ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක යන තිදෙනා එකතු කරගෙන ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරා ගෙන යන බව ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා පැවසීය.
ශ්‍රීලනිප මූලස්ථානයේදී ඔවුන් මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණද එය අවලංගු කැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මැතිදුන්ට හතුරුකම් කරනකල් උඩ බලාගෙන ඉඳල, ලජ්ජා නැතිව එනවා ද තවත් එකතු වෙන්න? (බ)
මහින්ද කියන නම ඇහුවත් සමහරු වෙව්ලනවා. එදා ප්‍රභාකරන්ටත් ඒවගේ දැනෙන්න ඇති. ඒ දවස්වල පිටරට පැනල ජීවිතේ බේරගත්තු ඇතැම් දේශද්‍රොහීන් මහින්ද එනවට තාමත් බය තමයි.(ම)
හිටපු ජනපති තුමාගේ හුඟක් වැරදි තියෙනවා. නමුත් විදේශිය පදයට නැටවෙන්නේ නැති, රණවිරුවන් දං ගෙඩියට යවන්නේ නැති පාලනයකට නම් එතුමා වැනි විදේශිය කොටි හිතවතුනේ පදයට නටන්නේ නැති නායකයකු සිටිය යුතුය. නායකයා කව්රුන් වුවද සිංහල බෞද්ධ අයිතිය ගැන සිතන කෙනෙකු විය යුතුය.(ම)
ඔතනින් එක්කෙනෙක් අයින් කරමු. (බ)
අපි මහින්දට විතරයි එහෙම ආවොත් කාටවත් දැනෙන් නැහැ. අපි ඇහැළියගොඩ කොල්ලෝ (බ)
මේ තුන්දෙනාගෙන් රටට වැඩක් කරේ මහින්ද මහත්තය විතරයි. නමුත් අපේ රටේ පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් දැන් තියනවද? (ම)
රොහාන් .අතයි .ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අළුවේවි පැරදුණා නම් ගෙදර ඉන්නේ නැතුව කරන මළ විකාර (බ)
තුන්දෙනාම එක්ක එන්නෙ මගුල් ගෙදර යන්නද? ඡන්දෙට එහෙම ඒ විදිහට ආවොත් අපි නම් කාටවත් ඡන්දෙ දෙන්නෙ නැහැ. (බ)
අපි ශ්‍රී ලංකා කාරයෝ එදා පටන්ම .නමුත් අපි ඡන්දෙ දෙන්නේ නෑ මෛත්‍රී චන්ද්‍රිකා ඉන්නවනම්. (බ)
රොහාන් ඕගොල්ලො අත තියාගන්න. ජනතාව ඉල්ලන්නෙ අලුත් පක්ෂයක්. දෙන අය ඡන්දෙ දෙයි. කලබල වෙන්න එපා. (බ)
සිරිපාල,චන්ද්‍රිකා ඉන්නවා නම් ඡන්දෙ දෙන්නේ නෑ. පාවා දෙන්නත් එක්ක ගනුදෙනු අපේ නෑ (බ)
දමිල මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න ඉඩ දෙන්න එපා කියල එමීර් කාන්තන් හරහා ට්‍රැවලින්ග් බැග් දෙකක් පුරවල සල්ලි ප්‍රභාකරන්ට සල්ලි දුන්න මිත්‍රයෙක් එක්ක මිනීමරු ප්‍රභාකරන් මොකට බය/තරහ වෙනවද?නැව් පිටින් අවි එවපු කේපීලා,කරුණලා,පිල්ලෙයන්ලා,දයා මාස්ටර්ලා,ජෝර්ගේ මාස්ටර්ලා මහින්දට බය වුනේ නැහැ.බය වුනේ ජෙනේරල් ෆොන්සේකාට පමණයි. (බ)
