නේ ඕක අහගන්න.(හේ)
බැහැ කිව්වොත් මොනවා වෙයිද? (නි)
තුන්වන වර නෙමෙයි හතරවන වරටත් සුදුස්සා මහින්ද මහත්තයාම තමයි (නි)
තව රට කන්න ඕන වෙලා.(හේ)
18 වැනි සංශෝධනයත් නීති විරෝධියි කියලානේ ජේවීපිය කියන්නේ. ඉතින් 18 වැනි සංශෝධනය අනුව තමාට තෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරග කිරීමේ හැකියාවක් ඇත්දැයි අහන එකේ තේරුමක් නැහැනේ.(හේ)
බන්දුල පෙරේරා කියන දේවල් ගණන් ගන්න එපා. (නි)
ඇත්තටම මේ පුංචි රටේ මැති ඇමති මණ්ඩල දිහා බැලුවම හරියට ඇමරිකාව පාලනය කරන්න තරම් මිනිස්සු ඉන්නවා පාර්ලිමේන්තුවේ. නමුත් ඇති වැඩකුත් නැහැ. නිරපරාදේ විශාල ධනස්කන්දයක් ඒ වෙනුවෙන් වැයවෙනවා. ජනාධිපතිතුමා තුන්වරක් නෙමෙයි ජීවිතාන්තය දක්වා රට පාලනය කළත් කමක් නැහැ මේ රට දුෂණ භීෂණයෙන් තොර සාමකාමී රටක් වෙනවා නම්. (නි)
ඕක අමුතුවෙන් අහන්න දෙයක්ද? (නි)
නඩු බඩු සේරම හමුදුරුවන්ගේ.(හේ)
සමහරුන්ගේ අදහද් කියෙවුවහම හිනාත් යනවා (නි)
ඔබතුමාට පුළුවන්. (නි)
ලංකා තිලක් මගේ ප්‍රජා අයිතියත් අහෝසි කරලානේ. මම මෙතෙක් හැම ජනපතිවරණයකදිම ඡන්දෙ දුන්නා. මේ සැරෙත් එනවා. (නි)
ජනාධිපතිතුමා 25ස් වතාවක් ආවත් අපිට නවත්වන්න ඕනෑ නැහැ. ඒත් මේ වතාවේ ඇවිල්ලා පුලුවන් නම් ඔය ආණ්ඩුවේ ඉන්න අයගේ පඩිය රු.25000/=ක් කරලා අපිට පෙන්වන්න.අපි ජීවිත කාලෙටම ඔබතුමාව රටේ ජනාධිපති කරගන්නවා. මැති ඇමතිලාට තම වියදමින් වාහන පාවිච්චිය , දීමනා නැති ,යහපාලනයක් සඳහා ජනතාවගේ සුභ සිද්ධියට වැඩ සිදුවිය යුතුයි. එපමණයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ (නි)
ජෝතිශ්‍යයේ හැටියට දෙන නිගමනය පුළුවන් කියන එකයි.(හේ)
ඔබතුමා කීපාරක් ඉල්ලුවත් අපි හැමදාම ඔබතුමාට ඡන්දය දෙනවා (නි)
ඕක අහන්න දෙයක්ද? පුළුවන්‍ෙ. (හේ)
හිනායන වැඩක්.(හේ)
අපි දන්නේ කොහොමද ? ඕක අහන්න ඕන නැකත්කරුවන්ගෙන්. ඒගොල්ලන්ගේ නැකතේ හැටියටනේ ඔක්කොම.(හේ)
ඉසුරන්දිගේ අන්තිම කතාව ගැන නම් මටත් පැහැදීමක් ඇතිවුණා. මොකද මේ රජයේ ඉතාම ජනප්‍රිය ඒ වගේම මේ රට තුළම ඉතාම කෘතහස්ත සංවේදී නායකයා අතිගරු ජනාධිපතිතුමායි. එතුමා කොතරම් මානව හිතවාදියෙක්ද කියලා කිවුවොත් විදේශ රටවල් පවා එතුමා ගැන කතා කරනවා. ඒ නිසා එතුමා ජීවිතාන්තය දක්වා අපේ රට පාලනය කළයුතු බව ඇත්ත. නමුත් රටේ තැන් තැන්වල සිදුවන මිනීමැරුම් මෙන්ම ළමා අපයෝජන ආදී අපචාර සහමුලින්ම නැති කිරීමට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි. පගාව සහ ගසාකෑම නතර කරන්නට දැඩි නීති ගෙන ආ යුතුයි. අපේ රට පිරිසිදු රටක් කළයුතුයි. (නි)
