තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී 2011 නත්තල් දිනයේදී කුරාම් ෂෙයික් නම් බ්‍රිතාන්‍ය රතුකුරුස සේවකයා මරා ඔහුගේ පෙම්වතිය වූ රුසියා ජාතික වික්ටෝරියා සමූහ දූෂණයට ලක් කළ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු හතර දෙනකුට කොළඹ මහාධිකරණය අද වසර 40ක සිර දඬුවම් පැනවීය.
කුරාම් ෂෙයික් මැරීමට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද, වික්ටෝරියා සමූහ දූෂණය කිරීමට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළ විනිසුරුවරිය දඬුවම එක වර ගෙවී යන ලෙස ද නියෝග කළාය.
මාස තුනක පමණ කාලයක් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ නඩුව විභාග විය.
ඕ ඒ ලහිරු කැලුම් ,යු සමන් දේශප්‍රිය, සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ සහ ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග වැරදිකරුවෝ වූහ. එම් සරත් හෙවත් සහන් හා ප්‍රගීත් චතුරංග නිදහස් කරනු ලැබූහ.
අගතියට පත් පාර්ශ්වයට රුපියල් දෙලක්ෂය බැගින් වන්දි ගෙවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරිය සියලු වැරදිකරුවන්ට නියම කළාය.
සම්පත් චන්ද්‍රපුෂ්ප බන්ධනාගාරයට රැගෙන යද්දී ඔහුගේ ඡායාරූප ගනිමින් සිටි ඡායාරූප මාධ්‍යවේදීන් ඔහුගේ ඡායාරූප ගැනීමට ගත් උත්සාහය වැලැක්වීමට පොලිසිය හා බන්ධානාගාර නිලධාරියෝ වලිකෑහ. ඇතැමෙක් දෑත් උස්සා ඔහුගේ මුහුණ ආවරණය කළහ. ඇතැමෙක් හිස්වැසුම් ගළවා චන්දුපුෂ්පගේ මුහුණ වැසෙන සේ අල්ලාගෙන සිටියහ.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවි අපේ කොල්ලට වෙලා තියනදේ පොඩි කාලේ මෙහෙම මුරන්ඩු නෑ කොල්ලහොදයි වැරදි ඇසුර ඉක්මනින් නිදහස්වෙන්න මම පතනවා (අ)
මිනීමැරුවට සහ දූෂණය කරාට අවුරුදු 20ක් විතරද? (අ)
හොඳ තීරණයක්
ජයවේවා,අධිකරණ තීන්දුවට! (නි)
නියමයි..ඔය වගේ අධමයන්ට ඔය දඩුවමත් මදි ඕකට.අනිත් හැම දෙයක් මත් ඔය විදියටම වෙන්න ඕනි.(අ)
දැන් මේක සිද්ධ වුණෙත් බවලතෙකු හින්දා කියන උදවිය මෙතනින් වැඩි වේලා නොගොස් මතුවේවි.
මුහුණ වහන්නේ හඳුනාගන්න බැරිවෙන්න. (නි)
අදිකරණයට අපේ ප්‍රණාමය. තීන්දුව ක්‍රියාත්මක වෙන හැටි බැලිය යුතුයි (අ)
සමාවක් එන අවුරුද්දේවත් ලැබෙයිද කියලා බලාපොරොත්තුවෙන් ඇති (නි)
මේ නඩුකාරතුමියට සියලු දෙවි රැකවරණය ලැබේවා මේ වගේ අයට මේ වගේ දඩුවම් දීමෙන් රටේ යහපත් කාලයක් උදාවේවි දේසපාලන රැකවරණය පතා චන්ඩිකම් කරන හිවලුන්ට මේ කියන්නේ මේක දැනගෙන ජිවත් වෙයි (අ)
මේවා දරුවන් ලොක්කන් කරන්නට ඕනෑම මාර්ගයක යවන්න සූදානම් වැඩිහිටියන්ට හොඳ පාඩම්. (නි)
කරුණාකර භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ නඩුවත් මේ විදිහටම ඉක්මනට අහලා ඉවරයක් කරන්න (නි)
මුණ වහන කට්ටියට අක්කල නංගිලා නැතුව ඇති. ඉන්නවා නම් ඇතුලෙදි එයාලව මෙයාට දෙන්න බැරිය. එ්කනේ ඔය වහගන්න දඟලන්නේ ඔය හැටි. (නදී)
අධිකරණයට තුති! (නි)
සුරතලේට කිට්ටු කරගෙන අරගෙන යන හැටි? අනේ මෙහෙම ලැජ්ජා නැති වැඩ? (නි)
අවුරුදු 40 ක දඩුවමකුත් දීල ඉන්නේ හරිම ජොලියෙන් වගේ.(අ)
පොලිසිය මෙයාට හරි ආදරෙයි වගෙයි (නි)
කලකට පසු අහන්න ලැබුණ සතුටුදායක ආරංචියක් (නි)
මෙයාව බබෙක් වගේ බලාගන්න (නි)
ලැජ්ජාවේ බැහැ රාලහාමි තොප්පිය නෙමේ ඇදී වත හරි ගලවල දේවි තුප්පහි දේශපාලුවන්ගේ මුහුණු වහන්න (නදී)
කොහොමත් අද ටිකක් හිතට සහනයක් දැනුන.
මේ කවුරුවත් ඉපදුනේ ස්ත්‍රී දුෂණ, මිනීමැරුම් කරන්න පතාගෙන නෙමෙයි. ඒ දේවල් වල ආදීනව සහ ගුණධර්ම තමන්ගේ වැඩිහිටියන්ගෙන් දැනගන්න නොලැබුන එකේ විපාක තමයි මේ. දරුවන් වෙනුවෙන් තමන් වපුරන විදියට තමයි නෙලාගන්නේ. (නි)
තාම ඉවර නෑ (අ)
මෙයා හිරේට යනවා කියලා ගාණක්වත් නැහැ (නි)
සරත් මහත්තයෝ තිත තියන හැටි බලා ගන්න තිබ්බා තානාපති කාර්යාල මැදිහත් උනේ නැත්නම්. (නදී)
බල්ලොත් එක්ක නිදාගත්තම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවලු. (අ)
ආයුධ පෙන්නන්න එක්ක යන එක හොඳ නෑ කියල කියන අය ඉන්නවද තවත් මෙතන? මේ වගේ අය ආයුධ පෙන්න එක්ක යන්න වටින්නේ නැද්ද?(අ)
බන්දුල පෙරේරාගේ බළලා මල්ලෙන් එලියට පැන්නා. ඡන්දෙ ඉවරවෙන කම් ඉන්නේ ඔය ටික කරන්න තමයි. ලෝකෙට හොඳ මුහුණ පෙන්නලා පස්සේ නිදහස් කරයි. (නදී)
රන්ජා කිව්වා වගේ ලබන ඡන්දෙට විරුද්ද පැත්තට තමයි මමත් ඡන්දෙ දෙන්නේ (නදී)
ඇත්තටම අර පොලීසියේ මහත් හොරු ටික ඇදුම් ඇදගෙන ද ඉන්නේ? හැදු වැදු දෙමාපියන්ටත් නින්ද වෙන විදහට හැසිරෙන්නේ.(අ)
මුණු වහන්නේ ඇයි? අදුරගනියි කියා බයටද ? (නදී)
විදේශ රටවල අය මේ තීන්දුව ගැන බලාන හිටිය එක හොඳයි (නදී)
කෝ ලංකා තිලක්? නඩු තීන්දුව විශ්ලේෂණය කරන්න ගිහිල්ලද? (නි)
පවතින ක්‍රමය තුළ නීති පද්ධතියෙන් දේශපාලකයා ලබාගන්නා හා ලබාගෙන තිබෙන දේවල් බලනවිට මොහු දඬුවම විඳීවි කියා මම නම් කිසිවිටෙක විශ්වාස නොකරමි. (නි)
නියම වරද කාරයා පළාත් සභා ක්‍රමය ලංකාවට පටවපු ඉන්දියාව. එ්ක නිසා තමයි අපේ රට මේ විදිහට දේශපාලන වශයෙන් විනාස වුනේ. (නදී)
අධිකරණ තීන්දුව සාධාරණයි (නි)
එල්ලුම් ගහට නියම කරන්න තිබුනේ (නදී)
සමාව ලැබිලා එළියට එයිද ? (නදී)
රජයේ නිලධාරීන් මෙසේ තමන්ට අයත් නොවන දේ කරන්නේ මන්ද? ඒ බව ඡායාරූප වලින් හොඳින් පෙනෙනවා (නි)
මිනීමරු ස්ත්‍රී දුෂකයෙකුට එරෙහිව අධිකරණය දුන් තීන්දුවට අපගේ ගෞරවනීය ප්‍රණාමය!! මෙම උත්තරීතර තීන්දුවෙන් චුදිතයටත් වඩා ලජ්ජාවට පත්ව සිටින අර බන්දනාගාර නිලධාරියා දැනටමත් තම රාජකාරිය අකුරටම ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටීම ගැන මගේ බලවත් "ආචාරය" එතුමාටත් පුදකරමි?(අ)
මොකද මේ ? මෙච්චරට ප්‍රවේශමෙන් බොහොම සීරුවෙන් අරගෙන යන්නේ? (නි)
මෙතන ඉන්නේ බන්ධනාගාර නිලධාරීන්.මොනවා වුණත් පොලිසිය මෙච්චර මෙහෙම නැහැ (නි)
ගෙදර හිටියට වැඩිය සැප ලැබෙයි. (අ)
නිල ඇඳුමටත් නව නින්දාවක් නේද මේ කරන්නේ? (නි)
පොලිසියේ ඈයෝ ඇයි ඔතරම් එයාට සුදු හුණු ගාන්නේ ..? තොප්පියෙන් මුණ වහන්නයි , එයාව ඉස්පෙෂල් වාහනයක හිරගෙදරට අරන් යන්නේ ඇයි? බන්ධනාගාර බස් එකේ එයාට සැප මදිද ? (අ)
