IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තීක්‍ෂණගේ අලුත් සින්දුව මැයි මාසේට කල් යයි

2016-03-18-ent-91සංගීත ක්ෂේත්‍රය තුළ වර්තමානයේ ජනප්‍රියව සිටින යොවුන් ගායකයන් අතළොස්ස අතර සිටින තීක්‍ෂණ අනුරාධ සිරස "සුපර් ස්ටාර්" රියැලිටි තරගාවලිය ඔස්සේ ගායන ක්ෂේත්‍රයට එක්වූ තරුවක්. "සඳරේණු ගලන" ගීතය හරහා සුවහසක් රසික හදවත් තුළට රිංගූ තීක්‍ෂණ, "ඔබ තරම්", "පෙරදාක සුසුමන්", "ආයෙත් හඬන්න", "සායම් කිරීල්ලී" යන ගීත තුළින් ක්ෂේත්‍රය තුළ නමක් දිනාගනිමින් සිය ජනප්‍රියත්වය තව තවත් ඉහළ දමා ගැනීමට සමත් විය. මේ දිනවල තීක්‍ෂණගේ ගීත අතරින් වඩා සංගීත ලෝලීන් අතර ජනප්‍රිය වී ඇත්තේ වෙනස්ම ආරක ගී නිර්මාණයක් වූ "බෝඩිම" ගීතය තුළිනි. ඉදිරියේදී සිය අලුත්ම ගීතයක් එළිදැක්වීමට සූදානමින් සිටින තීක්‍ෂණ ඒ පිළිබඳ "සාරවිට" අපිට මෙසේ කටහඬ අවදි කළේය.

"අවසන් වරට මම එළිදැක්වූයේ "බෝඩිම" ගීතයයි. ඒ මීට අවුරුද්දකට කලින්. නමුත්, මේ ගීතයට අදටත් හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. ඒත්, මේ ගීතයට දැන් අවුරුද්දක කාලයක් වෙන නිසා ඉදිරියේදී අලුත් ගීතයක් එළිදක්වන්න සූදානමක් තියෙනවා. අලුත් ගීතය මාර්තු අගදී තමයි එළිදක්වන්න සැලසුම් කරලා තිබුණේ. ඒත්, පසුගිය දවස් ටිකේ මම අසනීප වෙලා හිටියා. ඒ අසනීප තත්ත්වය උඩ මගේ කටහඬත් ඒ තරම් හොඳ මට්ටමක තිබුණේ නැහැ. ඉතින් මේ වැඩේ මැයි මාසය දක්වා කල් ගියා. මැයි මාසේ මගේ අලුත්ම ගීතය අනිවාර්යයෙන්ම මගේ රසික, රසිකාවියන්ට අහන්න පුළුවන්කම ලැබෙයි කියලා මම පොරොන්දු වෙනවා. ඒ වගේම මේ ගීතයට රූප රචනයකුත් එකතු කරන්න දැනට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ නිසා මේ ගීතයේ ඕඩියෝව හා වීඩියෝව දෙකම එකට රසිකයන්ට තිළිණ කරන්න තමයි මගේ අදහස."

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - තීක්ෂණ අනුරාධගේ Facebook ගිණුමෙන්

 

The Bodim Song ...

2016-03-18-ent-93
2016-03-18-ent-92
 



අදහස් (0)

තීක්‍ෂණගේ අලුත් සින්දුව මැයි මාසේට කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site