ජේවීපී එකද හරි වැරැද්ද තීරණය කරන්නේ. එකට තම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අහලා තියෙන්නේ. අනිත් කාරනේ නීතියක් සම්මත වුනාට පස්සේ එක වලංගු වෙනවා. දැන් අද නීතියක් සම්මත වුනොත් බයික් වල යද්දී හෙල්මට් දාන්න තහනම් කියලා, අපිට කියන්න පුලුවන්ද නීතිය සම්මත වෙද්දී අපි බයික් අරගෙන තිබුනේ, එක නිසා එක අපිට වලංගු නැහැ, එක වලංගු වෙන්නේ අද සිට බයික් ගන්න අයට විතරයි කියන්න.(හේ)
මේ රජයේ වගකීම රටේ ඉදිරි අනාගතය රැකදීමයි (නි)
ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් කුමනාකාරයේ තීන්දුවක් ලබාදෙයිද? (නි)
රටේ යහපත පිණිස හොද තීරණයක් ලැබී, නියම කාලයේදී එනම් 2017 දී ජනාදිපතිවරණය පැවැත් වීමට හැකි වේවා. (හේ)
තුන්පාරක් නොවේ 100 පාරක් ආවත් ඔබ අපේම ජනාධිපති.දේශයට හිතැති ජාතියට ලැදි උත්තමයකුට අපේ උත්තම ආචාරය! (නි)
රැවටෙන සෑහෙන පිරිසක් ලංකාවේ ඉන්නවා. අද හැමදේම දේශපාලනීකරණය වෙලා. (නි)
මේක එතුමාට බෝවෙලා තියෙන්නේ විපක්‍ෂ නායකතුමාගෙන් කියලයි මට හිතෙන්නේ. මොකද විපක්‍ෂ නායකතුමාටත් දාලා යන්න හිතෙන්නේම නැහැනෙ. (නි)
මමනම් හිතන්නේ පුළුවන්.(හේ)
මම නම් කියන්නේ ඉල්ලන්න බැහැ (නි)
මේ බන්දුල අපේ වටිනා සංවාද මණ්ඩපය විනාශ කරලා දාලා.අපිට දැන් ඔහුට උත්තර දෙනවා ඇරෙන්න, වැදගත් අදහසක් ලියන්න වෙලාවක් නැහැ. (නි)
ඕක අහන්න කලින් ස්වාදීන කොමොසන් සභා පිහිටවිය යුතුව තිබුනා, (හේ)
මට නම් මොනවා වුණත් කමක් නැහැ (නි)
18 වෙනි සංශෝධනය සිදුකරද්දී, දෙපාරකට වඩා ඉදිරිපත් නොවන බවට පොරොන්දු වී ඡන්දයකට ඉදිරිපත් වෙලා අවසන් නිසා හැකියාවක් නැහැ.මේක හරිම සරලයි. (නි)
හුදෙකලාව සිටිනවිට මට බොහෝ දේ පැහැදිලිව පෙනේ. ඒ කිසිවක් ලියන්න හුදෙකලා හදවත ඉඩනොදෙයි (නි)
උතුරු කොරියාවේ වර්තමාන නායකයා අවුරුදු 20 රට පාලනය කලාලු.ගොන් කතා කියන්න එපා පඬිතුමා .ඔහේ දන්නා ලෝක දේශපාලනය. (බ)
මෙතුමා වසර 18 ක් රටේ නායකයා වෙනවට විරුද්ධ වෙන්නේ ඉතිහාසය නොදන්නා අය. ඉරාක හිටපු නායක සදාම් හුසේන් නායකයා, ලිබියානු හිටපු නායකයා, වර්තමාන උතුරු කොරියානු නායකයා මෙවැනි නායකයින් රැසක් වසර 20 කටත් වඩා එවැනි රටවලට නායකත්වය දුන්නා (නි)
දැන් එතනින් බැහැ කියලා කිවුවොත්? (නි)