අනෙක් අයටත් මේවා බලා හොඳ පාඩම් ඉගෙනගන්න පුළුවන් (නි)
මම අසා තිබෙනවා වෙනත් රටවල තමන්ගේ සේවාදායකයාගේ වරද පෙනි පෙනී එය නිවැරදි කරන්න යන නීතිඥවරුන්ටත් දඩුවම් ලබාදෙනවා කියලා (නි)
ඔබට මගෙන් සුභ පැතුම්! (නි)
මේක තමයි ආශ්චර්යය! (නි)
බන්දුල පෙරේරා කියන්නේ මහා පුදුම චරිතයක්. (අ)
ඔලුව කල්පනා කරලා ආයුද ගන්නේ නැතිව අතින් පයින් ගහගත්තා නම් මිනි මැරෙන්නෙත් නෑ හිරේ යන්නෙත් නැහැ. දැන් පරක්කු වැඩියි ගිහිල්ල එන්න චෙරියෝ ටටා (නදී)
මුණ දැක්කම පව් කියලත් හිතෙනවා. (නදී)
අනේ! හරිම ප්‍රවේශමෙන්නේ අරගෙන යන්නේ (නි)
ඔක්කොටම වඩා ලැජ්ජා වෙන්න ඕනෑ ස්ත්‍රී දුෂකයන් නිදහස් කරගන්න වලිකන කළු කෝට් මහත්වරු. තමන්ගේ හැදු වඩු මෑණියන් පවා කාන්තාවක් කියලා සමහරුන්ට අමතක වෙන එක තමයි පුදුමය කියන්නේ. (නි)
මේ සිද්දිය සී.එන්.එන් සීසීටීවී වල දුන්නා. හරිම ලැජ්ජයි මුන්ගේ වැඩ ගැන. නායකයෝ හැටියට පිටරට අයව පිළිගන්න විදිය (නදී)
6 වෙනි ෆොටෝ එකේ හැටියට හිරේ හිටියත් බඩ කට පිරෙන්න හොදට කන්න නම් ලැබිල තිබෙන පාටයි (නදී)
ඇත්තටම පොලීසියට ලැජ්ජා නැද්ද? (නි)
ලගදීම එළියට එයිද ? (නදී)
නිදහස් වුණත් ස්ත්‍රී දුෂණ චෝදනාවකට ගෑවුණු කෙනෙක්ව කසාද බඳින්න කිසිම වැදගත් බවලතෙක් කැමතිවෙන එකක් නැහැ (නි)
මිනි මරල පෝරකේට නියම උණු අයත් ගොඩක් හිරගෙය තුල ඉන්නවා. එම අය බලාවි එකම වරදට මොකද දඩුවම් දෙකක් කියලා (නදී)
ඉතාම වටිනා තීන්දුවක්. මට හිතෙන විදියට ඔය අනිත් වැරදි කරපු මන්ත්‍රී වරයන්ටත් මෙහෙම තීන්දු හම්බ වෙනවනං සුබ අනාගතයක් ලැබෙයි. නැත්නං ඉතින් රටේ අනාගතේ සුබ දායක නැහැ. (නදී)
බය සැක නැතුව කිට්ටු කරගෙන ඉන්න ලස්සන? (නි)
කළ වැරැද්ද ගැන හිරේට වෙලා හොදට හිතල බලන්න. තමන්ගෙ සහෝදරියකට මෙහෙම කලානම් මොකක්ද තමුන් බලාපොරොත්තු වෙන දඩුවම කියලා. දැන්වත් නුඹලා හිරේ විලංගුවෙ ලැගලා හොඳ මිනිසුන් වෙලා එලියට වරෙල්ලා. මේ අයට නියමිත කාලය හිරේ ඉන්නම දෙන්න ඕනේ. පොදු සමාව නම් දෙන්න එපා. (නදී)
අපි බලමුකෝ අභියාචනයකින් හෝ ලබන නිදහස් දවසට (නදී)
ලැජ්ජානැතිකම සියල්ලටම වඩා ලොකුයිලුනේ. (නි)
තීන්දුව හොඳයි. මුණ වහගන්ඩ රටටම පේන්ඩ නොපෙනෙන්න.(නදී)
මාධ්‍යය නැත්නම් මේ නඩුවත් අපිට අමතක වෙනවා (නි)
නිකම් හිතන්න, එදා ඒ හෝටලයට අපේ රටේම ඇහැට කනට පෙනෙන කාන්තාවක් සැමියා සමඟවිත් මේ ටික වුණා නම් මොන වගේ ප්‍රතිඵලයක්ද ලැබෙන්නේ කියලා. (නි)
මෙයා හරියට මගුල් ගෙදරක ගිහින් වගේනේ (නදී)
අනේ පොලිසිය කොච්චර කරුණාවෙන් අනාගත සිරකරුවන්ට සළකනවද? (නි)
හිරේදී හිර ඇඳුම් ඇඳගෙන ඉන්න ඡායාරූපයකුත් බලන්න ඇත්නම් (නි)
අනේ නාමලී, අහිංසක අම්මට චෝදනා කරන්න එපා පුතාලා කරන වැරදි වලට. අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්න. පුතාලා , නරක ඇසුරට වැටුනාට අම්මා පලිද? අපේ මොනම අම්මා කෙනෙක්වත් කාන්තාවක් දුෂණය කරන්න අනුබල දෙන්නේ නැහැ. එහෙම කරන කෙනෙකුට අම්මා යන්න ඇමතීමත් සුදුසු නැහැ. ඇයි ඔබතුමියට තාත්තා ගැන ලියන්න මතක් වුනේ නැත්තේ? පියාට යුතුකමක් නැද්ද තම පුතාව යහමගට යවන්න? (අ)
මේ දාලා තිබෙන අදහස් දැක්කහම හිතෙනවා අපේ කට්ටිය පොලිසියේ නිල ඇඳුමත් බන්ධනාගාර නිල ඇඳුමත් හරියට හඳුනන්නේ නැති බව. (නි)
මේ වගේ අයට සිර දඬුවම් දීල මදි (නදී)
ඇයි අර පොලිස් රාලහාමි එයාගේ තොප්පියෙන් මිනීමරුවගෙ මුණ වහාන්න හදන්නේ? මොකද්ද එයාට තියන අමාරුව. හිරේ දාන්න කලින් මෙහෙම නම් දැම්මට පස්සේ බබෙක් වගේ බලා ගනි. එ් පිංතුරේ දැක්කම මම ගැන, රටේ අහිංසක මිනිස්සු ගැන දුකයි. රටේ එකම පොලිසියක් එ්ත් ජනතාවට නීතී දෙකක්. ලැජ්ජයි. (නදී)
බොහොම හොඳ තීන්දුවක් (නි)
මම අධිකරණ තීන්දුව ඉතාම ගෞරවයෙන් හිස නමා පිලිගන්නවා. අඩු වයසෙන් හොඳ තනතුරකට පත්වෙලා හොඳ ගමනක් යන්න තිබුන මිනිහෙක් බලයෙන් හිස උදුම්මවාගෙන, අවිනීතිය රජකරවන්න ගිහින් නිකන් විනාශවුණා. මේක බලයේ සිටින අනෙක් බොහෝ දෙනාටත් හොඳ පාඩමක්. (නදී)
කවුරු ආවරණය කළත් එළියට එනකොට ඔය පෙනුම නැහැ. එතකොට 60 පැනලා (නි)
මේ අයට පොදු සමාවක් ලැබෙයිද කියලා සෙවිල්ලෙන් සිටිය යුතුයි. වෙනත් රටවලුත් මේ ගැන උනන්දු නිසා පොදු සමාවක් නම් ලැබෙන එකක් නැහැ. එහෙම නොවුනොත් මේක ලංකාව කියලා හිතන්නත් අමාරුයි. (නදී)
උෟව ඡන්දය අවසන් වෙනතුරු අපි බලාසිටිනවා (නි)
උසාවියකින් වැරදිකරු කළ කෙනෙක් ආරක්ෂා කරන්න දඟලන නිලධාරින්ට විනය පරීක්ෂණයක් තැබිය යුතුයි. (නි)
අනේ ෂෝක් ජීවිතේ හොඳම කලේ ඉහලම සැප. ආඩම්බරයි පුතේ (නදී)
කියන්න වචන නැහැ. දිට්ඨ දම්ම වේදනිය කර්මය. හැබැයි මෙච්චර කල් ගත්තා වැඩියි.දැන් හිරේ ඇතුළේ ඉන්න අයට පුලුවන් මෙයාව බලාගන්න (නි)
මොකද මෙයාගේ මුණ වහන්න වලිකන්නෙ, දේසපාලුවෙක් නිසාද? (අ)
මෙයාගේ මුහුණ වහන්නේ ඒවගේම බඩු ටිකක් තමයි. මේගොල්ල තමයි බන්දනාගාරයේ සියලුම දූෂිත වැඩ කොරන්නේ. එංගලන්තයේ පත්තරවලයි මිල් ලිපිනය එද්නං මම ලංකාව ගැන හොඳට ලියන්නම්. (අ)
ඒ වුණත් ඇසළ, කිසිම නිල ඇඳුමක් දාගත් බවක්වත් හැසිරීමෙන් පෙනෙන්නේ නැහැනේ. කට්ටියම මඟුල් ගෙදරක යනවා වගෙයිනේ (නි)
මුණ දැක්කම පව් කියලනම් හිතෙන් නැ දෙකක් තුනක් ගහන්නයි හිතෙන්නේ (අ)
ජීවිත කාලෙටම එලියට නොඑන්න හිරේම තියන්න ඔනේ කරන අපරාධ වලට.(අ)
මහත්වරුනි තමන්ගේ රැකියාවේ ගරුත්වය ආරක්ෂා වෙන පරිදි හැසිරෙන්න. ඔබලා ගැන ඉතාමත් අප්‍රසන්න තාවයක් ඇතිවෙන්නේ අපිට, මේ පින්තුර දිහා බලපුවහම. (නදී)
සහතික ඇත්ත සංජු... මාත් බැලුවේ මෙයාට දැනටම බන්ධනාගාරය ඇතුලේ ගොඩක් යාළුවො ඉන්නවා වගේ... දැක්කද ගාඩ් ගේ හිනාව...? අනික මේ මිනිහගේ කොන්ඩේ කැපිල්ලෙන් පේනවා කොහොම මදාවියෙක්දද කියල.. සාමාන්‍යයෙන් මදාවි උසාවි එන්නේ ඩීසන්ට් විදියට.. මෙයාට ඒ බයත් නැහැ...(අ)
මුහුණ පිට අයට පෙන්වන්න හොඳ නැහැ. (නි)
නියම අන්දමට ක්‍රියාත්මක වෙනවා නම් ඕකට අවුරු 20 ත් ඇති. හොඳට විඳවලා හිතෙන් මැරි මැරි ඉඳල නාකි උනාම එලියට එන්න. (නදී)
ඔලුවේ කොණ්ඩය වත් හරියට කපන්නේ ඇතිව නියම රස්තියාදුකාරයෙක් ,ඡන්දයට දාපු අය වගේම ඡන්දය දීපු අයටත් ගහන්න ඕනි (අ)
