ජර්මනියේ බර්ලින් නුවර පැවති 2014 විශ්ව හරිත සම්මාන උළෙලේ කෘෂි කර්මාන්තයේ නව සංකල්ප හඳුන්වා දීම යටතේ වු සම්මානය හිමිකර ගැනීමට නෙරළු වැවිලි කර්මාන්ත ආයතනය සමත් විය.
ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමිකර දෙමින් දිනාගත් මෙම සම්මානයද රැගෙන නෙරළු වැවිලි කර්මාන්ත ආයතනයේ අධ්‍යක්ෂක ධනුෂ්ක ලංකා තරංග ලියනගේ මහතා පසුගිය දා දිවයිනට පැමිණියේය.
මෙම සම්මාන උළෙල සඳහා රටවල් 52 ක සමාගම් 92 ක පුද්ගලයෝ 204 ක් තරග කළහ.
ඔහු ලබා ගත් මෙම සම්මානය පිළිබඳ ඔහු පවසන්නේ ද්විත්ව වානිජ වගා ව්‍යාපෘතියක් ලොවට හඳුන්වා දීම වෙනුවෙන් මෙම සම්මානය හිමි වු බවයි.
තම ආයතනය මගින් පොල්, තේක්ක යන ප්‍රධාන භෝග සමග අතුරු භෝගයක් ලෙස ආර්ථික ප්‍රතිලාභ ලබා ගත හැකි මුරුංගා වගාව හඳුන්වා දුන් බව ඔහු කියයි.
මුුරුංගා භෝගය ආශ්‍රීතව වලින් සුවඳ විලවුන්, ඖෂධ, ආලේපන, තෙල් වර්ග ඇතුළු බොහෝ දේ නිෂ්පාදනය කළ හැකි බැවින් ඒ සඳහා ආයෝජකයින් පොළඹවා ගැනීම ඔහුගේ අරමුණයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලකට මුරුංගා මාරුවෙලා වගේ.... (නි)
මටත් ඕනෑ වුණා මේකට ආයෝජනය කරන්න. ඒත් මම ටිකක් බය වුණා. ඇත්තට බලපුවම හොඳ වැඩ කරන මේ වගේ අයත් ඉන්නවා. ඒක ලොකු සතුටක්. (නි)
වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් තේක්ක වන වගා රාශියක් තියනවා. ඒවයින් කෙරෙන්නෙ රාජ්‍ය දැව සංස්ථාවට දැව ලබාගැනීම පමණයි. ඒ අයටත් මේ ආදර්ශය වැදගත් වේවි දැනුවත් වුනොත්.(අ)
නුඹට සුභ පැතුම්! (අ)
මට මේ ගැන කියන්න තියෙන්නේ පරිස්සමෙන් මේ ගැන බලාගෙන ඉන්න කියල. මෙම සම්මානය දුන්නේ පෞද්ගලිකව පිරිසක් කැඳවල.ජර්මන් රජය නොවෙයි .මේ වගේ දේවල් මෙහෙම දේවල් කරලා කරලා අපේ අය දන්නවා මේවා ඔක්කොම වංචා කියල.නමුත් මෙහෙම පිටරටින් සමමාන ලැබුන කියල කීවහම ආපසු කව්රුත් විශ්වාස කරලා මුදල් ආයෝජනය කරනවා ඊළඟ විනාශයක් එනතුරු.(අ)
මගේ උනුසුම් සුභ පැතුම්! ඔබට තවත් මෙවැනි ජයග්‍රහණ හිමිවේවා! පරිසරයට, රටට වැඩ දායී මෙවැනි ව්‍යාපෘති තවත් ඉදිරියට කරගෙන යන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. (අ)
