සති තුනකට ආසන්න කාලයක් මහනුවර සුපිරි සංචාරක හෝටලයක නැවතී ආහාරපාන ලබාගෙන රුපියල් තුන් ලක්ෂ හැට දහසක පමණ බිලක් නොගෙවා පැන ගිය යුවලක් ගැන මහනුවර පොලීසිය සොයයි.
වයස අවුරුදු 11 ට අඩු දරුවන් සිව් දෙනකුද සමග මොවුන් මුලදී මෙම හෝටලයට පැමිණ සිව් දිනක් ගත කර ඇත.
රුපියල් එක් ලක්ෂ හතලිස් එක් දහසක් ගෙවා දෙවැනිවරට පැමිණ දින 19 ක් නැවතී සිට මාරුවී ඇතැයි පොලිසියය කළ පැමිණිල්ලේ දැක්වේ.
එම පුද්ගලයා කොළඹ 12 බිරාමියා වීදියේ පදිංචිකරුවකු බවත්, කාන්තාව වත්තල, හැඳල කැනල් පාරේ පදිංචි බවත් විදේශ ගමන් බලපත් අනුව දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සැලැස්මක් ඇතුව කරන වැඩ. කලිනුත් ඕවා කරලා ඇති. (ර)
මීටපෙරත් මේ වගේම ණයට කාලා පැනලා ගිය සිද්ධියක් පුවත්පත්වල තිබුණා මට මතකයි (නි)
මේ දරුවන් මොවුන්ගේම දරුවන්ද දන්නෙ නැහැ (නි)
දැනටම පිටරට පැනලා ද දන්නේ නැහැ. (ර)
මේවා ජාන වල ගතිය.(අ)
දේශපාලකයෝත් බහුතරය ජනතාවගේ දේවල් ණයට කන අය තමයි. ජනතා පරමාධිපත්‍යය තියෙන්නේ ඔවුන් ළඟ නිසා පැනලා යන්නේ නැහැ. (නි)
දේශපාලනයට ඉතා සුදුසුයි (නි)
ඊලග පාර ආවොත් පොලිසියට අල්ලලා දීලා නඩු දාන්න තියෙන්නේ (නදී)
රටපුරා දන්සැල් මෙච්චර තියෙද්දී මොනවට හෝටල් වලට ගියාද? (නි)
මම නම් ඇහුවමයි දවස් දහනමයක් හෝටලයක නැවතිලා හිටියා කියලා, කිසිම මුදලක් නොගෙවා. (නි)
මේ ගැන වහාම හොයන්න ඕනෑ. මේක ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්නත් බැරි නැහැ. මේක ඔය හෝටල් වට්ටන්න කළ වැඩක්ද දන්නෙත් නැහැ.අනික රට යන විදිය බැලුවහම ජීවත්වෙන්නත් බැරිනිසා හොඳ ක්‍රමයක් දුප්පත් මිනිසුන්ට පෙන්වලා දීලා තියෙන්නේ.කොහොම වුණත් අගයන්න ඕනෑ පවුලක්. (නි)
මේ ජෝඩුව නම් අදහන්න වටිනවා.අපිට නම් මෙහෙම දෙයක් කරනවා තියා හිතන්නවත් බැහැ (නි)
හෝටලයේ අය හොඳට රවට්ටලා වගෙයි (නි)
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
සුපිරි හෝටලෙන් කාපුවා මතක් කර කර සිරබතුත් ළඟදීම කයි නේද? (නි)
ඉවසන්න. ඒගොල්ල ඇවිල්ල ගෙවයි, පොඩි ප්‍රශ්නයක් වෙලා ගියේ (දිල්)
හැමදාම කොට කොටා ගිහිල්ලා කෙසෙල් ගහට කොටපු දවසට හොට පැටළේවි (නි)
තාම හොඳ හෝටලයකින් කාලා නැතුව ඇති (නි)
අනිවාර්යයෙන්ම හොයන්න ඕන. මොකද හෝටලයේ කෑම නිකන් දෙනවද.? (ර)
රන්ජිත් සිල්වාට තේරුනා කාරණාව.(බ)