ලංකා තිලකුත් පේන්න නැහැ, බන්දුල පෙරේරාත් අතුරුදහන් වෙලා. (නදී)
එක්කෙනෙක් ලියනවා මුණ දැක්කම පව් හිතෙනවලු!. අනේ එහෙනම් ගෙදර එක්ක යන්න කෝ!. දුක් ගන්න ඕනේ නැහැ. සියලුම සම්පත් මේ මිනීමරුවාට ලැබේවි. (අ)
මේ පුවතට ලැබී ඇති ප්‍රතිචාර ප්‍රමාණය දුටුවාම අපිට පැහැදිලිව පෙනෙනවා අපේ මිනිසුන් මේ සම්බන්ධයෙන් ඉතාම විමසිල්ලෙන් සිටි බව.එය හොඳ දෙයක්.එයින් පෙනෙනවා අසාධාරණයට අයුක්තියට අපි බහුතරය අකමැති බව. (නි)
ලැජ්ජා නැති කම තේප්පියෙන් වහන්න අමාරුයි 9අ)
කුම්බලා මාලු කෑවා නම් දුක විඳවාපන් පුසෝ ..... (නි)
ඒසී වාහනයක ගෙනියන නිසා ටයි එකක් දමාගෙන හිටියට රස්නය දැනෙන එකක් නැහැ. ඔය යන විදිහට නම් හිරේ ඇතුළෙදීත් ටයි එක දමාගෙනම ඉන්න පුළුවන් වෙයිද කියන්නත් බැහැ. (නි)
පොදු සමාව දීමේ ක්‍රියා පටිපාටිය අත්හිටුවා දඩුවම් සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කලයුතුයි. අගතියට පත්වූවන්ට නියම සාදරනත්වයක් ලැබෙන්නේ එමගින් පමණයි. (අ)
නිලධාරියෙකුටයි, සිරකරුටයි හරිම සතුටක් දැනිලා වගේ. දෙන්නම හිනාවෙලා ඉන්නේ (නි)
දේශපාලනය කරන්න, සියලුම සුදුසුකම් තියනවා මෙයාට.(අ)
වරදට හොඳ දඬුවමක් ලැබිල තියෙනවා. (අ)
මෙම නඩු තීන්දුව අධිකරණය ලබාගත් සම්මානයක්. (නි)
සව්දියේ නම් බෙල්ල කපල මරනවා. ලංකාවේ මල් මල දාල පිළී අරගෙන හොටෙල් එකට එක්ක යනවා . (අ)
බොහොම සතුටුයි (නි)
විනිසුරුතුමියට මේ ගත් තීරණයට මගේ ප්‍රණාමය! (නි)
දැන් ඉතින් තොප්පියෙන් නෙමෙයි මොකෙන් වැහුවත් රටේ මිනිසුන් දැක්කා ඇත්ත තත්වය (නි)
සමහරුන්ට නම් රජ මඟුල් වගේ ඇති. (නි)
ඔය තොප්පි වලින් වහලා හුරතලේට අරගෙන යන අයට, හිරකරුවන්ව ගෙනියන්න කියලා කියලා තියෙන්නේ එහෙම වෙන්න ඕනෑ (නි)
අධිකරණයට අපේ ප්‍රණාමය! (නි)
ලංකාවේ පොලිසියේ ආදරය පෙනෙනවා. දේශපාලන මැරයන්ට ගරුකරන හෙට දවසේ හොඳ රටක් තිබේවිද? (නි)
සතිෂ්, මම කියපු දෙය හරියට තේරුම් අරගෙන නැති පාටයි. මම කිව්වේ හිරේදී "බුදු සැප" විදලා,හොදට සැප අරන් වගේ කියන එකයි . (නදී)
මරණ දණ්ඩනය දෙන්නනේ තිබුනේ (නි)
අධිකරණයට හිස නමා ආචාර කරනවා (නි)
මම විවාහ වුණ දා මට මතක් වුණා. එදා ගෙදර කට්ටිය මාව එක්කගෙන ගියෙත් මෙන්න මේ වගේ ආදරයෙන්. (නි)
කෝ අපේ ලංකා තිලක් ? කට්ටිය බලන්නකෝ ඔය එක්කගෙන යන වාහනයේ ඩිකියේවත් එල්ලිලා ඉන්නවාද කියලා. (නි)
කමල්, අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මේ වගේ නිලධාරීන් මුළු රටටමත් ජාතියටමත් ලැජ්ජාවක්. (නි)
අපේ පොලිසිය කොතන ගියත් නා ගන්නවා. පොලිස් සංහතියටම හරිම නින්දාවක්. දේශපාලකයන් ඉදිරියේ මෙයාලා තමන්ගේ වෘත්තීය ගෞරවය කොච්චර දීන බවට පත්කරගෙන තිබෙනවාද යන්න හොඳට පෙනෙනවා. (නි)
සභාපතිතුමා ඉන්න ලස්සන බලන්නකෝ (නි)
රජයේ සවිය අරගන දේශපාලන බලයෙන් උද්දාමයට පත්ව තමන් කවරෙක්ද යනවග අමතක කර කටයුතු කරන සියලුම පක්ෂයේ හා විපක්ෂයේ සිටින පාදඩ දේශපාලකයන්ට මෙය හොදම ආදර්ශයක්. ගරු විනිසුරු තුමියට අපගේ උණුසුම් උපහාරය ජයෙන් ජය! (නදී)
පොලිසිය සහ බන්ධනාගාර නිලදරුවනි, නුඹලා මෙලෙස හැසිරෙන්නේ මන්ද? (නි)
සභාපතිතුමා වීරයෙක් වගේ ඉඳිද්දි අරයා කරන වැඩේ නිසා එතුමාටත් ලැජ්ජයි වගේ. (නි)
ඇත්තෙන්ම අපිට සතුටුයි (නි)
පුදුම ලෝකයක් මේක. (නි)
මට නම් තව මදි මේ දඩුවම්. (නි)
මට නම් දකිනකොටත් පුදුම කේන්තියක් එන්නේ (නි)
අනේ! කිසිදා සමාවක් නම් ලැබෙන්න එපා (නි)
ඕස්ට්‍රේලියාවේ මෙවැනි තීන්දුවක් අධිකරණයකින් දුන් පසු, වරදකරු අභියාචනාවක් ඉහළ උසාවියකට ඉදිරිපත් කළහොත්,බොහෝ විට පහළ උසාවියෙන් දුන් දඩුවමට වඩා ඉහළ උසාවියේ දෙන දඩුවම දෙගුණ වෙනවා. අනිත් කාරණය තමයි මෙරටෙහි පොලිසියට හෝ බන්ධනාගාරයට බඳවා ගන්නා සියලුම නිලධාරීන් විශ්ව විද්‍යාල උපාධිදාරීන් වීම. (නි)
අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා මේකට මොනවා කියයිද කියලා දැනගන්න ආසයි (නි)
මේ මොකද අනේ මේ? පුදුම ලැජ්ජාවක්නේ! (නි)
මුහුණ විතරක් වහලා ඇතිවෙයිද දන්නෙ නැහැ (නි)
දැන් කාටත් සතුටු ඇති (නි)
බොහොම හොඳයි තීන්දුව නම් (නි)
අපේ උදවියගේ තරම තමයි චමින්ද ඔය මුහුණ වහන්න ගන්න තොප්පියෙන් පිළිබිඹු වෙන්නේ. (නි)
වැරදිකරුවන් දඩුවම් ලැබිය යුතුයි (නි)
හොඳට බලන්න තව ආවරණය කරන්න ඕනෑ තැන් තිබෙනවද කියලා (නි)
අභියාචනයක් සමඟ වෙනස් තීන්දුවක් ඉදිරියට ඇසීමට නොහැකි වේවා! (නි)
සෞදියේ වගේ රටක නම් පසුවදාම හිස ගසා දමනවා (නි)
මට නම් මේ දඩුවම හිතට මදි (නි)
තවත් මොනවද වහගන්න තරම් ඉතිරි වෙලා තියෙන්නේ ? (අ)
සභාපතිට නෙමෙයි, බලනකොට මේ සමහර නිලධාරින්ටනේ ලැජ්ජා නැත්තේ (නි)
දැන් හිරේ බත් කන්න පුලුවන් රසට (නි)
තොප්පියෙන් නොවෙයි, කලිසම ගලවල කලිසමෙන් මුණ වැහැව්වානම් මම නම් පුදුම වෙන්නේ නැහැ. (අ)
නිදහස් දිනයන් කීයක් මොහු සිරබත් කයිද? (නි)
හරියට බන්ධනාගාර නිලධාරින්ගේ සුරතලෙක් වගෙයිනේ... (නි)
දැන් ඉතින් අපි කන පාන් කාලෙන්,පරිප්පු ටිකෙන්,පෙට්රෝල් ටිකෙන් භූමිතෙන් ටිකෙන් ගහන බදු මුදල් වලින් අවරුදු 20 ක් සැප කෑම,සැප වාහන,.....සැපවත් ජීවිතයක් ගත කරන්න ලැබේවි. (අ)
මේ මිනීමරුවන්, දුෂකයන්ව නේද මේ පොලිසියේ මහත්වරුන් ඡායාරූප ගන්න නොදී වහගන්න හදන්නේ? හිතාගන්න පුළුවන් මිනිහාගේ තරම. (නි)
ආරක්ෂක නිලධාරින්ගේ මේ මුහුණ වැහිල්ලෙන් කියැවෙන්නේ බන්ධනාගාරයට සාදරයෙන් පිළිගැනීමත් සහ එහිදී ලැබෙන්නට නියමිත සැළිකිලි ගැනත් වියහැකියි (නි)
නිලධාරියාගේ ගෙදර බවලත් පුළුටක් වත් නැතිව ඇති. ඉන්නවා නම් මෙහෙම රාජකාරියක් භාරගන්නේ නැහැනේ. (නදී)
ඉදිරියේදී වෙන්නේ මොනවාද කියල හොදින් බලා ගෙන ඉන්න (නදී)
අධිකරණය නම් සාධාරණයි!! දැන් ඉතින් විධායකය කොහොම කරාවිද බලාගෙන ඉම්මු? බන්ධනාගාර නිලධාරියා තම රාජකාරි තොප්පියෙන් දැන්මම විත්තිකරුට කඩේ යනවා. අපේ ගමේ ජීවිතාන්තය දක්වා හිරේ ගිය මාටින් අයියටත් ඔය සැලකිල්ල දැක්වුවා නම් කොච්චර හොඳද? විදෙස් වීරයා (නදී)
නීතිය රකින නිළධාරීන් අපරාධකරුවන්ව රකින්න උත්සාහ කරන්නේ මොකද? (නි)
වසර 40 ක් හිරේ දැම්මා නම් හොඳනේ ඉතින් (නි)
