ජා ඇල කුඩහකපොළ දී ත්‍රී රෝද රියක් දුම්රියක ගැටීමෙන් එහි ගමන් කළ මව පියා සහ දියණිය මියගොස් ඇතැයි පොලීසිය පවසයි. එම අනතුරෙන් දැරියක තුවාල ලැබුවාය. ගේට්ටුව වසා තිබියදී මොවුන් දුම්රිය මාර්ගය හරහා ගමන් කළේ දැයි සොයා බලන බව පොලීසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජිත් මංජුල මහත්තයෝ ලංකාවේ පත්තර සල්ලි දීල අරගන්නේ රටේ මුළු පවුල් ප්‍රමාණයෙන් 15% යි කියල ඔබ දන්නේ නැතුව ඇති ..
කවුරැත් විහින් මැරෙන්න ආස නැහැ නේද?
සමහරුන්ට පුදුම හදිස්සියක් තියෙන්නේ.ගේට්ටුව වහලා තියෙද්දිත් යනවා.තාම ඉගෙන ගෙන නෑනේ පාඩමක්
අපරාදෙ විහින් මැරෙනවා අපේ මිනිස්සු.. පව් දෙවියනේ..
ලාල් ගලබඩ.. දුම්රිය පාරවල් නවීකරණය කරනවා කියන්නේ,සිල්පර කොටන් ටික අනික් පැත්ත ගහලා හයි කිරීමවත්,අලුතින් ගල් ගෙනත් දැමීමත්,රේල් පීලිවල තීන්ත ගෑමවත් විතරක් නෙමෙයි,එයට අදාල සියලුමදේ නිවැරදි කර ඔය වැනි අනතුරු නොවෙන්න සලස්‌වා මර්ගය ජනතා අයිතියට බාරදීමයි.නැත්නම් කවදාද මේවා නිවැරදි වෙන්නේ.77 ඉදන් තවමත් එකම දේ වෙන්නේ.අහිංසක ජීවිත කවදා රැකේද?
අනේ මෙහෙම හදිස්සියක්!
ඉතාලියේ ලාල් ගලබඩ වාහන සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවන දූෂණ හා අක්‍රමිකතාද බොහෝවිට මෙවැනි අනතුරු සඳහා සෘජුවම හා වක්‍රව ඉවහල් වන බව මමත් පිළිගනිමි.එසේම අලිබබා පැවසූ පරිදි රියදුරන්ගේ නොසැලකිලිමත්කමද හේතුවක් බව මගේ හැඟීමයි.මොකද කොපමණ ප්‍රවීණයෙක් වුවද නොසැලිකිලිමත් නම් අකාර්යක්ෂම නම් එබඳු අයගේ අතින් මෙවැනි අනතුරු සිදුවිය හැකියි.ඒ නිසා මෙවැනි දුර්වලතා මඟහරවා ගැනීම සඳහා රියදුරන්ව ධෛර්යමත් කරවීමට සුදුසු ක්‍රමවේදයක් සැකසීමේ අඩුපාඩුව පෙනී යයි.දැනට ක්‍රියාත්මක වන ඇතැම් ක්‍රමවේද කාලානූරූපව නොගැලපෙන බවක් පෙනී යයි.
පවු.ඔබ සැමට නිවන් සුව!
කොතැන වුණත් නැත මරු හට බාධා
මෙවන් සිද්ධි මෙච්චර ජනමාධ්‍ය මගින් වාර්තා කරද්දිත් මිනිස්සු ඒවා ගැන නොතකා කරන මේ වැඩ වලින් වුණෞ ජීවිත තුනක් නාස්ති වුණ එක විතරයි
ඔබේ ජීවිතය ගැන ඔබ කුමන තීරණයක් ගත්තද අනෙකෙකුගේ ජීවිතය ගැන තීරණය කිරීම මිනීමැරීමකි
එතන ගේට්ටුවක් නෑ
මනෝජ්, ගේට්ටු ඕන නෑ... රතු ලයිට් එකට නවත්තන්න දැන්ගන්න ඕන. හතරමං හන්දිවල ගේට්ටු නෑනේ.. ඒත් රතු එලියට නවත්තන්නෙ. රතු ලයිට් වෙනුවට ගොඩක් වියදම් කරලා ගේට්ටු දාන්න වෙලා තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ හික්මීම නැති කම නිසයි.
කලන කියන දේට මාත් එකගයි.
යතුරු පැදියේ සිට බර වාහන[බවුසර්] දක්‌වා රියදුරු බලපත් දීමේදී නියම ප්‍රමිතියකින් බලපත් නොදීමේ අනිටුඵල තමයි අපිට මේ අහන්න දකින්න ලැබෙන්නේ.සැකපිට අත් අඩංගුවට ගත්තත් ,උසාවි දඩ ගැසුවත් කිසි වැඩක් නැහැ, අවශ්‍ය තැනට බෙහෙත් නොදී, වගකීම පොලිසිය සතුයි ඒ අය තේරුම් ගතයුතුයි.
