යාපනයේ සාමාන්‍ය ජන ජීවිතය අළලා නිර්මාණය කළ ”තඩම් මාරු ”(විකල්ප මගක්) නැමති දමිළ සිනමා පටය යාපනයේ සිනමා හලක ප‍්‍රදර්ශනය කරමින් සිටියදී පොලිසිය චිත‍්‍රපට දර්ශනය අතරමග නවතා තමන් ද චිත‍්‍රපට උපකරණ ද අත්අඩංගුවට ගත් බව ‘තඩම් මාරු ’ නිෂ්පාදක එස්.රමණණ් පවසයි.
තම සිනමා පටයේ කිසිදු රාජ්‍ය විරෝධි ක්‍රියාවක් අන්තර්ගත වී නොමැති බවද සිනමා පටය ඇතුළු උපකරණ පොලිසියේ තබා ගෙන තමන් නිදහස් කළද මේ වන විට තමන්ට විවිධාකාරයේ විවිධ වූ පුද්ගලයින් විසින් දෝෂාරෝපණ හා තර්ජනය කරන බවද ඔහු කියයි.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා මෙසේ කියයි.
‘රජයට විරුද්ධව හෝ කිසිදු කරුණක් මේ සිනමා පටයේ කිසිම ආකාරයකින් අඩංගු වී නැහැ. නමුත් ඒ කරුණු සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ .අවසරයක් නොගෙන පුළුල් තිරයක එය පෙන්වීමයි.දඩුවමක් කළේ නැහැ .ඔහුට අවවාද පමණයි කළේ.”
නිෂ්පාදක එස්.රමණණ් කියා සිටියේ මේ චිත‍්‍රපටය රැගෙන තමන් රාජ්‍ය චිත‍්‍රපට සංස්ථාවට ගිය බවයි.
‘ මෙම චිත‍්‍රපටය වීඩියෝ චිත‍්‍රපටයක් හෙයින් රාජ්‍ය විරෝධි දර්ශන හෝ කාමුක හෝ අසභ්‍යය දර්ශන ඇතුළත් නොවන්නේ නම් එය ප‍්‍රදර්ශනය කිරීමට චිත‍්‍රපට සංස්ථාවෙන් විශේෂ අවසරයක් අවශ්‍ය නැති බව එහි නිළධාරීන් දැනුම් දුන්නා. චිත‍්‍රපටය යාපනයට රැගෙනවිත් ප‍්‍රදර්ශනය කළා.පොලීසිය චිත්‍රපටයත් මාත් අත්අඩංගුවට ගත්තා.’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ දෙයක් කරනවා නම්. (නි)
ලංකාවේ නීතිය අනුව චිත්‍රපට වැනි දේවල් මහජනයාට පෙන්වීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසර ගත යුතුයි නේද? (නි)
පොලිසිය හමුදාව සීරුවෙන් හිටියත් බැනුම් .... ඉක්මන් වෙන්න එපා (නි)
ලංකා ආණ්ඩුව සහ නීතිය රැකීමට යයි කියන්නාවූ පොලීසිය වැඩ අනාගෙන අච්චාරු කරගන්න එකේ සීමාවක් නැහැ. මේ චිත්‍රපටයේ නීතියට පටහැනි කිසිවක් අන්තර්ගත නැත්තන් අහවල් ලබ්බකටද මේක ප්‍රදර්ශනය කරන එක නවත්තල ඒ මිනිහයි, මිනිහගේ උපකරණ ටිකයි පොලීසියට අරන් යන්නේ? දැන් යුද්දේ ඉවරයි. යාපනේ ඉන්න දෙමල මිනිස්සුන්ව කොටි සහ දේශද්‍රෝහීන් බවට පරිවර්තනය කරන්නේ මේ වගේ අය තමයි (නදී)
කමක් නෑ. චිත්‍රපටියට දැන් ලොකු ප්‍රසිද්ධියක් ලැබුනානේ. ටිකක් කරදර උනාට ඔහුට ලොකු වාසියක් ලැබෙයි. (නදී)
මෙහි වරදක් නැතිනම් මොකටද පොලිසියෙන් මෙම මනුස්සයා අරන් ගියේ .පොලිසිය නිතිය ගැන දැනුම්වත් කමක් නොමැති හෙයින් , මේවගේ කොපමණ දෙනෙක් නිකරුනේ පොලිසියේ සහ උසාවි වල රස්තියාදු වෙලා , පසුව ඔහු වරද කරු නෙමේ කියා නිදහස් වනවාද ? (අ)
රටේ නිතිය දන්නා පොලිස් උත්තමයින් හිඳිම රටට මොන තරම් වාසනාවක්ද? (අ)
අට පාස් වුනාම පොලිසියට බැඳිලා ඔය කරන වැඩ තමයි. (අ)
අපේ පොලිිසිය ඉතින් කළොත් කරන්නේ ඔහොම වැඩක් තමයි (නි)
මෙහෙම දෙයක් කරනකොට මන්ත්‍රී තුමා දැනුවත් කරන්න! (නදී)