ප්‍රතිචාර වලින් රජයක් පෙරළන්න පුලුවන් නම් මේ රජය පෙරලිලා ගොඩක් කල්. සුළු ප්‍රමාණයක් අකමැති වුණාට කෝටි දෙකක ජනතාවගෙන් ලැබෙන ආශිර්වාදයෙන් මේ නැව සැඩ සුළං,ගල් පර්වත ඉදිරියේ නොනැවතී ඉදිරියට ගමන් කරනවා. (නි)
නාමලීගේ කතාවෙත් ගතයුත්තක් තිබෙනවා. හැදෙන වයසේදී , නරක ආශ්‍රය සහ හොඳ ආශ්‍රය තමන්ගේ දරුවන්ට තේරුම් බේරුම් කරන්න ඕනෑ ගෙවල් වල වැඩිහිටියන් තමයි රකිත් (නි)
නීතියෙන් දඩුවම් ලැබුණා වගේම දේව දඩුවම් ලැබෙන දින වැඩි ඈතක නැහැ. (නි)
කට්ටිය අමතක කරන්න එපා මඟුල් ගෙදරට පසුව හෝම්කමින් එකක් කියලා දෙයක් තිබෙනවා. එතනදී මඟුල් ගෙදරදී නොවුණ පුදුම කරවන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා දැන්ම අපි මල්වෙඩි පත්තු නොකර ඉන්න තරමට හොඳයි. (නි)
ජයවේවා! (නි)
තමන්ගේ කරන වැදගත් රැකියාවේ ගරුත්වය ආරක්ෂාවෙන අන්දමට හැසිරීමටවත් ඉගෙනගන්න. (නි)
අම්මලාට දරුවන්ට යහමඟ කියාදෙන වගකීමෙන් ගැළවෙන්න බැහැ රකිත්. (නි)
ගෙනියන්නේ නම් හිරේට නෙවි වගේ . අපිව මුලා කලාද? (නදී)
වැදගත් තරුණ කොල්ලෙක් වෙලත් කළ වැඩේනම් කැතයි හොදේ. (අ)
ලංකාව දැන් ආශ්චර්යයට යන ගමන ඉතා වේගයෙන් යනවා. කියලා වැඩක් නැහැ අපි ලබා තිබෙන දියුණුව. (නි)
බරපතල අපරාධ දෙකක් එකවිට සිදුකර, දඩුවම් දෙකත් එකවිට ගෙවීයයි.මට නම් හිතට මදි. මැරුණ කෙනාට , දුෂණය වූ කාන්තාවට, මෙන්ම රටට සිදුකළ අපකීර්තිය මිල කළ නොහැකියි. මම නීතිවේදීන්ට අකමැති වුණත් මට මේ රටේ නඩුකාරයෙක් ලෙස ටික කලක් හෝ සේවය කරන්නට ඇත්නම් මැනවයි සිතමි. (නි)
බොහොම ප්‍රවේශමෙන් එක්කගෙන යන්න (නි)
බලන්නකෝ ගාණක්වත් නැතුව යන ලස්සන (නි)
මට හිතාගන්න බැහැ මිනිසුන් මොහුව සභාපති කළේ ඇයි කියලා? (නි)
මෙයා දන්නවා වගෙයි ඊළඟට වෙන දේ. ඒකයි හිනහාවෙවී වෑන් එකට නගින්නේ. (නි)
ඡායාරූප වලින් පෙනෙන්නේ අපේ රටේ නිලධාරීන්ගේ ඇත්ත තත්ත්වයයි. (නි)
පෙන්නන්නකෝ අනේ ලස්සන මුහුණ (නි)
පෙබරවාරි 4 ඒවා කීයක් මෙයා හිරබත් කයිද කියලා බලමුකෝ. (නි)
කවුද ඔය තොප්පි වලින් මුහුණු වහන්න හදන පොලිසියේ අය? අපරාධකාරයෝ වහන්කරන්න හදන්නේ මොකද? (නි)
විනිශ්චයකාරතුමියට ප්‍රණාමය! බන්ධනාගාර සේවකයන් ගැන ලැජ්ජයි (නි)
අනේ බලාගෙන! පරිස්සමින් එක්කගෙන යන්න. වාහනයේ ඔලුව වදින්න ඉඩදෙන්න එපා. (නි)
මේ වගේ පොලිසියේ අය නිල ඇඳුමටත් කරන්නේ නින්දාවක් නොවේද? (නි)
මොහු හැදු වැඩු උදවියට දැන් මොනවා හිතෙනවා ඇද්ද? (නි)
මූහුණ වහන්නේ මොකටද කියලා අපි දන්නවා (නි)
නෑදෑයන්ට පවුලේ හිතවතුන්ට හරිම ආඩම්බර ඇති. (නදී)
සමහරු තවම හරියට ඇස් ඇරලා බලලා නැහැ (නි)
තොප්පියෙන් මුණ වහන කෙනාගේ ගෙදර ඇහැට කනට පේන බවලතුන් කවුරුවත් නැතිව ඇති. ඉන්නවනම් මෙහෙම අරයාව කිට්ටු කරගන්නේ නැහැනේ. (නදී)
කාන්තාවක් ලෙස මම මෑත කාලයේ වැඩියෙන්ම සතුටු වුණ දවස අදයි.අදහස් දක්වන බොහෝ දෙනාගේ අදහස අනුව පොදු සමාවක් ලැබුනොත් එය බොහෝ සිද්ධි වල අවසානය වේවි. (නි)
අද දුප්පත් මිනිහෙක් වුණා නම් ජීප් එකට දාන්නේත් තල්ලු කරලා.මීට වැඩිය හොඳයි පොලිස් මාමලාගේ කලිසමෙන් මුහුණ වැහුවා නම් (නි)
මේ වගේ අයට මෙහෙම තමි දෙන්න ඕනෑ. එහෙත් අවුරුදු 40ම දෙන්න තිබුනේ. මේ ඔක්කොමත් හරි. මේ පොලිසියේ අයට මේ වගේ කෙනෙක්ගේ මුහුණ වහන්න තරම් මොකක්ද තියෙන උවමනාව? (නි)
මරණිය දඬුවම නොදීපු එක හොඳයි. ටිකකාලෙකට පස්සේ විශේෂ සමාවක් හෙම ලෑස්ති කර ගන්න බැරිවය?(නදී)
දඩුවම මදි කියලා තමයි මට නම් හිතෙන්නේ. (නි)
දැන් සමහරුන්ට මොනවද දන්නේ නැහැ කියන්න තියෙන්නේ? (නි)
පොලීසිය මුහුණ වහන්නේ මහ ජනතාව බලාගනී කියලද? (නි)
ඔහොම යං සභාපති තුමා . අවුරුදු 20 යන කොට අපේ අයට ඕව මතක නැහැ . සමහර විට ඒ වෙනකොට ස්ත්‍රී දූෂණය නීති ගත කරලා තියෙන්නත් බැරි නැහැ . එලියට ඇවිල්ලා චන්දෙ ඉල්ලන්න රට වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරන්න ගිහිල්ල හිරේ වැටුන කියල . ඒ වෙනකොට පාර්ලිමේන්තුවක් කියල එකක් තිබුනොත් ආසනයක් ෂුවර්. (නදී)
කොන්ඩෙ විලාසිතාව මරු රු නේද? සැලූන් එකක් දැම්ම නම් හොද අනාගතයක් තියේවි මේ වගේ මැරකම් නොකර. දැන් ඉතින් වන්දි ගෙවයි සැපට හිරේ ඉඳන්. තුන් වේලට බුරියානි හම්බ වෙයි වගේ යන විදිහට.(නදී)
මුහුණ වහන්නේ පොලිසියෙන් නෙමෙයි, බන්ධනාගාර නිලධාරින් නේද? (නි)
පොලිසියට මේ නරුමයගේ මුණ වහන්න තිබුනේ තොප්පියෙන් නොවෙයි ඇදගෙන සිටින කාකි කලිසමෙන් (නදී)
අම්මලා තමන්ගේ පුතාලාට කුඩා කල සිටම කාන්තාවන්ට ශීලාචාරව සලකන්න උගන්නන්න ඕන. බවලතුන් කියන්නේ තමන්ට ඕන හැටියට පරිහරණය කරන්න පුළුවන් සෙල්ලම් බඩු කියලා එහෙමත් නැතිනම් කැමති විදියට භාවිතා කරන්න ලයිසන් තියනවා කියලා පුතාලාට හිතන්න ඉඩ නොතියන එක සෑම අම්ම කෙනෙක් ගේම වගකීමක්. සමහර අම්මල තමන්ගේ පුතා නිසා කාන්තාවකට අසාධාරනයක් සිදුවුනත් "ආ ඕවා කොලු කමට කරන වැඩ ඕවා කවුද ගණන් ගන්නේ" කියලා තමන්ගේ පුතාව බේරනවා. ගෙවල් වලත් සහෝදරියන්ට ගහන්න බනින්න පුතාලට බලපත්‍ර දීලා. ඉතින් පිරිමි ළමයින් හිතන්නේ තමන්ට ඕනෑම වෙලාවක ගෑනු කෙනෙකුට අත උස්සන්න පුළුවන් අයිතියක් උත්පත්තියෙන්ම ලැබිලා තිබෙනවා කියල. අද සමාජයේ ස්ත්‍රී දුෂණයක් සිද්ධ වුනොත් ඒ අපරාධයේ භාගයක් වගකීම ඒ දුෂකයාගේ අම්මත් භාරගත යුතුයි. ඒ මොකද කාන්තාවකගේ ශරීරයේ අයිතිය ඒ කෙනාට බව සහ බලහත්කාරකම් කිරීම පිරිමි කමට මදි කමක් බව ඒ අම්ම තමන්ගේ පුතාට උගන්නලා නැති නිසා. (නදී)
දරුණු ගණයේ අපරාධකාරයෙක් හිරගෙට ගෙනියද්දී පොලිසිය ඔහුගේ මුහුණ ආවරණය කරන්නේ කුමන පදනමක් උඩද? මේ වාගේ අපරාධකාරයින් ඡායාරූප අරගෙන අපරාධකාරයෙක් කියලා ප්‍රසිද්ධ කළයුතුයි. පොලිසිය මඟින් අපරාධකාරයෝ වසන් කිරීමෙන් සමාජයට දෙන ආදර්ශය මොකක්ද? (නි)
කෝ මේ අදහස් දාන අපේ ලංකා තිලක් උන්නැහේ ? වික්ටෝරියාට වස් කවියක්වත් කියවන්න ගියාවද්ද ? අපේ තිලකෙට කාන්තා පාර්ශවය පෙනෙන්න බැහැනේ. (නි)
අනේ ඇත්තට අර කඩන් වැටිච්ච යානාවක් වත් මේ වාහනේ උඩට වැටුනේ නැත්තේ ඇයි? (නදී)
මේ ගොල්ලන්ට නෝනලා නැතිව ඇති . නැතිනම් බයක් සැකක් නැතිව කිට්ටු වේවිද ? (නදී)
අනුන්ගේ ජීවිත ගැන වටිනාමක් දන්නේ නැති අය. තමන්ගේ අම්මාට, සහෝදරියට ඔය වගේ උනානම් මොකද වෙන්නේ කියා සිතන්න තිබුනා (නදී)
