තංගල්ල නේචර් රිසෝටි හෝටලයේදී කුරාම් ෂෙයික් ඝාතනයේ වැරැදිකරුවකු වු තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිණ බන්ධනාගාරයට රැගෙන යද්දී තම හිස් වැස්මෙන් ඔහු ආවරණය කළ බන්ධනාගාර නියාමක වැලිකඩ සිට පල්ලන්සේන හිර ගෙට මාරු කැර ඇත.
ජනමාධ්‍ය කැමරාවලින් ඔහු වසන් කිරීමට නිල ඇඳුමේ කොටසක් භාවිත කිරීම නීතී විරෝධී බවත් ඔහුගේ ක්‍රියාවෙන් බන්ධනාගාරයට දැඩි විවේචනයක් එල්ල වු බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ටී එම් නීල් උපුල්දෙනිය මහතා කියයි.
ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරු කරලා හරි යන්නේ නැහැ එයාවත් මාසයකට ඇතුලට යවන්න උවමනායි. (නදී)
ලොකු අය හරි විදියට අකුරට, අවංකව රාජකාරිය කරලා පොඩි අයට ආදර්ශයක් දෙනවා නම් පොඩි අය ඔහොම කරන්න බයවෙනවා. ඒගොල්ලෝ නිතරම දකිනවා ලොකු අය කරන දේවල්. ඒ නිසා මේ අයත් බය නැතුව තමුන්ගේ වාසිය වෙනුවෙන් අකටයුතු කරනවා. මේ දඬුවම් හරියට ලොකු කකුළුවා පොඩි එකාට කෙලින් යන්න ඉගැන්නුවා වගේ. (නදී)
අන් හැමටම වටිනා අදර්ශයක්ම වේවා! (නදී)
මාරු කලාම එතන ගිහින් කරන්නෙත් සල්ලි වලට නීතිය පාවා දෙන එකනේ. වැඩ තහනම් කරන්නයි තියෙන්නේ (නදී)
මොකද මාරුවක් දුන්නේ ? ප්‍රස්නේ මතක නැති කරන්නද? වැඩ තහනම් කරලා නැත්තේ මොකද ? (නදී)
උසස්වීමක් එහෙම දීලා නැහැනේ? (නි)
ඔය වැඩේට කීයක් ගත්තද කියල දැනගන්න බැරි වෙයිද?(නදී)
රාජකාරියෙහි වටිනාකම උපහාසයට ලක්කළ කෙනෙක් (නි)
එක්කෙනෙකුට වැඩි ප්‍රමාණයක් සිරකරුවාව කැමරා වලින් වසන් කරන්න උත්සාහ කළා නේද? (නි)
මාරුකළ එක ලොකු දෙයක් (නි)
මේක මේ තනි පුද්ගලයෙක් කළ හුදකලා ක්‍රියාවක් නොවේ. දේශපාලකයින් තමන්ගේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීමේදී කිසිම විරෝධතාවයක් නීතිය පැත්තෙන් එල්ල නොවීමේ පල විපාක. කෙටියෙන් කියනවා නම් අවනීතිය රජවීමේ ප්‍රතිඵලයක්. (නි)
මෙය අනෙකුත් නිලධාරින් ආදර්ශයට ගත්තොත් ඔබට යහපතක්ම සිදුවේවි.නීතිය හෑල්ලුවට ලක්කරමින් දුෂ්ටයින් මිනීමරුවන්ට ඔබ කිසිසේත් ආවරණයක් නොවන්න. (නි)
මමත් දැක්කා ඔය වැඩේ කොහොමවත් එ්ක එ් නිලධාරියට සුදුසු දෙයක් නෙවෙයි. කව්රු හිරගෙදරට ගියත් එ් නිලධාරියට තියෙන්නේ තමන්ගේ රාජකාරිය හරියට කරන්නයි. මම හිතුව බන්දනාගාර කොමසාරිස් තුමා මේකට දඩුවමක් දෙයි කියල මොකද එතුමා ගමෙන් අපු රාජකාරිය හරියට කරන නිලධාරියෙක් (නදී)