ලංකාවේ විශාල අයවැය අතිරික්තයක් ඇති කියලයි මට හිතෙන්නේ. තව අවුරුදු 2 ක් බැංකුවේ තිබුණොත් පොළිය එකතුවෙලා අතිරික්තය තවත් වැඩි වෙන්න පුලුවන් (නි)
ප්‍රශ්නය අහන කෙනාගෙන්ම උත්තරයත් ලැබෙනවා.කාට කියන්නද?(හේ)
අධිකරණ තීන්දු වෙනස් කළහැක්කේ කාටද? හැබැයි, කතිරයට ඔක්කොම කණපිට පෙරළන්න පුළුවන්. (නි)
ඔබ සැමට මම දාපු අදහස් පල කරලා නැහැ එකට මට කරන්න දෙයක් නැහැ. (බ)
සත් පුද්ගල විනිසුරුමඩුල්ලක් කියන්නේ?මට පැටලිලයි තියෙන්නේ.(හේ)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු. (නි)
මෝඩයෝ වගේ අදහස් දාපු අයට මේ කියන්නේ. ලංකාවේ ඉන්නේ කළගුණ සළකන්න හොඳට දන්නා මිනිස්සු. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තුන්පාරක් නෙමෙයි, දහපාරක් ඉල්ලුවත් එතුමා දිනනවා. ඒක දන්නා බංකොලොත් දේශපාලකයෝ එක එක කතා කියනවා. එච්චරයි (නි)
මොන තීන්දුව දුන්නත් අපි නම් සැමදා ඔබතුමා සමඟයි (නි)
පුළුවන් මං හිතන විදියට.(හේ)
අපිට හිතාගන්න පුලුවන් වෙන දේ (නි)
නීතිය ඉගෙන ගන්න අපට මේ අවස්ථාව බොහොම ප්‍රයෝජනවත් වේවි. (හේ)
මත විමසන්න තරම් අද නීතියක් කියලා දෙයක් රටේ තියෙනවද?(හේ)
දැන් අධිකරණය විසින් බැහැ කිවුවොත් ඉල්ලන්නේ නැද්ද? (නි)
රටේ දූෂණ නැතිකරලා, නීතිය ක්‍රියාත්මක වන රටක් කරලා,ප්‍රජාතන්ත්‍රවාදී රටක් කරලා,ඇමති මණ්ඩලය අඩුකරලා, කුඩුකාරයින් නැතිකරලා, මෙරට මිනිසුන්ට නිදහසේ ජීවත්වන්න පුළුවන් රටක් කරලා 10 සැරයක් ඉල්ලුවත් අපිට කමක් නැත. (නි)
එතුමා 2010 දී යුද්ධය ජයගත් නිසා ජනතාව ඒකට කෘතගුණ සැළකුවා. ඔව් ඒක ඇත්ත. නමුත් ඒ ගැන විතරක් හිතන්න බැහැ නේද? (නි)
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්නේ.(හේ)
එතුමා ඉල්ලුවොත් කට්ටියට යන-එන මං නැතිවෙයි (නි)
ලංකා තිලක් ඔබතුමා,"සඳ මෝරනකොට බල්ලෝ උඩු බුරනවා"වැකිය බන්දුල පෙරේරාගෙන් ගත්තේ කුලියටද? (නි)
ඇයි එතුමා ඉල්ලනවට මෙතරම් බය? (නි)
එ්ත් රටක නීතිය කියන්නේ එහෙම ලේසියෙන් විග්‍රහ කරන්න පුළුවන් එකක් නෙමෙයි. සමහර නීති අතීතයට බලපවත්වන පරිදි සම්මතවෙන්න ඕනේ, නැත්නම් අතීත සිදුවීම් වලට වලන්ගු වෙන්නේ නෑ. (හේ)
හොඳ අදහසක් ජනධිපතිගේ , උතුම් ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුව පිලි ගන්නවා නම් , පුළුවන් කිව්වොත් ඉල්ලන්න , බෙහෙයි කිව්වොත් අල්ලා දාන්න , ප්‍රජාතන්ත්‍රවාදය එයයි .(හේ)
මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලාද දන්නෙ නැහැ සමහරු හිතන්නේ? (නි)