නිමලත්න."හිටපු ජනපති තුමාගේ හුඟක් වැරදි තියෙනවා".....රාජපක්ෂලාගේ "හතර වරම් ගැහිලි" වලින් දුක් විඳින්නේ රටේ අසරණ දරුවන් සහ උපදින්න ඉන්න අසරණ දරුවන්.දැනටමත් රටේ පාසල් දරුවන්ගෙන් 40% ක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා.45% ගැබිණි මව්වරු රක්තහීනතාවයෙන් පෙළෙනවා.(කෞ)
ලංකාවේ දේශපාලනය හරි මඟ යන්නේ නැහැ. හැම කෙනෙක් ළඟම බල තණ්හාව තියෙන්නේ. (නි)
මහින්දලාගේ කාලේ අපි දකුණු ආසියාවේ සීග්‍රයෙන් වර්ධනය වුණු ආර්ථිකය. අද අපේ ආර්ථිකය වැටීගෙන යනවා. දූෂණයත් වැඩිවෙලා. මෙවර ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් වාර්තාවට අනුව ලංකාව 83 ට වැටිලා. ඉන්දියාව 76 ට නැගල අපට වැඩිය හොඳ තැනක. (බ)
මහින්ද මහත්තයෝ වැරදි හදාගෙන නැවත බලයට ඇවිත් මුළු ලංකාවම කීර්තිමත් රටක් කරන්න. ලෝකයේ හැම දේශපාලකයෙක්ම වැරදි කරනවා. (ම)
බජට් එකේ අඩු කරනවා. ඊට මාසයකට පස්සේ වැඩි කරනවා. අනේ බඩු වලට ගිය කල. (ම)
දැන් චන්ද්‍රිකා මිය විශ්‍රාම යන්න. ලෝකේ සතුටු කරන්න ඔබතුමීට ඕන දේ කර ගත්තානේ.(ම)
පසුගිය කාලයේ ප්‍රාදේශීය සභා, නගර සභා වල වැඩිපුර බලය තිබුනේ ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයට. නාගරික / ප්‍රාදේශීය මන්ත්‍රීවරු සභාපතිලා හොරකම්, වංචා, දුෂණ නැතුව ජනතාවට සේවය කර තිබේ නම් ජනතව ඔවුන්ට මනාපය දෙයි. චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, රනිල් වගේ අය ප්‍රාදේශීය සභා ඡන්දෙදි සාධකයක් කරගන්න එකක් නැහැ. මොකද ඔවුන් ප්‍රාදේශීය සභාවට ඉල්ලන්නේ නැහැනේ. ඡන්දදායකයෝ මොන පක්ෂයකින් හරි හොරමැරකම් නැති උගත් පුද්ගලයන් තමන්ගේ පළාතට තෝරාගත්තොත් ඔවුන්ගේ අනාගතයට සහ රටේ අනාගතයට හොඳයි (නි)
කොන්ද පණ නැති මිනිස්සු. එක එකා මොකටද? තමන් හරියට රටට සේවය කරලා තියෙනවනම් ඡන්දෙ ඉල්ලන්න, මිනිස්සු ඡන්දෙ දෙයි. (බ)
රුවන්වැල්ලෙන් අපිත් මහින්දට පමණයි. (නි)
චන්ද්‍රිකා නම් අපිට එපා. (නි)
අපේ රටේ මිනිස්සු කොහොම වුණත් ඡන්දය දෙන්නේ පවතින රජයටයි (නි)
චන්ද්‍රිකා ළඟදී කිව්වා ලංකාවේ දේශපාලකයෝ 90% ආශ්‍රයට සුදුසු නැහැ කියලා. ඉතින් එයා මහින්ද එක්ක එකතුවෙයිද? (නි)
මහින්ද කළදේවල් වල වන්දි දැන් ගෙවනවා නේද? (නි)
මහින්ද වගේ කෙනෙක් එහෙම එන්න අවශ්‍ය නැහැ (නි)
අපි ඡන්දෙ දෙන්නේ නැහැ මෛත්‍රී - චන්ද්‍රිකා ඉන්නවා නම් (නි)
අපිත් මහින්දට. අපි කුරුණෑගල. (නි)
අපි බලමුකො මොකද වෙන්නෙ කියලා (නි)
