ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාට වත්මන් ආණ්ඩුවේ ඇමැති ධුරයක් ලැබෙනු ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මහ මැතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කොට පාර්ලිමේන්තු ආසන දෙකක් දිනාගත් අතර ඉදිරියේදී ජනාධිපතිවරයා හා ජාතික ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරිමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කරපු වැඩ කිඩ අපි දැක්ක නේ. අහිංසක දෙමළ මිනිස්සුන්ට කින්ඩිය දාගෙන රජා වගේ හිටියේ. මෙයාගෙ වාහනේ හප්පල අහිංසක මිනිස්සු ගානක් මැරුවා. මාධ්‍යවේදීන්ගෙ බෙල්ලෙන් අල්ලල තල්ලු කළේ මැතිවරණ වේදිකාවෙදිම. ඇයි මේ ජන වරමෙන් ප්‍රතික්ශේප වෙච්ච හිවල්ලුන්ව යහපාලනේට ගන්න හදන්නේ? මතක තියාගන්න මහත්වරුණි මේ පාර මැතිවරණයෙන් මිනිස්සු පුළුවන් උපරිමෙන් හොඳ කණ්ඩායමක් තේරුවා. කිරි කලයට ගොම දාගන්නේ නැති වුනොත් හොඳයි. (බ)
මොහු ගන්න එපා. යුන්පි එකට අපි ඡන්ද දුන්නේ මොහු ගන්න නෙමෙයි. (නි)
ජාතික රජයකට සුළු ජාතියක් වශයෙන් ඇතුල් කර ගැනීම වැදගත්. පෙර වැරදි බලන්න. (ම)
මට නම් මේ තීරණයේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)
අපි විරුද්ධයි එයා එනවට. අපිට දිගම්බරම් හොඳයි (නි)
යහ පාලනය අවසන් මෙයා ආවම (ම)
හරිම අවස්ථා වාදියෝ ගන්න එපා (ම)
මේ විදිහටම ටී එන් ඒ කණ්ඩායමත් රජයට එකතු කරගත යුතුයි එතකොට එයාලාට සිද්ධ වෙනවා රජයට බොරුවට බනිනේ නැතුව වැඩකරන්න. (ම)
සුලු පක්ෂ වලට තැන දීම හොඳයි. මොහු නොමැතිව (නදී)
මෙයාව නම් ගාව ගන්න එපා. මෙයා තමයි 2002 බොරැල්ල පොලිසියේ පුටුවේ වැඩිවෙලා රනිල් මහත්තයා ගෙදර යවන්න එයාට පුළුවන් කියල බැන්නේ. (නදී)
ඔය කොච්චර කාලයකටද කියල කාටවත් විස්වාස නැහැ. බැලුවම අපේ රටේ දේසපාලනය කරන්නෙම පුදුම අවස්ථාවාදී කටුස්සෝ, ගෙම්බෝ ගොඩක්. (නදී)
මහින්දත් කැබිනට එකට ගනිමු. විමල්, ගම්මන්පොල, බන්දුල,ජනක ඒකනායක ජොනි නම් එපා.(නදී)
යහපාල,දැන්වත් ඔය ජාතිවාදී හැඟීම් නවත්වන්න. මෙතුමා වතුකරයේ ජනතාව නියෝජනය කරන්නේ. ඔය කියන අය මොනවාද වතුකරයට කරලා තියෙන්නේ? (නි)
ආරුමුගන් තොන්ඩමන් මහතාට කඳුකරය ගැන සිතා වැඩ කළොත් හොඳයි . ඉඩමක් වතු කම්කරුවන්ට ලැබිලද ? දිගම්බරම් මහතාට ඉඩමක් දෙන්න පුලුවන්ද ? කොස්ලන්ද මීරියබැද්ද ගෙවල් දුන්නද (බ)
තොණ්ඩා නැතුවම බැරිද? (නි)
එස් . බි දුමින්ද ජාතික ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට පත් කරගමු එතකොට කණ්ඩායම සම්පුර්ණයි. (නදී)
මොන ආණ්ඩුව ආවත් මේ ගොල්ල හැමදාම ආණ්ඩු පක්ෂේ මේ ගොල්ලට ඡන්දෙ දෙන දෙමල මිනිස්සු හැමදාම දුප්පත්. යාපනයේ දෙමල මිනිස්ස්සු ආණ්ඩුවට ගත්තත් මෙවැනි කුනු බාල්දී නොගත යුතුය (නදී)
මම නම් කියන්නේ ගන්න එපා කියලයි (නි)
තොන්ඩ නැතිව ආණ්ඩුව කරන්න බැරිද? මොකක්ද මේ කරන්න යන්නේ?තොන්ඩ කොහෙද මෙච්චර කල් හිටියේ? එතකොට වැඩිපුරම මනාප ගත් දිගම්බරම්ට මොකද වෙන්නේ? තොන්ඩගේ කාලේ ඉවරයි. ගන්න එපා පැත්ත පලාතට.(අ)
මහත්මා ගති ඇති විපක්ෂයක් ඇතිකර,රජය කරනු ලබන හොඳ වැඩවලට සහය දෙමින්, නියමිත කාලය ඔවුන්ට රජය කරගෙන යාමට ඉඩදීමේ පිළිවෙතක් අනුගමනය කිරීමට/කරවීමට ඔය උපදේශකතුමන්ලාට පින්සිත් පහළ වන්නේ නැද්ද ? දැනටත් සියයට සියයක් නොව සියයට හැත්තෑ පහක් හෝ පිරිසිදු නැති අයත් පාර්ලිමේන්තුවට පත්වී ඇත. (නි)
මම ගැන නෙමෙයි අපි ගැන හිතලා වැඩක් කරන්න රටට අවස්තාවාදියෝ නොවී.(නදී)
මිලකෝ එකට දෙවියන්ගේම පිහිට තමයි (නදී)
මම නම් කියන්නේ දිගම්බරම් මහතාට දීම සුදුසුයි. (නි)