රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ජංගම දුරකථනය නුවරඑළිය ආගරපතන ප්‍රදේශයේදී සොයාගත් බව පොලිසිය කියයි.
2012 වසරේදී නාරාහේ්න්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදී සිය රථය තුළ මිය ගොස් සිටි තාජුඩීන්ගේ ජංගම දුරකථනය සොයා රහස් පොලිසිය පරීක්ෂණ පැවැත්වූ අතර ඔහුගේ රථය අනතුරට පත්වූ ස්ථානයේ තිබී ජංගම දුරකථනය අහුලාගත් අයකු සතුව තිබියදී එය සොයාගත් බව පොලිසිය පවසයි.
දුරකථනයට අයත් කේත අංකය ඇසුරින් පරීක්ෂණ පැවැත්වූ පොලිසියට ආගරපතන පදිංචි අයකු සතුව එය තිබියදී සොයාගැනීමට හැකිවී ඇත. දුරකථනය පරීක්ෂණ සඳහා රහස් පොලිසිය බාරයට ගෙන ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් කිව්වේ වෙන තැනකින් හමු වුණා කියල නේද? (ම)
දුමින්ද: ඒ පර්ස් එක නේද? (බ)
වාහනේ නාරාහේන්පිට තාප්පේ හැප්පුන වේගෙට එක ආගරපතනට විසිවෙන්න ඇති. හෙට අනිද්දා තව මොනවා කියාවිද දන්නේ නැහැ. (ම)
මෙම අභිරහස දෙස ලොවම බලාසිටිති .(ම)
පර්ස් එක කිරුළපනේ, දුරකථනය ආගරපතනේ, රියදුරා(තාජුඩීන් ) ඉදිරිපස අනෙක් අසුනේ , එහෙත් වසර 3ක් යනතුරු මේක සාමාන්‍ය රිය අනතුරක්. ආශ්චර්යයක්... (නි)
අන්න දැන් පැහැදිලියි ... ෆෝන් එකයි පර්ස් එකයි දෙකම අහුලන් යන ගමන් පර්ස් එක මග විසි කරලා ෆෝන් එක විතරක් අරන් ගිහින්, සමහර විට පර්ස් එක අහුලන් ගියේ වෙන පුද්ගලයෙක් වෙන්න ඇති.(ම)
මෙච්චරකල් මේකවත් හොයලා නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? මට හිතෙන්නේ මේ මිනීමැරුම යටගහන්න කාගෙන හෝ ලොකු බලපෑමක් තිබුනා කියන එකයි (නි)
රුචිරා,කාර් එක කාණුවකට වැටී ගිනිගත්තා නම් දුරකථන,මුදල් පසුම්බි අහුලාගන්නේ කොහෙන්ද? කාණුවෙන්ද? ගිනිගන්නා මෝටර් රථයෙන්ද? ඔබ කොහේද පාසල් ගියේ? පොඩි දරුවෙකුට වුණත් වැටහෙනවා මෙහි ප්‍රශ්නයක් තිබෙන බව. (නි)
රුචිරා, ඔයාගේ ගම් පළාත කොහෙද? (නි)
මේ අබිරහස දෙස ලෝකයම බලාසිටී (නි)
එන්න එන්නම මෙහි ඇති සැකසහිත බව වැඩිවෙනවා නේද? මේ ගැන ඉක්මණින් පරීක්ෂණ කරන්න (නි)
වාහනයේ සියලු දොරවල් වැසි තිබෙද්දී වහනය අළු වී තිබෙද්දී දුරකථනය පිලිස්සෙන්නේ නැතුව එලියට විසිවුනේ කොහොමද? මෙය අනිවාරයෙන්ම මිනීමැරුමක් (බ)
ඇයි මොකද කල්පනී, ඔයා ගම්පළාතේ ළඟදි ගියේ නැද්ද? (නි)
මෙම මිනීමැරුම කවුරු කළත් මේ ගැන සොයාබලා ඉක්මණින් නීති පියවර ගනු ඇතැයි සිතනවා. (නි)
මේ නඩුවට සිදුවන දේ ගැන අපි හැමෝම බලාගෙනයි ඉන්නේ (නි)
චන්දන අනිවාර්යෙන් ඔයා ලංකාවේ හිටියනම් අගවිනිසුරු කරනවා.මේ වගේ තීන්දු දෙනකොට (බ)
දැන් ඉස්සරහට මොනවා වෙයිද? (නි)
මොන පරීක්ෂණ කළත් වැඩක් නැහැ.දැන් අස්පයා පැනල ගිහින් ඉවරයි (බ)
ඉක්මණින් මේ රහස හෙළිවේවා! (නි)
මම හිතන්නේ කාර් එක හැප්පිලා ගිනි ගන්නවාත් එක්කම තජුදීන් අනේ මම මැරුණත් කමක් නැහැ මගේ පොකැට්ටුවයි පෝන් එකයි බේරෙන්න ඕන කියලා හිතලා ඒවා එලියට විසි කරන්න ඇති. (අ)