1970 න් පසුව මේ රට පාලනය කළ හා කරන නායකයින් අතරින් හොඳ නායකයින් හොයන්න කවදාවත් බෑ. ඒත් ඒ අය අතරින් සැබවින්ම නරක අඩු පාලකයා මහින්ද යි. (බ)
මොනවා වුණත් චන්ද්‍රිකා ආවොත් අපි දෙන්නෙ නැහැ (නි)
අර “මිස්ටර් ප්‍රභාකරන්“ කතාව මතක්වුණා මට (නි)
බලය සහ ජන කැමැත්ත අතර ගැටුමක් (නි)
බලනකොට සමහරුන්ට දේශපාලනේ නැත්නම් පැවැත්මක් නැති ගානට පත්වෙලානේ. (නි)
මහින්දට පමණයි අපේ ඡන්දය. එකට ආවොත් කාටවත් නැහැ (නි)
මහින්දත් මේ කට්ටිය එක්ක එයිද? (නි)
මම නම් හිතන්නේ මහින්ද කිව්වත් ආයෙත් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට කවුරුවත් ඡන්දෙ දෙන්නේ නැහැ. එකම විකල්පය වෙනම පෙරමුණකින් තරඟ කිරීම පමණයි (නි)
අවුරුදු 6-10 තුළදී රුපියල් කෝටි දහස් ගණනින් විනාශ කරගත්තා. අපේ උපදින්න ඉන්න දරු පරම්පරා 100ක් ණයකාරයෝ කරවාගත්තා. තවත් ලැජ්ජා නැතුව කියනවනේ..... (නි)
රාජපක්ෂලා නැවත ලංකා දේශපාලනයට ගාවාගන්නවත් එපා. රාජපක්ෂවරු ගැන කියද්දීත් මගේ ඇඟේ මවිල් කෙළින් වෙනවා බයටම. තිබුන අඩුපාඩු ටිකත් හදාගෙනම ඊළඟ සැරේ නම් ඉතින් අපේ රට සෝමාලියාවක් කරලම තමයි පස්ස බලන්නේ. (නි)
මහින්ද රෑ වැටුණු වලේ දවලුත් වැටිලා යේ වැටෙයි කියල හිතන්න එපා. (ම)
අපේ ඡන්දය ලැබෙන්නේ මහින්ද මහත්මයට පමණයි. (බ)
චන්ද්‍රිකාට මොකද වෙලා තියෙන්නේ (බ)
ඔය කාව එකතු කරන් ආවත් අපේ ගරු රනිල් වික්‍රමසිංහ මහත්තය දිනනවා ආයෙම කතා දෙකක් නැහැ (බ)
මේ එකතුවීමට යූඑන්පී එක ඉඩදෙන්නේ නැහැ. කොහොමත් බෙදුන තරමට එයාලට වාසියි (නි)
දවල් හීන දකින්න එපා. පාවා දෙන්නෝ ඉන්න කල් අපි ආයේ ඡන්දෙ ශ්‍රීලනිප යට දෙන්නේ නැහැ. (බ)
තිලක් ඩුබායි, ඔය තුන්හවුලේ සින්දුව කියන්නේ ඔයාලගේ යහපාලන සහෝදරයෙක්. ඉතින් ඔයා යහපාලනෙන් අහන්න ඇයි මහින්ද නැතුව තනියෙන් දිනන්න බැරිද කියලා. (නි)
අනේ එහෙම නම් එන්න එපා (නි)
සිරිසේන ,චන්ද්‍රිකා ගෑවුණා පක්ෂෙකට අපේ ඡන්දය කවදාවත් ලැබෙන්නේ නැත (බ)
මහින්ද මහත්තයා ප්‍රාදේශිය ඡන්දෙටත් ඉල්ලනවද? (නි)
අනේ මන්දා ! පවුල ඇතුලෙත් කචල්. පක්ෂය ඇතුලෙත් කචල්. " අන්තෝ ජටා ....බහි ජටා.." පාක්ෂිකයෝ දෙගිඩියාවෙ. (බ)
අනේ සිරි ඔයාලගේ රනිල් කව්රු ආවත් දිනනව නම් ජනාධිපතිවරනෙට ඉල්ලන්න තිබුනනේ. මොකද වෙන කෙනෙක් දාල බලාගෙන හිටියේ. අනේ අපි නොදන්නා රනිල්. (බ)
එහෙනම් ඉර පායයි බටහිර පැත්තෙන්. (බ)
ගින්දරයි ..පුළුන් ..පැට්‍රොල් ..එක ළඟ තියල බලන්න මොකද වෙන්නේ කියලා .? (බ)
අලුත් බයිලාවක් (බ)