(ඉන්දිකා රාමනායක) තඹුත්තේගම ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් ඉදිරිපිට දී ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් ලක්ෂ 223 මුදල් කොල්ලකෑමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගනය ප්‍රාදේශිය සභාවේ පොදු පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාගෙන් හෙළිව ඇති තොරතුරු මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත සිද්ධිය ඊයේ (26) පස්වරුව.2.00 ට පමණ සිදුව ඇති අතර සිද්ධිය සිදුවන අවස්ථාවේ දී ඒ ආසන්නයේ සිටි තඹුත්තේගම පොලිසියේ සැරයන් බුද්ධික කුමාර මහතා එම ස්ථානයට පැමිණ කොල්ලකරුවන් සමඟ පොරබදා කොල්ලය ව්‍යාර්ථ කරගෙන තිබුණි. කොල්ලකෑමට පැමිණි සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම පොලිස් නිලධාරියෙක්... එතුමාට උසස්වීමක් දෙන්නම ඕනේ.. අනිකුත් නිලධාරීන්වත් දිරිගැන්වෙන්න.
පොදු පෙරමුණේ? වෙන්න බෑ...
මහ උදවිය රට කොල්ලකද්දී, බැංකුව කොල්ල කන්න හිතෙන්න ඇති...
පළාත් සභාවට තමා තුළ ඇති සුදුසුකම මේ පොහොට්ටු මැරයා විසින් පෙන්වා දී ඇත.
මෙරට මොනයම්ම හෝ අකටයුත්තක් සිදුවුයෙනම් පිටපස්සෙ දේශපාලුවෙක් අති.
ඔාය " පොදු පෙරමුන " කියන පක්ශයෙ ඉන්නෙ හොර බොරු වන්චාවෙන් කාලය ගතකරන මන්කොල්ලකාරයො විතරයි ! ! !
චෞරයන්ගෙගෙන් සූසැදි පොදු ජන එඑක්සත් පෙරමුණ . ශෝක් අපට .
ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමෝ කාපිය තණ කොළ.
පොහොට්ටුවෙ ඉන්නෙම හොරු,ස්ත්‍රී දූෂකයින් සහ මං කොල්ලකාරයින් බව තවදුරටත් තහවුරු වේ.
යවමු පාර්ලිමේතුවට
රාජපක්ශලගෙ පක්ශයක සමජිකයෙක්නම් අනිවර්යෙන් පට්ට හොරෙක්.
පොහොට්ටුවේ කිව්වා නම් ජරාපක්ෂලාගේ ජානමය ලක්ෂණ තියෙන කම්බ හොරෙක්ම තමයි...
දේශපාලනය කරන කොයි කෙනත් හොරකම් කරනවා.. මොවුන් දේශපාලනේ කරන්නේ ඔවුන් හැදෙන්න මිසක් අන්න් වෙනුවෙන් නෙමේ. මේ ක්‍රමයයි වෙනස් විය යුත්තේ කාටවත් බැනලා වැඩක් නැහැ..!