මහවැලි ව්‍යාපාරය, මහපොළ ශිෂ්‍යත්වය වැනි දැවැන්ත ව්‍යාපෘති සිදුකරමින් ආසියාවේ වෙනත් රටවල් දියුණවක් ගැන හිතලවත් නැති කාලයක ශ්‍රී ලංකාවේ දියුණුවට ක්‍රියා කළ නායකයින් රැසක් සිටි එක්සත් ජාතික පක්ෂයට වර්තමානයේ මෙරට දියුණු කිරීම ඉතා පහසුවෙන් කළ හැකි බව අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා අද (11) කොළඹ 7, ගිල්ෆ්‍රඩ් ටෙරස්හි පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
තාජුඩීන් ඝාතනය ගැන කියන විට රාජපක්ෂ රෙජීමය හා හෙන්චයියන් තැති ගැන්වී ඇති බවත් මේ රටේ කිසිම තැනක වාහනයක් හැපී එය සම්පූර්ණයෙන් ගිනිගෙන පුද්ගලයකු මැරී නැතැයිද තාජුඩීන් ඝාතනය කරද්දී ඔහුට වද දෙන හඬ දුරකථනය ඔස්සේ තාජුඩීන්ගේ පෙම්වතියට ඇසීමට පවා සලස්වමින් කෘෘර ඝාතනයක් සිදු කර ඇතැයිද සේනසිංහ මහතා එහිදී කීවේය.
මෙය මිනීමැරුමක් බව මහින්ද රාජපක්ෂ මහතාද පිළිගෙන ඇති බවත් එසේ නම් කිසිදු පරීක්ෂණයක් නොකර මෙය යට ගැසීමට ක්‍රියා කළේ ඇයිදැයි ගැටළුවක් වන අතර මැතිවරණයෙන් පසු මරණයට වගකිව යුතු සියලු පාර්ශවයන්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් එම මාධ්‍ය හමුවට එක්වූ රාජ්‍ය ඇමැතිනී රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
මහින්ද රාජපක්ෂ මහතා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මෙරට ව්‍යවස්ථාව වැඩක් නැති බව ප්‍රකාශ කිරීම රටේ විධායක ජනපති ධූරය දැරූ පුද්ගලයකු වශයෙන් කළ බරපතල වරදක් බවත් ඇය එහිදී පෙන්වා දුන්නාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය හැමදා හැම විට ක්‍රියාත්මක විය යුතුයි. මැතිවරණ කාලයක්ද නැද්ද කියන එක අදාළ නැත. මේ පරීක්ෂණ වලින් කිසියම් පිරිසකට දේශපාලන වාසි වෙනවාද නැද්ද යන්නත් අදාළ නැත. කිසියම් මරණයක් ගැන කිසියම් අවස්තාවක සැක පහළවුනිද වහාම පරීක්ෂණ අරඹන්න. මක් නිසාද හෙට මෙය ඔබට සිදු විය හැකි බැවිනි. (නදී)
පෙරේරා බොරු කියන්න එපා මම අද ලංකාවට සල්ලි දැම්ම ඩොලර් එක රුපියල් 130. නිකන් බොරු එපා මහින්ද ගේ කාලේ 145 ඩොලර් එක මාරු කරලා තියනවා මම..(බ)
යුක්තිය සාධාරණය ඉටුකරන්න. නීතිය සාධාරන බව පෙන්වන්න. ඔබතුමාට ජයපතමි! (නි)
පොලිස් පති තුමා, නියෝජ්‍ය පොලිස් පති තුමා මේ ගැන දන්නේ නැද්ද? (නදී)
මත්තල හම්බන්තොට වරාය දිහා බලනකොට යුඑන්පීය කරපු මහවැලිය ගම් උදාව නිදහස් පාසැල් පොත් දීම, නොමිලේ පාසැල් දිවා අාහාරය දීම, නොමිලේ පාසැල් නිල ඇදුම් දීම වැන දේ අග්‍රගණ්‍යයි. මේ රටේ විශ්ව විද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපනය දුන්නේ යුන්පී එක. ඒක නැහැ කියනවා නම් ඒක සක්කිලි මිනිහෙක්ට තමයි කියන්න පුළුවන්. සන්ධානය කරේ ආපු ගමන් මේවා කපපු එක. හැමදාම ශ්‍රී ලංකා කාරයෝ බොරු බේගල් ගගහා හිටියා මිසක් රටට කරපු දෙයක් නැහැ. අධිවේගි පාරවල් හැදුවෙත් මහින්දගේ චින්තයෙන් නෙමෙයි. රනිල් 2001 ආණ්ඩුවෙදි අධිවේගි මාර්ග හදන්න ඉතුරු කරපු සල්ලි වලින්. (නදී)