කළණ වගේ සිතන තව ටික දෙනෙක් අපිට හිටියෙත් රට ගොඩක් ව්‍යසන වලින් බේරගන්න පුළුවන්. ගොඩක් අනතුරැවලට හේතුව හික්මීම නැති කම, මුරණ්ඩුකම, අනෙකාට ගරැ නෙකිරීම හා උද්දච්ච හිත. මෙවැනි මානසික තත්ත්වයෙන් අපේ අය මිදුණු දාට ආරක්ෂාකාරී මාවත් අපේ රටේත් දකින්නට ලැබේවි
මෙවට කියන්නේ නොහික්මුනු කමයි, නොසැලකිල්ලයි. හැම කිල්ලටම වඩා නොසැලකිල්ල තමයි තියෙන්නේ. මෙවගේ උදවියට රතු ලයිටි නෙමේ ගේටිටු දැමිමත් වැඩක් නෑ. ගේටිටු අස්සෙන් රින්ගලා ගිහින් හප්පා ගන්නවා. මෙවැනි මිනිසුන්ට කොතරමි නීතිදැමිමත් වැඩක් නැත. හරියට ගිනිදැල්ලට පියාඹා යන මෙරුන්වගේ තමයි. අර අහිංසක කාන්තාවයි දරුවයි අපරාදේ.
කවුද දන්නෙ මේක ඕන කමින් කර ගත්තද දන්නෙ නැහැ..
මේ ලඟදි දවසක මම ගමනක් ගොස් එන අතර පොල්ගහවෙල නගරය පසුකළා. දුම්රිය මහා මාර්ගය හරහා යන ස්ථානයේදී ඒ බාධකය පාත් උණා. එවිට මම මගේ වහනය නැවත් වූවා. විනාඩි 3 විතර මට ඉන්න සිද්ද උණා නැවත බාධකය ඇරෙන කන්. ඒ අතර යතුරු පැදි 10 විතරයි පාපැදි 15 විතරයි අර වහපු බාදකය හරහා තල්ලු කරගෙන ගියා. මේ විනාඩි 3 ඉවසන්න බැරි වීමෙන් සමහර විට දවසක මේ අයටත් මේ වගේ ඉරණමකට මුහුණ දෙන්න වෙයි. එක නිසා දුම්රිය මාර්ග හරහා යන හැමෝම ඉවසිලිමත් වන්න. අපිට මේ වගේ අනතුරු වලක්වා ගත හැකියි.
කළණ, ඔබ හරි. දැනට වසර කිපයකට පෙර, මාගේ මිතුරෙකුත් ජා-ඇල දි මිය ගියා. ගේට්ටුව වසා තිබියදී අස්සෙන් දාන්න ගිහිලලා.....
ඒ වෙලාවෙ එතන දන්සැලකුත් තිබිල තියෙනවා.. ඒක නිසා මොනවගේ තත්ත්වයක් තිබුණද කියල හොයල බලන්න ඕන... සංඥා පෙනුනෙ නද්ද දන්නේ නැහැ. කොහොමඋනත් කවුරැ උනත් හොද අවධානයෙන් රිය පදවන්න ඕන..
මේ වගේ අනතුරැ කීයක් වෙලා තියෙනවාද ලංකාවෙ දැනට?? ලංකාවෙ හුගක් මිනිස්සු කවදාවත් පාඩමක් ඉගෙන ගන්නෙ නැහැ අනතුරැවලින්...
මේ සිද්ධියට නම් මූලික හේතුව හදිස්සිය නැතිනම් හික්මීමක් නැතිකම (ඕනෑකමින් සියදිවි හානිකරගත්තොතින් ඇරෙන්න....). අනික ලංකාවේ තමා හැම දුම්රිය හරස් මර්ගයකටම ගේට්ටු ඕනෑවෙන්නේ. පිටරටවල බොහොමයක් ප්‍රධාන මාර්ගවල තියෙන දුම්රිය හරස් මාර්ගවල පවා තියෙන්නේ "බෙල් ඇන්ඩ් ලයිට් සිස්ටම්" එක විතරයි. ගේට්ටු නෑ. ඒත් අනතුරු සිදුවෙන්නේ නැති තරම්. ලංකාවේ නම් ඉස්සරහට සූවස් ඇලේ තියෙනවා වගේ පත ගේට්ටු දැම්මත් මිනිස්සු රිංගලා යයි.
ඉක්මන කොටයි....