මම මේ කල්පනා කළේ අපේ පාඨක සභාවේ තිලක්ලා දෙන්නගේ වෙනස. ඩුබායි තිලක් මහතා ඉතා තෘප්තිමත්, තමන් ඉන්න රටට බරක් නැති, වැඩදායි දිවි පෙවෙතක් ගතකරන බව පෙනෙනවා. (නි)
මමනම් විනෝදයට වගේ මැදපෙරදිග ඉඳල මුරුංග,ඇපල් ,පෙඅච්,ෆිග්,දොඩම්,දෙළුම් මෙහෙ වගා කරලා සාර්ථක අස්වැන්නක් ලබනවා.ලංකාවෙත් ඇපල් ,මිදී,ෆිග් වගේ පලතුරු ගස් හිටවල තියෙනවා.පලතුරු ගස් සිටවීමෙන් ,සහ පලදාවෙන් විශාල මානසික තෘප්තියක් ලබනවා. (අ)
මුරුංග කොළ වල තිබෙන අව්ෂදීය ගුණය නිසා දුප්පත් රටවල දරුවන් මන්ද පෝෂනයෙන් සහ ගැබිණි මව්වරුන්ට ලැබෙන දරුවන් බර අඩු භාවයෙන් සහ රක්ත හීනතාවයෙන් බේර ගන්නවා.මුරුංග "මිරකල් ප්ලාන්ට්" කියන නමින් හදුන්වන්නේ එහි ඇති ඖෂධීය ගුණය නිසයි. (අ)
මගේ මුරුංග ගස් වලින් මුරුංග කොළ වලින් සතියකට දවස් 3-4 ක් සුප් හදනවා. (අ)
මට හිතෙන විදියට මේක ප්‍රයෝගිකව කරන්න අමාරු වැඩක් මගේ වත්තේ තේක්ක ගස් තියෙනවා හැබැයි අවුරුද්දකට දෙපාරක් විතර ඒ ගස් වල අතු හොදට පාහින්න ඕන ඉතින් යටින් මුරුංග හිටවන්නේ කොහොමද තේක්ක අතු වැටුන ගමන් මුරුංග ගස් නිකම්ම කැඩෙනවා නේද? (අ)
මේවා අපේ රටේ මිනිසුන් අතර ප්‍රචලිත කිරීම වැදගත්.(අ)
බණ්ඩා.මුරුංග ගස් ඉහලට වැවෙන්න දෙන්නේ නැහැ.අඩි 2-3 ක් ඉහලට යනකොට ගහ කපල අතු වැවෙන්න ඉඩ හරිනවා ඒ නිසා මුරුංගා කොළ විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට පුළුවන්.(අ)
හෙක්ටෙයාර් එකකින් ලැබෙන මුරුංග පලදාව කොහොමද? සුවඳ විලවුන් 1L හදන්න මුරුංග කොච්චරක් ඕනෙද? එහෙම හදන සුවඳ විලවුන් 1L ක මිල කියද? (අ)
සැඟවුණු ගුණාත්මක කෘෂි භෝගයක් හඳුන්වා ජාත්‍යන්තර සම්මානයක් ලබාගැනීම රටට ගෞරවයක්. (අ)
අපේ ආචාරය (අ)
මගේ යාළුවෙක් හැටියට මම තරංග පොඩි කාලේ ඉදලම දන්නවා. ජීවිතේ අනන්ත දුක් විදලා අපු ගමනක සුපිරි ප්‍රතිපලයක් මේ තරංග ලබාගෙන තියෙන්නේ.. මගේ කලන මිත්‍රයට ජයෙන් ජයම ලැබෙන්න ඕන... නියමය් තර... බුදුසරනෛ මචන්.(අ)
එල එල.(අ)
හොද ක්‍රියාවක් (අ)
සුභ පැතුම්! (නි)
නියම කොල්ලෙක්. ගමේ නම තිබ්බා එහෙනම් (නි)
පුළුවන් කියල ඔප්පු කළා වගේම මිනිස්සුන්වත් දැනුවත් කරන්න .(අ)
සුභ පැතුම්! (නි)
හොඳ සොයාගැනීමක් (නි)
තේක්ක සෙවනක තිබෙන මුරුංගා වගාවක් දැකගන්න ඇත්නම්.... (නි)