80 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියකට රුපියල් ලක්ෂ එක හමාරක අතිරේක දීමනාවක් බැංකු ගිණුමේ ඇතැයි පවසමින් බැංකු නිලධරයන් වෙසින් නිවසට පැමිණ රුපියල් 11000 ක් සහ රුපියල් ලක්ෂ 3 ක් වටිනා රන් මාල දෙකක් වංචා කළැයි කියන හොරුන් දෙදෙනකු සොයා ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඔවුන් දෙදෙනා ඇගේ නිවසට පැමිණ රුපියල් ලක්ෂ එක හමාර ගැනීම සඳහා පූර්ව කොන්දේසියක් වශයෙන් රුපියල් 15,000 ක් තැන්පත් කරන ලෙස ඇයට කියා ඇත. ඇය රුපියල් 11,500 ක් ඔවුනට දී ඉන් පසු ඉතිරි මුදලද අවශ්‍ය බව කියා ඇත.
ඒ අනුව මාල දෙක උගසට තබා ඉතිරි මුදල ගන්නා ලෙස කියමින් මාල දෙක ඔවුනට දී ඇත. ඔවුන් බීමට වතුර වීදුරුවක් ඉල්ලා ඇත්තේ ඉන් පසුවය. වතුර වීදුරුව රැගෙන එන විට ඔවුන් දෙදෙනාම එහි නොසිටි බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා විශ්‍රාමික ගුරුවරියක්ද ? (අ)
වයසට ගැලපෙන්න මූල්‍ය කට යුතු කිරීම වටිනවා (නදී)
තණ්හාය ජායති සෝකෝ , තණ්හාය ජායති බයන් , කතා වස්තුවට ගැලපෙන ශිර්ෂ පාඨය (අ)