රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් මිය ගොස් සිටි දවසේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හා අරලියගහ මන්දිරයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ඩේමියම් පෙරේරාට දුන් බව කියන දුරකතන ඇමතුම් ජනාධිපති ලේකම් කාර්යාලයය මකා දමා ඇතැයි රහස් පොලිසිය අද (24) උසාවියට දැන්වීය.
රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ කියා සිටියේ එම දුරකතන ඇමතුම්වලට වගකිවයුතු නිලධරයන් ඒවා සියල්ල මකා දමා ඇති බවයි. එම නලධරයන් දැන් ඔවුන්ගේ තනතුරුවලින් ද ඉල්ලා අස්වී ඇති බව රහස් පොලිසිය කීවේය.
දුරකතන සටහන් පිළිබඳ තොරතුරු පොත්පත්වලින් මකා දමා ඉවත් කළ බව කියන අය ගැන පරීක්ෂණ අරඹා ඇතැයි ද රහස් පොලිසිය පැවසීය.
මෙම දුරකතන ඇමැතුම්වලට සම්බන්ධ තොරතුරු ඇතුළත් පරිගණකයේ සීපීයූ උපාංගය (මධ්‍යම සැකසුම් ඒකකය) සොයාගත් බවත්, ඒ ගැන පරීක්ෂණ සිදුකරන බවත් රහස් පොලිසිය දැන්වීය.
රඑස් පොලිසිය මේ තොරතුරු ලබා ගත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ නිලධාරීන් දෙදෙනකුගෙන් බව ද උසාවියේ දී කියැවිණි.
මේ අතර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළු වූයේ කෙසේද යන්නත්, ඒ පිළිබඳ නීතිපතිගේ ස්ථාවරය අධිකරණයට දන්වන්නැයි මහේස්ත්‍රාත්වරයා රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාට නියෝග කළේය.
හිටපු ඩීඅයිජී අනුරත් යළි රිමාන්ඩ්
2016 අගෝස්තු මස 24 12:43:50 | . , නිරංගි අබේවික්‍රම
අදහස්(0)
බැලූවෝ (1487)
තාජුඩීන් ඝාතනයේ දෙවැනි සැකකරු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට හිටපු ක්‍රයිම් ඕඅයිසී සුමිත් චම්පික පෙරේරා සැප්තැම්බර් 07 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (24) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටහරි හිතෙනවද මේ යන විදිහට උසාවියේදී කවුරුන් හෝ වැරදිකාරයෙක් වෙයි කියලා. (නි)
දැන් ඕක අල්ලන්න දැඟලුවා මදෑ. කොහොමහරි කෙනෙක් හිරේ දාන එක නෙමෙයි වෙන්න ඕනෑ, රටේ යුක්තිය ඉටුවෙන එකයි. ඒක විපක්ෂයට විතරක් වෙලා මදි. ඒ වගේම කෝ නතර වුණ සංවර්ධන කටයුතු. ඒවා වහන්න මේවා කරලා බැහැ (නි)
සමහරු "හොරකම් කළේ අල්ලන්න බැරිවෙන්න. මිනීමැරුවේ අල්ලන්න බැරිවෙන්න". නටන්න බැරි මිනිහා පොළොව ඇදයි කිව්වලු. (නි)
නැතුව ඉතින්... එ්වා ආරක්ෂාවෙලා තිබුණා නම් තමයි පුදුමේ! (නි)
මේවා ගැන හොයන්න එපා කියන අයගේ පවුලේ කෙනෙකුට මේක වුණා නම් එපා කියයිද? සමහරු ඉන්නවා තමන්ගේ පක්ෂයේ අය මොන වැරදි වැඩේ කළත් හොඳයි (නි)
අනතුර වු තැන තිබුන සිසිටිවී කැමරාවල රෙකෝඩ් වුන දේවල් එකපාරටම මැකිලා ඇසින් දුටු සාක්ෂි තිබිලත් ඒවා බොරුවෙලා අපරාධ කරලා නිදහස්වෙන රටේ ඕවා වෙන එක ඉතින් පුදුමයක් නෑ. මෙරටේ දේශපලකයෝන්ට වෙනම නීතියක් පත්කරන උන්ට වෙනම නීතියක් නේ (බ)
කොච්චර මැකුවත් හාර්ඩ් ඩිස්ක් වල තිබෙන ඒවා තාක්ෂණය මඟින් නැවත ලබාගත හැකිනේ (නි)
මේක ඉතින් සිරි ලංකාව නිසා අපිට මේ සිදුවන දේවල් ගැන පුදුමයක් නැහැ (නි)
තාජුදීන් කියන්නේ මුස්ලිම් ළමයෙක්.. සිංහල බෞද්දයන් හැටියට ලජ්ජා විය යුතු? සතුටු විය යතුද? මේ අහිංසක ළමය මැරුවේ මොකටද මන්ද? (රේි)
