(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා තේ මණ්ඩලය 2020 වර්ෂයේදී කෝටි 741 ක මුදලක් අදාල අමාත්‍යවරයාගේ හෝ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා නොගෙන ස්ථාවර හා කෙටි කාලීන තැන්පතුවල ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මේ අතර පනතේ විධිවිධාන ප්‍රකාරව සෙස් බදු තේ මණ්ඩලයේ අරමුදලක බැර කළ යුතු නමුත් එම විධිවිධානවලට අනුගත නොවී මහ භාණ්ඩාගාරයට බැර කර තිබුණු බව නිරීක්ෂණයවී යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
ප්‍රචාරණ වෘත්තිය උපදේශකවරයකු වශයෙන් හිටපු අධ්‍යක්ෂ වරයකු බඳවා ගෙන දීමනා වශයෙන් රුපියල් දහ අට ලක්ෂයකට වැඩි මුදලක් 2020 වර්ෂයේදී ගෙවා තිබූ බව පවසන එම කාර්යාලය අනුමත බඳවා ගැනීමේ පටිපාටිය තුළ හෝ වෙනත් චක්‍රලේඛයක කිසිදු විධිවිධානයක් නොතිබියදී අධ්‍යක්ෂ මණ්ඩලය මොහු මෙලෙස සේවයට බඳවා ගෙන තිබූ බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතරම්ම මුදලක් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා නොගෙන පිටවුනා කියන එක මහ ලොකු දෙයක් නොවේ. ඕවගේ මාස්ටර්ලා "කසල-තේ" කෙතරම් රට පටවනවාද යන්න ඔබලාම දන්නවා ඇතිනේ..! සුද්ධා ලොවට හඳුන්වාදුන් "සිලෝන්-ටී" නාමය කාපු කසලයොනේ ඕවගේ ඉන්නේ..! අනික පොලිසිය කිලෝ ගණන් පටවගෙන යන 'කසල-තේ' ලොරි අල්ලලා මාධ්‍යට පෙන්නුවාට ඒවා විනාශ කළා කියලා ඒ මාධ්‍යවලින්ම ලොවට පෙන්වන්නේ නැහැනේ... ඉතින් 'වඳවී' යන 'සිලෝන්-ටී' ගැන තමයි දැන් කියන්න තියෙන්නේ..!