IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ණය ගෙවන්න කල් දෙන්න තව රටවල් 4ක් එකඟ වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිවුහගත කිරීම සඳහා තවත් රටවල් හතරක් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.

සෞදි අරාබිය, පාකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් මෙසේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මූල්‍ය සහතික ලබා ලබා දී ඇතැයි අලි සබ්රි මහතා පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාව ගෙවමින් සිටින දුෂ්කර කාලයේදී මෙරටට සහාය වීම පිළිබඳව සෞදි අරාබිය, පාකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් ස්තුතිවන්ත වන බව සබ්රි මහතා තැබූ සටහනේ දැක්වේ.

 එසේම නැවත වරක් ඉන්දියාවට , පැරිස් සමාජයට  සහ චීනයට ශ්‍රී ලංකාවට මූල්‍ය සහතික ලබා දීම සම්බන්ධයෙන්  සිය ස්තුතිය පිරිනමන බව සබ්රි මහතා ප්‍රකාශ කර ඇත.



අදහස් (6)

ණය ගෙවන්න කල් දෙන්න තව රටවල් 4ක් එකඟ වෙයි

PAKEER Wednesday, 15 March 2023 01:54 PM

ලංකාවට ණය දෙන්නේ මොන මෝඩයාද?

:       14       2

Thilina Wednesday, 15 March 2023 02:44 PM

ණය දුන් රටවලට දෙයියන්ගේම පිහිටයි... ඔය ණය ගෙවන්නේ නැහැ..

:       10       3

ගලපර Wednesday, 15 March 2023 03:10 PM

ලෝකේ වටේ රවුම් ගගහ මෙහෙ ඇවිල්ලා බොරු බේගල් කියනවා. පරණ පිනක් පෑදිලා දැන් වැඩියෙන්ම ඉන්නේ ලංකාවෙ නෙමෙයි රට. අයියෝ අපේ සල්ලි..

:       7       5

දුශ් Wednesday, 15 March 2023 05:18 PM

ඕක කියන්න ඇමැතියෙක් ඕනෑද? ණයසහන ඉල්ලගෙන... ඒකත් මාකටින් වලට පාවිච්චි කරනවා...

:       2       1

fairoos Wednesday, 15 March 2023 05:21 PM

ගෝඨාභයට තිබිච්චි නඩුවලින් නිදහස් කරලා රටත් නන්නත්තාර කරපු කෙනා තමයි මේ...

:       2       3

Dilip kumarasinghe Thursday, 16 March 2023 12:33 AM

මම විශ්වාස කරනවා සබ්රී මහතා අපට සිටින හොඳම විදේශ ඇමතිවරයා. මුදල් ඇමැතිවරයකු ලෙසත් එතුමා විශාල සේවයක් කළා. සබරී මහතාට සාපේක්ෂව උගත් දේශපාලකයන්ගේ හැසිරීම් ඉතා අවතක්සේරු කරන්නේ මන්දැයි මට මහත් දුකක් දැනුනි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site