රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට ජනාධිපති ආරක්ෂක අංශයේ තිදෙනකු සම්බන්ධ බවට තොරතුරු ඇතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා බ්‍රහස්පතින්දා (6) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
2012 වසරේ මැයි 17 වැනිදා සිදුවූ තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට රහස් පොලිසිය අධිකරණයට වාර්තාවක් සපයා ඇතැයිද එම ක්‍රීඩකයා ඝාතනය කිරීමට ප්‍රධානියකුගේ අණක් ලැබී ඇතැයිද සේනාරත්න මහතා එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.
මේ අතර ඔහු පැහැර ගැනීමට යොදාගත් බව කියන ඩිෆන්ඩර් ජිප් රිය එදා සිටි ප්‍රභූවරියකට දුන් බව කියන රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියකුගෙන්ද රහස් පොලිසිය ප්‍රශ්න කර ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සහ ගහන අපරාද නෙවෙයිද ? කවුරු කලත් මේවා හොයල වැරදි කරුවන්ට දඬුවම් දිය යුතුමයි. නිකන් නෙවෙයි මින් මතුවට දේශපාලන හයියෙන් පිස්සු කෙලින්න ඉන්න ලොක්කන්ට සහ උන්ගේ පුත්තුන්ට උන ගැනෙන්න එක්ක. එකඟයි පිටබැද්දර ජයා (නදී)
අමානුෂික ඝාතනයක්, කඩවසම් තරුණ ක්‍රීඩකයෙක්. හේතුව තමයි පාලකයෝ බලයෙන් මත්වීම මුල අමතක කරලා. (නදී)
පිවිතුරු යහපාල වගේ "දේශපාලන මෝඩයෝ" ඉන්න රටකනේ අපිත් ඉපදුනේ. (නි)
මිනි මරුවන් කව්රු වුණත් මොන තරාතිරමේ වුණත් දඩුවම් කරන්න ඕනා. මේවා මහා සහගහන අපරාද, මොන තරම් ලස්සන කඩවසම් තරුණයෙක් ද නිකරුණේ මරල දලා තියෙන්නේ , දෙවියනි ඔබ කොහිද ?(නදී)
ඔහු අද හිටියා නම් කොච්චර ජනප්‍රිය ක්‍රීඩකයෙක්ද? (නි)
ලැජ්ජයි!
වැරදි කරලා නම් අනිවාර්යයෙන් දඬුවම් ලැබිය යුතුයි. මම හිතන්නේ රටේම බහුතර පැතුම එයයි. (ම).
මෙහි ඇත්ත නැත්ත ඉක්මණින් හෙළිවේවා! (නි)
මෙය සැලසුම් කර කල මිනීමැරුමක් බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු කල හැකි සාධක සහ සාක්කි ඉදිරියේදී උසාවිය හමුවේ දිග හැරෙනු ඇත. රජයේ අධිකරණ වෛද්‍ය වාර්තාව පසුගිය රජයේ බලවතුන්ගේ මැදිහත්වීම නිසා අවුරුදු දෙකහමාරක් තිස්සේ ඇදී ඇදී අතුරුදන් වන තත්වයක තිබුණත් ආණ්ඩුවේ වෙනස් වීමත් සමග එය දැන් කරලියට පැමිණ ඇත. කවුරුන් හෝ විසින් කාගේදෝ අණ කිරීමකට මෙම ඝාතනය සිදු කර ඇත. (අ)
වැරැද්ද කල අය දඬුවම් විඳිය යුතුයි. අපි 18න් පසුත් මයිත්‍රී පාලනයක් බලාපොරත්තු වෙමු.(නදී)
අනේ රාජිත මහත්තයෝ වීරයෙක් වෙන්න කියන කතාද මේවා? (නදී)
රාජිත සේනාරත්න පොලිසියට වැඩේ කරන්න දීලා නිහඬව සිටියා නම් නේද හොඳ? (ම)
අදහස් ලියල තියෙන ගොඩ දෙනෙක්ගේ මොලේ රත්වෙලාවගේ දැනටමත්.