රවිඳු කඩේ යන්නේ කාටද? (නි)
මේකට තමයි යහපාලනය කියන්නේ. දැන් අපි හොඳට හඳුනාගෙනයි ඉන්නේ (නි)
ගීත්, ඔයා කියන දේ හරි. මේ කියන්නෙ 71-89 කාලෙ තිබුණු අාණ්ඩු කරපු මිනීමැරීම්, අතුරුදහම් කිරීම් ගැනත් හොයන්න කියලා. දැන් ඉන්න ගොඩක් අය මේ ගැන දන්නෙ නැහැ. ඒකනෙ මේ කතා කියන්නේ. (නි)
කාලයත් එක්ක ස්වභාවධර්මයෙන්ම ඕවා මකා දමනවා. (ර)
තාජුඩීන් සිද්ධියම අල්ලගෙන දඟලන්නේ හැත්තෑව දශකයේදී දස වදදී මරපු අපේ කොල්ලො කෙල්ලො ගැනත් පරීක්ෂණයක් කළොත් නරකද? කාට කියන්නද මේවා (නි)
මේ ආණ්ඩුවට අපි ඇත්තටම සම්පුර්ණ සහයෝගය දියයුතුයි. මොකද සරත් ෆොන්සේකාව කිසිම වගවිභාගයක් නැතුව කුදලාගෙන ආවා. නමුත් මේ මිනීමැරුම් ගැන හරි විදිහට හොයන සාක්ෂි සහිතව වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න ගන්න උත්සාහයට අපි ගෞරව කළයුතුයි (නි)
දුරකථන තොරතුරු මකපු කට්ටිය ඇතුළට ගත්තහම මකන්න කියපු කට්ටිය ගැන කියාවි යසට. මේ තාජුඩීන්ට සහ ඔහුගේ පවුලට සාධාරණය ඉෂ්ට කරන්න (නි)
71 හා 88/ 89 කැරැල්ලට සම්බන්ද කිසිදෙයක් සෙවීමට අවශ්‍ය නැත. මන්ද 71 සිදු වුවේ ත්‍රස්තවාදී ක්‍රියාවකි එහෙදී විනාශකළ කිසිදු ත්‍රස්තවදෙයෙක් ගැන සෙවීමට අවශ්‍ය නැත (හේ)
ගීත් පළමුව රටක හිටපු ජනාධිපති කෙනෙක්ගේ පුතුක් සම්බන්ද මෙවැනි මිනීමැරුමක් අප කලින් අසා නැත. දෙවනුව මෙය මිනී මරුමක්නම් ඒ ගැන සාධාරන පරීක්ෂණයක් සිදු විය යුතුයි. (හේ)
මේ ගැන වෙනම පරික්ෂණයක් කරන්න.(හේ)
මේ වගේ හෙණ ගහන අපරාධ කරන්න අනුබල දීපු හැම එකවම එල්ලලා මරන්න ඕනේ ගෝල් ෆේස් එකට ගෙනල්ල මිනිස්සුන්ට පේන්න.(බ)
සුමුදු, මෙතන ජාතිවාදයක් අවුස්සන්න එපා. පුද්ගලික හේතු මිසක් ජාතිවාදී ප්‍රශ්නයක් මේ සිද්ධියේ වෙලා නැහැනේ. (නි)
මීට කලින් මැරුන අය ගැනත් හොයන්නකෝ. එ්ත් මේ රටේ පුරවැසියෝ (නි)
ගීත්, හැත්තෑවේ දශකයේ සිදුවිම් සහ මේ සිදුවීමයි අතර සමානත්වයක් නැහැ.මේ සිදුවීම් දෙක අතර තියෙන වෙනස හඳුනාගන්න බැරි පුද්ගලයන් අදහස් දැක්වීම විහිළුවක්. (නි)
වසීම් තාජුඩීන් කතාව මට නම් දැන් තිත්තවෙලා. මේක නිකන් නව කතාවක් වගේනෙ, ඉවරයක් නැහැ. (නි)
ගීත්, හැත්තෑව දශකයේදී කොල්ලෝ කෙල්ලෝ මැරුනේ කැරැල්ලක් හේතුවෙන්. තාජුඩීන් මැරුවේ එහෙමද? මේ මිනීමරුවන් හොයන එක ගැන ඔයාට අමාරුද? (නි)
එක දෙයක් විතරක්ම බදාගෙන සමහරු රට කුලප්පු කරනවා. වෙන වැඩ නැද්ද කියලා හිතෙනවා (නි)
පරීක්ෂණ කටයුතු සිදු වන්නේ පවතින නීති රාමුව තුළය. යල් පැන ගිය බව සැබෑය.නවීකරණයට පියවර ගත යුතු බවද සැබෑය. සියල්ලන්ටම සාධාරණය ඉටු විය යුතු බවද සැබෑය.(ම)
මේවා පුදුම තර්කයක්, තජුඩීන් ගැන හොයන්න එපාලු,\n හැබැයි 71 , 88/89 ත්‍රස්තවාදී අය හොයන්නලු, උතුරේ අතුරුදහන් ත්‍රස්තවාදී අය ගැන හොයන්න එපාලු...(රේ)
ගීත්,මෙයාලා වෙනුවෙන කඩේ යන එක අමනුස්ස ගතියක්. .(රේ)
71 හා 88/89 කාලේ වෙච්ච සිද්ධි හා මෙවැනි අබිරහස් ඝාතන එකට සැසදිය නොහැකිය.තාජුදින් මරණය සිදුව ඇත්තේ ආණ්ඩුව සමග සටන් වදින්න ගිහින් නෙමෙයි. හුදෙක් මෙවැනි දේ පවුද්ගලික පළිගැනීම් වියහැක. (බ)
කොච්චර සාක්කි මැකුවත් සියලුදෙනාටම දවසක දඬුවම් ලැබෙනවා. නීතියෙන් බැරිවුණොත් දෙවියන්ගෙන්, ස්වභාව ධර්මයෙන්.. ඒක වළක්වන්න බැහැ (නි)