නියමිත පරිදි සේවක අර්ථ සාධක මුදල් මහ බැංකුවට නොගෙවීම නිසා අගලවත්ත වැවිලි සමාගමට අයත් වතුවල තේ සහ රබර් කර්මාන්ත ශාලා හතක නිලධාරීන් අද (05) සිට වැඩ වර්ජනයක් ඇරඹීය.
නිලධාරිහු දෙසීයකට ආසන්න පිරිසක් වැඩ වර්ජනයට එක්ව සිටි නිසා කර්මාන්ත ශාලාවල පරිපාලන සහ සේවා කටයුතු මුලූමනින්ම අඩාල වී ගිය බව එම වතුවල සේවකයෝ පවසති.
මේ හේතුවෙන් තම සමාගමේ වතු සහ කම්හල්වල සේවය කරන කම්කරුවන්ගේ වැඩ අධීක්‍ෂණයට නිලධාරීන් නැතැයි වතු කම්කරුවෝ කියති. එබැවින් තමන් වැඩකළ බව ලේඛනගත කිරිමට කෙනෙක් නොමැතිවී ඇතැයි ද කියති. සිංහල සහ දෙමළ පිරිස් මෙම වතුවල කම්කරුවන් ලෙස සේවය කරති.
අගලවත්ත වැවිලි සමාගම පවසන්නේ ලෝක වෙළඳපොලේ රබර් සහ තේ මිල සිග‍්‍ර ලෙස පහළ බැසීම නිසා මේ අර්බුදය පැන නැගුණු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගලවත්ත වැවිලි සමාගම අයිති ක්‍රිස් නෝනිස් මහතාට .ඔය සමාගමේ ප්‍රශ්න කලෙක පටන් තියන දෙයක්. ඉහගන කන අය සිටින නිසා වතු සමාගමෙන් ලාබයක් ලබන්න අපහසු වී ඇත. වසර ගානකට ඉහත හොද ආදායමක් ලැබූ වැවිලි සමාගමක් .අපරාදේ..............(කෞ)