නිවාඩුවක් ගත කිරීම සදහා තංගලු ගොස් සිටි කුර්හාම් ෂායික්හ් නම් බි‍්‍රතාන්‍යය ජාතිකයාගේ ඝාතනය පිළිබඳ ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයාගෙන් පෞද්ගලිකවම විමසා සිටින බව බි‍්‍රතාන්‍යය අගමැති ඬේවිඞ් කැමරන් පසුගියදා පැවැති බි‍්‍රතාන්‍යය පාර්ලිමෙන්තු සැසිවාරයකදී පැවසීය.
තම පෙම්වතිය සමග තංගල්ල ප‍්‍රදේශයේ හෝටලක සිටි කුර්හාම් ෂායික්හ් ඝාතනයට ලක්වූයේ 2011 වසරේ නත්තල් දිනදීය.හෝටලයට පැමිණි පුද්ගලයින් අට දෙනෙකු තම පෙම්වතිය අපහසුතාවට පත්වන පරිදි හැසිරීම නිසා ඔවුන් සමග ඇතිකර ගෙන තිබෙන ගැටුමේදී ඔවුන් අතින් කුර්ෂිඞ් මෙසේ ඝාතනයට ලක්ව ඇතැයි සිද්ධිය සම්බන්ධයෙන් ශී‍්‍රලංකා පොලිසිය කළ පරීක්ෂණයේදී හෙළිව ඇත.
සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයෙකු ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රබලයකු බවද සදහන්ය.
බි‍්‍රතාන්‍යය අගමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ප‍්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකු වන සයිමන් ඩැන්සුක් මෙම සිදුවීම ගෙන හැර දක්වමින් මෙවන් වාතාවරණයක් ඇති රටකදී සංවිධානය කෙරෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල හමුවකට සහභාගී වීමට බි‍්‍රතාන්‍යය රජයට හැකියාවක් තිබේද යැයි නැගූ ප‍්‍රශ්නයට පිළිතුරු ලෙසය.
බි‍්‍රතාන්‍යය අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ යහපත් අරමුණු පෙරදැරි කරගෙන පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූවට බි‍්‍රතාන්‍යය සහභාගී වීමේ වරදක් තමන් නොදකින බවයි.නමුත් ශී‍්‍රලංකාවේ මානව හිමිකම් සුරැුකීම පිළිඹද කිසිදු අයුරින් සෑහිමකට පත්විය නොහැකි බවත් හෙතෙම පවසා සිටියේය.
කුර්හාම් කුර්ෂිඩ් ඝාතනයේ තොරතුරු තමන් ජනපතිවරයාගෙන් විමසා සිටින බවත් එම සාකච්ඡාව අතරතුරදී ශී‍්‍ර ලංකාවේ ගැටළුකාරී තත්ත්වය ගැන බි‍්‍රතාන්‍යය ස්ථාවරය ඔහු හමුවේ පැහැදිලි කරන බවත් බි‍්‍රතාන්‍යය අගමැති ඬේවිඞ් කැමරන් කීය.
ඔහු අවසන් වශයෙන් ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාවේ තත්ත්වය ගැන බි‍්‍රතාන්‍යය ස්ථාවරය පැහැදිලි කර දීමට හා පිළිතුරු ලබා ගැනීමට පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වීම හොද අවස්ථාවක් බවයි.
රතු කුරුස සංවිධානයේ සාමාජිකයෙකු වන කුර්හම් ෂායික්හ් ශී‍්‍ර ලංකාවට 2011 වසරේදී පැමිණ ඇත්තේ ගාසා තීරයේ සේවය කිරීමෙන් පසු නිවාඩුවක් ගතකිරීම සදහාය.ඒ තම රුසියා ජාතික පෙම්වතියද සමගය.
2011 නත්තල් දිනයේ අලූයම් සමයේ තංගල්ලේ ඔවුන් නැවතී සිටි හෝටලයේ අවන්හලට වී සිටියදී එතැනට පැමිණි පුද්ගලයින් පිරිසක් තම පෙම්වතිය අපහසුතාවට පත්වන ආකාරයට හැසිරීම නිසා එයට එරෙහිව කතා කිරීමට ගිය කුර්හම් හට මෙම පුද්ගලයින්ගෙන් පහර කෑමට සිදුව ඇතැයි ශී‍්‍රලංකා පොලිසිය සිදුකළ පරීක්ෂණ වලින් හෙළිව ඇත.
පිරිසේ පුද්ගලයින් අට දෙනෙකු සිට ඇති අතර ඔවුන් කුර්හම්ගේ ගෙලට පිහියකින් ඇන අනතුරුව වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිස් වාර්තාවේ දැක්වේ.
ඔහුගේ පෙම්වතියටද සිහිනැතිවන තෙක් පහරදී ඇයව සමුහ දුෂණකට ලක්කිරීමටද මෙම පුද්ගලයින් පිරිස කටයුතු කර ඇතැයිද පොලිස් වාර්තාවේ සදහන්ය.
පෙම්වතිය දුෂණය කර ඇතැයි යන්න සනාථ කෙරෙන පැහැදිලි වෛද්‍ය වාර්තා ඉදිරිපත් කොට තිබියදීත් ශී‍්‍රලංකා රජය එවැන්නක් සිදුවී නැතැයි ප‍්‍රකාශ කර ඇත.
මෙම සිදුවීමේ ම්ලේච්ඡ භාවය හා නිසි පරීක්ෂණයක් පැවැත්වීම දිනෙන් දින කල් යැවීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යය මෙන්ම ඇමරිකාවද අවධානය යොමු කර තිබේ.ශී‍්‍රලංකාවේ ඉහළ යමින් ඇති ලිංගික හිංසනයන් හා ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට නිසි දඩුවම් පැමිණවීම පිළිඹද ශී‍්‍රලංකා රජය වහා පියවර ගත යුතුව ඇතැයි එම රටවල අදහසයි.
දකුණු ආසියාව පුරාම මෙවැනි වාතාවරණයක් දැකගත හැකි බව කියන මානව හිමිකම් සංවිධාන වල අදහස වන්නේ දකුණු ආසියාවේ රටවල් වල නීතිය සැමට එකසේ කි‍්‍රයාත්මක නොවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන අගතියට පත්වෙලා තියෙන්නේ බටහිරයෙක්ද, නැගෙනහිරයෙක්ද එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ නීතිය හරිහැටි ක්‍රියාත්මක කරන්න උපදෙස් හා අණ දෙන්න හදන්නේ සුද්දෙක්ද කියන එක නෙමෙයි ප්‍රශ්නය. ස්ත්‍රියක් දුෂණය කර ඇයගේ පෙම්වතා මරා දැමු මිනීමරුවන් තවමත් නිදැල්ලේ සිටීමත්, නීතියටත් ඉහළින් ඇති කිසියම් බලගතු හස්තයකින් මිනීමරුවන් ආරක්ෂා කිරීමත් පමණයි. පටලවා ගන්න එපා. මෙය රටක දේශපාලන ප්‍රශ්නයක් නොවේ. රටක සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. මෙය දේශපාලන ප්‍රශ්නයක් බවට පරිවර්තනය වන්නේ දේශපාලකයින් විසින් මිනීමරුවන් ආරක්ෂා කරනවා නම් පමණයි. (නි)