සෙල්ලම් බඩු, සෙල්ලම් කාරය, සෙල්ලම් බන්ධනාගාරය. (නදී)
වැඩ තහනම් කරන්න ඕනා. හිතන්න ඇති මුණ වහල කරේ අත දාගන ගිහිල්ල හොදට ජරාව කන්න පුළුවන් කියල.(නදී)
බලයට මුදලට යටව මිනීමරුවන්ට ස්ත්‍රී දුෂකයන්ට කඩේ යන බොහෝ නිලදාරින්ට සහ අනෙකුත් අයටත් මෙය හොඳ පාඩමක් (නදී)
එතකොට අර කුඩු කන්ටේනර් පිටින් ගෙන්වපු අයව ආරක්ෂා කරන මන්ත්‍රීලට මොන වගේ දඬුවම් දෙයිද ? ඉලන්දාරිකම් විසේ තියන කම්, ඔක්කොම සෙල්ලම් බලය තියනකම්, මේ හැම කෙලිකම් ජිවත් වෙනකම් (නදී)
බන්දනාගාරේ ඉස්සරහ හිගා කෑවා නම් ඊට වැඩිය හොදයි (නදී)
එක වල්ලේ පොල්. එකම ජාතියේ පොරක් (නදී)
සදුන්, දැන් ඒ ගොයියා දැන් නම් රාශියකින් පෙනී සිටිනවා. කොහොම පෙනී සිටියත් ලිවීමේ, වාචාල විලාසය,අනුන්ට අපහාස කිරීම වෙනස් වෙලා නැහැ.(නදී)
සමහර රාජ්‍ය නිලධාරීන් තමන්ට ආයතන සංග්‍රහයෙන් දී ඇති උපදෙස් හරිහැටි නොදැන දේශපාලකයන්ට කඩේ යාමට පෙළඹීමෙන් මෙවැනි දේ සිදුවීවේ.(නදී)
ගෙවල් ඒ පැත්තේද දන්නේ නෑ. (නදී)
ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි. ලොක්කන්ට කඩේ යන අනිත් නිලදාරින්ට මේක හොද පාඩමක්. (නදී)
බන්දනගාරය ඇතුලෙදි කුණු සන්තෝසම් හොඳට ලැබිල ඇති. (නදී)
මෙතන පළවූ ප්‍රතිචාර දැකලා බන්ධනාගාර උසස් නිලධාරීන්ට ලැජ්ජාවේ පණ යන්න ඇති. නමුත් මට තිබෙන ප්‍රශ්නය මේ විදියට නිල ඇඳුම වැරදියට පරිහරණය කරන එක සුදුසු නැහැ කියන එක මීට කලින් පුහුනුවකදී වත් මේ නිලධාරීන්ව දැනුවත් කෙරෙන්නේ නැද්ද ? (නදී)
මෙතන පාඨක තීරුවේ ලියවුන ප්‍රතිචාර ටික ගෙදර හාමිනේ අනිවාර්යයෙන්ම බලන්න ඇති. මාරුවක් ඉල්ලා ගෙන හරි ඔතනින් මාරු වෙන්න කියලා කිව්වද දන්නේ නැහැ. (නදී)
මුළු බන්ධනාගාරයම හොඳට දෙහි කපන්න ඇති. මේ තොප්පියක් නිසා අපිව අසවල් මාක් එකටම වැටුනා කියලා. (නදී)
මෙයාට රාජකාරිය කරන්න තොප්පිය අවශ්‍ය නැහැ. ඒක ඔලුවක් තියෙන කෙනෙකුට දෙන්න. නමුත් මෙයා විදහා පෑවේ සමස්ත ක්‍රමය පවතින හැටි නේද? (නදී)
ඔහු ප්‍රධානයි. එහෙත්, එතන හිටි සියලුම බන්ධනාගාර නිලධාරින් පවා මාධ්‍ය කැමරා වලින් වරදකරුව ආරක්ෂා කිරීමේ උත්සාහයකුයි අපි මාධ්‍යයෙන් දුටුවේ.අපි අහලා තිබෙන දෙයක් මේ සිද්ධියෙන් ප්‍රකාශ වුණා.''එනම් බලවත් යැයි නිලධාරීන් තෝරාගන්නා අයට බන්ධනාගාරය තුලදී හොඳ සැළකිලි ලැබෙන බව''. (නි)
තොප්පිය හරියටම දාගත්තා. එළිපිට මෙහෙම නම් ඇතුලේ කොහොම ඇතිද? (ස)
උසස් වීමක් එක්කද මාරු වීම ලැබුනේ? (ස)
