
(අංජුල මහික වීරරත්න)
මෙරපනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1න් වයල්ස් 270,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
උග්‍ර බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන එන්නතක් වන මෙරපනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1න් වයල්ස් 900,000 ක් සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය පාකිස්ථානයේ M/s Genix Pharma (Pvt) Ltd වෙත පිරිනැමීම සඳහා 2024-12-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
එම එන්නත සඳහා වැඩි වන ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, පෙර ඇනවුමෙන් 30%ක ප්‍රමාණයක් එනම්, වයල්ස් 270,000 ක වැඩි වීමක් නැවත ඇනවුමක් වශයෙන් ලබා ගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව මෙරපනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1න් වයල්ස් 270,000 ක් පෙර සැපයුම්කරු වන පාකිස්ථානයේ M/s Genix Pharma (Pvt) Ltd වෙතින් සපයා ගැනීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාගම නරක නෑ ප්‍රංශයට, සිංගප්පූරුවට, තායිලන්තයට, චීනයට, තුර්කිය වගේ රටවල් වලටත් බෙහෙත් අපනයන කරන ඖෂධ සමාගමක්. එහෙම නැතුව ගිය ආණ්ඩුවේ වගේ ටෙන්ඩර් එක දෙන දවසට කලින් දවසේ ආරම්භ කරපු සමාගමක් නෙමෙයි මේක.