IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තද බැක්ටීරියා ලෙඩට බේතක් පකිස්ථානයෙන්

(අංජුල මහික වීරරත්න)

මෙරපනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1න් වයල්ස් 270,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

උග්‍ර බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන එන්නතක් වන මෙරපනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1න් වයල්ස් 900,000 ක් සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය පාකිස්ථානයේ M/s Genix Pharma (Pvt) Ltd වෙත පිරිනැමීම සඳහා 2024-12-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

එම එන්නත සඳහා වැඩි වන ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, පෙර ඇනවුමෙන් 30%ක ප්‍රමාණයක් එනම්, වයල්ස් 270,000 ක වැඩි වීමක් නැවත ඇනවුමක් වශයෙන් ලබා ගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. 

ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව මෙරපනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1න් වයල්ස් 270,000 ක් පෙර සැපයුම්කරු වන පාකිස්ථානයේ M/s Genix Pharma (Pvt) Ltd වෙතින් සපයා ගැනීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

තද බැක්ටීරියා ලෙඩට බේතක් පකිස්ථානයෙන්

රුවන් Wednesday, 04 June 2025 09:46 AM

සමාගම නරක නෑ ප්‍රංශයට, සිංගප්පූරුවට, තායිලන්තයට, චීනයට, තුර්කිය වගේ රටවල් වලටත් බෙහෙත් අපනයන කරන ඖෂධ සමාගමක්. එහෙම නැතුව ගිය ආණ්ඩුවේ වගේ ටෙන්ඩර් එක දෙන දවසට කලින් දවසේ ආරම්භ කරපු සමාගමක් නෙමෙයි මේක.

:       0       0

Dr Himali HerathWednesday, 04 June 2025 11:12 AM

මේ ඉතින් ගිය ආණ්ඩුව බෙහෙත් ගෙනාපු තැනක් ම තමා . මොකක්ද වෙනස . ඒ ගොල්ලෝ ගෙනාපු ගානට වැඩ වැඩියෙන් මේගොල්ලෝ වැඩි ගානට ගෙන එකනේ මේ කරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 72 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 872 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site