මෙයාගේ මුහුණේ කිසිම දුකක් නැහැනේ හරියට ඩුබායි ෂොපින් යන්න යනවා වාගේ.(අ)
අභියාචනයක් ඉදිරිපත් කරයිද දන්නෙ නැහැ (නි)
හරියට තමන්ගේම කලිසම ගලවා හිරකරයාගේ මුහුණ වැහුවා වගේ නේද? (නි)
කැමරා වලට බධා වුණා කිීවට මේ තියෙන්නේ හොදටම. (අ)
කෝ මේ අපේ කාන්තා දේශපාලක නෝනලා. පක්ෂ විපක්ෂ බේධයෙන් තොරව මම අහන්නේ , දැන් මේ ස්ත්‍රී දුෂණයට විරුද්ධව ප්‍රසිද්දියේ කතා කල එක්කෙනෙක් වත් ඉන්නවද ? හැබැයි ඔක්කොම ඡන්දෙ ඉල්ලනකොට කියන්නේ කාන්තාවන්ට විමුක්තිය ලඟා කර දෙනවා කියලා. විදේශික කාන්තාව පැත්තකින් තියමුකෝ. දැන් හැම තැනින්ම ආරංචි වෙන අපේ රටේ අනිත් කාන්තාවන්ට සිදු වෙන අතවර සම්බන්ධයෙන් වත් ඔබතුමිලා කතා කරනවද ? (නදී)
මේ තමන්ගේ රාජකාරි නිල ඇදුමේ කොටසක් වන තොප්පිය ගලවා සිරකරුවෙකුගේ මුහුණ ආවරණය කළ නිලදාරියා ගැන තීරණයක් ගතයුතු නොවේද? (නි)
සුද්දෝ තමා මේ රට කෑවෙ ,, වුණ් විනාශ කරපු සංස්කෘතිය සදාචාරය දැන් ඒ අයටම සලකවා අපේ පුරාණ සිංහලයෝ මේවගේ අසික්කිත වැඩ කළේ නෑ (අ)
ඔය දඬුවම ක්‍රියාත්මක වෙනකොට බරපතල වැඩ ඇතුව කියන එක වෙනස් නොවුණොත් බොහොම හොඳයි (නි)
මේ අයගේ මුහුණ වහන්න මෙච්චර පොරකන්නේ ඇයි ? අපරාධකාරයන්ගේ මුහුණූ සාමාන්‍ය මිනිසුන්ට බලාගන්න සැමතැනම බලාගන්න ප්‍රදර්ශනය කළ යුතුයි (නි)
මේ නිලධාරින්ට ආයෙත් දෙන්න ඕනෑ අර පරණ තොප්පිය. ඒකෙන් හොඳට මුහුණ වහන්න පුළුවන්. (නි)
සත්ගුණවත් පින්බර අපේ සභාපතිතුමා... බලන්න අතේ තිබෙන පිරිත් නුල් සෙට් එක. කවුද විශ්වාස කරන්නේ මේ වගේ වැඩක් කරයි කියලා. (නි)
මම නම් කියන්නේ අම්මලා පිරිමි දරුවන්ට කුඩා කාලයේ සිට කාන්තාවන්ට වැදගත් විදියට ශීලාචාරව සලකන්න පුරුදු කරන්න ඕන. ඒ දේවල් ගෙදර පරිසරයෙන්ම ලැබෙන්න ඕන දෙයක්. ගෙදර අම්ම තමන්ගේ පුතා කාන්තාවන්ට නොමනා වචනයකින් හරි කතා කරනවා දැක්කොත් ඒ වැරැද්ද එවලේම පෙන්නලා දෙන්න ඕන. නැතිව ඕවා හැම කොල්ලම කොලු කමට කරන වැඩ කියලා කරබාගත්තොත් මෙන්න ඇති වෙන ප්‍රතිපල. කිසිම පිරිමියෙක් එක පාරටම ස්ත්‍රී දුෂණයකට පෙලඹෙන්නේ නැහැ. ඒ දේවල් වැරදි කියලා පවුල් පරිසරයෙන් විශේෂයෙන්ම තමන්ගේ අම්ම ගෙන ඉගෙන ගත්තේ නැතිනම් වැඩක් නැහැ. (අ)
සමහරු හිතන්නේ දේශපාලන බලය කියන්නේ කාන්තාවන්ට බලහත්කාරකම් කරන්න ඉඩ ලබාදෙන බලපත්‍රයක් කියලා. (අ).
කවුරුත් කලබල වෙන්න ඕනෙ නැහැ.ඔය රාලහාමිලගේ තොප්පිය තියෙන්නෙ ඕව වහන්න තමයි.(අ)
තොප්පියෙන් වහන්න තිබුනේ මුණ නොවෙයි. කරපු වැඩ වලට (අ)
සාධාරණ තීන්දුවක්.නමුත් මට හිතෙන හැටියට මෙයා අභියාචනයකින් දඬුවම අඩුකර ගනීවි.මීට පෙර මරණ දණ්ඩනය නියම වුණ කීදෙනෙක් එළියේ ඉන්නවාද?? (නි)
මට නම් මේ තීන්දුව ගැන සෑහීමකට පත්වෙන්න අමාරුයි (නි)
සත් ගුණවත් බන්දනාගාර නිලධාරී තුමා හිරේට නියමවූ මිනීමරු ස්ත්‍රී දුෂකයෙකුට දෙන්නේ එසේ මෙසේ ගෞරවයක් නම් නෙමේ. ඔහුගේ රාජකාරි නිල ඇඳුමට අයත් තොප්පිය ගලවා මේ ආරක්ෂාව ලබාදෙන්නේ කාටද? මෙවැනි නිලධාරීන් ගැන අපි සිතන්න ඕන මොන විදිහටද? මෙහෙම කරන්න ලජ්ජා නැද්ද? (අ)
අධිකරණය නීතිය අකුරටම... එහෙත් ඉහළින් ඉන්න අය අතේනේ නිදහස තියෙන්නේ බැලුවහම (නි)
වීරේ - එදා නොකරපු වැඩ දැන් දුසින් ගණන් වෙනවා. ඔයා ජීවත් වෙන්නේ තාම සුද්දෝ පාලනය කරන කාලේ වගේ. පොඩ්ඩක් නින්දෙන් නැගිටලා බලන්න වට පිට. (අ)
දාපු සිරස් තලයට අපේ ප්‍රණාමය (අ)
මේ තරුණ පුද්ගලයාට මෙහෙම වුණේ ඇයි? බලයයි සල්ලි තණ්හාවයි නිසා මේවට ආවට සුදුසුකම් නැහැ. හරි මිනිසුන්ට නාමයෝජනා දෙන්න රට ජාතිය ගැනවත් හිතලා. (නි)
මේ පාපතරයන්ට මීට වඩා දඬුවමක් දෙන්නයි තිබුනේ. (නි)
සමාවක් වුණත් ලැබෙන්න ඉඩ තියෙනවා කියලා මට හිතෙනවා (නි)
බන්ධනාගාර නිළධාරීන් වගේ තමයි ලංකාවේ ඉන්න ගොඩක් දේශපාලකයන්ට මුට්ටි අල්ලලා තැනක් ගත්ත අය. බොහොම හොඳ සිරස්තලයක් (අ)
පොලිස් කාරයෝ මේවගේ පාහරයන් රකින්න ලොකු උනන්දුවක් දක්වනවා. රට ජාතිය බුද්ධාගම රකින්න ඕන තැනේදී මග හරිනවා. (අ)
තීන්දුව ගැන සතුටුයි (නි)
සාධාරන නඩු තීන්දුවක් (නි)
නොදන්නා හින්දයි අහන්නේ.රෝයල් පාර්ක් චූදිතයාට මරණ දඬුවම දුන්නා.සාක්ෂි තිබිලත් ඇයි ඉතින් මේ අවුරුදු 20ක්? (නි)
අනේ! පරිස්සමින් අරගෙන යන්න (නි)
බන්ධනාගාර නිලධාරි මහත්තයට ලජ්ජා නැද්ද, මේ වගේ අපරාධ කාරයෙකුගේ මුහුණ ආවරණය කරන්න, තමුන්ගේ රාජකාරි හිස් වැසුම පාවිච්චි කරන්න.තමුන්ගේ රාජකාරිය ඔය විදියට බාල්දු කරන්න එපා සහෝදරයා. මේවගේ අධමයින්ව රටට හොඳට පෙන්වන්නයි ඕනේ. (අ)
දැන් මෙතන කවුරුහරි කියයිද දන්නෙ නැහැ කුහක වෙන්න එපා, පාරවල් හැදිලා ශ්‍රී විභූතිය වෑහෙන විදියට මේක මොකද්ද කියලා. (නි)
තොප්පියෙන් මුහුණ වහන්න හදන කෙනා කවුද?(අ)
ඇයි උන්ව අල්ලන්න බැරි (නදී)
පස්සේ දවසක පොදු සමාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවද දන්නෙත් නැහැ (නි)
මුළු මහත් ශ්‍රී ලාංකීය ජනතාවම වෙනුවෙන් මේ නිලධාරීන් සදහා වහාම විනය ක්‍රියාමාර්ගයක් ගන්න මෙන් ඉල්ලාසිටිමු..! (අ)
මොනවා වැහුවත් එයාගේ සේරම එළියේ. මේ අයට එ්ක පෙන්නේ නැතුව ඇති. ලෝකෙටම පේනවා.(අ)
මෙයාගේ අතේ පිරිත් නූල් 15ක් විතර බැඳලා නේද? (නි)
අනේ රකිත් නරක ඇසුරට වැටෙන්න කලින් තමයි ඒ දේවල් නරකයි කියලා වලක්වා ගන්න ඕන. ඒක අම්මලා ගේ ප්‍රධාන භූමිකාව. එහෙම නැතිනම් නම් ඔක්කොම මේ රටේ පිරිමි ස්ත්‍රී දුෂකයෝ වෙන්න ඕන. තාත්තලාට වඩා දරුවන් එක්ක හැදෙන වැඩෙන කාලයේදී අම්ම තමයි වැඩි කාලයක් ගත කරන්නේ. ඕනෑම අපරාධයක් සිද්ධ වුනාම සමාජයට වැරැද්ද දාල බේරෙන්න පුළුවන් ද ? එතකොට මොනවාටද දෙමව් පියන් ඉන්නේ ?(අ)
ශ්‍රි ලංකාවේ වර්තමාන තත්ත්වය අනුව මෙම තීන්දුව අභියාචනාධිකරණයට යොමු වේවි. (නි)
රකිත් , නාමලී ගේ කතාවේ ඇත්තක් තිබෙනවා. ගෙදර අම්ම ලාට ලොකු වගකීමක් තියනවා තමන්ගේ දරුවන්ව වරදින් මුදවන්න .(අ)
ලංකාවේ ජීවත්වෙන මගේ තාත්තාත් කියනවා දැන්මම සතුටු වෙන්න යන්න එපා කියලා (නි)
රකිත් ඔයා කොහොම කිව්වත් ස්ත්‍රී දුෂකයෙකුගේ අම්මට දුෂණයට ලක් වූ ස්ත්‍රියගේ අම්මාගේ මුහුණ කෙලින් බලන්න පුළුවන් ද කියන්න. (අ)
