2009 වසර මැද දී නොර්ටන්බ්‍රිජ් හී එ.ජි.සෙල්ලයියා මරා දමා ඔහුගේ දියණිය සප්ත කන්‍යා කඳුවැටියට රැගෙන ගොස් ගල් ගුහාවක දී දුෂණය කළ සහෝදරයන් තිදෙනෙකුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා මරණ දඩුවම නියම කළේය.
තිසේරා කමලදාස් , අයි මහින්ද කුමාර හා අයි මොහාන් රාජ් වැරදිකරුවෝ වුහ. තෙවැනි විත්තිකරු මොහාන් රාජ්ට දහඅට වසරක සිරදඬුවමක් ද නියම කළ විනිසුරු පැමිණිලිකාරියට රුපියල් පනස්දහසක වන්දියක් ද උසාවියට රුපියල් විසිපන්දහසක දඩයක් ද ගෙවන ලෙස නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
655
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තාත්තාත් මරයි : සප්ත කන්‍යා ගුහාවේ දී කන්‍යාවක් කෙලෙසයි
නන්දලාල් ද සිල්වා ෙ Thursday, 17 March 2016 08:33 AM
පැමිණිලිකාරියට ගෙවීමට නියම කරපු රුපියල් පනස්දහසක වන්දිය නම් ඉතාම පොඩි සොච්චමක්. ඇය ජීවිතකාලයටම අසරණ වුන නිසා මීට වඩා විශාල වන්දියක් ඇයට හිමි විය යුතුව තිබුණා.(හේ)
එමිල් දසනායක Thursday, 17 March 2016 03:03 PM
බොහොම හොඳයි (බ)
සුපුන් Thursday, 17 March 2016 09:19 AM
නම් ටික කියවද්දී මට හිතුනේ මේ අය ජාතිබේදයක් නැතුව අපරාධ කරන්නේ හරි සහයෝගෙන් කියායි. හොඳ වැඩක් කරන්න ගියොත් බලන්න, ජාතිවාදය ඇදගන මරාගන්න හැටි. (නි)
පිටබැද්දර ජයා Thursday, 17 March 2016 09:23 AM
ඒ විතරක් නෙමෙයි, නැවත තවත් අහිංසක තරුණියකට ඔය වගේ අපරාධයක් නොකරන්න කටයුතු කරන්න (නි)
සෙනරත් Thursday, 17 March 2016 05:43 PM
දුෂණයට ලක්වූ පැමිණිලිකාරියට ගෙවන්නේ රු. 50000 ද? (නි)
ගයාන් Thursday, 17 March 2016 06:35 PM
ඇයගේ වටිනාකම 50,000 ද? එතකොට තාත්තා? දෙයියෝ සාක්කි. (නි)
අන්වර් Thursday, 17 March 2016 11:32 AM
මේ කට්ටිය පරණ ටයර් දමා මහ පාරේ ගිනි තියන්න ඕන.තිරිසනුන්ට අන්තයි (බ)
ආනන්ද දොඩන්ගොඩ Thursday, 17 March 2016 11:23 AM
තිදෙනෙකු අතින් දුෂණය ගැහෙනු ළමයකුගේ කන්‍යා බවයේ වටිනාකම සහ දුෂණය වීම රුපියල් පනස් දාහකට තක්සේරු කිරීම ඉතාමා වැරදිය , අවම වශයෙන් ලක්ෂ 10.ක් සහ ජීවිතාන්තය දක්වා සිරයට (බ)
සුමිත්‍රා බස්නායක Thursday, 17 March 2016 07:05 AM
පනස් දාහක් නෙමෙයි විනිසුරු තුමනි, මේ කාලකන්නින්ගේ දේපොළ ඔක්කොම අර තරුණියට ලියවන්න තිබුනේ. පව්කාරයෝ....(බ)
මිලානෝ Thursday, 17 March 2016 07:33 AM
'සප්ත කන්‍යා කඳු වැටියේදී කන්‍යාවක් කෙලෙසයි' මිනිසුනේ මේ කෙලෙසා ඇත්තේ අපව පෝෂණය කල අපේ දුදරුවන් පෝෂණය කරන ලකා මාතාව නොවේද?(අ)
නීතා Thursday, 17 March 2016 07:55 AM
මගේ හිතට නම් මේ දඬුවම හොඳටම මදි (නි)
රජින්ද Thursday, 17 March 2016 08:09 AM
යල් පැනගිය දඩ ගාස්තු දැන්වත් වෙනස් කළයුතුය. ස්ත්‍රී දුෂණයට දඩය අවම වශයෙන් රු. දස ලක්ෂයක්වත් විය යුතුය. වෙනත් රටවල් හා සැසඳීමේදී ලංකාවේ ක්‍රියාත්මක වන දඩ ගාස්තු ඉතාමත් අවම අගයක් ගනී. (නි)