රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධ ප්‍රධාන සාක්කිකරුවකුට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ පවත්වන බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා අද (10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.
තාජුඩීන් භාවිත කළ බව කියන ජංගම දුරකතනය හමුවී ඇතැයි අධිකරණයට දැනුම් දුන් නීතීඥවරයා එහි දත්ත ඇතැයි විශ්වාස කරන බව ද කීවේය.
එම දුරකතනය සම්බන්ධයෙන් විශේලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක පාසලේ කළමනාකාරුට නියෝග කළේය.
දැනට අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදු කරන වෛද්‍යවරයා ගැන කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර මහතා මාධ්‍යයට කළැයි කියන ප්‍රකාශය හෙළා දකින බවත්, රජයේ වැදගත් තනතුරක් දැරූ ඔහු වැනි පුද්ගලයකු එවැන්නක් නොකර සිටීමට තිබූ බවත් අගතියට පත් පාර්ශ්වය හා නීතිපති වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැන්වීය.
ඔහුගේ ප්‍රකාශවලින් පරීක්ෂණයට බාධා සිදු වෙනවා නම් ඒ ගැන රහස් පොලිසිය මගින් දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත් කීවේය.
නඩු පොත සේප්පුවේ තබන ලෙස රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇති හෙයින් එවැනි නියෝගයක් දිය නොහැකි බව කීවේය. සිද්ධිය වාර්තා කිරීමේ දී ආචාර ධර්මවලට අනුව එය වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීය.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තාජුඩීන් ඝාතනයේ ප්‍රධාන සාක්කිකරුට බලපෑම්
ඉෆ්රාන් Thursday, 10 September 2015 06:06 AM
වැඩි යමක් මේ මරණයට සම්බන්දය තියන්න පුළුවන් සාමාන්‍ය මරනයක් නම් එමෙහම තර්ජනය එන්ඩ විදියක් නැත (අ)
හරීන් Thursday, 10 September 2015 07:00 AM
එහෙම බලපෑම් එනවා කියන්නේ මේ පිටුපස අපි නොදන්නා යම් දෙයක් තිබෙනවා කියන එකයි (නි)
විල්සන් Friday, 11 September 2015 02:19 AM
මොන දේ කළත් ඇත්ත කවදා හෝ හෙළිවේවි (නි)