රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුරෙන් ලබාගත් කොටස් පිළිබඳ ඩී.එන්.ඒ ජාන පරීක්ෂණ වාර්තාව ඩී.එන්.ඒ පරීක්ෂණය අවසන් කළ පසු ඉදිරිපත් කරන බව ජින්ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රුවන් ජේ.ඉලේපෙරුම මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ අද ප්‍රකාශ කළේය.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් තෙන්නකෝන් එම කොටස් එවූ බව කීවේය.
දෙවැනි පරීක්ෂණය සඳහා සිරුර ගොඩගැනීමෙන් පසුව ඉළ ඇට දෙකක් හා දතක් ඉදිරිපත් කළ බව ඔහු පැවසීය. පළමුවැනි පශ්චාත් මරණ පරීක්ෂණයේදී ලබාගත් මාංශ පේෂී සමග ඇට කැබැල්ලක් ඉල ඇට දෙකක් හා පටකයක් සහිත උඩු ඇන්දේ දතක්ද පරීක්ෂණයට එවා තිබූ බව ඔහු කීවේය.
තාජුඩීන්ගේ මව වන ෆාතිමා ෆාරිසා තාජුඩීන් මහත්මියගෙන් පසුගිය 14 වැනිදා ලේ සාම්පලයක් ලබාගත් බව ඉලේපෙරුම මහතා කීවේය. කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර හා වත්මන් අධිකරණ නිලධාරී දොස්තර අජිත් තෙන්නකෝන් පරීක්ෂණ පැවැත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුවක් කඩනවාද තාම (බ)
මාර්තුවල පුංචි ඡන්දේ කිට්ටුවෙලා එහෙම නැවත ගොඩගන්න එපා හොඳේ (නි)
පළමුවෙනි පරික්ෂනයෙන් ලබාගත් කොටස් වලනම් විශ්වාසනියත්වය ගැන සැක සංකා තියෙනවා නේද ? (බ)
ඉක්මන් කලොත් නරකද මේ කටයුතු. (ම)
කව්රුහරි අසරණයෙක් හිරේ යයි ඕකට ඉතින්.(ම)
තව කොච්චර කල් අපිට බලාඉන්න වෙයිද? (නි)
අපේක්ෂිත සැකකරු නිදොස් වී නිදහස් නොවේවා! (නි)
මොකද මෙච්චර ප්‍රමාද? (නි)