බන්දුල පෙරේරා ලියන භාෂාවේ විදියට මොනවගේ පසුබිමකින් පැවත එනවාද කියලා පෙනෙනවා. (නි)
මට නං මුකුත්ම මතක නෑ වගේ. (හේ)
අනේ මෙහෙම ආශාවක්... මිනිසුනි, ලැබේද ඉන් සැනසීමක්?? (නි)
බන්දුල, ඔය මිනිස්සු බයකරලා ඡන්දෙ ගන්න මැරයන් පාවිච්චි කරන උපාය මාර්ග මෙතන හරියන්නේ නැහැ. (නි)
බන්දුල, නිකන් දොඩවන්න එපා. ජනාධිපති රට ස්වර්ග රාජ්‍යයක් කළත් නීතියට ඉහළින් ක්‍රියාත්මක වෙන්න බැහැනේ. ව්‍යවස්ථාවේ පැහැදිලිවම කියා තිබෙනවා ජනපති තුන්වන වර ඉල්ලීමට නුසුදුස්සෙක් වෙනවා කියා. එම නුසුදුසුකම කිසිම අයුරකින් නීතියෙන් ඉවත්කර නැහැ. (නි)
මේ බන්දුල පෙරේරා කියන කෙනාට ඕනෑ කිසිම දේශපාලන අදහසක් නැතුව ස්වාධීන අදහසක් ලියන කෙනාගේ ඉඳලා කටින් ගහල බයකරලා තියාගන්න. අනේ බන්දුල, අනිත් මිනිස්සු කවුරුවත් ලියන්නේ නැතුව ඔහේ විතරක් මේකේ ලියන්න ඕනෑ කියලද හිතන්නේ. (නි)
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්, මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්... (නි)
මේ බන්දුල පෙරේරා නොහොත් ලංකා තිලක් කියන ලැජ්ජාවක් නැති කෙනාට කියන්නේ. කොයි ආණ්ඩුව යටතේ වුණත් තමුන්නැහේ වගේ අයට කවදාවත් වරදින්නේ නැහැ (නි)
කළගුණ නොසළකා කොහොමද බන්දුල? දැන් ඉතින් වැඩේට බහින්න ඕනෑ නේද? (නි)
මම හිතන්නේ එතුමාට 3වරක් ඉල්ලන්න පුළුවන්. අපි ඡන්දෙත් දෙනවා.එකම අඩුවකට තියෙන්නේ පුද්ගලික අංශයට දුන් පඩිය නම් මදි. රට ණයයි කිවුවට ඔය හොඳට තියෙන්නේ. ණය ගත්තහම රට දියුණු වෙනවයි කියලා තමා මම අහලා තියෙන්නේ. බන්දුල අයියා හරි ඇති. (නි)
මම නම් මේවා ගැන එච්චර හිතන්න යන්නෙ නැහැ (නි)
සජීව මහත්මයා, ඔයා කියන හෙල්මට් නීතිය අද දැම්ම නම් ඔයාගේ තරහා කාරයකුට බැහැ ඔයා ඊයේ හෙල්මට් දාගෙන ගියා කියලා ඔයාට දඩ කොළ දෙන්න. එහෙම නැතුව ඔයා බයිසිකලය ගත්ත දිනේ එකට වලංගු නැහැ. (ර)
වැඩියෙන් කෑ ගහන සුළුතරයකට එපා වුණාට වැඩි සද්දයක් නැති අති බහුතරයකට මේ ජනාධිපතිතුමා අවශ්‍යයි. ආසාවෙන් ඇති සමහර කට්ටිය කොන්දක් නැති වැනෙන කෙනෙක් පත්කරගෙන පිනුම් ගහන්න. දිනන්න පුළුවන්කමක් නැති බව දන්න නිසා මෙතුමා විශ්‍රාම ගන්වන්න ක්‍රම හොයනවා. පුළුවන් නම් පරදවමු බලන්න. ඔට්ටුයි බැරුවට. අද කට්ටියට ඔහොම කෑ ගහන්න තරම් නිදහස් රටක් තියෙන්නේ මෙතුමා නිසා නේද? ඒ නිදහස නැතිකරන බෙදුම්වාදයට නැවත නැගිටින්න දෙයිද බහුතර ජනතාව. කීයටවත් නැහැ. බහුතර මතයට ගරු කරමු. (නි)