යුක්තිය ඉටුකරන්නත් දැන් ඉල්ලීම් කරන්න වෙලා තිබෙන තත්ත්වයකට පත්වෙලාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
ආයුබෝවන් සුදු මහත්තයා , සිද්දුන වැඩේනම් කැතයි , එක වෙනම කතාවක් හැබැයි අනුන්ගේ රටකට ඇඟිල්ල දාන්න තියෙන යතිය මොකක්ද , එහෙම බැලුවොත් වසර පන්සියකට පෙර තමුන්වහන්සේලා මේ රටේ ලක්ෂ කීයක් මරල දැම්මද ? අපේ වීර නායකයෝ කීදෙනෙක් මරල දැම්මද ? අපේ පුර වස්තු කොයි තරම් ප්‍රමාණයක් අදටත් විලි ලජා නැතුව ඔබතුමාලගේ කෞතුකාගාර වල ප්‍රසිද්දියේ ප්‍රදර්ශනය කරනවද ? පුලුවන්ද මේවටත් සාදාරණයක් කරන්න ? එහෙනම් ඒ ටික කරල එමු මේ ගැන විභාග කරන්න (අ)
ඒ වගේම තමයි ක්‍රිකට් පිටියට පැනලා පිස්සු නැටූ කොටියා අල්ලලා අපේ රටට භාර දෙන්නත් කියලා අපි කියනවා.අනිත් රටවලට එක ඇඟිල්ලක් දික් කරනකොට තමන්ට ඇඟිලි 100ක් දික්වෙන බව අමතක කරන්න එපා. (නි)
බ්‍රිතාන්‍යයේ අය තවම නොදන්නවා ඇති මේක අසිරිමත් සිරි ලංකාව කියලා. මේ සිරි ලංකාවේ බොහොම සාධාරන විදියට නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා එයාලා දන්නේ නැතුවා ඇති.(හැබැයි ඉතින් ටිකක් කල්යනවා) (නි)
මම මේ කාරණාවේදී බ්‍රිතාන්‍ය සමග එකග වේ. මම ලංකා දීපයට ඇරයුම් කරනවා මේ ගැන සමීක්ෂණයක් කරන්න කියල. " නීතිය සැමට සමාන සේ තිබිය යුතුය " (අ)
ප්රශ්නයට උත්තර සොයනවා වෙනුවට සමහර අය අදහස් ලියන්නේ අවසිහියෙන් වගේ. (නි)
රෝ, ඔබගේ නිර්භීතභාවයට අපගේ ප්‍රණාමය! කට මැත දොඩන බොහෝ අයට ඔබ ආදර්ශයක් වේවා! (නි)
හිම්හානි ලංකාවේ වැරදි කරන උන්ට දඩුවම් කරනවානම් මුලින්ම දඩුවම් ලැබිය යුතු අය ඉන්නේ කොහේද ,මුලින්ම පටන් ගන්න ඕනේ එතනින් ඔක්කොටම කලින් සුද්ද කල යුත්තේ එතනයි (අ)
නත්තල් දවසේ ඌරු මස් කවට පව් නැහැ කොල්ලනේ (අ)
ෆොන්සේකා මහතා පැමිණන තාක් දුෂණ කුඩු ,ගසා කාම වැළැක්විය නොහැක. (අ)
මේ පර ලේසි වෙන් නැහැ. (අ)
අනේ ඔව් ජනාධිපති තුමනි, තරාතිරම නොබලා දඩුවම් දෙන්න... (ස)
හිම්හනි පින්වත , ඔයාට ඔය අපරාදය උනා නම් ඕහම කියන්නේ නැහැ නේද? කුමරන පින්වත, ක්‍රිකට් පිට්ටනියට පැනීම රටකින් එලවන්න තරම් වැරද්දක් නම් නෙමෙයි.. (ස)
උපාලි, මම අනික් උපාලි. ඔබේ කීම මමත් අනුමත කරනවා. කුමාරන, අපි අහල තියෙන්නේ නම් අතකට තියෙන්නේ ඇඟිලි 5 යි කියලයි. කොහොමහරි කමක් නැහැ, ඔබ කියන්නේ අර සබාපති ඇතුළු පිරිස කරපු වැඩේ හරි කියල නේද? මට මතක් වෙනවා කියමනක්. "රටකට ලැබෙන්නේ ඒ රටේ මිනිස්සුන්ට හරියන ආණ්ඩුවකි". සහතික ඇත්ත. (ස)
