
(නිමන්ති රණසිංහ)
වරලත් ගණකාධිකාරිවරයකුගේ ණයකාඩ් පත සොරාගෙන ඉන් රුපියල් 20,000ක ‘සුදුවෙන්න ක්‍රීම්” මිලදී ගත් බව කියන සිංහල ක්‍රීඩා සමාජ මත්පැන් අලෙවි සැලේ (එස් එස් සී ක්ලබ්) වේටර්වරයකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (15) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සිංහල ක්‍රීඩා සමාජ මත්පැන් අලෙවි සැලේ (එස් එස් සී ක්ලබ්) වේටර්වරයකු ලෙස සේවය කරන අයෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ වරලත් ගණකාධිකාරිවරයකු වන රනිල් විජේසිංහ මහතා විසින් ඉකුත් 26 වැනිදාය.
තමන් ඉකුත් පෙබරවාරි මස 26 වැනිදා සිංහල ක්‍රීඩා සමාජ මත්පැන් අලෙවි සැලට ගොස් මත්පැන් මිලදී ගත් බවත් එහිදී ගනුදෙනු කළ ණය කාඩ්පත අමතකව ගොස් එය අස්ථාන ගතවූ බවත් පැමිණීල්ල සදහන් කර ඇතැයි කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඔහුට එරෙහි චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙසට කුරුදුවත්ත පොලීසියට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි එකාගේ නම ගම ජාතිය ඔක්කොම කැත නැතුව දෙනවා
ඉතාලි ප්රංශ කොල්ලෝ ආසා අපේ කෙල්ලන්ගේ ඔරිජිනල් පාටට. අපේ කෙල්ලෝ අව්වට පිච්චෙන්න පිච්චෙන්න තවත් ලස්සනයි. ඒත් ලංකාවේ බදින්න ඉන්න කොල්ලාගේ අම්මා හොයන්නේම සුදු කෙල්ලෝ.
වදකහ සුදිය බීපු අයගේ පරම්පරාවේ අයද කොහෙද.