කවුද මෙතන ලියා තිබෙනවා එතුමා හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ කියලා. මම නම් කියන්නේ එහෙම තෙම්පරාදු වෙන එක හොඳ නැහැ කියලයි (නි)
දියුණු, සදාචාර සම්පන්න රටවල් කරන විදියට දෙවරක් ඇති හොදටම. ඔබතුමාට වෙන කෙනෙකුට දෙන්න හිතෙන්නෙම නැති හැටි? (ර)
කවුරු මොනවා කිවුවත් ඔබගේ ජයග්‍රහණය ස්ථිරයි (නි)
ඔබතුමා කී සැරයක් ඉල්ලුවත් අපි නම් ඡන්දෙ දෙනවා (නි)
දෙවියනේ! මොකද බැරි? 30 අවුරුදු ශාපය නිමකළ එතුමාට 30 සැරයක් රට බාරදුන්නත් කමක් නැහැ. (නි)
මෙය ප්‍රශ්නයක් නොවෙයි. ඒ බව උගත් නීතිවේදීන් දන්වා තිබෙනවා.ඔබතුමාම නීතියෙන් ඔය ප්‍රශ්නය අහලා මට පුළුවන් කියලා දන්වන එක වගේම ජයගෙන පෙන්වන එක බොහොම හොඳයි. අපි සැමදා ඔබතුමා සමඟයි. ඔබතුමාට ජයවේවා! (නි)
මේක සැමට විවෘත සභාවක්. එක එක්කෙනාගේ දේශපාලන මත විවිධයි. නමුත් මේ සභාවේ ඉන්නවා වෙනත් අයගේ මතයක් ඉවසන්න බැරුව නොයෙකුත් විදියට අනෙක් මිනිස්සු ජීවත්වන රට පවා උපහාසයට ලක් කරමින් තමන් කඩේ යන තැනටත් ලැජ්ජාවක් වූ කෙනෙක් (නි)
මෙතන ඉන්න එක්තරා කෙනෙක්ගේ මෝඩකමේ තරම මේ සභාවෙදීම හිතාගන්න පුළුවන්. (නි)
වින්සන්ට් බන්දුල පෙරේරා,සදනී,ලංකා තිලක්,මොහමඩ් . ....... මෙතන වැඩියෙන්ම අදහස් දාල තියෙන්නෙත් එකම කෙනාගෙයි.නාය ගිය ප්‍රදේශයට ගිහින් අසරණ වුන මිනිසුන්ට පරිප්පු සමග බත් දීල ලක්ෂ කෝටි ගානක් කපා ගත්තු මිනිහනේ.(අ)
තුන්වරක් බැහැ බැහැ කියමින් සිටින්නේ නැතුව එකමුතුවී ඡන්දෙට ඉදිරිපත්වෙලා දිනන්න. වෙන ප්‍රතිකර්මයක් නොමැත. නිසි වැඩපිළිවෙළක් සහ ජනතාව පිළිගන්න අපේක්ෂකයෙකු ඉදිරිපත් කළොත් ජනතාව ඡන්දය දෙනු ඇත (නි)
මට හොඳටම විශ්වාසයි පුලුවන් කියලා (නි)
මේක හැම කෙනෙක්ගෙම විවිධ දේශපාලන අදහස් කියැවෙන අර්ථවත් සංවාදයක් වුණා නම් කොච්චර හොඳයිද ? ඒකටත් එක්ක තමන්ගේ පක්ෂයේ වෙනත් කෙනෙකුටවත් කටක් අරින ඉඩක් නොතියා නරිවාදම් පිටකරලා සංවාදය අවුල් කරන්න බලන අයත් මෙතන ඉන්නවා. (නි)
මට මේවට හිනාත් යනවා. අනේ! අපි මේ තරම් ප්‍රාථමිකද? (නි)
මටත් හිතෙනවා ඔබතුමාට පුලුවන් කියලා (නි)
බන්දුල හිතන්නේ එයා කියන විදියට තමයි මෙතැන් මිනිස්සු කට හොල්ලන්න ඕනෑ කියලා. එයාට තියෙන්නේ තුන්වන වර ජනාධිපතිතුමා පත්වෙන්න ඕනෑ කියන අදහස නෙමෙයි. තුන්වන වරත් තමන්ගේ සළුවඩන නිලමේකම ස්ථිර කරගන්න ඕනෑකම (නි)
අනේ බන්දුල පෙරේරා මහත්තයෝ ඒ පාර ඔයාගේ අදහස් නම් 10 කින් විතර ලියන්න පටන් ගත්තද. මොන හම පෙරවාගෙන ආවත් අපි ඔයාව හොඳට අඳුරනවා. (ර)