කුසුම් නෝනේ, ඔයා සමග යම්තාක් දුරට මම එකගයි. නමුත් නෝනේ, ඔයා ඔය සිද්ධිය වුණ තැන හිටියේ නැහැ නේද? අපේ රටේ විතරක් නොවෙයි ලෝකයේ බොහෝ රටවල ඔවැනි සිදුවීම් වෙනවා. (නි)
ඉතින් ඉතින් තිලක් මහත්තයෝ, ඒ විශ්වකර්මයා කවදාද එන්නේ..? අපිත් හරි ආසයි.එතකොට මේ රටේ ඔක්කොම අපරාධ නැති වෙලා දුෂණ වංචා නැති වෙලා සියල්ලෝ හතරපෝයටම සිල් ගන්න උපාසකයෝ වෙනවා දකින්න පුළුවන් වෙයි. ඩුබායි තිලක් එතකන් ලංකාවට එන්නේ නැහැ නේද? (නි)
හොදම වැඩේ (අ)
මම ලන්ඩන් නුවර ජීවත්වන්නෙක්. මම දන්නා කෙනෙකුව මේ වසර මුලදී මරා දමා තිබුනා. මිනීමැරුම කවුරුත් දැක්කේ නැති උනත් මිනීමරුවාව පසුදිනම අත්අඩංගුවට ගෙන මාස හයක කාලයකදී අදාළ සාක්ෂිත් ගොනුකර ගියමස නඩුව විභාගයට ගෙන අවසනුත් කලා. ලංකාවෙත් පොලීසියට ඔයවගේ නොකරන්න බැරිකමක් නෑ. නමුත් දේශපාලකයන් නිසා මොනවත් බෑ. (ත)
දැන් බන්දුල පෙරේරාට කඩේ ගිහින් මදි වෙලා කඩේ ඇතුලෙම පදිංචි වෙලා , කණගාටුවෙන් උනත් කියන්න ඕනේ මේ ප්‍රශ්නෙදි සුද්දෝ 100% හරි , අපිත් දැන් අධිරාජ්‍යවාදය , ඉරාකය , ඇෆ්ගනිස්තයන්ය් ගැන කතා කරකර මේ ප්‍රශ්නය යට ගහමු , පස්සේ කුණුවෙලා තුවාලය ඔඩු දිවුවට පස්සේ පිලියමක් හොයමු (අ)
මේ ඩේවිඩ් උන්නැහේ ඔයා ඹයාගේ වැඩක් බලාගන්නවාද?(දිල්)
බලමු රටද ගෝල බලයෝද ආරක්ෂා කරනේ කියල.(දිල්)
ලංකාවේ නීතිය ගැන නම් කතාකර ඵලක් නැත. එය එකිනෙකාට වෙනස්ය. ලංකාවේ මිනිස්සු කරන්න දෙයක් නැති නිසා ඉන්නවා. දැක්කා නේද පිටරටවල් වල අයට කරන්න ගියාම වෙන දේ? (නි)
ඔය ප්‍රශ්නය අගමැතිගෙන් ඇහැව්වේ ගිය බදාදා එය පොරොන්දු වුණා මේ පිළිබඳව ඉක්මන් ක්‍රියාවක් ගන්නවා කියලා (දිල්)
කුමාරන මහත්මයෝ, නීතිය ක්‍රියාත්මක වන්නේ ඇස් දෙකෙන් දැකල නොවෙයි.ඊට අදාල සාක්ෂි මතයි. මේ සිද්ධියටත් ඕනෑවටත් වැඩිය සාක්ෂි තියනවා. රටේ නීතිය විතරක් නොවේ, දැන් ගොඩක් අයගේ හෘදසාක්ෂියත් "සමාදානයේ සැතපිලා" වගෙයි මට නම් හැඟෙන්නේ. (දිල්)
කුසුම් නොනී අන්න ඒක නිසා තමා අපි පරිස්සම් විය යතුයි. ඔය සාක්ෂි සල්ලිවලට දෙන්නත් පුළුවන් (දිල්)
