
(සුජිත් හේවාජුලිගේ)
ඩෙංගු තදින් පැතිරීම හේතුවෙන් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වසා දැමුණු බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.
එම විශ්ව විද්‍යාලය නැවත විවෘත කෙරෙන්නේ ලබන 13 වැනිදාය.
මේ අනුව විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා පරීක්ෂණ කටයුතු කල් දැමෙන අතර නේවාසිකාගාරද වසා තැබෙනු ඇත.
ඩෙංගු වැළඳුණු සිසුන් තිස් හය දෙනකු සහ උණ රෝගය වැළඳුණු තවත් සිසුන් පිරිසක් සොයා ගැනීමෙන් පසු රෝගය පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස විශ්ව විද්‍යාලය මෙසේ වසා දැමුණු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එම විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර දෙකක් රාජගිරියේ සහ දෙහිවල ප්‍රදේශයේ පවතින අතර ඒ අවට ප්‍රදේශයේ ඩෙංගු ව්‍යාපෘතිය වැඩි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් අප සෞන්දර්ය හා කලා විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රොහාන් නෙත්සිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සිසුන් අතරේ ඩෙංගු සහ වෙනත් වෛරස් උණ රෝග සීග්‍රයෙන් පැතිර යෑම හේතුවෙන් විශ්ව විද්‍යාලය මෙසේ වසා දැමීමට කටයුතු කළ බවයි.
වයිරස් උණ රෝග තදින් පැතිරෙන බවට සෞඛ්‍ය ප්‍රධානීන් දැනුම් දුන් බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙංගු පැතිරීමට හේතුව ලංකවේ නගර සබා සහ ප්‍රදේශය සබාවල වගකීම ඔවුන් නිසිලෙස ඉටු නොකරන නිසාවෙනි. නගර සබා සහ ප්‍රදේශය සබාවල කාර්-ය බාරය පිලිබදව නැවත සිතාබැලීමට කාලය පැමිණ ඇත.