IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තංගල්ල රෝහලට කුණු ප්‍රශ්නයක්

තංගල්ල රෝහලේ ශල්‍යාගාරයෙන් ඉවත් කරන ශරීර අවයව ඇතුළත් ශල්‍ය අපද්‍රව්‍ය කිලෝ 20000 කට ආසන්න ප්‍රමාණයක් ශල්‍යාගාරය අසල ගොඩගැසී තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ජී.ජි.චමල් සංජීව මහතා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී කීය.

එම අපද්‍රව්‍ය පුළුස්සා දැමීමට යොදාගත් යන්ත්‍රය කැඩී යෑමෙන් පසු ඒවා මෙසේ ගොඩගසා ඇති අතර අලුත් යන්ත්‍රයක් මගින් දිනපතා බැහැරකෙරෙන ශල්‍ය අපද්‍රව්‍ය පිළිස්සීම දැනට සිදුකළද පැරණි අපද්‍රව්‍ය ඉවත්කර ගැනීම පිළිබඳව ගැටළුවක් ඇති වී ඇතැයිද ඔහු කීය.

කිලෝ විසි දහසකට අධික නරක් වූ මෙම ශල්‍ය කොටස් ඉවත් කිරීමට කොළඹ ආයතනයකට යොමු කළද ප්‍රවාහනය කිරීමේ ගැටළුවක් ඇති වී තිබෙන හෙයින් එයද ඇණ හිට ඇත.

රෝහලේ ශල්‍යාගාරය අසල ගොඩගැසි තිබෙන මෙම ශල්‍ය අපදව්‍ය ඉවත් කර ගැනිම සඳහා සුදුසු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරගැනීමට සහාය ලබා දෙන ලෙසට    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ඉල්ලිමක් කළේය.

ඒ අනුව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට අයත් ආදාහනාගාරයට එම අපද්‍රව්‍ය රැගෙන ගොස් පුළුස්සා දැමිමට කටයුතු කරන ලෙසටත්, මේ සම්බන්ධව පරිසර අධිකාරිය, සොයාබලා අදාළ අපදව්‍ය ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසත් හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා උපදෙස් ලබා දුන්නේය.



අදහස් (0)

තංගල්ල රෝහලට කුණු ප්‍රශ්නයක්

වසන්ත Tuesday, 12 January 2016 07:14 AM

පරිසර අධිකාරිය ඉන්නේ කුණු අයින්කරන නෙමේ (කෞ)

:       0       0

දුමින්ද Tuesday, 12 January 2016 08:05 AM

කරාපිටියේ මෙන් ජීව වායු ඒකකයක් හදන්න (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site