මඩකලපුව ඔට්ටමාවඩියේ සිට මාවනැල්ල උයන්වත්තට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රියක් කටුගස්තොට පොලිසිය අසලදී පෙරළී තිදෙනකු මිය ගොස් එක් අයකු දිවි බේරාගත් බව පොලිසිය කියයි. ඔවුන් මහනුවර නෑ ගෙදරකටද පැමිණෙමින් සිටි එකම පවුලේ සාමාජිකයන් බවත් කටුගස්තොට පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල පාලනය ඇතිකර ගතයුත්තේ රියදුරන් විසින්මය , පව් අසරණ මගින් , නිවන්සුව ලැබේවා!.....අපේ රියදුරෝ බොහොමයක් පටන්ගන්නේනම් සුක්කානමට වැදලා, ඉන්පසුව පාලනය දෙවියන් බුදුන්ටද? බාරවෙන්නේ? කිසිම විනයක් නැහැ, (ස)
කෙනෙකුට වාහනයක් පදවන්න පුළුවන් වුනාට ඔහු රියදුරෙක් වෙන්නේ නැහැ. රියදුරෙක් වෙන්න නම් ඔහු වෘත්තීයමය අවශ්‍යතා සපුරන්න ඕනෑ. ඒ වෘත්තීයමය අවශ්‍යතා මොනවාද කියා මගෙන් නම් අහන්න එපා. ඔබම හිතා බලන්න. (ස)
යන ගමනක් පරිස්සමින් යන්න ඕනේ. (නදී)
රියදුරු බලපත්‍රයක් ගත්ත පමණින් ඔහු රියදුරෙකු නොවෙයි. හැකියාවක්/විනයක්/සුපරික්ෂාකාරී බවක් අනිවාර්යෙන් ඔහු සතු විය යුතුමයි. (නදී)
මැල්තස් කියන සමාජ විද්‍යාඥයා කිව්වා මුවෝ වැඩිවෙන කොට කොටිත් වැඩිවෙලා මුව-ගහනය පාලනය වෙනවා වගේ ලෝකයේ ජනගහනයත් ස්වාභාවිකව පාලනය වෙනව කියල. අපේ රටේ ජනගහනය පාලනය වෙන විදිහ තමයි මේ. (අ)
රිය අනතුරු වලින් දැන් ලංකාවේ දවසකට කී දෙනෙක් මිය යනවද? සදහටම අබ්බගාත වෙනවද, මේකේ මොකක්හරි පාලනයක් වුණොත් හොඳයි වගේ. (අ)
ජපානේ නම් මේවගේ වාහන ඉවත දමා ගොඩක් කල්. ආසන පටි නොපැලදීම මරණ වලට ප්‍රධාන හේතුවයි. (ස)
පෙනෙන විදියට ආසන පටි පැළඳ සිටියා නම් ජීවත්වෙන්නත් තිබුණා (නි)