මෙරට ජාතික ගැටළුව සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමේදී ඒ පිළිබඳව තනි තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානයට හැකියාවක් නැති බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.
ජාතික ගැටලුව සම්බන්ධයෙන් තම මතය ප්‍රකාශ කිරිමට දෙමළ ජාතික සන්ධානයට ඇති අයිතිය පිළිගන්නා නමුත් මෙරට ජාතික ගැටළුවට විසඳුම් ලබා ගැනීමේදී දෙමළ ජාතික සන්ධානය මෙරට මුස්ලිම් නායකයන් හා සාකච්ඡා කිරිම අනිවාර්ය බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලි මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්නා නිසයි අහන්නේ. මොකක්ද ඔය කියන ජාතික ගැටලුව? (බ)
මේක පුදුම කතාවක්නේ. ඒ ගොල්ලොම හදා ගත්ත ජාතික ගැටලුවක් විසඳගන්න රටේ බහුතරය වූ සිංහල ජනතාව සමග ඒ ගැන කතා කරන්නවත් කැමති නැති සැටියක් පෙනෙන්නේ. ඔය වගේ පටු ආකල්ප නිසාම තමයි ඔය ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය මේ තරම් දුර ඇදී ගියේ. දැන්වත් සිංහළයින් සුහද සිතින් දිගුකරන දෑත් පිළිගනිල්ලා! (නදී)
අනේ මන්දා අපිටනම් මොන ගැටලුවක්වත් නැහැ. ඇත්තටම මොකක්ද මෙයාලා කියන ජාතික ගැටලුව. (නදී)
අන්තිමට කොහෙන් ගියත් එන්නේ ගොනා පැලේ කන එකමයි. මේකද අපිට දැන් ඕනේ? (නදී)
පැන්නා නේද බළලා මල්ලෙන් එළියට (බ)
අපේ සිංහලයට තියෙන එකම රට වන ශ්‍රී ලංකාවේ වෙසෙන අනෙක් සුළු ජාතීන් එකතු වෙලා ලෝක ප්‍රජාවට බොරු කියල අපේ රට අල්ලගන්න හදන එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. අද මේ ප්‍රශ්නය ප්‍රංශය ඕස්ට්‍රේලියාව වැනි රට වලටත් බලපාමින් පවතිනවා. නමුත් එම රටවල් දැන් දැන් තද නීති ගෙනත් තම රට ආරක්ෂා කරන්න පියවර ගනිමින් සිටිනවා. අපිත් මේ ප්‍රශ්නෙට තදින් පියවර ගත යුතුයි. වර්ගවාදීන් රටින් පන්නා දැමිය යුතුයි. (නදී)
එක, එක කලාප යටි සිතේ ඇත - දී කිරට බළලුන් සාක්කි දී ඇත (නදී)
ඔව් ඔව් උතුරයි නැගෙනහිරයි බෙදාගන්නකොට දෙන්න කතා කරලා බෙදාගන්න ඕනේ නරක ළමයි නොවී හරිද (නදී)
නියම යහපාලනය දැන්නේ එළිබැහැලා තියෙන්නේ ......(ම)
චමල් දන්නේ නැද්ද අැයි එයාලගේ කොටස් බෙදාගන්න එක සිංහල කට්ටිය නිදි නිසා වැඩේ හරිම ලේසියි සිංහල කට්ටිය ඡන්දෙ ඉල්ලන්නෙත් හතර අතේ බෙදිලානේ (බ)
චමල්ගේ ප්‍රශ්නය සාධාරණයි. කරුණාකර දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නනකෝ මේ රටේ මහ ජාතියට නැති එහෙත් සුළු ජාතියට විතරක් තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා (නදී)
නන්ද හිමියනේ, වෙන මොකක්වත් නෙමේ ඔය දෙජාතියේ සමහරුන්ට තියෙනේ ප්‍රශ්නේ තමයි ඒ දෙගොල්ලන්ගෙන් කවුද මේ රට අල්ල ගන්නේ කියන එක. කාටද ලොකුම පංගුව කියන එක. එ්ක තමයි ඒගොල්ලන්ගේ ඊනියා ජාතික ප්‍රශ්නය (නදී)
මගේ පළාත සබරගමුව. සබරගමුවටත් වෙනම පාලනයක් දෙන්න හැකිද? අපටත් අපගේ ප්‍රශ්න ඇත. .පොලිෂ් , ඉඩම් සහ අදිකරණ බලතල සමග (නදී)
ජයනාත් ට විතරක් නෙමේ. අපිටත් තිබුන අපේම ප්‍රශ්න, ඉතින් එකට අපේම පොලිසියක්, නගර සබාවක්, පන්සල්, පාරවල් එහෙම දුන්න. උදාහරණයක් විදිහට කිරුලපන පොලිසිය, කිරුලපන නගර සබාව, දෙහිවල නගර සබාව, දෙහිවල පාරවල් එහෙම. ඒවා දුන්නේ ඒ ඒ පලාත්වල අයගේ ප්‍රශ්න විසදන්න. දැන් ගොඩක් කල් ඕව දීල . අපිට විතරක් නෙමේ, ලංකාවේ හැමෝටම දුන්න. මේ ගොල්ලන්ටත් ඇයි ඒ වගේ ඉන්න බැරි ? (නදී)