යාපනයේ සාමාන්‍ය ජන ජීවිතය අළලා නිර්මාණය කළ ”තඩම් මාරු ”(විකල්ප මගක්) නැමති දමිළ සිනමා පටය යාපනයේ සිනමා හලක ප‍්‍රදර්ශනය කරමින් සිටියදී පොලිසිය චිත‍්‍රපට දර්ශනය අතරමග නවතා තමන් ද චිත‍්‍රපට උපකරණ ද අත්අඩංගුවට ගත් බව ‘තඩම් මාරු ’ නිෂ්පාදක එස්.රමණණ් පවසයි.
තම සිනමා පටයේ කිසිදු රාජ්‍ය විරෝධි ක්‍රියාවක් අන්තර්ගත වී නොමැති බවද සිනමා පටය ඇතුළු උපකරණ පොලිසියේ තබා ගෙන තමන් නිදහස් කළද මේ වන විට තමන්ට විවිධාකාරයේ විවිධ වූ පුද්ගලයින් විසින් දෝෂාරෝපණ හා තර්ජනය කරන බවද ඔහු කියයි.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා මෙසේ කියයි.
‘රජයට විරුද්ධව හෝ කිසිදු කරුණක් මේ සිනමා පටයේ කිසිම ආකාරයකින් අඩංගු වී නැහැ. නමුත් ඒ කරුණු සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ .අවසරයක් නොගෙන පුළුල් තිරයක එය පෙන්වීමයි.දඩුවමක් කළේ නැහැ .ඔහුට අවවාද පමණයි කළේ.”
නිෂ්පාදක එස්.රමණණ් කියා සිටියේ මේ චිත‍්‍රපටය රැගෙන තමන් රාජ්‍ය චිත‍්‍රපට සංස්ථාවට ගිය බවයි.
‘ මෙම චිත‍්‍රපටය වීඩියෝ චිත‍්‍රපටයක් හෙයින් රාජ්‍ය විරෝධි දර්ශන හෝ කාමුක හෝ අසභ්‍යය දර්ශන ඇතුළත් නොවන්නේ නම් එය ප‍්‍රදර්ශනය කිරීමට චිත‍්‍රපට සංස්ථාවෙන් විශේෂ අවසරයක් අවශ්‍ය නැති බව එහි නිළධාරීන් දැනුම් දුන්නා. චිත‍්‍රපටය යාපනයට රැගෙනවිත් ප‍්‍රදර්ශනය කළා.පොලීසිය චිත්‍රපටයත් මාත් අත්අඩංගුවට ගත්තා.’
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
තඩම් මාරු ‘පොලීසියට මාරු’
කරුණාතිලක Wednesday, 30 July 2014 05:06 AM
ඉතාම හොඳ දෙයක් කරනවා නම්. (නි)
සමන්ති Wednesday, 30 July 2014 01:03 PM
ලංකාවේ නීතිය අනුව චිත්‍රපට වැනි දේවල් මහජනයාට පෙන්වීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසර ගත යුතුයි නේද? (නි)
මහින්ද කේ ගොඩගේ Wednesday, 30 July 2014 06:54 AM
පොලිසිය හමුදාව සීරුවෙන් හිටියත් බැනුම් .... ඉක්මන් වෙන්න එපා (නි)
දේශාන් Wednesday, 30 July 2014 07:11 AM
ලංකා ආණ්ඩුව සහ නීතිය රැකීමට යයි කියන්නාවූ පොලීසිය වැඩ අනාගෙන අච්චාරු කරගන්න එකේ සීමාවක් නැහැ. මේ චිත්‍රපටයේ නීතියට පටහැනි කිසිවක් අන්තර්ගත නැත්තන් අහවල් ලබ්බකටද මේක ප්‍රදර්ශනය කරන එක නවත්තල ඒ මිනිහයි, මිනිහගේ උපකරණ ටිකයි පොලීසියට අරන් යන්නේ? දැන් යුද්දේ ඉවරයි. යාපනේ ඉන්න දෙමල මිනිස්සුන්ව කොටි සහ දේශද්‍රෝහීන් බවට පරිවර්තනය කරන්නේ මේ වගේ අය තමයි (නදී)
අමිල සිංග Wednesday, 30 July 2014 07:47 AM
කමක් නෑ. චිත්‍රපටියට දැන් ලොකු ප්‍රසිද්ධියක් ලැබුනානේ. ටිකක් කරදර උනාට ඔහුට ලොකු වාසියක් ලැබෙයි. (නදී)
ලකී දොඩන්ගොඩ Tuesday, 29 July 2014 08:25 PM
මෙහි වරදක් නැතිනම් මොකටද පොලිසියෙන් මෙම මනුස්සයා අරන් ගියේ .පොලිසිය නිතිය ගැන දැනුම්වත් කමක් නොමැති හෙයින් , මේවගේ කොපමණ දෙනෙක් නිකරුනේ පොලිසියේ සහ උසාවි වල රස්තියාදු වෙලා , පසුව ඔහු වරද කරු නෙමේ කියා නිදහස් වනවාද ? (අ)
අපොන්සු Tuesday, 29 July 2014 09:27 PM
රටේ නිතිය දන්නා පොලිස් උත්තමයින් හිඳිම රටට මොන තරම් වාසනාවක්ද? (අ)
පෙරේරා Wednesday, 30 July 2014 09:27 AM
අට පාස් වුනාම පොලිසියට බැඳිලා ඔය කරන වැඩ තමයි. (අ)
වසන්ත Wednesday, 30 July 2014 02:47 AM
අපේ පොලිිසිය ඉතින් කළොත් කරන්නේ ඔහොම වැඩක් තමයි (නි)
මහින්ද කැලිෆෝර්නිය Wednesday, 30 July 2014 03:11 AM
මෙහෙම දෙයක් කරනකොට මන්ත්‍රී තුමා දැනුවත් කරන්න! (නදී)