තොප්පියෙන් වැහුවේ මොකද දන්නෙ නැහැ (නි)
තොප්පියෙන් මයිනෙක් කියල කක්ක ගොඩක් වහගෙන හිටපු බන්ධනාගාර නිලධාරියාගේ කතාව මතක් උනා. ඔය තොප්පිය ඇතුලේ හංගගෙන තමයි ජරාව ඇතුලට ගෙනියන්නේ. පරිප්පු සීනි ටික පන්නන්නෙත් ඕකෙන්ම තමයි. (නදී)
මීට පස්සේ දහම් පාසල් වල උගන්නන්න ගුරුවරු බඳවා ගන්න විට සෑහෙන්න සැලකිලිමත් වෙන්න වේවි. චෝදනා ඔප්පු වුන එක්කෙනෙක් දහම් පාසල් ගුරුවරයෙක් වුන උපාධිදාරියෙක් ලු නේ. එල්ලෙන්න තැනක් නැති වුනාම අන්තිමේ පන්සලේ ගේට්ටුවේ තමයි එල්ලුනේ. (අ)
මේ නිලදාරීන් මේ තොප්පිය තමන්ගේ ගරුත්ව සදහා නැවත ඔලුවේ පලදාගන්නේ කොහොමද. (නදී)
කල පව් පලදෙන්කොට ඔහොම තමයි චන්ඩිකම් දාගෙන හිටියට වැඩක් නෑ බරපතල වැස එක්කම තිබුනා නම් ගොඩක් හොඳයි (අ)
මේ නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියලා මට හිතෙනවා. (නි)
මෙම දීන නිලදාරියා ගැන බන්දනාගාර දෙපාර්තමේන්තුව නැවත සිතා බැලිය යුතුයි. නැත්නම් ගණිකාවන්ගේ නිරුවත වහන්න මේ නිල ඇදුම පාවිච්චි වෙන දවස වැඩිදුර නැහැ (නදී)
නීතිය අවශ්‍ය තැන ක්‍රියාත්මක කරන්න පුළුවන් බව මේකෙන් පේනවා. ශ්‍රි ලාංකිකයන්ටත් නීතිය ක්‍රියාත්මක කරනවා නම් හොඳයි. හැමෝටම විදේශ සම්බන්දතා නැහැනේ. (නදී)
වීරේ, සුද්දන්ගේ අඩුපාඩු තිබෙනවා. ඒත් මෙහෙම වැඩ කරන්නෙ නැහැ (නි)
අවුරුදු 20 ද ? එතකොට එලියට එනකොට මෙයාට 45 යි පරිණත මිනීමරුවෙක් වෙලා ඉඳිවි (නදී)
අපේ මල්ලි සාපෙළ කරලා ගෙදර ඉන්න කාලේ ගමේ ළමයි එක්ක කට්ටි පනින පුරුද්දක් ඇති කර ගත්තා. අපේ අම්ම මල්ලිගේ උස බලන්නේ නැතිව කන හරහා පාරක් දීල රස්තියාදුව නවත්ත ගත්තා. එදා ඒ ගැන්සියට වැටුන එක ළමයෙක් අවුරුදු ගණනාවකට පසුව හොරකමකට හිරේ ගියා. රකිත් කියනවා වගේ මොනවා හරි වුනාට පස්සේ සමාජයේ වැරැද්ද කියලා කියන්න පුළුවන් කියලා අපේ අම්මත් මල්ලිගේ වැරදි ඉදිරියේ කරබා ගත්තා නම් අද අපිට මල්ලි කෙනෙක් නැහැ. (අ)
වික්ටෝරියාගේ තුවාල ගැන අධිකරණ වෛද්‍ය වාර්තාව එක ලිපියක දාලා තිබුණා දූෂණය කරලා විතරක් නෙවෙයි පපුව සපා කාපු තුවාල තිබුණා කියලා. ඒකේ තිබුණා .සමහර තැන් මිරිකලා ගොඩක් තලලා වගේ තිබුණලු පව් දෙවියනේ අහිංසක කෙල්ලක්නේ. මේකා මිනිහෙක් නෙවෙයි තිරිසනෙක් (නදී)
පිස්සෙකුට පිස්සුව වැඩිවී කරපු පිස්සු වැඩකට උදවූ කරපු පිස්සන්ටත් දඩුවම් ලැබීම හොද ක්‍රියාවක්. (නදී)
ස්තුතියි විනිසුරු තුමියනි. (නදී)
දඬුවම හොඳටම මදි මගේ හිතට නම් (නි)
දරුවකු වැරදි කළවිට හරිහැටි කරුණු සොයානොබලා හැමවිටම දෙමව්පියන්ට, විශේෂයෙන්ම මවට චෝදනා කරන සිරිතක් අප බොහෝ දෙනා අතර ඇත. එය සාධාරණ නැත. අපරාධකාරයකු බිහිවීමට විවිධ කරුණු බලපායි. එය හුදෙක්ම මවගේ වරද නිසා නොවේ. මෙය මගේ මතයි. විජේ, අජන්ත, ජයනි, අජිත්, අමල්, ඔබගේ ප්‍රතිචාර වලට ස්තුතියි. මගේ මතයට එකඟවීමට හෝ නොවීමට ඔබට ඇති අයිතියට මම ගරු කරමි. (නි)
ලංකාවේ අය පිටරටදී මරා දමනවා. ඒත් ඒවාට කවුරුත් කතා කරන්නේ නැහැ. (නි)
මරණ දඬුවම දෙන්නනේ තිබුණේ. (නි)
විනිසුරුවරියට අපේ සුබ පැතුම්. ජාත්‍යන්තරයට පෙන්වන්න ඉතාමත් හොඳ තීන්දුවක්.(නදී)
මෙම තීන්දුව ලෝකයේ අවධානයට ලක්වෙන තීන්දුවක් (නදී)
ඔය කවුරු කොහොම ප්‍රතිචාර දැම්මත් මම නම් විශ්වාස කරන හැටියට ඔවුන්ට නීතිය අකුරට ක්‍රියාත්මක වුණේ බ්‍රිතාන්‍ය ජාතික යුවලක් නිසා කියලයි (නි)
ඡන්දෙන් පස්සේ එළියට ගනියිද ? (නදී)
අපරාදේ කියන්න බැහැ, දේශපාලනයට නම් කියාපු පුතා. (නි)
මෙයාට ලස්සන කොණ්ඩ මෝස්තරයක් එහෙම තියෙනවනේ. උසාවියට ගිහින් තියෙන්නේ පාටි එකකට යනවා වගෙයි. පොලිසිය මෙයාව ඇතුළේදීත් මේ විදියට ආරක්ෂා කරයිද මන්දා. මාධ්‍යවේදින්ට ඡායාරුප ගන්න නොදී ආරක්ෂා කරන විදියෙන් එය ඉතා පැහැදිලියි. (නි)
නිලධාරීන් කියලා ඇවිල්ලා ඉන්නේ පුදුම ටිකක්නේ (නි)
කිසිම කෙනෙකුට තමන් කළ සමාජ විරෝධී වැඩ, මේවා මගේ අතින් සිද්ධ වුණේ සමාජයේ නරක ඇසුරට වැටුන නිසා කියලා ඇඟ බේරාගන්න බැහැ. (නි)
බොහොම හොඳ තීන්දුවක් (නි)
හිනාවෙලා යන්නේ තව ටික දවසකින් එළියට එනවා වගෙයිනේ (නි)
රෝහිනී වල්ගම විනුසුරුවරිය එතුමියට මගේ ප්‍රණාමය පුද කරමි ! (අ)
බන්ධනාගාරයට යන අතරේ හොඳ කන්ටේනර් එකකවත් හැපෙනවා නම්...මඟමරු දෙවියනේ, අල්ලාගන්න මඟදීම. (නි)
මෙයාට තව ටික කලකින් සමාව දෙවි ,හිරේ ඇතුලේ සැප දෙවි . (අ)
මෙයා අරගෙන යන විදිය දැක්කහම මට හිතෙන්නේ, බන්ධනාගාරයට වැරදිලා ඇහිලා තියෙන්නේ බරපතල සැප සහිත සිරදඩුවම් කියලා වගෙයි කියලයි. (නි)
හතලිස් වසර වෙන කම් දුන්නා නම් හොඳයි එලියට නොඑන්නම. සාධාරණ තීන්දුවක් මේ වගේ අදමයන් නැතිකරන්න (නදී)
අසාම්, රෝයි, ලලනි සහ තරිදු ලියා තිබෙන දේ ඇත්ත. (නි)
සන්තෝසයි. තවමත් ලංකාවේ නීතිය ඉතුරු වෙලා තියෙනවා එහෙනම් (නදී)
ගෙදර හිටියට වැඩිය සැප ලැබෙයි. සැප කාමර පිටින් කෑම, ඔය සේරම ලැබෙයි (නදී)
ඇපිල් එකක් දානවද නැද්ද කියල කල්පනා කලේ. වැඩි තන්හාවට ගිහින් වැඩේ රෝයල් පාර්ක් කර ගන්නවද පෙර වැරදිත් නැති නිසා දඩුවම ගෙවලා හෝ යහපත් කල් ක්‍රියාවෙන් ඉදල දඩුවම් කාලය අඩු කරගෙන එලියට එනවද?. අනේ මේ මම හිතන හැටි නෙමෙයී. සභාපති තුමාට හිතෙනවා කියල මට හිතෙන දේ. (නදී)
ඔයා හරියටම හරි අහිංසා (නි)
මේ වගේ වැරදි කරන අයට නම් දඩුවම කරන්නම වෙනවා (නදී)
සාධාරණ නඩු තීන්දුවක් (නි)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න පුලුවන් නම්.... (නි)
මේ වගේ මිනිස්සුන් එල්ලලා මරන්න ඕනා (නදී)
අපි බලමු පෙබරවාරි 4 වෙනිදට මොනවද වෙන්නේ කියා (නදී)
කෝ මේ ලංකා තිලක්? තාම තුන් ලෝකෙම ඉන්න බවලතුන්ට බැනගෙන වැඩ පටන්ගත්තේ නැහැ වගෙයි. දැන් මේකටත් කියයිද දන්නෙ නැහැ ස්ත්‍රී දුෂණය වගේ ක්‍රියාවන් වෙන්නේ මේ ලෝකයේ බවලතුන් පහළ වුණ නිසයි කියලා. (නි)
පොලිස් කට්ටිය හොඳට ලැජ්ජා වුණා නේද වහන්න ගිහිල්ලා? (නි)
බන්දුල නියම කතාවක් කියනවා. මම හිතන්නෙත් සභාපති එහෙම සිතනවා ඇති කියලා. (නි)
ටික කලකින් පොදු සමාව. අර මැතිතුමාගේ බිසවට වගේ. (නදී)
හිතේ ආවේගයට මොනවා කිවුවත්, කට්ටියටම අමතකවෙලා මේක ලංකාව කියලා. (නි)
මම අනිවාර්යෙන්ම ඡන්දෙ නොදී ඉන්න හිටියෙ ඊලඟ මැතිවරණයේදී (නදී)