මේ ප්‍රශ්නය ඉතා ඉක්මනින් නිම කල යුතු එකක්. මුළු රටම සහ ලොවම දන්නවා. මෙය කරපු තැනැත්තා සහ සගයින් කවුද කියා. අවංකව උවමනා කමක් තිබේ නම් මේක කෙලවර කරන්න පුලුවන් වගකිව යුත්තන්‍ට..වැටත් නියරත් ගොයම් කනවා නම්, අප කාගෙන් අසන්නද ? (ස)
මේ අයට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද ? දැන්වත් මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ , මුදල් වංචා කර, දේශපාලකතුමාලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටිමි. දේශපාලන බලය ලැබුන හැමකෙනාම යහපාලනය කරන්නේ නැත (නි)
උපාලි මහත්තයෝ.මම කවදාවත් ඒ මිනී මැරුම සාධාරණය කරන්නේ නෑ.මට තියනේ ප්‍රශ්නේ තමාබටහිර ජාතීන් මේ තරම් අපිට අත පොවන්නේ ඇයි.(දිල්)
මෙවැන් අයට ඉක්මනින් දැඩු දඩුවමස් දිය යුතුයි. ලංකාවේ දේශපාලන අපරාධකාරයෝ බොහෝමයක් ඉන්නවා.මෙය ලංකාවේ සංචාරක කර්මන්තයට මාරු පහරක් මෙන්ම මානුෂික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝණය කිරීමක්.(දිල්)
මහත්තයෝ, අපිටත් තිබෙන්නේ ඔබට තිබෙන ප්‍රශ්නයමයි. ඔය වගේ තවත් ගොඩක් සිදුවීම් තිබෙනවා. නමුත් නීතිය හරිම මන්දගාමියි. මේ හේතුව නිසා අපරාධකාරයන් වැරදි කරන්න බියක් නැහැ. අතීතයේ ඔබ රට අන් රටවල් මංකොල්ල කනවිට, ඒ පාලක පැලැන්තියේ අපරාධකාරයන්ට ගැළවෙන ලෙසට හැදූ නීති දැලේ හිල් තවම තිබෙනවා. අපේ අය දැන් එයින් උපරිම ප්‍රයෝජනය ගන්නවා. නුඹලාම මේ දැලේ හිල්ටික මසාගන්න හැටි කියලා දෙන්න. තැලෙන අසරණයන්ට සාධාරණයක් සිදුවෙන තුරු ඇස්ගෙඩි ලොකු කරගෙන කස පාරට පිට අල්ලාගෙන අපි තවමත් වේදනාවෙන්. (නි)
කණගාටුවෙන් උනත් මේක කියන්න ඕන ,සුද්දෝ මෙතැනිදී සියයට සියයක් නිවැරදියි.ලංකාවේ නිතිය ක්‍රියාත්මක වන්නේ දේශපාලන බලයක් නැති අහිංසකයින්ට,(දිල්)
හිටපු අගවිනිසුරුතුමිය ගැන අධිකරණ ක්‍රියාමාර්ගය කඩිනම් කළා නම්, එතුමිය ඉතා ඉක්මනින් ඉවත් කරන්න පුළුවන් වුනා නම් ඇයි දුෂණයට හා එම මිනිමැරුමට අදාල ප්‍රාෙද්ශීය දේශපාලයකා ඇතුළු පිරිසට නියම දඩුවම් ක්‍රියාත්මක කරන්න බෑරි...... හරි විදියටනම් මරණිය දුඩවම දෙන්න ඔනෑ.... එත කොට අකුරුස්සේ හිටපු ගරු සභාපතිතුමා විසින් 15 හැවරිදි දැරියක් දුෂණය කළා .... එත් දිපු දඩුවම කුමක්ද ?...... එ විතරක් නෙවෙයි භාරත ප්‍රේමචන්ද්‍ර මහත්තයා මැරු කෙනා කෝ නීතීය? ඒක තියෙන්නේ පොඩි මිනිහට විතරයි...... මොලේ කලදක් නැති දේශපාලකයින් හමුවේ නිතීය හරියට ක්‍රියාත්මක කරන්න බැරි ද?.....(නදී)
ජීවක මහත්මාණනි,අපිට තියෙන්නේ පිටියට පැනඹ නොවේ ඔහු මිලියන ගණන සල්ලි හොරාකාපු එක.ඊකට අපී උසාවියට ඔහු අවශ්‍යයි.ඔය තරම් නීතී හොඳින් ඇයි එයාව අත්අඩංගුවට ගන්න බැරි(දිල්)
නීතිය ක්‍රියාත්මක කරන අයට නීතිය කරන්න ඉඩ දීලා දේශපාලකයෝ නීතිය අතට ගැනීම නැවැත්විය යුතුයි. එහෙම වුණොත් මේ රටත් හරියාවි නැත්නම් දෙයියන්ගෙම පිහිටයි (නි)
වගකියයුතු හැම දෙනාම මේ ප්‍රශ්නය ඉක්මනින් විසදිය යුතු වෙනවා. මේ ප්‍රශ්නේ නිසා අපේ රට ගැන ජාත්‍යන්තරය බලන්නේ වැරදි ඇහැකින්.සංචාරක කර්මාන්තයට පවා ලොකු ප්‍රස්නයක්.වග කියා යුතු රජයක් මේ ප්‍රශ්නයේදී නිදියන් ඉන්න එක ගැන මගේ තියන්නේ කලකිරීමක්.වැරදි කල ඕනෑම කෙනෙකුට දඩුවම් දිය යුතු වෙනවා. නීති ගරුක රටක 1 වෙනි යුතුකම වෙන්නේ එපමණි. (අ)
රටේ මිනිස්සුන්ට කොලේ වැහුවට සුද්දෝ එක්ක ඒ වැඩ හරියන්නේ නැහැ වගේ. (අ)
බන්දුල පෙරේරා වැනි අය සිටින කල් ලංකාව පාලනය කරන්න අසීරුයි (නි)
දැන් ඉතින් අවසානයිනේ, නේද? පෙම්වතිය රුසියාවට යැව්වා.සභාපතිතුමා ජනතා සේවයේ. මැරුණු කෙනා මියගියා. ඒකට දැන් කරන්න දෙයක් නැහැ.එංගලන්තයට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ නේ. (නි)
කුමාරන මහත්තයෝ, අපි වගේ නොවේ, බටහිර රටවල මිනිසුන් ගැන එම රටවල් හොඳට සොයා බලනවා. පහසුකම් සළසනවා.කරදරයක් වුණොත් ඒ වෙනුවෙන් ගතයුතු උපරිමය කරනවා. අපිට අපේම රටේ නැති සැළකීම අපේම අය ඔවුන්ට දෙනවා, ගුවන් තොටුපළින් බහින ලද මොහොතේ ඉඳලා (නි)
හරිම කැතයි. ලොවටම පෙනෙන්න අපරාධකරුවන්ට දඩුවම් කරන්න (නි)
ඔහොම යමුකෝ (නි)
මට ප්‍රේමදාස මැතිතුමා මතක් වෙනවා මේ වෙලාවේ. එතුමා හිටියා නම් අද ඇති වී තිබෙන දුෂණය මැරකම රජ වුණු සමාජය නැති කරනවා. එතුමා අපට අහිමි වුණේ අපේ අවාසනාවට. ෆොන්සේකා මහතා පැමිණන තාක් දුෂණ කුඩු වැළැක්විය නොහැකි බවයි මගේ අදහස. (නි)
දවසේ විහිළුම කතාවත් මෙහි තැනක සදහන් වෙලා තිබෙනවා (නි)
අපේ රටේ නීතිය වල් වැදී අවසානය. රටේ නීතිය ගැන සෑහීමකට පත්වීමට නොහැක. අපි බලමුකෝ වෙන්නෙ මොකක්ද කියලා. (නි)
කුමාරන මහතාණෙනි, තමන්ගේ රටේ මිනිසෙකු අපේ රටේ අයෙකු විසින් මරාදමන ලද නිසාත්, ඒ මිනීමැරුම යටගැසෙන බව පෙනෙන නිසාත් තමයි කැමරන් මේකට "අත පොවන්නේ". මේකට උත්තර නොදී අපි 'බටහිර ජාතීන්ගේ ඇඟිලි ගැසීම', ජාත්‍යන්තර කුමන්ත්‍රණ', අධිරාජ්‍යවාදීන්ගේ අතපෙවීම' වැනි වචන අස්සේ හැංගිලා අපේ වැරැද්ද වහගන්න උත්සාහ කළාට වැඩක් නැහැ. කුසුම් කියලා තිබෙනවා වගේ මේක දේශපාලන ප්‍රශ්නයක් නොව යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක්. (නි)
වනිගසේකර මහත්තයෝ ,අවුරුදු දහස් ගාණක් තලලා පොඩි පට්ටම් කරපු අපි යන්තම් නැගිටින්න හදන්නේ දැන්.අපි ඔය බටහිර රටවල වගේ මහාපරිමාණ මිනිස් ඝාතක අවි ආයුධ නිපදවනවා නම් සල්ලි ගොඩක් තිබේවි. ඒ වගේම අන් රටවල් සුරා කනවා නම් ඕනෑ තරම් සල්ලි අපිට තිබේවි. ලංකාව බටහිර සමග ගළපන්න එපා.ඔයාලට බටහිර රජ දහනක් වුණාට එහි ගැඹුරු අවධානම දන්නේ අපි.හැම දේකටම කාලය සහ අවකාශය අවශ්‍යයයි. (නි)
අපි උසාවිය තීන්දුව දෙනකන් ඉවසන්න.අපරාද කාරයෝ කොහේ හිටියත් කුවුරු උනත් කවදා හෝ දඩුවම් ලැබෙනවා.(අ)
ලංකාවේ වරදි කරන අයට දැඩ දඬුවම් දෙන්න ජනපති තුමනි (අ)
මේ වැඩ නිසා රටේ ඉන්න අහිංසකයොත් පහත් තත්ත්වයෙන් මනිනවා (නි)
මොනවා කිව්වත් ඉස්සර ලංකාව දැන් නැ. රටේ ඉන්නවත් හිතෙන්නේ නැ. ලොකු ලොක්කෝ ටික රට කනවා රටවැසියෝ බෙදාගෙන කනවා. (අ)
සුද්දගේ කීම වත් අහල නඩුව ඉක්මන් කරන්න වෙයි. (අ)
බ්‍රිතාන්‍ය අගමැති නොදන්නවා වුනාට ලංකා පාර්ලිමේන්තුවේ, පළාත් සභාවල , ප්‍රාදේශීය සභාවල නියෝජිතයෝ වැඩි පිරිසක් යුක්ති ගරුක සමාජයක නම් විවිධ දඩුවම් ලැබියයුතු පිරිසකි. සතර අගතියෙන් ම යුක්ත පිරිසක් පාලනය කරන රටක තත්වය. 1977 න පසුව ඇති වූ දෙදරා යාමට නිසි ක්‍රම වේදයක් ඇති නොවීම ප්‍රධාන හේතුවයි. උගත් බුද්ධිමත් පිරිසකගේ නායකත්වය ජාති භේදයකින් තොරව රටට අත්‍යවශ්‍යව පවතී. නමුත් එවැනි පිරිසකට පසුබිමක් ද රට තුල නොවීම කනගාටුවකි.(දිල්)
ලංකාවේ වැරදි කරන උන්ට දඩුවම් කරනවානම් මුලින්ම දඩුවම් ලැබිය යුතු අය ඉන්නේ කොහේද ,මුලින්ම පටන් ගන්න ඕනේ එතනින් ඔක්කොටම කලින් සුද්ද කල යුත්තේ එතනයි (අ)
කුමාරන, අපරාධකාරයන්ට වමාරන්න වෙන දිනය වැඩි ඈතක නොවේ. මේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රාදේශීය දේශපාලකයෙක්. තමාගේ බල ප්‍රදේශයේ කුඩා පරිමාණ හෝටල් හිමියන්ගෙන් කප්පම් ගැනීම ජයටම කරගෙන යනවා කියලා ආරංචියි අපිට (නි)