මොන දේශපාලන පක්ෂය වුණත් තමන්ට කඩේයන්න පත්කරගන්න ඕනෑ තත්ත්වයක් තියෙන මිනිස්සු. (නි)
හොඳ නායකත්වයක් කියන්නේ ඊළඟට එන කෙනාව පුහුණුකර තිබීම කියලයි මම නම් හිතන්නේ. (නි)
ලංකා තිලක් සහ බන්දුල පෙරේරා එක් පුද්ගලයෙක් බව සිතිය හැකිය. තමන්ගේ කාලය අවසන්වීමෙන් පසු එහි ගෞරවය තියාගෙන හිටපු ජනාධිපතිවරු ඉන් ඉවත්වීම සිදුවිය. 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් තවත් බලයේ රැඳීසිටීම මම අනුමත නොකරමි (නි)
බන්දුල පෙරේරා, දිගට හරහට ගැහැණු නම් වලිනුත් අදහස් දාලනේ.? (ර)
රට ණයබරින් නිදහස්වෙලා, විරැකියාව නොමැතිව රටක හොඳ සංවර්ධනයක්, දුෂණයෙන් තොර හොඳ පාලනයක් ඇත්නම් සියපාරක් හිටියත් කමක් නැහැ (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
මම මේ බන්දුල පෙරේරා ඇතුළු කට්ටියටයි කියන්නේ. තුන්වන වර එන්න ඕනෑ නැහැ. දැනටමත් අහිංසක මිනිසුන්ට යන එන මං නැතුවයි ඉන්නේ. රටක ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ අනුව වැඩ කරන්න ඕනෑ. (නි)
බන්දුල පෙරේරා, අක්කා හරි. (ර)
කවුරු මොනවා කිවුවත් ඔබතුමා තමයි අපේ ජනපති (නි)
බන්දුල පෙරේරා මහත්තයෝ, මටත් ඔයාගෙන් අහන්න තියෙන්නේ ගමගේ මහත්තයාගේ ප්‍රශ්නෙම තමා. සදාම් හුසේන්, ගඩාෆි, මුගාබේ, උතුරු කොරියාව, උගන්ඩාව, සුඩානය කළා කියලා අපිත් එකම කරන්න ඕනෑද? අපි ලෝකයේ අති බහුතරයක් රටවල් ක්‍රියාත්මක කරන 2 වතාවකට පමණක් සීමාවූ ක්‍රමය අනුගමනය කිරීම නේද වඩාත් හොද? අනික ඔයා ඔය අගය කරන රටවල් එකාධිපති ක්‍රමයට තල්ලු වෙච්ච රටවල් නේද? (ර)
බන්දුල පෙරේරාගේ, කැඩිච්ච වයලින් එකේ නාදය හින්දා. මෙතන කෙනෙකුට අනිත් කෙනා කියන මෙලෝ දෙයක් ඇහෙන්න නැහැ. (ර)
නිලන්ක,මේ රට මේ තත්වයට ගෙනාවේ එතුමා.මිනිසුන්ගේ මරබිය නැතිකරලා අපේ දරුවන්ට හෙටක් හදලා දුන්නේ එතුමා. එතුමාට සීමා පමුණුවන්න කාටවත් පුලුවන්ද? ඒක තීරණය කරන්නේ මේ රටේ මහජනයා.ඔවුන් අවශ්‍ය තීරණය ගනීවි. දේශපාලනයේ තෙම්පරාදු වුණ එතුමා බබෙක් නෙමෙයි. පුලුවන් නම් හැපිලා බලන්න බොරු නීති තර්ක නැතුව (නි)
වැදගත් මිනිස්සු ඡන්ද ප්‍රචාරක කටයුතු වලට යොදාගත්තා නම් තුන් පාර නෙමෙයි හත් අට පාරක් වුණත් පත්වෙන්න පුළුවන්. (නි)
කවුරු හරි කෙනෙක් අම්බානට මගේ නමින් ප්‍රතිචාර දානවා. කොහෙට කඩේ යන කෙනෙක්ද දන්නේ නැහැ. (ර)
ආ! තවත් ජනිත් කෙනෙක් මෙතන හිටිගමන් පහළවෙලා. අනේ හොඳයි. (නි)
ජය වේවා මහරජාණනි! (නි)