වැරදි දෙකටම 40 වසරම හිරේට යවන්න පුලුවන් නම් හොඳයි. (නි)
එල්ලුම් ගහ ගැන මොන කතාද? (නි)
රකිත්, මවුපියන් සමාජ විරෝධී වැඩවලට අනුබල නොදීම විතරක් මදි. ඒවායේ ආදීනවත් පිරිමි ළමයින්ට දැනුම් තේරුම් තියෙන වයසට ආවාම කියාදෙන්න ඕනෑ. (නි)
මම බලාගෙන ඉන්නේ අභියාචනාවෙදී මේ තීන්දුවට වෙන දේ ගැන (නි)
අධිකරණය නීතිය අකුරටම ක්‍රියාත්මක කරලා තියනවා. (අ)
අභියාචනයක් ඉදිරිපත් කරයිද දන්නෙ නැහැ. බලමුකෝ මොකද වෙන්නේ කියලා. (නි)
මිනි මරුපු අය එල්ලුන්ගහේ යනවා නේද? (නදී)
ඇපෑලක් දාල මරණ දඩුවමටම ගියොත් හොදයි නේද? රටටම අපකීර්තිය ගෙනදුන් චන්ඩි. (අ)
තංගල්ල ජනතාවට (සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ) ජය වේවා! (නි)
ඔයා නම් හරියට කිව්වා (නදී)
විනිසුරුතුමාට ප්‍රණාමය! හොඳ තීන්දුවක් (නි)
මහත්තුරු වගේ ඇන්ඳාට වැඩක් නෑ.මහත්තුරු වගේ ජිවත් වෙන්නත් ඉගනගන්න ඕනේ.වැරදී කලානම් දඬුවම් ලැබෙන්න ඕනේ. (අ)
ඉදිරියේදී මෙම වසර ගණන අඩුවක් නම් නොවේවා! (නි)
සමහර පොඩි වැරදි වලින් අම්ම ල පුතාලව බේරා ගන්න නිසා කාලයක් යනවිට මහා වැරදි කරන එක නවත්තන්න බැහැ. අපේ ප්‍රදේශයේ එක්තරා පොහොසත් තැනක තරුණ පුතා අතින් ගෙදර මෙහෙකාරිය ට වරදක් සිදු වුනා . අම්ම පුතාව බේරාගෙන තරුණිය ගෙදර රියදුරාගේ ඇඟේ ගසා කසාද බඳවා කෙසේ හෝ ඈත පළාතකට පිටත් කළා. දැන් ඒ පුතා ආයතනයේ සේවිකාවකට ලිංගික බලපෑම් කිරීමේ වරදට ඔප්පුවී සේවයෙන් පහ වෙලා . කාගේද වැරැද්ද කියල පාඨක ඔබම තීරණය කරන්න. (අ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියා තේරෙන්නේ නැහැ (නදී)
අනේ සාදු ! ලංකාවේ නීතිය මෙහෙම හරි ඉතිරි වෙලා තියන එක ගෙන ගොඩක් සතුටුයි. මට තියන අනිත් ප්‍රශ්නේ මෙයාලගේ යහපත් කල් ක්‍රියාව කියල තව අවුරුදු 5න් එලියට දායිද දන්නේ නෑ... ඇයි අනේ ජනාධිපති සමාව... නිදහස් සැමරුම් සමාව.... වෙසක් පෝය සමාව.... මේ වගේ එකකට අහුවෙලා එලියට ඒවිද කියලා (නදී)
පොදු සමාවක් නම් දෙන්න එපා මේ වගේ අය නිසා ලංකාවට කොච්චර අපකීර්තියක් වුණාද? (නි)
පොලිස් නිලධාරීන් ඔවුන් ආරක්ෂා කරන්නේ කුමන හේතුවක් මත්තේ වුවද, ඔය වගේ මිනිසුන් ප්‍රසිද්ධියේ ගෙනයාමත් පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමටද අගෞරවයකි (නි)
පොලිසියේ අය තොප්පිය අහකට ගන්න බයද? (නි)
මොවුන්ව පෝරකයට යවනවා නම් තමයි මම සතුටු (නි)
කතාව ඇත්ත අමාලි, මෙයා රිමාන්ඩ් එකේ හිටියෙත් රජ සැප පිටනේ. අපරාධකාරයෝ හංගගන හිටපු බලවතුන්ටත් දඩුවම් ලබා දිය යුතුයි (නදී)
කතාව ඇත්ත අමාලි. මෙයා රිමාන්ඩ් එකේ හිටියෙත් රජ සැප පිටනේ. අපරාධකාරයෝ හංගාගෙන හිටපු බලවතුන්ටත් දඩුවම් දෙන්න ඕනේ (නදී)
අපේ රට අප්‍රසාදයට පත්කරන හැම අයෙකුටම මේ විදියට දඩුවම් ලබාදෙනවා නම් හොඳයි (නි)
නිතිය හරියට ක්‍රියාත්මක වීම නිසා සතුටු වෙනවා (අ)
ගරු අධිකරණයට අපගේ ගෞරවනීය ආචාරය! අර මූහුණ වහන අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
මේ වගේ අයට එල්ලා මැරීමේ දඩුවම දෙන්න ඕනෑ. (නි)
හොඳ තීන්දුවක් කාලෙකට පස්සේ. තවත් දැඩි කලා නම් තමයි හොඳ. කමක් නැ ලද දෙයින් සතුටු වෙමු. (අ)
රටම අපකීර්තියට ලක්කල නරුමයාට දුන් තීන්දුව සාධාරණයි. අධිකරණයට ජය වේවා! (අ)
තවත් මේ වැනි දූෂණ,මිනිමැරීම් අයුතු ලෙස මුදල් ඉපැයිම් කරන්න හිතාගෙන ඉන්න දුෂඨ මිනිසුන් මෙය ආදර්ශයට ගත්තොත් ඔවුන්ට වැඩ දායකවෙ. (අ)
අර තොප්පියෙන් මුහුණ වහන අයට සහෝදරියක්වත් නැද්ද දන්නෙ නැහැ (නි)
මෙවන් අයට සබාපති වෙන්න ඡන්දෙ දුන්නේ කව්ද (නදී)
කිසිම වැදගත්කමක් මට නම් පෙනෙන්නේ නැහැ ඉසුරන්දි. (නි)
මේ වගේ අධමයන්ට දෙන්න ඕන දඬුවම මට මතන ලියන්න බැහැ. (අ)
බන්දුල පෙරේරා, මම නම් කැමතියි එයාල වැඩේ රෝයල් කර ගන්නවා නම්. (අ)
මෙමගින් මෙවැනි වැඩ කරන අනෙක් හාල්පාරුවොත් පාඩමක් ඉගෙන ගත්තොත් එය රටටත් සමාජයටත් රජයටත් යහපතක් වේවි.(නදී)
වරදකරුවෙකුට පොලිසියේ අය පක්ෂද? (නි)
පොලිස් විතරක් නෙමෙයි ධර්මේ,ජේලර් ගාර්ඩ්ලත් හොඳට සළකනවා (නි)
දැන් ඉතින් තීන්දුව ලැබුණානේ.තව මාසයකින් දෙකකින් සියල්ල අමතකයි. (නි)
දැන් ඉතින් ටයි කෝට් ගලවලා ජම්පරේ ඇඳගෙන වැඩ කරන්න වෙයි. කන්න නම් ඇතුළේ වෙලාවට දෙයිනේ. (නි)
ගොඩක් සතුටුයි (නි)
මියගිය කෙනා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නොවුනා නම්, මෙයා තාමත් සභාපති පුටුවේ. බ්‍රිතාන්‍ය රජයත් මැදිහත් උන නිසා දෙවි ගොල්ලන්ගේ අනුහස් ලැබිල නැහැ වගෙයි.(නදී)
නියමයි මේ පාර නම් අධිකරණය නියමෙට වැඩ කරලා (නදී)
තවත් දූෂිත දේශපාලකයෙක් වෙන්න ගමන ආරම්භ කරපු මෙයාට අධිකරණයෙන්ම නීතියෙන්ම තිත තියන එක හොඳයි. (නදී)
සමාව ලැබිලා එනවා නේද එළියට (නදී)
මට නම් පුදුමයි අදිකරණය ගැන හැම දේම මෙහෙම වෙනවා නම් හොඳයි (නදී)
මෙයා හිරේ ඉන්නේ අවුරුදු 20නේ. අපරාදේ! මරණ දඩුවම දෙන්න තිබුණේ (නි)
පේනවනේ කට්ටිය දෙන 'සපෝර්ට්' එකේ තරම. තවත් පිරිහෙන්න දිශාවක් නැහැ (නි)
කොහොම වුණත් මේ පුද්ගලයාට ළමා සහ නව යොවුන් කාලයේදී තමන්ගේ පවුලෙන් නිසි මඟපෙන්වීමක් ලැබුණේද යන්න සැකසහිතයි (නි)
අනේ! ලබන වෙසක් එකට මේ අහිංසකයන්ව නිදහස් කරලා දෙන්නකෝ! (නි)
ලංකාවේ කෙනෙකුට වුණා නම් ඒත් මෙහමම කරයිද? (නි)
මුහුණ වහන්න තිබුනේ තොප්පියෙන් නෙමෙයි,ඇඳගෙන හිටපු කලිසමෙන්. (නි)
මොහු අනිවාර්යයෙන්ම වරදකරු වෙනවා කියලා මම ගියපාර අදහස් දැම්මම සමහරු ලියලා තිබුනා ඒක වෙන්නෙ නැහැ,දේශපාලන බලයෙන් මොහු නිදහස් වෙනවා කියලා. අපේ රටේ අධිකරණය ගැන විශ්වාසයක් අපිට තියන්න පුලුවන්. මේක ඒක ඔප්පු වූ තවත් අවස්ථාවක්. නමුත් ප්‍රශ්නය වන්නෙ පොදුසමා වැනි දේවල් යටතෙහි ලැබෙන නිදහසයි (නි)
යන උජාරුව! හිතේ හොඳ වැඩක් කරලා යනවා කියලා වෙන්න ඇති (නි)
මේ වගේ මිනිස්සු හරිනම් ලෝගුව අන්දවලා ගේන්න තිබ්බේ උසාවියේ ඉදලා.තව ටයි බයි දාගෙනත් එන උජාරුව විතරක්.(අ)
අභියාචනයට යයි, ඊටපස්සේ එක්කෙනක් නිදහස් වෙයි,අනිත් අයගේ දඩුවම් කාලය අඩුවෙයි (නි)
තව දින 365ක් ඉවසලා බලමු. (නි)
අර ලංකා තිලක් කොහෙද දන්නේ නැහැ. මේවාට ආවඩන අය ඉන්න නිසා තමයි මෙහෙම වෙන්නේ. (නි)