දැන් එතකොට සෙන්ජි කියන්නේ මේ රටේ වෙන හැම මිනීමැරුමක්ම දේශපාලන මඩට බැරකරලා අතහරින්න කියලාදඝ මොකටද එහෙනම් මේ රටේ පොලිසි උසාවි සහ නීති පද්ධතියක් තියෙන්නේ? (නි)
දැනටම තීන්දුව දීල වගේ ...(ම)
පොලිස් මාධ්‍ය ප්‍රකාශකද, කැබිනට් ප්‍රකාෂකද (නදී)
ඩුබායි තිලක් ලංකාවේද ඉපදුනේ? මම හිතුවේ ඔයා ඍධියෙන් පහළවුණ කෙනෙක් කියලා. ඔයා දන්නා දේවල් වල හැටියට මේකත් කියන්නකෝ රසවත් කරලා. (නි)
ඒත් සමහරු නම් දැන් කතාකරන්නේ හරියට බුදුවෙලා වගේ. (නි)
සන්දාන මහ ලේකම් මොලේ රත් කරගෙන ප්‍රකාශයක් කළා (නදී)
මේක මිනි මැරුමක් නම් සිදු වුනේ කොහොමද කියලා සොයන්න ඕන නැද්ද එතකොට ? පුදුම කතානේ මේ සමහර මොංගල් අප්පුලා කියන්නේ (නදී)
මිනිය ගොඩ ගන්නත් කලින්ම ඔක්කොම තීන්දු අරන් වගේ.(ම)
මිනි මරුවන් කව්රු වුණත් මොන තරාතිරමේ වුණත් දඩුවම් කරන්න ඕන , මේවා මහා සහගහන අපරාද, මොන තරම් ලස්සන කඩවසම් තරුණයෙක් ද නිකරුණේ මරල දලා තියෙන්නේ , දෙවියනි ඔබ කොහිද ?(ම)
හරි එහෙනම් දැන් මේකේ මහා මොළ කාරයා සොයන්න . දේශපාලන මඩට ආදේශ කරලා ලිස්සලා යන්නේ කොහොමද ? (අ)
මිනි මෝරු ලංකාවේ ඇති කිරීම නීති විරෝධීයි . ඒ සම්බන්ධවත් පරීක්ෂණයක් තියන්න. (බ)
කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ඇති බව මතක තියා ගනිමු (අ)
මේවා කරපු පාහරයින්ට දඬුවම් දිය යුතුයි. (බ)
මියගිය ඇත්තන් විකුණන් කන මිනී කාක්කෝ. (බ)
ජනවාරි අටෙන් පසු හොරෙන්ම මිනිය ගොඩ අරන් සාක්ෂි වෙනස් කරලද කියල සාධාරණ සැකයක් මතුවෙනවා (බ)
හොදින් වැඩුණු මිනි මෝරෙකුට වුනත් දවසට මස් කිලෝ 50 ක් දුන්නම ඇති. ඒක දීගන්න බැරි කමක් එතුමාට නැහැ. (බ)
මෙයාගෙ කටත් දැන් වක්කඩේ වගේනේ. බලන් යද්දී හැමදේම තීන්දු කරන්නේ මෙයා වගේනේ. අපරාධකරුවන්ට දඩුවම් දිය යුතුමයි. එ්ත් මේ වගේ කටින් නෙමෙයි. මේ ඇමැතිතුමාගේ බල්ටි විතරයි (බ)
ජනාධිපති ආරක්ෂක අංශය ඉන්නේ ජනාධිපති ආරක්ෂා කරන්නද නැත්නම් ජනාධිපති පව්ලේ අයට කරදරයක් වෙන අය මරන්නද ? ජනාධිපති ආරක්ෂක අංශය උසස් පොලිස් නිලදාරියෙකු ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අංශයක් ඉතින් කොහොමද මෙහෙම පුවත් පලවෙන්නේ (බ)
මේක කරපු පාහරයා කව්ද කියල මුළු රටම දන්නවා..(බ)
මේ තරුණයාට යුක්තිය ඉෂ්ට විය යුතුයි (බ)
