
(අංජුල මහික වීරරත්න)
ඩෙංගු රෝගය සදහා සුදුසුකම් ලත් බටහිර හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකු නියමකරන ඖෂධ හැර කිසිදු කිසිදු අත් බෙහෙතක් භාවිත නොකල යුතු බව බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය සමින්ද ආරියරත්න මහතා අවධාරණය කරයි.
විශේෂයෙන්ම, පැපොල් කොළ යුෂ වැනි අත් බෙහෙත් භාවිත කිරීම නිසා ඇතැම් ඩෙංගු රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත් වී ඇති බවත්, එමෙන්ම විවිධ අසීරු සංකූලතාවලට මුහුණපා ඇති බවත් කායික රෝග විශේෂඥ වෛද්‍ය සමින්ද ආරියරත්න මහතා පෙන්වා දෙයි.
එබැවින් සමාජ මාධ්‍ය තුළ සංසරණයවන විවිධ පණිවිඩ අනුව ඖෂධ සකසා ගැනීම හෝ භාවිත කිරීම කිසිදු අයුරකින් නොකළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
මේ අතර වත්මන් ඩෙංගු රෝග ව්‍යාප්තිය හමුවේ ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට විශේෂිත සායනයක් බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී ජූලි 31වන සිකුරාදා දින සිට ආරම්භ වන බව අධ්යක්ෂ වෛද්‍ය පරාක්‍රම හේමචන්ද්‍ර මහතා පවසයි. ආයුර්වේද වෛද්‍ය සම්ප්රදාය යටතේ ප්‍රතිකාර ලබා ගැනීමට බලාපොරොත්තු වන රෝගීන්ට බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලට පැමිණ ප්‍රතිකාර ලබා ගන්නැයි ඒ මහතා ඉල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd