මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවකු වූ නිපුණ රාමනායක 2009 අගෝස්තු මාසයේ දී පැහැරගෙන ගොස් පහර දුන්නේයැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන, බිරිය ශ්‍යාමලී ගුණවර්ධන සහ පොලිස් නිලධාරීන් පස් දෙනකුට අද කොළඹ මහාධිකරණයේ දී අධිචෝදනා බාර දුන්නේය.
වාස් ගුණවර්ධන සහ රවිඳු දැනට බන්ධනාගාර ගතව ඇති බැවින් ඔවුන්ට ඇප හිමි නොවූ අතර සෙසු සැකකරුවනට රුපියල් පනස් දහසක මුදල් හා පන්ලක්ෂයේ ශරීර ඇප දෙක බැගින් නියම කළ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය නඩු විභාගය පෙබරවාරි හය හත සහ අට වැනිදා පැවැත්වීමට නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු...පවුලම එකතුවෙලා ගෝලයන් එකතු කරගෙන කොල්ලෙක්ට ගහල ..(අ)
මම හිතන්නේ දැන් මෙම නඩුව ඉල්ලා අස්කරගන්න ඕන කියලා. කරලා තියෙන්නේ ලොකු වරදක් වුනත් දැන් වස් ගුණවර්ධන එල්ලුම් ගහට නියම වෙච්ච අයෙක්. ඉතින් දැන් ඔහුගැන අනුකම්පා කරන්න. එය දැන් මැරී මැරී ඉපදෙනවා හිරකුඩුව ඇතුලේ. ඒක විශාල පිනක්. (හේ)
මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. මේ මනුස්සය හොඳට වැඩ කරපු කෙනෙක්. (හේ)
මේ නඩුව දැන් ඉවර කරමු.(හේ)
සරණපාල - ඔහොම තමයි ආණ්ඩු මාරු වෙද්දී. (හේ)
දැන් ඒකත් ඉවර වෙයි.(හේ)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
වර්ෂ 2009 සිදු වූ සිද්ධියකට අධි චෝදනා ලබා දෙන්නේ වර්ෂ 2016 . වසර 07ක් ප්‍රමාද වීම බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බරපතල ගැටලුවකි. නොයෙකුත් පෞද්ගලික හෝ දේශපාලන හේතු කාරනා තිබෙන්නට පුළුවන. එහෙත් දැන් හෝ ගොනු කිරීම පැසසිය යුතුයි. (බ)
වාස් වැනි අහිංසක පොලිස් නිලධාරියෙකුට සහ ඔහුගේ පවුලට මෙවැනි චෝදනා නඟන්නේ ඇයිද යන්න මට නම් විශාල ප්‍රශ්නයකි.
යහපාලනයට පින්සිද්ධ වෙන්න ඕනෑ (නි)
මේ සිද්ධිය මොකක්ද කියලා ලංකාවේ හිටපු අය දන්නවා. බලය මඟින් යටපත් කරලා තිබුණු එකක් නැවත වින්දිතයා පැත්තට හැරී ඇති බවයි පේන්නේ. (නි)
මේ ළමයාගේ ජීවිතය යන්තම් බේරුනා. නැත්නම් මේ වෙද්දී මොනවා වෙලාද දන්නෙ නැහැ (නි)
මේ ළමයා ඝාතනය නොවුන එක ගැන මට නම් පුදුමයක්.(හේ)