මිනීමැරුම් නඩුවකට සැකපිට ඇප මත සිටින ‘උක්කුවා‘ නම් පුද්ගලයකු අද (26) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
උක්කුවා ඇතුළු තිදෙනකුට සතියකට වරක් තංගල්ල පොලිසියේ පෙනී සිට අත්සන් කිරීමට යාමට නියම කර ඇති බවත් එසේ අත්සන් කර ආපසු යමින් සිටියදී තංගල්ල නගරයට ආසන්නයේදී මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
මොවුන් ගමන් කරමින් සිටි ත්‍රී රෝද රියේ මග හරස් කොට නැවතූ මෝටර් රථයකින් බැසගත් පිරිසක් ත්‍රී රෝද රියේ පිටුපසට වෙඩි තබා පළා ගොස් ඇතැයිද උක්කුවා එම ස්ථානයේම මරුමුවට පත්ව ඇතැයිද අනෙක් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද පොලිසිය පවසයි. එම තිදෙනාම මිනීමැරම් නඩුවක විත්තිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මිනිස්සු සතියකට මිනී කියක් මරනවද ? (ම)
කෝ තාමත් කවුරුත් මේ කුණු ගොඩ මහින්දගේ වත්තට විසිකරලා නැහැනේ. හැමෝම බලන් ඉන්නේ මහින්දගේ වත්තට හැම කුනු ගොඩක්ම විසි කරන්නනේ (නදී)