රහස් පොලීසිය පරීක්ෂණ කරන මේ වගේ දේවල් ගැන රාජිත මොකටද මාධ්‍යයට කියන්නෙ. අනික තමා පශ්චාත් මරණ සහතිකයේ රිය අනතුරකින් වුණු මරණයක් කියල සඳහන් වෙලා තියෙද්දි එකපාරටම මේක ඝාතනයක් කියල චෝදනා කරන්නෙ කොහොමද. අනික තමා ඡන්දය කිට්ටු වෙලා මේ සිද්ධිය අවුස්සන්නෙ යම් කෙනෙකුට මඩ ගහන්න තියෙන වුවමනාවට නෙවේ ද? (බ)
පච ප්‍රකාශක තවත් පච වපුරයි .. උසාවියෙන් තීන්දුවක් ආවට පස්සේ මෙවැනි ප්‍රකාශ කරන එක හොදයි නේද? (බ)
කරන හොරකම් වහගෙන මිනිස්සුන්ගේ අවධානය වෙනතකට ගන්න කරන වැඩ. ඇයි මේවා ජන්දේ කිට්ටුවෙලා ගන්නේ. ජනාධිපතිවරණයේදි කියපු බොරු අපිත් ඇත්ත වගේ අහගෙන හිටියා. තවත් නම් රාජිත කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ. 88-89 කාලේ අයගේ මිනිවල් ඇද්දොත් මොකද වෙන්නේ (බ)
මෙතන පැහැදිලිවම අමානුෂික මනුෂ්‍ය ඝාතනයක් සිදු වෙලා තියෙනවා. මනුෂ්‍යත්වයේ නාමයෙන් ජාති ආගම් , පක්ෂ පාට,ගැන නොතකා මේ ගැන හදවතට එකඟවම අදහස් පල කරනවානම් තමයි හොඳ.(ම)
මැරිලත් පාඩුවේ ඉන්න නැහැ (නදී)
මේවා සහ ගහන අපරාද නෙවෙයිද ? කවුරු කලත් මේවා හොයල වැරදි කරුවන්ට දඬුවම් දිය යුතුමයි. නිකන් නෙවෙයි මින් මතුවට දේශපාලන හයියෙන් පිස්සු කෙලින්න ඉන්න ලොක්කන්ට සහ උන්ගේ පුත්තුන්ට උන ගැනෙන්න එක්ක (නදී)
අනේ යන්න යහපාල මහත්තයෝ යන්න. හුරතලේට මෝරු ඇතිකරන්නේ මොන මිනිස්සුද? හුරතලේට ඇති කළා නම් පස්සේ අයින් කලේ අැයි? (නදී)
රහස් පොලිසිය පවත්වන හැම පරික්ෂනයකම තොරතුරු කොහොමද කියන්නේ. බුද්දිමත් අයට තේරුම් ගන්න පුළුවන් මේ ඡන්දය නිසා මේවා මෙහෙම වෙන්නේ කියලා. හැබැයි කව්රු කරත් මේ වගේ අපරාද වලට නියම දඩුවම් ලබාදෙන්න ඕන.(නදී)
මෙයා කියන කතා නම් සත පහකට විශ්වාස කරන්න හොඳ නැ. මෙයා කලින් කිව්වෙත් ඔව්වමයි. (බ)
මෙතැන ඝාතනයක් වෙලා තියෙනවනම් වැරදි කරුවන්ට අනිවාර්යෙන්ම දඬුවම් දිය යුතුයි. ඒ වුනාට මේ රාජිත ගේ කටින් කියන කිසිම දෙයක් සත පහකට විස්වාස කරන්න බැහැ. (බ)
ජයසිංහ සහ රත්නායක හරි. මේවා දේශපාලන මඩ. ඡන්ද කාලේට විතරයි. බටලන්ද සහ දුමින්ද නඩු වගේ. අපියි මෝඩයෝ (නදී)
අනේ පවු දෙවියනේ! ඔහු මොනතරම් දුකක් විඳින්න ඇද්ද? (නි)
නිර්ෂාඩ්, මම හිතන්නේ කරුවලේ යනකොට "මහසොහොන" ගහල වෙන්න ඇති. (නදී)
කට්ටිය නඩුව අහල තීන්දුව දීලත් ඉවරයි. දැන් එතකොට වාහන හැප්පෙන්න බැහැ. හැපිච්ච එකාගේ ඇටකටු කුඩු වෙන්න බැහැ. වාහනේ ගිනි ගන්න බැහැ. වාහනේ ඇතුලේ පිච්චිලා මැරෙන්න බැහැ. වාහනේ හැපිලා මළාම උන්නු විදියටම ඉන්න ඕනා. වෙනසක් එහෙම උනොත් ඉතින් ප්‍රභූ පුතෙක් තමයි. (නදී)