2009 වසර මැද දී නොර්ටන්බ්‍රිජ් හී එ.ජි.සෙල්ලයියා මරා දමා ඔහුගේ දියණිය සප්ත කන්‍යා කඳුවැටියට රැගෙන ගොස් ගල් ගුහාවක දී දුෂණය කළ සහෝදරයන් තිදෙනෙකුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා මරණ දඩුවම නියම කළේය.
තිසේරා කමලදාස් , අයි මහින්ද කුමාර හා අයි මොහාන් රාජ් වැරදිකරුවෝ වුහ. තෙවැනි විත්තිකරු මොහාන් රාජ්ට දහඅට වසරක සිරදඬුවමක් ද නියම කළ විනිසුරු පැමිණිලිකාරියට රුපියල් පනස්දහසක වන්දියක් ද උසාවියට රුපියල් විසිපන්දහසක දඩයක් ද ගෙවන ලෙස නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිලිකාරියට ගෙවීමට නියම කරපු රුපියල් පනස්දහසක වන්දිය නම් ඉතාම පොඩි සොච්චමක්. ඇය ජීවිතකාලයටම අසරණ වුන නිසා මීට වඩා විශාල වන්දියක් ඇයට හිමි විය යුතුව තිබුණා.(හේ)
බොහොම හොඳයි (බ)
නම් ටික කියවද්දී මට හිතුනේ මේ අය ජාතිබේදයක් නැතුව අපරාධ කරන්නේ හරි සහයෝගෙන් කියායි. හොඳ වැඩක් කරන්න ගියොත් බලන්න, ජාතිවාදය ඇදගන මරාගන්න හැටි. (නි)
ඒ විතරක් නෙමෙයි, නැවත තවත් අහිංසක තරුණියකට ඔය වගේ අපරාධයක් නොකරන්න කටයුතු කරන්න (නි)
දුෂණයට ලක්වූ පැමිණිලිකාරියට ගෙවන්නේ රු. 50000 ද? (නි)
ඇයගේ වටිනාකම 50,000 ද? එතකොට තාත්තා? දෙයියෝ සාක්කි. (නි)
මේ කට්ටිය පරණ ටයර් දමා මහ පාරේ ගිනි තියන්න ඕන.තිරිසනුන්ට අන්තයි (බ)
තිදෙනෙකු අතින් දුෂණය ගැහෙනු ළමයකුගේ කන්‍යා බවයේ වටිනාකම සහ දුෂණය වීම රුපියල් පනස් දාහකට තක්සේරු කිරීම ඉතාමා වැරදිය , අවම වශයෙන් ලක්ෂ 10.ක් සහ ජීවිතාන්තය දක්වා සිරයට (බ)
පනස් දාහක් නෙමෙයි විනිසුරු තුමනි, මේ කාලකන්නින්ගේ දේපොළ ඔක්කොම අර තරුණියට ලියවන්න තිබුනේ. පව්කාරයෝ....(බ)
'සප්ත කන්‍යා කඳු වැටියේදී කන්‍යාවක් කෙලෙසයි' මිනිසුනේ මේ කෙලෙසා ඇත්තේ අපව පෝෂණය කල අපේ දුදරුවන් පෝෂණය කරන ලකා මාතාව නොවේද?(අ)
මගේ හිතට නම් මේ දඬුවම හොඳටම මදි (නි)
යල් පැනගිය දඩ ගාස්තු දැන්වත් වෙනස් කළයුතුය. ස්ත්‍රී දුෂණයට දඩය අවම වශයෙන් රු. දස ලක්ෂයක්වත් විය යුතුය. වෙනත් රටවල් හා සැසඳීමේදී ලංකාවේ ක්‍රියාත්මක වන දඩ ගාස්තු ඉතාමත් අවම අගයක් ගනී. (නි)