17 පරාජයේ වියරුව නිසා මිනී කීයක් ගොඩ එයිද. කීයක් වැලලෙයිද? (නදී)
පුහුල් හොරා කරෙන් දැනේ කිවුවලු (නි)
දෙන්නගෙම කතාවලින් මට නම් ගන්න දෙයක් නැහැ. (නි)
පතිරණ වාහන යන්නේ නැති හයි වේ කියල කියන්නේ නැත්තේ ඇයි (ම)
රටේ සංවර්ධනය ගැන කතා නැහැ. මියගිය අයගේ වතගොත නම් බොහොම හොඳට හොයනවා (නි)
දැන් නම් වැඩ නැහැ. මඩ විතරමයි (නි)
තිස් වසරක් පැවති යුද්ධය දේශපාලකයින්ගේ සිත් දරදඬු කර තිබෙනවා. මේ අහිංසක ක්‍රීඩකයාට කල නපුරු හිංසා ගැන ක්‍රියා නොකළේ ඒ නිසාද ? මෙබඳු දේශපාලකයන් විශ්‍රාම ගත යුතුයි. ඔවුන් යුද්ධය නිම කිරීම ගැන අපි ඔවුන්ට සලකමු. නමුත් මෙවැනි දරුණු මානසිකත්වයක් ඇති අය වර්තමාන /අනාගත පාලනයට සම්බන්ද නොවිය යුතුයි (නදී)
මම නම් දන්නා විදියට ලංකාවේ කම්මල් වල හිරමන හදනවා. ලෝකයට නම් විකුනන්න බැහැ. (නදී)
ඡන්දෙ ගන්න සමහරු ඕනෑම දෙයක් කරාවි (නි)
මේවා ගැන හොයල වැරදි කරපු අයට අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතු වේ. (නදී)
මහවැලිය පටන් ගත්තෙ සී. පී. ද සිල්වා මහත්තයාගේ සංකල්පයක් මත.ඕක මැතිනිය ආරම්භ කළේ 20 අවුරුදු වැඩසටහනක් විදිහට. ගාමිණී සහ ජේ ආර් විසින් ඒක කඩිනම් මහවැලි ව්‍යාපාරය කියලා 5 අවුරුදු සැළැස්මකට හැරෙව්වා.දැනුයි මතක්වුණේ, අනුන් ආරම්භ කරපුවා අතරමඟදී පැනලා නම දාගන්න ගතිය ඒ කාලෙත් තිබිලා තියෙනවා.අනික අධිවේගී මාර්ග.නුවරට අධිවේගී මාර්ග හදන්න මුලින්ම ආරම්භ කළේ 75 දී මැතිනිගේ ආණ්ඩුව.ඔය දැන් කටුනායක හයිවේ එක පටන් ගන්න තැන තිබුණ පාලම මතක අය දන්නවා ඇති එතන තමයි ඇරඹුම.ඒ වගේ පාලම 6ක් හදලා වැඩේ කරගෙන යන්න කලින් ධර්මිෂ්ට රාජ්‍යයට ඒ ව්‍යාපෘතිය යටවුණා (නි)
89 කාලේදී කළ ඒවා ගොඩක් අයට දැන් මතක නැතුව ඇති. (නි)
තව මොකටද පරීක්ෂණ? මේ ගැන දන්න අය ඕනෑතරම් ඉන්නවනේ (නදී)
හොඳයි දැන් මහින්දනේ සෙවුවේ නැත්තේ. එහෙනම් ඔයාලා හොයලා පෙන්නන්නකෝ (නි)
මළවුන් ඡන්දෙට විකිණීම (නදී)
අපි බලමුකෝ ජනතා කැමැත්තත් (නි)
මහවැලි ව්‍යාපාරය, මහපොළ ශිෂ්‍යත්වය වැනි ශ්‍රී ලංකාවේ දියුණුවට වැඩ කළ එජාප නායකයින් ගැන හිතනකොට පුදුම හිතෙනවා (නදී)
තජුදීන්ගේ මරණය ගැන තොරතුරු දන්නේ ,මේ උන්නැහේ නොව, ඔය ටෙලෙෆොන් කෝල් එකක් ගැන කියන්නේ, මම නම් කියන්නේ මෙයාව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කලා නම් හොඳයි වගේ. (අ)
දැන් යුද්ධය නැති නිසා පහසුවෙන් රට දියුණු කරන්න හැකි බව ඕනෑ කෙනෙකුට කියන්න පුළුවන්. (නි)
ව්‍යවස්ථාවක් තියෙනවා කියල නෙමෙයි එතුමා වැඩ කලේ. අත්තනෝ මතිකව . (අ)
2012 මනුෂ්‍ය ඝාතන විමර්ශනය කලේ පොලිසිය නොවෙයිද? (අ)
දැන් මළවුන් විකිණීම.එදා සූරියකන්ද වෙන්දේසි කිරීම.(නදී)
ධම්ම, මහවැලිය සි පි ද සිල්වාගේ නිර්මාණයක්, පළමුව මැතිනිය විසින් පටන් ගත්ත, පසුව 1977 යු අන් පි ආණ්ඩුව විසින් ඉතිරිය සම්පුර්න කර කඩිනම් වැඩ පිළිවෙලකින්. 1970 වෙනකල් හිටපු තිබුන ආණ්ඩු නිකන් කන්න දී මිනිසුන් කමැලියන් කළා. එත් 1977 අැන් අැම පෙරේරා වැනි නායකයන් තැනට වාසි නොබලා වෙන පාඩු නොබලා දේශීය ආර්ථිකයක් කරන්න කැප වුණා. මහපොළ හොඳ වැඩක්.1977 විවෘත් ආර්ථිකය කර්මාන්ත් වල විනාශය ඇරඹුම වුණ.(අ)
වරදට කාටත් දඩුවම් දිය යුතුමයි,මෙම මරණය ගැන මේතරම් සෙවීමට යහපාලන ආණ්ඩුව බලයට පත්වූ කාලයේ ක්‍රියාත්මක නොවූයේ මන්ද? (අ)
අපි මේවට උත්තර දෙන්නම් 17 වෙනිදට (නි)
අර ලැම්බෝගිනි ඇල්ලුවා වගේ වෙයිද දන්නෙ නැහැ (නි)
ගොඩ ගන්නත් කලින්ම පරීක්ෂණ කර තීන්දුවත් දීලම ඉවරයි. මේක තමි මෙයාලගේ යහ පාලනේ. පරදින්න යනකොට, මොකක් හරි කියල ඡන්ද ටික හරවන්න බලන්නේ. මෙච්චර කල් පොල් ගෑවාද ? පසුගිය ඡන්දෙට කළෙත් ඕකම තමයි. හොරා, හොරා ගගා කිවුව. ඔක්කොම ලිපිලේඛන තියෙනවා කිවුව. දින්නට පස්සේ ජනතාවට කියනවා, දන්නා විස්තර එවන්නලු. තවම කාටවත් නඩු නෑ, හොරකම් කරපුවට. (අ)
තව විස්තර ඕනනම් අපේ ඩුබායි තිලක්ගෙන් අහන්න.. එයා ඔය මරණ තැන ඉන්න ඇති අනිවාර්යයෙන්ම..ඔය බැස්සුවා කියන යකඩ කුරු වල දිගත් ඕනනම් දශමෙටම කියාවි..කැඩුණු ඇටකටු ගැන විස්තරයත් වද දීපු විදියත් වද දෙනකොට තාජුදින් ලතෝනි දීපු හැටිත් හරියටම විස්තර කරාවි..සමහර විට දැන් මිනිහ මෙහෙ ඇති (නදී) .
මහවැලිය කඩිනම් කරනවා කියල මිලියන ගණන් කොහෙටද ගියේ කියල වාසුදේව ඒ කාලේ කල ප්‍රකාශයක් තවමත් ප්‍රසිද්ධයි. " මහවැලිය උතුරට නොවෙයි හරවල තිබෙන්නේ ෆින්කෝ එකට" ඔන්න ඔහොමයි එදාසිට වැඩ සිදුවුනේ. දන්නෝ දනිති. (අ)
තාජුදීන් මරණය පිළිබඳව වේදනාව සහ කෝපය වැඩිවී ඇති බව පෙනෙන අතර 17 වෙනිදා ලං වෙනවිට මෙම ආවේගය තවත් වැඩිවේවි .(ම)
මේගොල්ලෝ අරගොල්ලන්ට බනිනවා. අරගොල්ලෝ මේගොල්ලන්ට බනිනවා. රටේ ආර්ථිකය ආගාධයට යවනවා. අද ඇමෙරිකන් ඩොලර් එකක් රුපියල් 133යි. ඔන්න මේ දෙගොල්ලෝ ලංකාවේ ආර්ථිකය දියුණු කරලා තිබෙන හැටි. (නි)
උසාවිය මෙයාගේ බාප්පගෙද නැත්තම් නිතිය මෙයාගේ තාත්තගෙද (බ)
පරීක්ෂණ කර කර තවත් කාලය කන එකේ තේරුමක් නෑ.සුජිවයි රජිතයි ඔක්කොම සාක්කි ටික.ඉතින් දැන් හඬ පටිය අහපු පෙම්වතියි, එක දන්න මේයාවයි ප්‍රශ්න කළානම් වැඩේ ඉවරෙනේ.අනික විපක්ෂේ ඉන්න කාලේ තජුදීන් ගැන වචනයක් කතාකළේ නෑ,කරනවානම් ඒ කාලෙත් උද්ගෝෂණ කරලා හරි ඕක ගොඩ දාන්න තිබුන.දැන් කලේ මැරුණු කෙනාටත් අපහාසයක්. (බ)
නැව් එන්නේ නැති වරාය, ගුවන් යානා එන්නේ නැති, ගුවන් තොටුපල ට වඩා ආර්ථිකයට දැනෙන වැඩක් මහවැලියෙන් කෙරුණා. (බ)