(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගත නොහැකවූ පවුල් වල කාන්තාවන් දෙසීයකට වැඩි පිරිසක් පසුගිය වසර තුනේදී සියදිවි හානි කරගෙන ඇති බවට තොරතුරු වාර්තාවන්නේ යැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.
"තත්වය මේක නම් මේකද අපි හදපු ආර්ථිකය" යැයිද ඔහු ප්‍රශ්න කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ මූල්‍ය ණය ප්‍රශ්නය පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ විවාදයේදීය.
ගාමිණී වලේබොඩ මහතා මෙසේද පැවසීය.
ණය මහත්තයා ගෙදරට එනකොට අපේ මහත්තයා ගෙදරින් එළියට යනවා. ණය මහත්තයා වාරික එකතු කරන්න එන දිනය මට කලින් දැනුම් දෙනවා. මම ඒ බව මගේ මහත්තයට කියනවා. ඉතිං එයත් බිම බලාගෙන ගෙදරින් පිටවෙලා යනවා. වාරික පහක්ම ගෙව්වෙ ඒ විදිහට තමයි. මොකද වුණේ කියලා අපි දෙන්නටම හිතා ගන්නවත් බැහැ.ඒ තරමටම ක්ෂුද්‍ර මූල්‍ය ණය පීඩනය අපි විනාශයට පත්කරලා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාලාම තමයි ඉතින් වගකියන්න ඕනෑ. 225න් එක්කෙනෙක්නේ... අපෙන් අහලා වැඩක් නෑ...!
ඔය කතාව අසත්‍යයක්... ඔය අර කෙනාගේ දේශනා අහපු මිනිස්සු... කවුරුවත් ලංකාවේ ආර්ථික ප්‍රශ්න නිසා දිවි හානිකර ගන්නේ නෑ. මොකද හැම දෙනාටම අර මුහුදේ පාටිදාන ඇමැතියෝ වගේ ජොලියේ ඉන්නේ...!
ඔය කට්ටියගෙන් වැඩි දෙනෙක් පොහොට්ටුවට ඡන්දෙ දීපු අය...
දැන් ඔය වංශත් 2005 ඉඳලාම (2015- 2019 හැර) ඇමැති කෙනෙක් නේද? ඉතින් ඔය කතාව ඉස්සරවෙලාම ඔහේගේ නායකයාට කියන්නකෝ. අනේ මේ නිකන් යන්න මහත්තයෝ යන්න. තවත් සිල්ලර දේශපාලකයෙක් විතරයි.
ඉතින් වලේ මහත්තයෝ ඔහේලාම නේද නයි නටවමින් කියත්මගේ නායකයෝ හැටියට 2019 ගෝඨාභය අරගෙන ඇවිල්ලා රටේ ඔය තත්වය ඇතිකළේ..! ඉතින් ඔහේ දැන් ඔහොම කියෙව්වාට රත්නපුර දිස්ත්‍රික්කයේ කියත්මගේ නායකවුනේ ඔහේම තමයි... ඔහේලාට ගමේ මට්ටමේ අය උදව්වට හිටියා... දැන් අපිට මොත්තේ දාන්න එපා මහත්තයෝ... අනුන්ගේ ඇහේ පොල් කෙන්ද අදින්න ඉස්සර ඔහේගේ ඇහේ ගහගෙන සිටින පරාලය අයින් කළොත් හොඳයි...!