අනේ එහෙම කියන්න එපා. අද තියන ජරා ජීර්ණ දේශපාලන ක්‍රමය අනුව ඔහුගේ හිතේ ඇතිවූ බයාදු කමනේ. හිතන්න ඇති මොනවා හරි උසස්වීමක් හෝ සන්තෝසමක් ලැබේවි කියල. (ස)
මේ පල්ලන්සේන කියන්නේ කොහෙද ? අද තමා ඇහුවේ. (ස)
ඉසේ කැක්කුමට කොට්ටේ "මාරු" කිරීම ඉතාම හොඳ ක්‍රියාවක්, මේ වගේ මාරු දීමෙන් අස්කිරීමක් කලාට වැඩිය අනිත් අයටත් අවවාදයක් වෙනවනේ. (ස)
අස්කළා නම් මීට වැඩිය හොඳයි.හිඟාකන එක ඊටවඩා නම්බුකාරයි (නි)
හොඳ වෙලාවට තොප්පිය තිබුනේ. නැත්නම් කලිසම ගලවලා හරි අනිකාගේ මුහුණ වසයි (නි)
මට මතකයි ඉස්සරත් එක් කෙනෙක්ගේ නඩුවකදී එයාව ඔහොම තොප්පි වලින් වැහුවා (නි)
මම නම් කියන්නේ මේ වගේ නිලධාරින්ව මාරුකිරීමෙන් පලක් නැහැ. මේ වගේ වගකීම් දරන රැකියා වලට මේ අය සුදුසු නැහැ .මොන තරම් අශෝබන වැඩක්ද මේ නිලධාරියා කළේ? (නි)
සල්ලි වලට දෙමවුපියන්වත් සමහරු පවාදෙනවා (නි)
නිල ඇඳුමට කරපු නින්දාවක්. (ස)
පල්ලන්සේන තියෙන්නේ ලන්ඩන් කිට්ටුව. (ස)
කාට කාටත් කඩේ යන හැමදෙනාටම අන්තිමට වෙන්නේ මාරුවෙන්න තමයි. මම මේ කඩේ යන ඔක්කොටම කියන්නේ (නි)
යවන්න තිබුනේ හොඳ ඈතකට මෙහෙම වැඩ කළාට (නි)
එයාගේ මුහුණේ මොනවා ආවරණය කරන්නද? (නි)
අද බන්දනාගාර නිලධාරී දේශපාලන ජඩයෝ දැක්කම රාජකාරියත් අමතක වෙනවා බයට (නදී)
අපේ ඕන එකකට කඩේ යන ලංකා තිලක් ගොයියත් ටික දවසක් මාරුවෙලා හිටියා. ඔන්න දැන් අායෙත් ඇවිදින් නං දොඩවනවා සුපුරුදු විදියට. (නදී)
සනත්,හේමන්ත පල්ලන්සේන තියෙන්නේ මිගමුවේ. එ්ක එළිමහන් සිරකරුවන් රඳවන තැනක්. (ස)
ඒ වගේ අය නිසා තමා පොලීසිය ඔය තත්වෙට වැටිලා තියෙන්නේ. (ස)
" මොකද එතුමා ගමෙන් අාපු රාජකාරිය හරියට කරන නිලධාරියෙක්" මොකක්ද ඒ කතාව ගමෙන් ආව අය විතරද හරියට රාජකාරි කොරන්නේ. එතකොට අර හිරේ ගිය සබාපති ගමේ කෙනෙක් නොවෙයිද? හැම කෙනෙකුගේම අවංකබාවය මුදලින් තක්සේරු කරන්න පුළුවන් බව දන්නවද? (නදී)
"සමහර රාජ්‍ය නිලධාරීන් තමන්ට ආයතන සංග්‍රහයෙන් දී ඇති උපදෙස් හරිහැටි නොදැන" හරිහැටි නොදැනම සිදුවෙලා බොහොම කල්. (අ)
අනේ හොඳයි (නි)
එයා ඊළඟට පල්ලන්සේන ගිහින් මොන සෙල්ලම් දායිද දන්නේ නෑ..කොළඹදී ගැලෙව්වේ තොප්පිය විතරයි .. එහෙ ගිහින් ඔක්කොම ගලවයිද කියලත් සැකයි ...(ස)
අයියෝ මිගමුව කිට්ටුවටද ඇරියේ...? අරින්න තිබුනේ යාපනයට. කාලා එන්න කියලා. (ස)
අනේ මෙහෙම හරි වැරැද්ද් තේරෙන්නේ නැති කුක්කු පැටව් අපේ බන්ධනාගාරවල ඉන්නවද? (නදී)