බලයෙන් උමතුව දඟලන අය බලාගෙන. දැක්කාද ලෝක ධර්මතාවය? කට්ටිය දැන් වෙව්ලනවා ඇති. (නි)
මේ සැරෙත් ඡන්දේ දෙමු (නදී)
මූණේ කැත , මහ ජරා පෙනුමක්නේ මෙයාට තියෙන්නේ.ෆොටෝ ටික කැත වෙන හින්දා මේ පොලිසියෙ මහත්වරු ටික මේ නරුමයාගේ මූණ වහන්න දඟලනවා.මේ අය ඇඳන් ඉන්න නිළ ඇඳුම් ටික ගලවලා ඒවගෙන් මූව වහගෙනම අරගෙන ගියා නම් මීට වඩා හොඳයි (අ)
දැඩි දඬුවම් ලබාදුන් නීති ආයතනවලට වගේම නීතිය ක්‍රියාත්මක කළ හැමටම රටේ පොදු ජනයා හැටියට අපේ ගෞරවය ! (නි)
එතකොට හෝටලේට කරපු අලාභයට වන්දි ගෙවන්න ඕන නැද්ද? ඒ වැඩේ සුපුරුදු විදිහට ගොඩින් බේරාගෙන වගෙයි. (නදී)
මට යමක් තේරෙනවා. නමුත් තේරෙන දේ මේකේ ලියන්න බැහැ (නි)
අනේ අර කළුතර පැත්තේ තමාගේ දෙයම කපාගත්තු එකාට පිහියක් දීල මේ පැත්තේ එවුවා නම් වැඩ පෙන්නන්න තිබුනා. (නදී)
අයියෝ! මදි. අපි බලාපොරොත්තු වුණේ ජීවිතාන්තය දක්වාමයි (නි)
මට නම් හරිම සතුටුයි (නි)
මීගමුව ඉස්පිරිතාලේ මිනීමැරුමට මොකද උනේ? (නදී)
මම නම් මේකට 100% ම මරණ දඬුවම දෙයි කියල හිතුවේ . (නදී)
මේ දෙය ගැන හිතෙන කොට ලජ්ජා හිතෙන්නේ අපරාද කාරයෝ බේරගන්න හදන නීති වේදියෝ සහ උන්ව ආවරණය කරන්න හදන ආරක්ෂක නිලදාරීන් ගැනයි. (නදී)
විදේශිය කෙනකුටවත් එන්න බැරි රටක් වෙලා මේක. පොලිසියේ අය ඔවුන්ව රකින්නේ උතුම් වැඩක් කරලා හිරේට යන කෙනෙක් වගේ (නි)
උන්නැහේ ගේ මුණ වහන්න ජේලර් මහත්තය අසාර්ථක උත්සාහයක. අනේ පව් අප්පා. (නදී)
අන්තිම ඡායාරූප වල ඉන්නේ වික්ටෝරියාද? (නි)
මුලු ලෝකයම මේ දිහා අැස් අැරගෙන බලාගෙන හිටියා. සාධාරණ තීන්දුවක් දීලා තියෙනවා. නමුත් දෙපාර්ශවයම ලංකාවෙ අය වුණා නම් තීන්දුව වෙනස් වෙන්නත් ඉඩතිබුනා. (නි)
චමින්ද, ඔය රටේ උපාධිධාරීන්ට දෙන රැකියාව නියමයි නේද? (නි)
හොඳ වැඩේ. මෙයා අපේ ගමට එහා ගමෙයි හිටියෙ. හැබැයි මට නම් මිනීමැරුමකට අවුරුදු 20ක් මදි.ඒ කොහොම වුණත් අධිකරණය මේ දුන් තීරණය ගැන සතුටු වෙනවා. (නි)
ඩී. එන්. ඒ පරීක්ෂණ වාර්තා පවා අරගෙන බලලලු ඔය තීන්දුව දීලා තියෙන්නේ . 100% ක්ම ඔය පින්තුරයේ ඉන්න අදමයා කියලා ඔප්පු වෙලා තියෙද්දිත් ඔය නඩු තීන්දුවට ඇපිල් එකක් දාන්න යනවා කියලා තව ලිපියක තිබුණා. මෙයාට කඩේ යන තව අදමයෝ ටිකක් ෆේස්බුක් පිටුවක් දාලා තියෙනවා මෙයාගේ නිර්දෝෂිකම ගැන කියන්න. අවු 40 ම ඇතුලේ හිටියොත් හොඳයි. ඒ ගැනත් ෂුවර් කරන්න අමාරුයි (නදී)
හිටපු ගමන් පැනල ගියා කියල ලියා ගන්න (නදී)
පුද්ගල ඝාතනයක් සාධාරනව ඔප්පුවීමෙන් පසු චුදිතයන්ට ලැබෙන දඩුවම් විවිධයි. කෙනෙකුට මරණ දඩුවම, තව කෙනෙකුට දිවි ඇතිතෙක් සිර දඩුවම්. කෙනෙකුට වසර විස්සයිත නමුත් සැමට එකම දඩුවමක් දුන්නා නම් කොතරම් හොඳද? (නි)
මෙය අවසාන තීන්දුවම වේවා! (නි)
අපේ රට නම් නියම රටක්.... (නි)
ඔය උනුසුම ගියාට පස්සේ බලන්නකෝ සිද්ද වෙන දේ. (නදී)
අනුර, කල්පනා කරන්න ඔලුවකුත් නැහැ, සුද්දෙක් එක්ක ගහගන්න හයියකුත් නැහැ. අපේ අයගේ ගැහිලි අපි ටීවී එකේ දැකලා තිබෙනවා. බලා ඉන්නත් ලැජ්ජයි. (නි)
"සුද්දෝ තමා මේ රට කෑවෙ" සුද්දෝ නැතිනම් අද ඔහෙලට ලෙවකන්න තමයි වෙන්නේ. (නදී)
ඇයි මෙයාලට මරණ දඩුවම නියම වෙන්නේ නැත්තේ? (නි)
මටත් දුන් දඬුවම මදියි කියලා තමයි හිතෙන්නේ. දිවි ඇතිතෙක් හිරගෙයට නියම කළා නම් හොඳයි. (නි)
අර සුද්දිව දැක්කහම ඔහුට මොනවා හිතෙන්න ඇද්ද? (නි)
ලස්සන මුහුණු පොඩ්ඩ... (නි)
මේ වගේ අපරාධකරුවන්ට දෙන්න ඕනෑ ෂරියා නීතියි. (නි)
පොලිසිය නරුමයින්ගේ මුහුණ වහනවා. නරුමයින් පොලිසියේ මුහුණ වහනවා. මේ හින්දානේ අපි වගේ අහිංසකයින්ට පාරේ බැහැලා යන්නවත් බැරි. (නි)
ජනක, දැන්මම ඉස්සර වෙන්න යන්න එපා. (නි)
නියම තීන්දුවක් (නි)
රකිත් දරුවන්ගේ වැරදි වලට දෙමවුපියන්ටම දොස් කීම වැරදියි තමයි. එ්ත් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු විශ්‍රාම වැටුප් නිලධාරිණිය රු කෝටි එකහමාරක් රජයේ සල්ලි වංචා කරලා ඒක අහුවෙලා දැන් ඉන්නේ හිරේ.ඔයා දන්නවාද අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. අම්මාගේ සම්පූර්ණ අනුදැනුම ඇතුව මේ හොරකම කරලා ඇයගේ ගිණුමේ මේ විදියට වංචා කරපු සල්ලි දාලා තිබිලා අහුවෙලා දැන් ඒ අම්මගේ විශ්‍රාම වැටුප නවත්වලා තියෙනවා. මේ සිද්ධිය ගොඩක් පත්තරවල ඒ දවස්වල පල කරලා තිබුණා. මේ අම්මා ගුරුවරියක් වීම ගුරුවරු සංහතියටම ලැජ්ජාවක් නෙවෙයිද? තමුන්ගේ දරුවාවත් නොමග යවපු මෙහෙම ගුරුවරු අනිත් දරුවන්ව යහමග යවන්නේ කොහොමද?(අ)
වහන එකම තමයි හොඳ, රටට නිගාකළ මුහුණු. (නි)
ගුණවර්දන ඔබ හරි මේ නිලධාරින් කරන්නේ හරියට රෙද්දක් නැතිව විලිවහගන්න දගලන මනුස්සයෙකුගේ විලිය වහනවා වාගේ වැඩක්. සභාපතිට වහගන්න දෙයක් ඉතිරිවෙලා තියෙනවද? මෙහෙම ගියොත් මේ ජේලර්ලට සභාපතිගේ කකුල් දෙකත් ලෙවකන්න වෙයිනේ (නදී)
වසර 20කට වැඩියෙන් දෙන්න බැරිවුණ එක ගැන නම් මට දුකයි (නි)
තරුණ පුතුන් ඉන්නා මවක් ලෙස මටත් දැඩි කම්පනයක් ඇතිවුණා. කටේ කිරි සුවඳ යන්නටත් පෙර ජරාජීර්ණ වූ දේශපාලනයට මොහු අද දැමීමේ ප්‍රතිඵල දෙමාපියනුත් විඳිනවා. (නි)
අසාමාන්‍ය ස්ත්‍රී දුෂකයෙකුට, මිනිමරුවෙකුට පල් හොරෙකුට තියෙන සැලකීම දැක්කම පුදුම හිතෙනවා. (නදී)
කරන කලට පවු මිහිරිය මී සේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ.... රටේ නීතිය ගැන ජනතාවට විශ්වාසයක් ඇතිවෙන තීරණයක් (නි)
ඔබ සතු ධනය, බලය ඔබ උමතු කරයි. කළ යුතු නොකළ යුතු දේ නොහඳුනයි. තැන නොතැන නොදනී.මරණය හමුවේ ඔබගේ ධනයෙන් බලයෙන් කළ දේ වලට විපාක දෙනවිට ඔබට කවුරුත් සරණ නොවේ. (නි)
හොඳ වැඩේ. නියමයි (නි)
බය වෙන්න දෙයක් නැහැ.සමාව ලැබිල එලියට එවි. පසුව තව තව ඉහලට යන්න අවස්තාව උදාවේවි.(අ)
මේ වගේ අයට ඒ දඩුවමත් මදි (නදී)
පිරිත් නූල් ද අතේ තියෙන්නේ (අ)
තිලක් ඔයාට සුප්පුවකින් කිරි පොවන්න ඕනේ. ඔයා ලංකාවේ වෙන දේවල් හරි යට දන්නේ නැතිවනේ කතා කරන්නේ. 6 වෙනි ෆොටෝ එකේ එයා ගුටිකාපු බව ඔයාට පේනවද ? මේගොල්ලෝ හොඳට හිරේදී සැප විඳිනවා (නදී)
ඇත්තටම සතුටුයි මේ දුන්න තීන්දුව ගැන. හිරෙන් පනීද දන්නේ නැ කුඩු ලොක්කෝ දෙන්නා වගේ. (අ)