
(ගයාන් සූරියආරච්චි)
මරදන්කේනි තලෙයිඅඩි ප්‍රදේශයේ කාන්තාවක දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි මරදන්කේනි පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 44ක කාන්තාවකි.
මියගිය කාන්තාව තම සැමියා සහ දරු තිදෙනා සමග නිවසේ පදිංචිව සිට ඇති අතර සිද්ධිය වූ දින සැමියා රැකියාවේ ගොස් නැවත නිවසට එන අවස්ථාවේදී මෙම කාන්තාව වැසිකිළිය අසල වැටී සිටිනු දැක පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමේදී එම කාන්තාව මියගොස් ඇති බව පොලිසිය පවසයි.
ඒ සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම කාන්තාව දූෂණයට ලක් කර ගෙල සිර කිරීම හේතුවෙන් සිදු කළ මරණයක් බවට වෛද්‍ය වාර්තාවේ සදහන් වන බව පොලිසිය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd