තේ මිල පහළ වැටීම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස තේ වෙන්දේසියේදී පවතින මිලට වඩා ඉහළ මිලකට තේ මිලදී ගැනීමට තම අමාත්‍යංශය තීරණය කළ බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය.
අද (1) පෙරවරුවේ එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසූ ඇමැතිවරයා කීවේ මෙය කෘතිමව මිල වැඩි කිරීමක් වුවත් එයින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩා තේ වතු හිමියන්ට සාධාරණයක් වෙනවා නම් එච්චරයි (නි)
අපි බලමුකෝ... (නි)
ලෝකයේ තේ නිෂ්පාදනය කරන රටවල් වලින් ලංකාවේ තමයි වැඩිම තේ නිෂ්පාදන පිරිවැය.ඒ නිසා ලෝක වෙළඳපොළෙත් ලංකාවේ තේ මිල අධිකයි, අනිත් රටවල් වලට වඩා. (නි)
පැලැස්තර දාන්නේ නැතුව තියෙන ප්‍රශ්න විසදන්න. රුපියල් අසූවක් දෙනවා කියල කරපු විනාසේ දන්නේ තේ වවන අපි. දැන් දළු කඩන මිනිස්සු ඉස්සරට වඩා පැදියක් ඉල්ලනවා පොඩි දළු කඩන්න ඕනේ නිසා. එත් එහෙම කඩල දෙන දළුවලට රුපියල් අසූව ලැබෙන්නේ නෑ. වගාකරුව අනාතයි. (ර)
හොඳ තීරණයක් (නි)
තේ වල ප්‍රශ්නයට වහාම විසඳුම් හොයන්න. (නි)
එක්තරා නායිකාවක් ඉස්සර විදුලිබලයටත් මේවගේ දෙයක් කළා මතකයි දමතකද? විදුලිබලාගාර හදන්නෙ නැතිව ඔරලෝසුව කැරකෙව්වා හීක් හිකැ...(බ)
විජිත්, චාමර, ඔබට ස්තූතියි! මට පෙනෙන්නේ මේ පිළිබඳ හොඳ දැනුමක් ඔබට තිබෙනවා.මාත් අසරණ වුණ කුඩා තේ වතු හිමියෙක්.කයිවාරු ගැහුවට අපිට දැන් රු.80 ගෙවන්නේ නැහැ. (නි)
පැලැස්තර දාන්නේ නැතුව අලුත් වෙළඳ පොළවල් හොයාගෙන විකුණන්නකෝ (නි)
ලංකා තේ වලට තිබුන පිළිගැනීම දැන් නැහැ .කාලයක සිට ඉන්දියානු තේ සමග කලවම් කර රට පැටවීමෙන් .අපේ තේ වලට ජත්යන්ටරයේ ඉල්ලුම පහල බැහැල .එය හිතාමතාම කළ දෙයක් (හේ)
ප්‍රවේශමෙන්....අපෙන් තේ ගන්න ප්‍රධානම රටවල් වන්නේ අරාබි රටවල්. ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවෙනකොට අපේ තේවල මිල බොහෝ සෙයින් අඩුවෙනවා. මොකද ඒ රටවල් තේ ආනයනය අඩුකරනවා. අපේ තේ මෙහෙ ගොඩගැහෙනවා. තේ වෙන්දේසියේදී කෘතීම මිලක් ඉදිරිපත් කරලා රජය තේ මිලට ගත්තත් කාටද ඒ තේ විකුනන්නේ...? කෘත්‍රිම මිල සාමාන්‍ය වෙන්දේසි මිලට වඩා වැඩියි. ඊට වැඩි ගණනකට මිනිස්සු තේ ගන්නේ නැහැ. අනෙක ඛනිජ තෙල් මිල කාලයක් අඩුවෙලා තිබුනොත් මේ ගොඩගසන තේ වලට මොකද කරන්නේ. අමතක කරන්න එපා තේ වලට කල් ඉකුත්වීමේ දිනයක් තියෙනවා. (ර)