(විමුක්ති එස් රුද්‍රිගු)

ණය අර්බුදයට කඩිනම් විසඳුමක් සෙවීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයට පැරිස් සමාජයේ සම්පූර්ණ සහයෝගය හිමිවන බව පැරිස් සමාජයේ සම සභාපති විලියම් රූස් මහතා ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව විලියම් රූස් මහතා සමග පැවති හමුවකදී ඔහු මෙසේ සඳහන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේය.