(අනීෂා මානගේ)
බලහත්කාරයෙන් නිවෙසකට ඇතුළු වී තිදරු මවකට බරපතල ලෙස ලිංගික අපයෝජනය කළේ යැයි කියන දෙදරු පියෙකු අද (5) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල ප්රදේශයේ පදිංචි 39 හැවිරිදි දෙදරු පියෙකු වන බව නිලධාරීහු කියති.
බලහත්කාරයෙන් තම නිවෙසකට ඇතුළු වී කාන්තාවගේ අකමැත්තෙන් ඇය අපයෝජනයට ලක්කළ බවට තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකළ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට පත්වූ පුද්ගලයා පැමිණිලිකාරියගේ ඥාතීවන අයකු බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර කාන්තාවන් තමන්ගේ නඩයන් එක්කත් හැසිරෙන විදිහත් හොඳ නැහැ. අතේ දුරින් තියාගන්න. ඕනෑවට වඩා ළංවෙන්න එපා. කවදාවත් තමන්ගේ කෙනෙක්ගේ වැරැදි කියන්න එපා. ඉන්න බැරි නම් පොලිසියට ගිහින් වැදගත් විදිහට ගෙදර යන්න.
ඥාති සහෝදර කැක්කුම වෙන්න ඇති මයේ හිතේ...