මෙම සිද්දියට මුලික හේතුව හික්මීම නෙවේ පෙලබවීම මෙය ඕනෙම කෙනෙකුට වෙන්න පුළුවන්, මෙම පෙලබවීම වෙන්නේ රේල් ගේට්ටුවක තිබියයුතු අංගයන් නොමැතිවීමයි, එය නිවරදි ගේටුවක් නම් වසා තිබියදී අඩුම ගානේ මෝටර් බයිසිකලයක්වත් ඇතුල් නොවීමට හිඩැසක් නොතිබියයුතුය, එය දුම්රිය එන බව හඩවන සබ්දයක් නිකුත් කල යුතුය, එය දුම්රිය එන බව පෙන්වන රතු එළියක් නිකුත් කල යුතුය, මෙවැනි අංගයන් ඇත්තේ, අන්ද පුද්ගලයුකු, ශ්‍රවණ ආබදිතයකු, පවා පැමිණිවිට ඔහුට එය අවබෝද වීමට, කන වසා සින්දු අහන එකකු පැමිණිවිට එළියෙන් වත් එය දුම්රියක් එන බව අවබෝද වීමට, එම නිසා අපිට සියලු අංගයන් අවශ්‍යවේ, ඉංජිනේරු තාක්ෂනය එයයි. හික්මීම පමණක් ඇත්නම් දෙපැත්ත බලා පන ගත හැක, කලන අපේ රටේ අය සරල හොදයි කියා සිතන දේවල් වල මහා මෝඩකම් ගැබ් වී ඇත, අපි නිවැරදි ක්‍රම අඩු වියදමික් සොයා ගත යුතු මිස අවශ්‍ය අංගයන් කපා දැමීම මෝඩ ගතියකි.
ලංකාවෙ මිනිස්සු පත්තරයක්වත් බලන්නේ නැතිද? ගිය සතියෙ අම්මයි පුතයි දුම්රියට හැප්පිලා මැරිල තව හත්දවසෙ දානෙවත් දීලා නැතිව ඇති..
මේ සිද්දියට මූලික හේතුව පෙළඹවීම නොව ඔලුවක් නැති කමයි.
දින කිහිපයකට කලින් මේ ආසනයෙම පාසල් දරුවෙකුත් දුම්රියට බිලිවුණා..
විදේශීය මහත්තයා කියන විදියට බස් පාරේ හතරමන් හන්දිවලත් ගේට්ටු දමන්න වෙනවනේ. දෙයියනේ මෝඩ කතා අහලා තිබුනට මෙහෙම මෝඩ කතාවක් දවස් ගණනකින් ඇහුවේ අදයි... ඔය මහත්තයා ඉන්න රටේ අන්ධ බීරි අයටත් රථවාහන පැදවීමට බලපත්‍ර දෙනවද? මොකද්ද ඔය රට? තව එක ප්‍රශ්නයක්.. මේක ගේට්ටුවේ වරදක් නම්, මෙතන මේ මරණය විතරක් සිදුවුනේ ඇයි? හැම රේල් ගේට්ටුවකම හැමදාම අනතුරු සිදුවෙන්න එපැයි ..
මේ පුවත බලන සියලුම පාථකයන්ගේ අදහස් සැළකිල්ලට නෙ වැඩක් කරන්න පුළුවන් වගකීමැති නිලධාරීන් ලංකාවෙ ඉන්නවනම් අපහු මේ වගේ දෙයක් වෙන එකක් නැහැ නේද?
වසර කිහිපයකට කලින් උන අලව්ව දුම්රිය අනතුරට හේතු උනෙත් බස් එක ගේට්ටුව අස්සෙන් රිංගවපු එක, ඊට පස්සේ එතන ගේට්ටුව හොද විදිහට නවීකරණය කරා, ගේට්ටු එහෙම හදලා තියෙනවනම් කවුරුත් රිංගන්න යන්නේ නෑ. හතරමන් හන්දිවල කලර් ලයිට් වල අරමුණ සහ දුම්රිය ගේට්ටුවක අරමුණ වෙනස්..හරිනම් මගීන් මාරුවීමට සංඥා දෙන කලර් ලයිට් වලින් ඒ බැව හඩවන ශබ්දයක් නිකුත් වියයුතුයි. මම අන්දයන් බිහිරන් කීවේ වාහන පදවන අය නෙවි, මගීන්, දුම්රිය ගේට්ටු තියෙන තැන වලින් මිනිසුන් පයින් ඇවිද මාරුවෙනවා අපි හිටපු ලංකාවෙනම්. කොහොම නමුත් මට කියන්න තියෙන්නේ ප්‍රේමදාස මහතගේ උන බම්බු ගේට්ටු ටික එතනින් එහාට ගෙනියන්න බැරි උන රටක්. කී දෙනෙක් මලාද, වෙන රටක් එකෙක් මලනම් අය එය නොවෙන්න වැඩේ කරනවා. තව දවසක තව කෙනෙකු මෙවැනි අනතුරකින් නොවීමට,ජෝගි දාන සල්ලි වලින් ගේට්ටු ටිකක් හයි කරොත් නරකද,